මම මේ බ්ලොගයේ ආගමික කාරණා කතාකරද්දී අඩුවෙන්ම කතාකරපු ආගමක් තමයි හින්දු ආගම. එයට හේතුව එහි ඇති අධික කාන්තා වෛරී ස්වභාවය එළිපිටම පේන නිසා ආයේ අමුතුවෙන් විශ්ලේෂණ අනවශ්‍ය වීම. මට ඇමරිකාවෙදි උණු වතුරත් නිවල බොන, පට්ට අහිංසාවාදී, නිර්මාංශ, වෙජිටේරියන් කෑම වලටත් කෑමට පෙර ඒවා හදනකොට මැරෙන සත්තු නිසා පිරෙන පව් අරින්න මොනවදෝ චාරිත්‍ර කරන, සත්තු මැරීම, සොරකම, බොරැකීම ආදිය නොකරන මාරම හොඳ හින්දු පිරිමි මුණගැසී තිබෙනවා. නමුත් ඔවුන් තුළ මාරම ස්ත්‍රී වෛරයක් ඉන්ටර්නලයිස් වී තියෙනවා. හින්දු ආගම සහ කුළභේදයත්, කුළභේදය සහ කාන්තා වෛරී ස්වභාවයත් එකිනෙකට සහසම්බන්ධයි. අධික කුළමාන්නයක් තිබෙන අයෙක් ගෑණුන්ට සාධාරණව සළකන්නේ නැතිවාක් මෙන්ම අධික කාන්තා වෛරී ස්වභාවයක් ඇති අයෙක් කුළමල ආදී භේද තදින්ම බලන්ට නැමියාවක් තියෙනව. මෙහි සයිකොලොජිය ගත්තොත්, කුළමල හෝ ලිංගය වැනි දෑ "තමන්ගේ මහන්සියෙන්" ලබානොගත් උපතින්ම ආව වරප්‍රසාදයන්. තමන්ගේ මහන්සියෙන් තැනකට යන්න බැරි/කම්මැළි/අවශ්‍ය නැති සහ අනුන් තමන්ගේ මහන්සියෙන් තැනකට යන එක ඉවසගන්ටත් බැරි ඩයල් කුළමල හෝ ලිංගය වැනි වරප්‍රසාද වල තදින්ම එල්බීගෙන අනුන්ව පෑගීමට උත්සාහ කරනවා. එය ඔවුන්ව තවතවත් දුර්වල කරන බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ.
මේක සරළව පෙන්වීමට කල්පිත උදාහරණයක් ගත්තොත්, කිසියම් ඉහළ කුළයකට හෝ ලිංගයකට මෙඩිකල් කොලේජ් නොයා වෛද්‍ය උපාධිය දෙනවා කියල වරප්‍රසාදයක් ඇතිකලොත් කුමක්වේද? අදාල කුළයේ හෝ ලිංගයේ එවුන් පොරකකා වෛද්‍ය උපාධිය නිකම්ම ගන්නා අතරේ වෙනත් කුළ වල හෝ විරුද්ධ ලිංගයේ උන් ගෙන් ඉතා කුඩා පිරිසක් පමණක් තරඟ විභාග පාස් කොරල මෙඩිකල් කොලේජ් තේරිලා, වසර ගණනාවක් දුක් විඳගෙන මෙඩිකල් කොලේජ් එකේ කට්ට කාල දොස්තරල වෙයි. කෙසේවෙතත්, ඇත්තටම ජොබ් එක කරන්නට යද්දී මෙඩිකල් කොලේජ් ගිය එකාගේ සහ වරප්‍රසාදයක් ලෙස දොස්තරකම ගත්ත එකාගේ වෙනස ඕනෑකෙනෙකුට පෙනෙනවා. වරප්‍රසාදයක් ලෙස දොස්තරකම ගත්ත එකා අසාර්තක වෙනවා. පීචං වෙනවා. රෝග විනිශ්‍යය කරගන්න බැරිව ඇඹරෙනවා. ලෙඩ්ඩුන්ගෙන් ගුටිකනවා.
ඉහත කතාවේ පරිදිම කිසියම් ජන කොටසක් කුමනහෝ කාරණයකට වරප්‍රසාද ගන්නවානම් රිටර්න් එක ලෙස කුමනහෝ කාරණයකින් දුබල වෙනවාම තමා. එහෙමය කියල උන් වරප්‍රසාද ගන්න එක නවත්වනවාද? නෑ. උන් ස්ටෑන්ඩඩ් එක පහළ දානවා හෝ වරප්‍රසාද නැති දක්‍ෂයාව වැරදි සමාජ සම්මත හදල දුබල කරනවා. De Beauvoirගේ පහත සඳහන් ප්‍රකාශය බලන්න.
වයස අවුරුදු දහයේදී ගැහැණු ළමයා ඇගේ සහෝදරයාට වඩා වේගවත් මෙන්ම සියුම් නුවණක් ඇත්තියකි. නමුත් වයස අවුරුදු විස්ස වන විට, අර දඟකාර කොලු ගැටයා තීක්ෂ්ණ බුද්ධියක් ඇති වැඩිහිටියෙකු බවට පත්වන අතර, තරුණිය 'අවුල් සහගත, ලැජ්ජාශීලී, මකුළුවෙකුට පවා බිය වන මෝඩියක්' බවට පත්වේ. මෙයට මූලිකම හේතුව (වරද) ඇයට කුඩා කල සිට සමාජයෙන් ලබා දී ඇති පුහුණුවයි.
At ten years of age, the girl is quicker, subtler than her brother; at twenty, the scamp is a quick witted adult and the girl 'a big awkward idiot, shy and afraid of a spider'; at fault is the training she has received.
Simone De Beauvoir (The Second Sex, CHP. Myth)
ඒ කතාව එතැනින් මදකට නවතා ආගමික ශාස්තෘවරු වෙත හැරෙමු.
බුදුදහම තුළ අවුරුදු සියය, දශක වශයෙන් වෙන් කොට පුද්ගලයාගේ ඒ ඒ අවධිවල පරිණාම අවස්ථා හා මනෝභාවයන් පිළිබඳ දේශනා කොට තියෙනවා. විසුද්ධි මාර්ගය තුළ ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් කොට තියෙනවා. එනම්,
මන්දා ඛිඩ්ඩාච වණ්ණාච - බලා පඤ්ඤාච හායනා
පබ්හාරා පවංකාච - මෝමූහ සයනාදස
මන්ද දශකය - අවුරුදු 01 සිට 10 දක්වා බොළඳ දරුවෙකු ලෙස ක්‍රියා කරයි.
ඛිඩ්ඩා දශකය - අවුරුදු 11 සිට 20 දක්වා ක්‍රීඩාවට නැඹුරු වෙයි.
වණ්ණ දශකය - අවුරුදු 21 සිට 30 දක්වා කායික වර්ණය හෙවත් ශරීර පෙනුම උපරිමයට එයි.
බල දශකය - අවුරුදු 31 සිට 40 දක්වා ශාරීරික වශයෙන් ශක්තිමත් වෙයි.
පඤ්ඤා දශකය - අවුරුදු 41 සිට 50 දක්වා සෑම දෙයක් පිළිබඳවම ප්‍රඥාවෙන් ක්‍රියා කරයි.
හායන දශකය - අවුරුදු 51 සිට 60 දක්වා කායික පරිහාණිය ආරම්භ වෙයි.
පබ්භාර දශකය - අවුරුදු 61 සිට 70 දක්වා කය ඉදිරියට නැමෙයි.
පවංක දශකය - අවුරුදු 71 සිට 80 දක්වා කය වක් වෙයි.
මෝමූහ දශකය - අවුරුදු 81 සිට 90 දක්වා සිහි කල්පනාව අඩුවෙයි.
සයන දශකය - අවුරුදු 91 සිට 100 දක්වා වැඩි කාලයක් සයනයෙහි ගත කරයි.
මෙම බෙදීම ලිංග දෙකටම අදාළ වන අතර හුදෙක් ශරීරය දිරාපත්වන ආකාරය මත පදනම් වෙනවා.
හින්දු ආගමේ පිරිමියෙකුගේ ජීවිතයේ අවධි හතරක් ගැන කතා කරනවා
බ්‍රහ්මචර්‍යාව (ශිෂ්‍ය ජීවිතය): පළමු වසර 25 තුළ විධිමත් අධ්‍යාපනය, විනයගරුක ජීවිතයක් ගත කිරීම සහ ගුරුවරයෙකුගේ මග පෙන්වීම යටතේ බ්‍රහ්මචර්‍යාව ප්‍රගුණ කිරීම ඇතුළත් වේ.
ග්‍රිහස්ථ (ගෘහස්ථ ජීවිතය): වසර 25-50 තුළ විවාහය, පවුල, වෘත්තිය සහ ලෞකික යුතුකම් ඉටු කිරීම (ධර්ම, අර්ථ, කාම) ඇතුළත් වේ.
වානප්‍රස්ථ (වනාන්තර වැසියා): වසර 50-75 තුළ එළැඹෙන මේ අවධිය ක්‍රමයෙන් විශ්‍රාම යාමේ අවධිය වන අතර එහිදී කෙනෙකු ක්‍රමයෙන් ලෞකික කටයුතුවලින් වෙන් වී අධ්‍යාත්මිකත්වය කෙරෙහි අවධානය යොමු කරයි.
සන්‍යාසය (සියල්ල අත්හරින තැනැත්තා): වසර 75ට පසු තුළ එළැඹෙන මේ අවධිය බොහෝ විට තාපසයෙකු ලෙස සම්පූර්ණයෙන්ම ගෘහයෙන් වෙන්වීම සහ විමුක්තිය (මෝක්‍ෂය) සොයා සංචාරයට වෙන් වේ. කිසිදු ලෞකික බැඳීමක් නැත.
දැන් දැන් මේ අවධි හතර ලිංග දෙකටම පොදු කරල හින්දු ආගමේ කතාකලාට පරණ යුගයේ මිනිස්සු වශයෙන් සැළකුවේ පිරිමින්ව පමණයි, මේ අවධි හතර හරියටම කරන්න පුළුවන් විවාහක පිරිමින්ට පමණයි.
මනු ස්මෘති වැනි පසුකාලීන සම්භාව්‍ය ග්‍රන්ථවල කාන්තාවන් ස්වාධීනව අදියර හතර හරහා ගමන් නොකළ බවත්, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පිරිමි ඥාතියෙකු (පියා, සැමියා හෝ පුත්‍රයා) විසින් ආරක්ෂා කරන ලද බවත් යෝජනා කළද, අනෙකුත් වෛදික ග්‍රන්ථ සහ ඓතිහාසික උදාහරණවලින් පෙන්නුම් කරන්නේ කාන්තා ඍෂිවරුන්සහ තාපසවරියන් සිටි බවයි.නමුත් මේ සමාජ වල සම්මතය වූයේ ගෑණු කසාද බැඳල ළමයි වදල හදල කඹුරල කඹුරල මියයාමයි. ඔය සම්මතයෙන් පිටපැනපු ඇතැම් ගෑණුන්ට කාන්තා ඍෂිවරු, තාපසවරියන් වෙන්න ලැබුනා. කලාතුරකින් කසාද ගෑණුන්ටද මිනිහා හොඳ වීම මත චාන්ස් ලැබුනා.
කාන්තාවන්ගේ විමුක්තිය ආගමික ශාස්තෘවරු බැහැර කලේ ඇයිද යන කාරණයට මෙය ඉතාම හොඳ ප්‍රවේශයක්.
ඉහත ස්ටේජ් හතර පිරිමියෙක්ට ලඟා කරගත හැකි වන්නේ ගැහැණියකගේ කර මතින් ගොස් පමණයි.in general, ගැහැණුන්ට වඩා ලිංගික ආශාවක් පිරිමින්ට තිබීමත්, ළමයි හැදුවේ නැත්තම් තමන්ගේ පිරිමිකම සහ පෙළපත අභියෝගයට ලක් වීමත්, සෙක්ස් වලට සෙට්වීම හැර ගෑණුන්ව පර්මනන්ට්ලි කරගහන් වගකීම් ගන්න බොහෝ පිරිමින්ට සැබෑ උවමනාවක් නැතිකමත් යන කාරණා නිසා පිරිමින් (සහ පුරැශාදිපත්‍යය) විසින් ගෑණුන්ව පුළුවන්තරම් ලිංගිකව සූරාකෑම සඳහාම සමාජක්‍රම නිර්මාණය කලා.ආගමික ශාස්තෘවරුන්ටද එයට අනුගත වීම හැර විකල්පයක් නැහැ, ඇරත් ඔවුනුත් පිරිමි.
විමුක්තිය ගැන දේශනා කරන ඕනෑම ආගමික නායකයෙක් ගෑණුන්ට දේශනා කලයුතු ප්‍රධානම ධර්මය වියයුත්තේ ළමයි හැදීමෙන් වැළකීමයි. මොකද ළමයෙක් කියන්නේ ගැහැණියකට දැඩි කර්ම සාදා දෙන්නෙක්.නමුත් ඔය ඇත්ත පවසා හිස්ගැසුම් කනවාට වඩා විකල්ප ඔවුන්ට ඕනෑ උනා.අනිත් අතට හැම ආගමික ශාස්තෘවරයෙකුටම තමන්ගේ ධර්මය ප්‍රචාරණයට අවශ්‍ය උනා. තමන්ගේ ධර්මය අදහන එවුන් ළමයි හැදුවෙ නැත්නම් තමන්ගේ ධර්මය ප්‍රචාරණය වන්නේ නැහැ. මම හිතනව ඔය කාරණය නිසයි කාන්තා ආගමික ශාස්තෘවරු බිහි නොවන්නේ. පිරිමි ආගමික ශාස්තෘවරු වගේ උගුරට හොරා බෙහෙත් නොබී කාන්තා ආගමික ශාස්තෘවරු මේක කෙලින්ම කියනවා මොකද ගෑණු ළමයි හරහා හදාගන්න කර්මයේ ෆස්ට් හෑඬ් එක්ස්පීරියන්ස් ඔවුන්ට තියෙනව. රාහුල ඉපදිච්ච දාම ඩිටෑච් වෙන්න යශෝධරාට බැහැ සිදුහත්ට පුලුවන් උනාට.
සරලව කිව්වොත් සම්ප්‍රදායික හින්දු ඉගැන්වීමේ කියන්නෙ ගෑණුන්ට පිරිමින්ගෙ පක්කලිකම් කරන් හිටියොත් ඊලඟ ආත්මෙ පිරිමියෙක් වීම හරහා විමුක්තියට දොර ඇරෙන බවයි. කුළ භේදයේදීත් ලොජික් එක මේකමයි. මේ ආත්මෙදි කුළවතාගේ පක්කලිකම් ටික කරබාගෙන කරන් හිටියොත් ඊලඟ ආත්මෙ කුළවතෙක් වීම හරහා විමුක්තියට දොර ඇරෙන බවයි. මේ කැරට් අලේ දීල පිරිමි ගෑණුන්ගෙන් සහ මාජිනලයිස් පිරිමින්ගෙන්වසර දහස් ගණනක් තිස්සේ පට්ට ආතල් ගත්තා.
ඔබ කාන්තාවක් නම්, සසර කෙටි කර ගන්න ඕනෑනම්, ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනෑනම් ටිකක් මොලේ පාවිච්චි කරල හිතන්න.
බුද්ධාගම සහ ක්‍රිස්තියානි ආගම ගැන ඊලඟට කතා කරමු.
No comments:
Post a Comment