Thursday, August 22, 2019

හුස්ම වැටෙන මල් - කාලයකින් බලපු අගනා ටෙලිනාට්‍යයක්




මේ දවස්වල ITN නාලිකාවෙන් විකාශනය වන හුස්ම වැටෙන මල් ටෙලිනාට්‍යය කාලයකින් නරඹන ඉතා අගනා නිර්මානයක්. ඊට දායක වුනු හැමෝටම ප්‍රනාමය! විශේෂයෙන්ම ජයප්‍රකාශ් සිවගුරැනාදන්ගේ නිර්මානාත්මක පරිකල්පනයට.


පාසල් ගිය කාලයේ සාහිත්‍යය පාඩමට විචාර ලිවූ යුගයෙන් පසුව හරිහමන් විචාර ලිවුවේම නැති තරම්. ඇත්තටම මේ blog අඩවිය පටන් ගන්නත් ඒක එක හේතුවක් තමයි. මම මේ විචාරය ලියන්නේ  Episode 39දී, ඒ නිසා සමහර කරැණු ඉදිරියේදී වෙනස් විය හැකියි. සියලුම නලු නිලියන් දක්‍ෂ  ලෙස රඟපානවා, විශේෂයෙන් මල්කාන්ති ජයසිoහ සහ ලූෂන් බුලත්සිoහල ඉතා විශිෂ්ඨ ලෙස රඟපානවා.

හරි දැන් ආපහු ටෙලිනාට්‍යයට යමු. ලාoකීය පවුල් වල ඇතිවන ගැටුම් හා බේදවාචකයන් ඉතා සියුම් හා තාත්විකව මේ ටෙලිනාට්‍යය තුළ දිගහැරෙනවා. මුලින්ම අපි මේ කතාවේ දෙමවුපියන් දිහා බලමු. මධ්‍යම පාන්තික ඔවුන් දෙදෙනාගෙන් පියා රැකියාවක් කරන අතර මව home maker කෙනෙක්. ඔවුන් දෙදෙනාම තම දරැවන්ට (නන්දානි, ඊශානි, හන්සානි) ඉතා ආදරේ නමුත් දරැවන් හදන්නේ දෙවිදියකට. අම්මා (මල්කාන්ති ජයසිoහ) දැඩි නීති දමන, සැරවැර කරන, එතරම් ඉවසීමක් හෝ understanding එකක් නැති කෙනෙක්. අනේ හැබැයි යකෙක් වගේ දරැනු නෑ, මේ අම්මා typical ලාoකීය මධ්‍යම පාන්තික අම්මා කෙනෙක් මට හිතෙන විදියට. තාත්තා  (ලූෂන් බුලත්සිoහල) ඉතා නිවුනු understanding චරිතයක්. මේ වගේ තාත්තලා නම් ලoකාවේ හරි අඩුයි. නන්දානි (ගයනි ගිසන්තිකා) තමයි මේ පවුලේ ලොකු දුව. එයා දෙමවුපියන්ගේ යෝජනාවකින් කැමිල් (සම්පත් ජයවීර) එක්ක විවාහ වුනත් දරැවන් නැති නිසාත් කැමිල්ගේ abusive behavior සහ infidelity නිසාත් අපා දුක් විඳිනවා, නමුත් පිටතට නොපෙන්වා. මෙවැනි පවුල් ඉතා සුළභයි නේද? දෙවැනියා ඊශානි (තිසුරි යුවනිකා) ප්‍රේම සම්බන්දයකින් විවාහ උනත් නොයෙකුත් හේතු නිසා පසුව දික්කසාද වෙනවා, ඒත් මුහුණපෑ ප්‍රශ්න මත මානසික රෝගී තත්වයක්ද කුඩා දියනියක්ද සමග. බාලම දුව හන්සානි (වොල්ගා කල්පනී) අවිවාහක නමුත් තදින් බීමට ඇබ්බැහි වූ රැකී (සරත් කරැනාරත්න) සමග ප්‍රේම සම්බන්දයක් පවත්වනවා දෙමවුපියන්ගේ අකමැත්ත නොසලකා. ඉතින් මේ පවුලේ ඇතිවන විවිධ හැළහැප්පීම් තමයි මේ කතාවේ ගලා යන්නේ. ඊට අමතරව ඊශානිගේ පෙර සැමියා, අවිනාශ් (සාරoග දිසාසේකර), සහ ඔහුගේ දැන් පෙම්වතිය, මල්ශානි (දිනක්‍ෂි ප්‍රියසාද්), මේ කතාවේ සෙසු වැදගත් චරිත.
මේ කතාවේ සියලුම චරිත ඉතා තාතවිකව ලාoකීය සමාජය නියෝජනය කරන නිසා හැම චරිතයක් ගැනම, විශේෂයෙන්ම ඔවුන්ට වැරදුනු තැන් ගැන,  මගේ අදහස් දක්වන්න හිතුවා.

1. දෙමවුපියන්: දරැවන්ට නිවසේ නීති දෙකක් (පියාගේ සහ මවගේ ලෙස) තිබීම ඉතා අහිතකරයි. මේ දෙමවුපියන්ගේ එකඟතාවක් නැතිවීම දරැවන් තුන්දෙනාම අසාර්ථක වැඩිහිටියන් කිරීමට දායක වෙනවා. උදාහරන ලෙස නන්දානි කැමිල් සමග විවාහ වුනේ මවට ඕනෑ නිසා, පියාට ඔහු ගැන පැහැදීමක් නෑ (එක අවස්ථාවක පියා කියනවා බේබදු රැකී කියන දේ කැමිල් කියන දේට වඩා ඔහු විශ්වාස කරන බව. මතක තියාගන්න කැමිල් කියන්නේ සහජාත බෑණා සහ රැකී කියන්නේ non-approved බෑණා. ඒකෙන්ම තේරෙනවා පියාට කැමිල් ගැන ඇති ආකල්පය.) තව උදාහරනයක් තමයි ඊශානිගේ ප්‍රේම සම්බන්දයට පියා ආශීර්වාද කලත් මව දැඩිසේ විරැද්ධ වීම. මෙසේ දෙමවුපියන්ගේ එකඟතාවක් නැතිවීම නිසා දරැවන් confuse වෙනවා වාගේම තමන් කැමති දේට support නොකරන parent ට disrespect කරනවා. මෙම දරැවන් පියා ඉදිරිපිටම මවට ඉතා අකාරැණික ලෙස කතා කරන අවස්ථා ගණනාවක් ඇති නමුත් ඒ කිසිම විටක පියා දරැවන්ව නිවැරදි කරන්නේ නෑ. 

මේ දෙමවුපියන්ගේ ඊලඟ වැරැද්ද තමයි ඉතා වැදගත් තීරන ගැනීමේදී දක්වන අසමත්කම. මේකට දෙමවුපියන්ගේ එකඟතාවක් නැතිවීම සෑහෙන්න බලපාන්න ඇති. ඊශානිගේ අසාර්ථක විවාහයට දෙමවුපියන්ගේ අසමත් තීරණ ගොඩක් බලපෑ බව මම හිතනවා. හරිනම් කලයුතුව තිබුනේ ඊශානිට ආර්තිකව සහ ශ්‍රමයෙන් උදව් කර කොහොමහරි උපාධිය සම්පූර්ණ කරවීම, දරැවා සෑදීමට පමා කරන ලෙස උපදෙස් දීම, අවිනාශ්ට රැකියාවක් ලැබෙනතුරැ ඔවුන්ට හයියක් වීම, කාත් කවුරැවත් නැති අනාථයකු වන අවිනාශ්ට සැමියකුගේ/පියෙකුගේ role model එකක් වීම ආදිය. මම මවගේ දැකපු තවත් වැරැද්දක් තමයි උද්දච්ච බාවය. ඇය අවිනාශ්ට අකමැති නිසා හිත යටින් ප්‍රාර්ථනා කලේම ඒ විවාහය විනාශ වීමයි, එහෙම නැතුව ඒක right track එකට ගැනීම නොවේ. ඒ විවාහය විනාශ වී ගිය පසු මo කිව්වා නේද මුලදීම යැයි කීම  ඒ විවාහය රැකගැනීමට වඩා ඇයට සතුටක් වුනා මොකද එයින් ඇයගේ ego එක satisfied වෙන නිසා. හැබැයි ඒ සතුට තිබුනේ හරිම සුලු කාලයකට. ඊශානිගේ රෝගී වීම, ඊශානිගේ දරැවා අසරණ වීම, අවිනාශ්ට මුදල් හා සාර්ථකත්වය ලැබීම ආදිය නිසා මව තේරැම් ගන්නවා ඇය අතින් වූ වරද, ඒත් එතකොට පමා වැඩියි. ඊශානිගේ අම්මා වගේ ego එක satisfy කරගන්න දුරදිග නොසිතා වැඩ කරන අය ලාoකික සමාජයේ හරිම සුළභයි. මම හිතනවා ඔවුන් මේ මවගේ චරිතයෙන් පාඩමක් ඉගෙන ගනීවි කියා.

උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

2. නන්දානි: නන්දානි වගේ තරැණ කාන්තාවන්ද  ලාoකික සමාජයේ හරිම සුළභයි. මේ වගේ අය  constant abuse වීමේ ප්‍රතිපලයක්. තමන් ගැන අවතක්සේරැ කිරීම, තමුන්ට නැති දේවල් ගැන නිතර දුක් වීම, තමුන්ගේ සාමාජයීය/ආර්ථික හා වෙනත් අවශ්‍යතා වලට සම්පූර්ණයෙන් අනුන් මත යැපීම මිස කිසිදු ආකාරයක ස්වාධීනත්වයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබීම, තම abuser ට ආකර්ශනය වී විචාර බුද්ධියකින් තොරව ජීවත් වීම etc. අවාසනාවකට ලoකාවේ සමාජය මෙවැනි කාන්තාවන්ට හරි කැමතියි සහ හොඳ wife materials ලෙස සලකනවා, මොකද මතුපිටින් බැලුවම මේ අය හරි අහිoසක, නිහඞ, ඕන දේකට ඔලුව පහත් කරන අය නිසා. ඒවුනාට මේ කාන්තාවන් ඉතා අසතුටින් සහ අසහනයෙන් ජීවත්වෙන අය. සමාජයේ යහපැවැත්මට මෙවැනි කාන්තාවන් බාධාවක්, මොකද ඔවුන්ගේ ශාරීරික හා මානසික සෟඛ‍්‍යය ඉතා ඉක්මනට පිරිහී විශාල ව්‍යසනයන්ට පත්විය හැකි නිසා. මේ කතාවේ නන්දානිත් එවැනි ව්‍යසනයක් සිදුකර ගන්නවා. ජීවිතයේ නියම සතුටක් නැති ඔවුන් බොහෝ විට සතුටු දායක ජීවිත ගත කරන, සාමාජයීය/ආර්ථික හා වෙනත්  ආකාර වලින්  ස්වාධීන කාන්තාවන්ට අධිකව ඉරිසියා කරනවා. නන්දානි වගේ කීපදෙනෙක්ම මට සැබෑ ජීවිතයේ හමු වෙලා තියෙනවා.

උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

3. ඊශානි: ඊශානිගේ චරිතයට ගොඩදෙනෙකුගේ අනුකම්පාව ලැබුනු බව පෙනෙනවා. අවිනාශ් සමග හිතුවක්කාර ලෙස විවාහ වී ගෙදරින් ඈත්වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන කුඩා රැකියා දෙකක් කරමින් එවකට රැකියාවක් නැති අවිනාශ්ව සහ කුඩා දියණිය රැකගත් ඇය එක්තරා අවස්ථාවකදී මවගේ උපදෙස් මත අවිනාශ්ව දික්කසාද කරනවා. නමුත් ඇය අවිනාශ්ට තවම ආදරෙයි. මේ සියලු ප්‍රශ්න නිසා ඇය මානසික රෝගී තත්වයට පත් වෙනවා. ඊශානිගේ චරිතයේ ලොකුම දුර්වලකම තමයි තමුන්ට ඇත්තටම ඕනෑ කුමක්ද යන්න නොදැනීම. ඇය අවිනාශ්ට ආදරය කලාද අනුකම්පා කලාද, ඇයට සෙසු දහසක් ප්‍රශ්න අතර දරැවකුත් ඉක්මනටම ඕනෑ  කලාද, අවිනාශ්ටත් කුඩා රැකියාවක් කිරීමට නොකියා රැකියා කීපයක් කරමින් තනිව breaking point එක එනතුරැ දුක් විඳිය යුතුද, අම්මා කියන නිසා දික්කසාද වීම නිවැරදිද, දික්කසාද වී අවිනාශ්ට දිගටම ආදරය කිරීම සුදුසුද, දික්කසාදයට සම්පූර්ණ වරද අම්මා පිට දැමිය හැකිද, එතරම් හොඳ පියෙකු උදව්වට සිටියදී  උපාධිය කඩාකප්පල් කර ගැනීම නිවැරදි තීරණයක්ද? විශේෂයෙන්ම ඊශානි වගේ තරැණ දරැවන්ට බුද්ධිමත් ලෙස දුරදිග බලා නිවැරදි තීරණ ගැනීමට මග පෙන්විමටත් දරැවන්ට තමන් ගැන තේරැම් ගැනීමට (likes, dislikes, strong points, weak points, breaking points, life goals, etc.) අවස්ථාවක් දීමත් දෙමවුපියන් කල යුතුයි. පුoචි උදාහරණයක් කියන්නම්. මම ජීවත් වන ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩක් අම්මලා දරැවන්ට ice cream, tacos එහෙමත් නැත්නම් sandwiches අරන් දෙනකොට එයාලා කැමති විදියට ඒවා පිළියෙල කරගැනීමට ඉඩ දෙනවා. ඒක නිසා සමහර වෙලාවට මේ කුඩා දරැවො order කරන කෑම දිහා බලන්න අමාරැයි එකිනෙකට නොගැලපෙන souses, toppings, flavors etc.  නිසා. සමහරවිට දරැවා ඒ කෑම ආසාවෙන් නොකාවි, නමුත් ඊලඟ වතාවේ ඊට වඩා සාර්ථකව ආහාර ඇනවුම් කරාවි. වැදගත්ම දේ තමයි දරැවාට තමන්ගේ රැචි අරැචි කම් ගැන තේරැම් ගැනීමට අවස්තාවක් ලැබීම. මේක ඉතා කුඩා තීරනයක්. නමුත් විශාල තීරණ ගැනීමේදී තමන් කවුදැයි හරියට තේරැම්ගෙන තිබීම වැදගත්.

උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

ඊශානිගේ මම දැකපු තවත් වැරැදී තමයි උද්දච්ච බාවය, හිතුවක්කාරකම සහ manipulating හැසිරීම. ඊශානිගේ ප්‍රේම සම්බන්දයට මව දැඩිසේ විරැද්ධ වීමට එකට එක කිරීමක් ලෙස කිසිම උදවුවක් ගෙදරින් නොගත් බවයි පෙනෙන්නේ. ඒකෙ ප්‍රතිපලය  ලෙස මුලින් අද්‍යාපනයත් දෙවනුව සැමියාත් තෙවනුව නීරෝගීබාවයත් ඇයට අහිමි වෙනවා.

4. මල්ශානි: මල්ශානිගේ චරිතයට ගොඩදෙනෙකු සෑහෙන්න දොස් පවරනු දුටුවා. එම චෝදනා වලට පිළිතුරැ දීම මගින් මල්ශානිගේ චරිතය විස්තර කිරීමට හිතුවේ ඒ නිසයි.

a. මල්ශානි, අවිනාශ්  සහ ඊශානිගේ පවුල කැඩූ බව- මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඊශානි අවිනාශ්ව දික්කසාද කල පසු මානසිකව වැටී හරි රැකියාවක් නැතිව කාත් කවුරැවත් නැතිව සිටි අවිනාශ් සමග සම්බන්ධ වීමම ඇගේ යහපත් බව සහ පරිත්‍යාගය පෙන්වනවා. මොකද ඇය අවිනාශ්ට ආදරය කරන්නේ අවිනාශ්ගේ weakest moment  එකේදී. ලoකාවේ ඇතැම් අය හිතන්නේ දික්කසාදයෙන් පසුවත් පැරණි spouseට අයිතියක් තමුන්ට ඇති බව. නමුත් එය ඉතාම වැරදි අදහසක්. ඊශානිට වගේ තමුන්ගේ පිටුපසින් හයියට සිටින පවුළක් අවිනාශ්ට නැති නිසයි දික්කසාදයෙන් පසු අවිනාශ් ඉක්මනට වෙනත් සම්බන්ධයකට යොමු වෙන්නේ. ඒක ඊශානිගෙ හොඳකම හෝ අවිනාශ්ගෙ නරකක් ලෙස අර්ථ දැක්වීම වැරදියි. තව දෙයක්, මල්ශානි අවිනාශ්ගේ මුදල් නිසා අවිනාශ් සමඟ ඉන්නවා නම් මල්ශානි ඉස්සර වෙලාම කරන්නෙ අවිනාශ්ව කසාද බඳින එක. ඒවගේම දරැවෙක් හදාගන්න එක. ඒ දෙකම නොකිරීම මල්ශානි අවිනාශ්ගේ මුදල් නිසා අවිනාශ් සමඟ නොසිටින බවට සාක්‍ෂි වේ.

b.මල්ශානි අවිනාශ්  සමග living together  සිටීම-  මල්ශානිට අවශ්‍ය වුනේ කාත් කවුරැවත් නැති අනාථයකු වන අවිනාශ්ට සවියක් වීම යැයි මම හිතනවා. පිරිමියකු අවශ්‍ය නම් ඇයට  broken and broke අවිනාශ්ට වඩා හොඳ පිරිමියකු පහසුවෙන්ම හොයා ගන්න තිබුනා. ඇගේ යහපත් බව සහ පරිත්‍යාගය පෙන්වන තවත් අවස්ථාවක් මෙය.

c. මල්ශානි අවිනාශ් හැර යාම- අවිනාශ් සහ ඊශානි අතර දික්කසාදයෙන් පසුවත් පවතින සoකීරණ relationship එක (මෙයට ඊශානිගේ මානසික රෝගයත් එක හේතුවක්) ගැන කළකිරෙණ මල්ශානි අවිනාශ් හැර යාමට තීරණය කරනවා. මෙයට මල්ශානිගේ පියා තදින්ම විරැද්ධ වෙන්නේ "වැඩ වරද්ද ගත්ත ගෑනියෙක්ට" නැවත සාර්ථක ජීවිතයක් ගත කල නොහැකි බව විශ්වාස කරන නිසා. මල්ශානි අවිනාශ් සමග සම්බන්ධ වුනේ ඔවුන් දෙදෙනා අතරට ඊශානි නැවත පැමිනේ යැයි නොසිතු නිසා. මම හිතනවා මල්ශානි ගත්ත තිරණය සාධාරනයි කියා. මොකද අවිනාශ් සහ ඊශානිගේ drama වලට මල්ශානි මැදි විය යුතු නැති නිසාත් අවිනාශ් සහ ඊශානි නැවත එකතු වීමට දැන් තියෙන එකම බාධාව තමන් බව ඇය දන්නා නිසාත්.

 උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

ටිකක් හිතල බලන්න මල්ශානිගෙයි නන්දානිගෙයි වෙනස. නන්දානි වගේ මල්ශානි තමන්ගේ හිතට බොරැ කරන්නේ නෑ ස්වාධීනව ජීවත් වෙන තමුන්ගේ අවශ්‍යතා තේරැම් ගත්ත බුද්ධිමත් (නන්දානි වගේ ප්‍රශ්නය ඔඩු දුවනකම්ම මෙලෝ දෙයක් නොතේරෙන කෙනෙක් නෙමේ) කෙනෙක්. හැබැයි මල්ශානි ඉතා නිර්දය ලෙස ප්‍රේක්ශක විවේචනයට ලක් වී නන්දානි ප්‍රේක්ශක අනුකම්පාවට ලකවූ  බවයි පෙනෙන්නේ. මම කලිනුත් සඳහන් කලා වගේ ලoකාවේ සමාජය කැමති නන්දානි වගේ ගෑනු අයට මිස මල්ශානි වගේ ගෑනු අයට නෙමේ, මොකද මල්ශානිලාව සපත්තුවෙන් පාගන්න අමාරැ නිසා.

අවසාන වශයෙන් ලoකාවේ අපි පොදුවේ කරන වැරදි කීපයක් සඳහන් කිරීමට හිතුනා

1. කසාදයක් bitter වෙනකොට marriage counseling වගේ උපදේශනයකට යොමු නොවීම- අවිනාශ් සහ ඊශානි  ගේ විවාහය කැඩී ගියත් එය පහසුවෙන් වලක්වා ගැනීමට තිබුනා මෙවැනි ප්‍රතිකර්මයකට යොමු උනා නම්. YouTube වල පවා දැන් නොමිලේ ඔබට pre-marital/marriage counseling ලබා ගත හැකියි. විවාහ වීමට පෙර සිටම මේවා නරඹන්න පුලුවන්නම් ඉතා හොඳයි.

2. සම්‍යග් බොරැ- ලoකාවේ මිනිස්සුන් කරන "අනිත් කෙනා upset නොවීම පිනිස" යැයි sugar coating එකක් දමා බොරැ කීම/කිරීම.
a. නන්දානි විවාහයේ ප්‍රශ්න ගැන ඇත්ත නොකීම- අම්මා සහ අනිත් අය සතුටු කිරීමට, නමුත් අවසානයේ බරපතල බේදවාචකයකින් කෙලවර විය.
b. අවිනාශ්, ඊශානි (ඊශානිගේ මානසික රෝගය නිසා) තමන් පස්සෙන් එන බව මල්ශානිට නොකියා වෙන බොරැ කීම- මල්ශානි upset නොකිරීමට, නමුත් අවසානයේ ඒ නිසාම මල්ශානි අවිනාශ් හැර ගියා.
කවදා හෝ බොරැ එලි වී ඇත්තට මුහුණ දීමට සිදු වේ. මෙවැනි බොරැ වලට justification ලෙස "අනිත් කෙනා upset නොවීම පිනිස" යොදාගත්තත් ඇත්ත දැන ගැනීම ඔබේ සමීපතමයන්ගේ පරම අයිතිය මෙන්ම අපේක්ශාවයි. ඔබේ සමීපතමයන්ගේ විශ්වාසය සම්‍යග් බොරැ නිසා පලුදු වේ. ඔබේ සමීපතමයන්ගේ mental capacity එක අවතක්සේරැ නොකරන්න. ඒ නිසා මේ පුරැද්ද නවත්වමු.






No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...