පියවරැ සහ මව්වරැ විසින් දියණිවරැන්ට ලියන ජීවන අත්දැකීම් සහ ඔවදන් සහිත ලිපි සෑම ජන කොටසකම සාහිත්‍යයේ පොදු ලක්‍ෂණයක් විය හැකියි. ඒ අතරින් ඉතා විශිෂ්ඨ ලිපි මාලාවක් සහිත මේ කුඩා පොත් පිoච ඔබට හදුන්වා දෙන්නට කැමතියි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරියක ලෙස පුහුණුව ලැබූ සිම්බාබ්වේ ජාතික විශේෂඥ වෛද්‍ය ජේ. නොසිපෝ මරයිරේ (J. Nozipo Maraire) නම් අසාමාන්‍ය ලේඛිකාවගේ කුළුඳුල් කෲතිය වන මෙය විචාරක අවධානය ඉතා දැඩිව දිනාගත්තා. අනිකුත් බොහෝ ලිපි/ඔවදන් මගින් දියණියන්ට මතක් කරන්නේ අනුන් වෙනුවෙන් තමාගෙන් ඉටුවිය යුතුයැයි බලෙන් පැටවූ යුතුකම් සහ වගකීම් ලැයිස්තුවක්, විශේෂයෙන්ම දියණියගේ විවාහයේදී දෙන උපදෙස් වලදී. උදාහරණයකට විශාඛාවගේ පියාගේ ඔවදන් දැක්විය හැකියි. නමුත් දියණියගේ පැත්තෙන් මෙම වැඩිහිටියන් සිතුවාද? උදාහරණයකට, ඇය විවාහයට පෙර එහි වගකීම් කන්දරාව දැක බියවී, ඇගේ රෑසපුවේ සහ වෙනත් අඩු ලුහුඬුකම් ගැන තැවෙමින්, නුහුරැ නුපුරැදු පරිසරයක තනි වී, අභියෝග රැසකින් හෙම්බත්වී සිටිනු දුටුවාද? මෙම ලිපි වලට මම ඉතා කැමති ඒවායේ දියණියට යුතුකම් සහ වගකීම් ලැයිස්තු පිටින් දීමක් නොව ඇයට තමාවත් අනුන්වත් ලෝකස්වභාවයත් පෙන්වාදී ඇයව ශක්තිමත් සාර්ථක යහපත් කාන්තාවක් කිරීමට මගපෙන්වීම නිසා. ලේඛිකාවගේ නැන්දම්මා විවාහයට පෙර ඇයට දුන් ඔවදනෙහි සාරය "කාන්තාවක් ඇය කාන්තාවක් වීම ගැන සැමවිටම ආඩම්බර වියයුතුයි, එමෙන්ම තමාව හොඳින් රැකබලාගත යුතුයි" යන්නයි. ඔබට තරැණ වියට පාතබන දියණියක් සිටී නම් මේ පොත කියවීම ඉතා ප්‍රයෝජනවත් වේවි. ඉතාමත් සෞන්දර්‍යාත්වකව ලියැවුනු මෙම කෘතිය පරිවර්ථනයට අසීරැයි. මම පරිවර්ථනයට එතරම් දක්‍ෂ නැති වුනත් ඔබ වෙනුවෙන් මගේ උපරිම හැකියාව යොදවා එහි ඇතැම් සිත් ගත් තැන් ඔබට සිoහල බසින් ඉදිරිපත් කරන්නම්.
"මගේ විවාහ උත්සවයට පෙර, විසිවෙනි වතාවටත් තැති ගැනීමෙන් යුතුව මoගල ඇඳුම හැඳ පැළඳ ගනිද්දී, ඔබේ පියාගේ මව්තුමිය මගේ නිදන කාමරයට සෙමින් ඇතුළු වී දොරගුළුලෑවා. එකල මoගල උත්සව පවත්වනු ලැබුවේ විවාපත්වන කාන්තාවගේ දෙමාපියන්ගේ නිවසෙහි නිසා මම චකෝවා ගමට පැමිණුණේ විවාහයට දින තුනකට කළින්, ඒ සාම්ප්‍රදායක ලෙස උත්සවයට පෙර පවත්වනු ලබන භෝජන සoග්‍රහයන් සහ නැටුම් ගැයුම් වලට සහභාගී වීමට. ඒ වනවිටත් මම අපහසුවෙන් සිටියේ, නමුත් මේ මොහොතේ මගේ අනාගත නැන්දම්මාගේ ආගමනය කොතරම් බියජනකද යත් සෙලවීමටවත් බැරි ලෙසට මම අඩපණ වුනා. ඇය දොර ලඟ සිටගෙන, සැරයටියට වාරැ වී, ඉතා තේජාන්විත හිස්පළඳනාවකින් ඇගේ සුදු කෙස් වැටිය බැඳගෙන, ප්‍රභාමත් මල් වැටුනු ෆ්ලැනල් රාත්‍රී ඇඳුමකින් සැරසී මා දෙස ඇසිපිය නොහෙලා බලාගෙන සිටියා. පුරා මිනිත්තු දෙකක් තිස්සේ ඇගේ මුහුනේ කිසිම හැඟීමක් හෝ සිනාවක් තිබුනේ නෑ. අනතුරැව අමාරැවෙන් මා අසලට පැමිණි ඇය මගේ අත අල්ලාගෙන ඇඳ වෙතට එක්කගෙන ගියා. "එන්න, මගේ දරැවා, මෙහෙන් ඉඳ ගන්න. මට ඔබට පෙන්වන්නට යමක් තිබෙනවා." මගේ හිස කැරකෙන්නට ගත්තා. මේ මොහොත දක්වා ඇයත් මාත් ඇසුරැ කර තිබුනේ ඉතාම අඩුවෙන්. ඇය කුප්‍රකටවී සිටියේ දරදඬු, ඉක්මනින් කේන්තියන, නොසඟවා කේන්තිය තදින් පිටකරන නමුත් පහසුවෙන් කේන්තිය නිවී නොයන වයසක ගැහැනියක ලෙසින්. මේ සුවිශේෂ රාත්‍රියේ මට කිසිම අනපේක්ශිත කරදරයක් අවශ්‍ය කලේ නෑ. මම බියෙන් ගල්වී ගියේ අනිකුත් බොහෝ නැන්දම්මාවරැන් මෙන් ඇයත් මට විශ්වාසය, බැඳීම, දරැපල ආදිය පතා කල ගුරැකමක් හෝ බෙහෙත් පැලෑටි නිස්සාරණයක් දේවියැයි කියා. මා කුමක් කළ යුතුද? මම කෙසේද ගෞරව පූර්වකව නමුත් ස්ථිරසාර ලෙස එවැන්නක් ප්‍රතික්ශේප කරන්නේ, ඇයට මා මහ උද්දච්ච නාගරික කෙල්ලක් යැයි නොසිතෙන පරිදි? මම අසරණ ලෙස ලින්ඩාවත් ලඟපාතක සිටීදැයි විපරම් කලා, ඇය මට මoගල ඇඳුම ඇඳීමට උදව් වීමට පැමිණිය යුතුවයි තිබුනේ, ඒත් සෑම විටකම පාහේ සිදුවුනාක් මෙන් මගේ කුඩා සොහොයුරිය මට අවශ්‍යම වෙලාවේ පෙනනතෙක්මානයකවත් සිටියේ නැහැ. මාව තව තවත් භීතියට සහ පුදුමයට පත් කරමින් මෙම වයස්ගත කාන්තාව ඇයගේ වියපත් වීම නිසාත් හන්දිපත් ඉදිමීම නිසාත් රළුවී ඇදවී තිබුනු ඇඟිලිතුඩු වලින් සෙමින් සෙමින් සහ වේදනාවෙන් නිරාවරණය කලේ වසා සඟවා තිබුනානම් වඩාත් සුදුසුයැයි හැඟෙන යමක්. මම අපහසුවෙන් අහක බලා ගනිද්දී යන්තමින් නෙත ගැටුනු එය අන්කිසිවක් නොව එල්ලා වැටෙන, විශාල කළු වේලුනු ප්ලම් ගෙඩි මෙන් රැලිවැටී වැහරැණු ඇයගේ ළැමයි. ඒවා ඇගේ ඇට පෑදුනු සිරැරෙහි එල්ලෙමින් තිබුනා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-https://img0.etsystatic.com/000/0/5365982/il_570xN.134008914.jpg (8.31.2019)
"දැන් නම් ඔබට තාරැණ්‍යයේ සුරෑපීබව මොනවට පිහිටා තිබෙනවා, ඒ නිසා මගේ රැලිවැටුණු පපුව දිහා බැලීමත් ඔබට බියෙන් සලිතවන්නට තරම් කාරණාවක්." ඇය පැවසුවා, තමන් සමගම සිනහසෙමින්. ඒ සිනහව තවත් කැපී පනුනේ ඇගේ මුවෙහි රෝස සහ දුඹුරැ තිත් වැටුනු ඝනකම් විදුරැමස් අතරින් පතර එල්ලෙමින් තිබූ දත් කිහිපයෙන්. ඇයට කෙලස ප්‍රතිචාර දක්වන්නදැයි මට සිතාගත නොහැකියි. ඇය නැවත හඞ අවදි කලා. "නමුත් ඔබ බලා සිටින්න, සෘතුවෙන් සෘතුව ගෙවී යන විට, ඔබේ ඉඟටියත් මහත් වේවි, ඔබේ උකුළත් රවුම් වී සඳමඬල මෙන් පිරී යාවි, ඔබේ ළැමත් පහත්වී හරියට ගහේම ඉදී වේලීගිය පළතුරැ ගෙඩි වගේ වේවි." දැන් ඇයගේ ළැම සම්පූර්ණයෙන්ම මට නිරාවරණය වී තිබෙන නිසා මට අවශ්‍යවුනේ ඇයගේ සිත නොරිදෙන පරිදි අහකබලා ගැනීමට. නමුත් ඇය මගේ සුරත ඇගේ අතින් තදින් ග්‍රහනය කර ගත්තා. එපමණකින් නොනැවතී අනතුරැව ඇය මගේ සුරත ඇගේ රැලිවැටුණු කම්මුල් මත තබා එම රැළි එකින් එක මගේ සුරතින් පිරිමැදීමට සැලැස්වූවා. ඇය මගේ සුරත මෘදු ලෙස අල්ලාගෙන ඇයගේ මුහුණේ සමෙහි රළු බව, ඇහි බැමි කූප වල සිනිඳු බව සහ නළලේ උස් පහත් වූ තැන් හොඳින් දැනෙන පරිදි මුළු මුහුණ පුරාම ගෙනගියා. ඒ අතරතුර ඇය මෘදු හඬින් කතා කිරීමට පටන් ගත්තා.
"මෙය (රැල්ලක්) ඇතිවුනේ ඔහු උපත ලබද්දී මා හැඬූ කඳුළු වලින්. Here hamuna we! (පුදුමය හඟවන කියමනක්). එය අතිශයින් වේදනාකාරීයි. මහ ගස් දෙබෑකරවන අකුණක් මෙන් වේදනාකාරීයි. එම වේදනාව නිසා මට එකවර හැඬීමටත් සිනාසීමටත් ඕනෑ කලා. මෙන්න මෙතන- මේ රැල්ල ඇති වුනේ ඔහු බහ තෝරන්නට පටන් ගත් විට, අනේ මම සිනාසුනා, හොඳටම සිනාසුනා. එතකොට මෙන්න මෙතන ඇතුලට එබී ගියේ- ඔව් මෙතන- තේරෙනවද එය මොනතරම් ගැඹුරැද කියා. එය ඇතිවුනේ ඔහු ගොවිපලින් සමුගෙන අරගලයට එකතුවුනු වෙලාවේ. අහෝ දෙවියනි, මම ඒගැන සිතා මොනතරම්නම් කරදර වුනාද? ආ..ඒවගේම මෙන්න මේ නැම්ම, එය ඇතිකලේ ඔහුගේ සාර්ථකත්වය මතක් වෙන සෑම සුන්දර මොහොතක් පාසා නැගෙන මදහසින්. එතකොට මෙන්න මේක- අපොයි, එය තාමත් ඇදුම් කනවා, ඒක නිසා හයියෙන් තද කරන්නට එපා- ඒක ඇතිවුනේ උන් ඔහුව හිරේ විලoගුවේ දාපු වෙලාවෙ, එසේ කර නොනැවතී උන් ඔහුට පහරදුන් වෙලාවෙ, ඒමොකද ඔහු අපේ නිදහස වෙනුවෙන් සටන් කල දරැවන් රැකගැනීමට උරදුන් නිසා." ඇය ඟැඹුරැ සුසුමක් හෙළුවා. මම හිතුනේ ඇයට හැඬුම් ආ බව. නමුත් ඇය කලේ දුකෙන් හිස සලා මගේ අත ඇයගේ ලෙදර් මෙන් ඝන, රැලිවැටුනු පපුව මත පරිස්සමට තැබීම පමණයි.
"මෙන්න මෙතනින් තමයි ඔබේ සැමියාට ඒ හැමදේකටම ශක්තිය ලැබුනේ. ඔහු දනගාමින් මගේ හැට්ටයේ එල්ලී කිරි ඉල්ලා හඞමින් පැමිණියේ මෙන්න මෙතැනට. මම දරැවන් හය දෙනෙකුට මව්කිරි දී තිබෙනවා, මගේ ආදරණීය දරැවා. ඒ හැමෝම කෑදර සහ හරි ශක්තිවන්තයින්. හ හා." එසේ පවසමින් ඇය ඒවා මෘදු ලෙස පිරිමැද්දා. අනතුරැව මට මහත් අස්වැසීමක් ලබා දෙමින් ඇය මගේ අත මුදාහැර ඇයගේ සිරැර වසා ගැනීමට පටන් ගත්තා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://img1.etsystatic.com/054/0/5160743/il_570xN.707961523_mru4.jpg (8.31.2019)
"ඔබ වැනි තරැණ දූවරැ අප වැනි කේශාන්තයේ සිට පාදාන්තය දක්වා වැසෙනසේ තදට හිස්පළඳනා ගසා දිග සායවල් ඇඳගත් වයසටගිය උදවිය දෙස බලා හිතනවා අපි හරියට පූජකවරියන් වාගේ අපේ සිරැරැ නිරාවරණය කිරීම මහ පවක් යැයි සිතා එසේ කිරීමට බිය වන බව. නමුත් එය එසේ නොවේ. ඒ මොකද අපි ස්වභාවධර්මයාගේ ස්වභාවය තේරැම් ගත්ත අය. අප සොබාදමත් සමග ඈත ඈත වනන්තරේ දිගු කලක් ජීවත් වුනා. ඇයත් අප වගේම ගැහැනියක්. මගේ රෑසපුව දැන් තියෙන්නේ මෙන්න මෙතැනයි." ඇය එසේ පවසා ඇයගේ මුහුනේ රැළි සහ පපුව දෙසට ඇඟිල්ල දිගු කලා. "මේ සමහර සලකුනු උපන්ලප, අනික්වා හා- හා- මේ අනිත්වා ජීවිතයේ සලකුනු. මගේ මුහුණ, මේ දැන් තියෙන විදියටම ගත්තාම, හරියට මගේ ජීවිතයේ දුක හා සැප පෙන්වන සිතියමක් වගේ. එය මට බොහොම වටිනවා, හරියටම ඔබේ සිහින් ඉඟ සහ පිරැණු ළමැද ඔබට බොහොම වටිනවා වගේ. මේ සළකුණු මම මගේ පවුල වෙනුවෙන් කල කැපවීම හා දුන් ආදරයේ සoකේතයයි. මෙයින් එක සළකුණක්වත් මගේ නොවේ. ඒවා අයිති බාබා වා ටපිවා, චිපෝ, ෆරායි, ටවෝනා, සහ සියානායිට. මගේ සිරැර ආදරයට කැපවුනු සිරැරක්. ඔබට එය පෙනෙන්නේ වයසට ගිය, වියළි, ජීවගුණයක් නැති දෙයක් ලෙසට උනත් කවදහරි ඔබට වැටහේවි සියලුම ලස්සන දේවල් වලට ඒවාට වෙන්වුනු සෘතුවක් තියෙනබව. හරියට පොතු ගැහුනු රළු පොල් ගෙඩිය එහි ඇතුලේ ඇති මෘදු මස සහ මිහිරි යුෂ රකිනවා වගේ. තාරැණ්‍යයේ සිරැර එයට අයිති සෘතුවේදී උපරිමයෙන් විඳිය යුතුයි. ඒවගේම අස්වනු දරන සිරැරටත් අයිති සෘතුවක් තිබෙනවා, හරියට මගේ සිරැර වගේ. මගේ සිරැර ගස්වල හටගත් ඵල නෙලා පස පෙරළා අස්වනු නෙලා ඒවා එකතු කරගත් එකක්. එක දවසක එය මිහිකතගේ සිරැරට එක් වේවි, අවසාන සදාකාලික සිරැර, කිසිදු හැඩතලයක් හෝ නිම්හිම් නැති, අප සියළු දෙනාටම පෙරලා ආපසු යෑමට සිදුවන... දුවේ, අද රාත්‍රියේ මම ඔබව දැකීමට ආවේ මීට බොහෝ කලකට ඉහත, මගේ මoගල දින රාත්‍රියේ, මගේ නැන්දම්මා මට පැවසූ මේ කථාව ඔබට පැවසීමටයි, එමගින් අප මුතුන් මිත්තන්ගේ නුවණ අප පරම්පරාවේ පිපෙන සෑම නැවුම් මල් කැකුළක් සමගම මෝරා වැඩී එහි අක්මුල් වඩ වඩා ගැඹුරට විහිදී අපේ වදන් කිසිදින මිය නොයනු පිණිසයි." ඇය තම මියපරලොව ගිය නැන්දම්මා සිහි කරද්දී කුරැසය ඇඳ මඳ වේලාවක් නිහඬව සිටියා. ඇය නැවත සිය ඇඳුම් හැඳ පැළඳ ගනිද්දී කොඳුරමින් කතා කලේ වඩාත් උද්‍යෝගීමත් ආකාරයෙන්.
"මම බියෙන් තැතිගත් මීයකු සේ හිඳගෙන සිටින විට, හරියටම දැන් ඔබ සිටින අයුරින්, මගේ නැන්දම්මා මට පැවසුවා, 'ලඳකගේ සිරැර චන්ඳ්‍රයා මෙන් වෙනස් වෙන දෙයක්, එය පිරිමියකුගේ මෙන් නිශ්චල සහ හැඩිදැඩි එකක් නොවේ. ඇයගේ දුක සහ සතුට විවිධ ආකාර වලින් එයින් පෙන්නුම් කරනවා. සෑම දිනකම ඇගේ ආලෝකයේ ප්‍රභාවත් ඇගේ අභිරහස් ඟැඹුරැ තැන් සහිත සෙවනැළිත් වෙනස් වෙනවා. මහපොලොවට කිට්ටු වුනත් ඇය වඩාත් සමීප දිව්‍යලෝකයට. ඇය කාලයත් සමග අස්වනු මෙන් වැඩෙනවා, පළතුරැ මෙන් රසවත්ව ඉදෙනවා. ඔබට දරැවන් ලැබුනු පසු මගේ පුතා ඔබ දෙස බලා ඇසුවොත් කොහේද ඔබගේ තාරැණ්‍යයේදී තිබූ රෑසපුව කියා, මෙම වදන් පවසන්න ඔහුට. ඔබගේ තාරැණ්‍යයේ රෑසපුව ඔබේ තාරැණ්‍යය සමග රැඳී තිබෙන බවත්, ඔබේ පසුකාලීන සිරැර ඔබේ පලදාව සහිත අස්වැන්න බවත්. සොබාදහම දෙස බලන්න. කෙසේද ඇය සෑම සෘතුවකදීම ලස්සනට සැරසෙන්නේ කියා. ගිම්හානයේ ඇය රෝස සහ ළා තැඹිලි පැහැති මල් පුබුදනවා, පීච්, අඹ, සහ දෙහි පලදාවන් සමගින්. ඍතුව ක්‍රමයෙන් සිසිල්වන විට ඇයත් වඩාත් තද පැහැති දුඹුරැ, මෙරෑන්, සහ රන්පැහැ සළුපිළි හැඳපැළඳ ගන්නවා. වැසි සමයේදී ඇය සියොලඟම අළුපැහැ තුෂාරයෙන් සහ කුණාටු සහිත නිල් පැහැයෙන් පොරවගෙන. එබැවින් කාන්තාවක් ඇය කාන්තාවක් වීම ගැන සැමවිටම ආඩම්බර වියයුතුයි, එමෙන්ම තමාව හොඳින් රැකබලාගත යුතුයි.' මේ අප අනුගමනය කරන මූලික සිද්ධාන්තයක්. ඔව්.. වයසට ගිය අපද ඇතුළුව." මෙසේ පවසා ඇය හඬනගා සිනාසුනා. ඇය හඬනoවමින් බිම තැබූ සැරයටියට වාරැවී ආයාසයෙන් නැගිටින අතරතුර මෙසේද පැවසුවා.
"සුභ රාත්‍රියක් මගේ ආදර දියණිය, ඔබ මගේ පුතාව සතුටින් තබාවි, මම දන්නවා, ඒවගේම ඔබ අපට ආඩම්බර විය හැකි දියණියක් වේවි." මෙසේ පැවසූ ඇය දොරගුළු හැර මගේ ඉටිපන්දමත් රැගෙන කාමරයෙන් පිටවී ගියේ මා ඝනඳුරේ තනිකරමින්. මම වික්ශිප්තවී සිටිවනම බලා සිටියා. ඒ ඇයගේ ලස්සන වදන් වලට වශීවී එමෙන්ම ඒවායේ සඟවුනුු ඟැඹුරැ තේරැමට බියවී .. ඇය මට එසේ ළo වීමට බාධාකල ඇගේ ආඩම්බරය, වත් පිළිවෙත් සහ සම්ප්‍රදායයන් වැනි බාධක සියල්ල බිඳදමා එදා රෑ මා වෙතට පැමිණීම තුලින් ඇය කෙරේ විශාල ගෞරවයක් මා තුල හටගත්තා. ඇය සිය වියපත් සිරැර මට ප්‍රදර්ශනය කලේ සෑම දුක් කම්කටොල්ලක්ම පරයා මිනිස් ආත්මය ජයගන්නා බව පෙන්වාදෙන අභිමානනීය ප්‍රතිමූර්තියක් ලෙසටයි. එදා සිට මම මොනතරම් ප්‍රාර්ථනා කලාද මගේ සිරැරත් කුදුවී රැළිවැටී ගිය දිනෙක.. අප හැමෝටම නිසැකවම උදාවන එවැනි දිනක.. ඇයගේ මෙන් එම ලප කැළැල් හා රැළි මගේ ජීවිතයේ ජයග්‍රහනයන් මගේ සිරැර මත අපූරැවට පින්තාරැ කරන්නේනම් කියා. මමත් කවදාකහෝ වියපත්ව කුදුවී හැඩවැඩ මැකී ගිය දිනක ඇය කලාක් මෙන් එම රැළි ආදරයෙන් පිරිමැද, මාගේ එල්ලාවැටෙන සම් මස් ජීවිතය උපරිමව විඳීම නිසා ලද තේජාන්විත කබායක්සේ අතදරා සිටින්නට ඇත්නම් කොතරම් අගනේද යැයි කියා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- http://cdn.shopify.com/s/files/1/2005/1531/products/Afro1_grande.jpeg?v=1504760022 (8.31.2019)
"සුභ රාත්‍රියක් මගේ ආදර දියණිය, ඔබ මගේ පුතාව සතුටින් තබාවි, මම දන්නවා, ඒවගේම ඔබ අපට ආඩම්බර විය හැකි දියණියක් වේවි." මෙසේ පැවසූ ඇය දොරගුළු හැර මගේ ඉටිපන්දමත් රැගෙන කාමරයෙන් පිටවී ගියේ මා ඝනඳුරේ තනිකරමින්. මම වික්ශිප්තවී සිටිවනම බලා සිටියා. ඒ ඇයගේ ලස්සන වදන් වලට වශීවී එමෙන්ම ඒවායේ සඟවුනුු ඟැඹුරැ තේරැමට බියවී .. ඇය මට එසේ ළo වීමට බාධාකල ඇගේ ආඩම්බරය, වත් පිළිවෙත් සහ සම්ප්‍රදායයන් වැනි බාධක සියල්ල බිඳදමා එදා රෑ මා වෙතට පැමිණීම තුලින් ඇය කෙරේ විශාල ගෞරවයක් මා තුල හටගත්තා. ඇය සිය වියපත් සිරැර මට ප්‍රදර්ශනය කලේ සෑම දුක් කම්කටොල්ලක්ම පරයා මිනිස් ආත්මය ජයගන්නා බව පෙන්වාදෙන අභිමානනීය ප්‍රතිමූර්තියක් ලෙසටයි. එදා සිට මම මොනතරම් ප්‍රාර්ථනා කලාද මගේ සිරැරත් කුදුවී රැළිවැටී ගිය දිනෙක.. අප හැමෝටම නිසැකවම උදාවන එවැනි දිනක.. ඇයගේ මෙන් එම ලප කැළැල් හා රැළි මගේ ජීවිතයේ ජයග්‍රහනයන් මගේ සිරැර මත අපූරැවට පින්තාරැ කරන්නේනම් කියා. මමත් කවදාකහෝ වියපත්ව කුදුවී හැඩවැඩ මැකී ගිය දිනක ඇය කලාක් මෙන් එම රැළි ආදරයෙන් පිරිමැද, මාගේ එල්ලාවැටෙන සම් මස් ජීවිතය උපරිමව විඳීම නිසා ලද තේජාන්විත කබායක්සේ අතදරා සිටින්නට ඇත්නම් කොතරම් අගනේද යැයි කියා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://afremov.com/images/product/image_3618.jpeg (8.31.2019)
No comments:
Post a Comment