Wednesday, December 10, 2025

ටිපිකල් මංගල යෝජනාවක් ඩීකෝඩ් කරමු

 ❤💘මුහුණු පොතෙන් විවාහ යෝජනා- Facebook Marriage Proposal ❤💘

මම කසාද බඳින්න ගෑණු ළමයෙක් හොයනවා.
මගේ වයස අවුරුදු 39යි, උස 5.5යි. සිංහල - බෞද්ධ. සාමාන්ය පෙනුමක් තියෙනවා. මම ජීවත් වෙන්නේ මධ්යම පළාතේ. නීති අංශයට සම්බන්ධ ව රැකියාවක් කරනවා. වැදගත් පවුල් පසුබිමක් තියෙනවා. මම මධ්යම පළාතේ ප්රමුඛ පෙළේ පිරිමි පාසලක ඉගෙන ගත්ත කෙනෙක්. මම උපාධිධාරියෙක් (LL.B, M.A). මම මත්පැන් දුම්වැටි පාවිච්චි කරන්නේ නැහැ. නිර්මාංසික කෙනෙක්. ආගමට දහමට ලැදි යි. දේශීය සිරිත් - විරිත් අගය කරන කෙනෙක්. වත්කම් තියෙනවා. මම ජ්යොතිෂය විශ්වාස කරනවා.
මම හොයන්නේ වයස අවුරුදු 32 -35 අතර රැකියාවක් නොකරන, හොඳ ගති ගුණ තියෙන, ආගමට දහමට ලැදි, දිග කොණ්ඩයක් - ප්රසන්න පෙනුමක් තියෙන, උගත් ගෑණු ළමයෙක්. ගෙදර දොර පාලනය, ඉවුම් පිහුම්, සිරිත් - විරිත් හොඳින් දන්න කෙනෙක් වීම අතිශයින් ම වැදගත්. ආටෝප නැති නිහඬ නිස්කලංක ජීවිතයකට කැමති කෙනෙක් වෙන්න ඕනෑ.
ජීවිතයේ හොඳ - නරක, සතුට - දුක, පහසුව - දුෂ්කර බව සමසිතින් දරා ගන්න පුළුවන් වෙන්න ඕනෑ.
මධ්යම පළාතේ කෙනෙක් නම් වඩා හොඳයි.
⛔ දික්කසාද, වැන්දඹු, චරිත වැරැදි තියෙන අය, වහා කේන්ති යන අය, මත්පැන් පාවිච්චි කරන අය සහ Tattoo තියෙන අය එපා
⛔


අමුවෙන් decoded අදහස -

මගේ පක්කළිකම් ටික තවදුරටත් මගේ අම්මට කොරන්ට බෑ, උන්දෑ වයසයි. ඒ මදිවට දැන් වයසක උන්දැලගේ වැඩත් මටම කොරන්ට වෙන සීන් එකක් තියෙන්නෙ. මට අහවළ් වැඩේ කොරගන්ටත් ඕනෙ. ඇයි මගේ පෙළපත ගෙනියන්න ළමයි ඕනෙ. මම ගෙදරට වැඩකාරියෙක් ගත්තොත් ඒකිට හු.කන්න බැරි නිසා ගණිකාවක් හොයන්ටත් ඕනෙ. ගණිකාවන්ට කුණු ලෙඩ නිසා බයයි, අනික උන් හැමෝම එක්ක හැමිණෙන නිසා මට ඕනෙ වෙලාවට හු.කන්න බැහැ. ඊටත් වැඩකාරියෙක්ටයි ගණිකාවකටයි සර්විස් එකට සල්ලි ගෙවන්න ඕනේ. වර්ක් කන්ඩිෂන් එක කේස් නං උන් මිසින්. මීටවඩා පඩි දෙන, නිවාඩු දෙන, හොඳට සළකන තැනක් සෙට් උනොත් උන් මිසින්. 

ඊටත් කැත වයසක වැඩකාරියෙක් පඩියට ගන්නෙ මොකටද ජීවිතකාලයටම පඩි නැති, නිවාඩු නැති, හොඳට සැළකුවෙ නැතත් ලෝක මාන්නෙට අතෑරල යන්නෙත් නැති ලස්සන තරැණ මෝඩ කෙල්ලෙක් මුද්දක් දාල ගොනා කරල වැඩකාරකමට ගන්න පුළුවන්කොට? ඒකි තියෙන ඔළමොට්ටල කමට මට අතින් දෑවැදි කියල සල්ලි දේපළත් දීල ඇග්‍රිමන්ට් සයින් කරන්නෙ. මොන තරං ගොන් එළදෙනක්ද සල්ලි දීල නොමිලෙ කඹුරන්ට එන එක? ඔය කන්නයි අඳින්නයි ටිකක් දීල මෝඩය කරල තියාගත්තම මට මැරෙනකම් කොන්ද කඩන් කඹුරයි. 

මගේ ආතල් ටික ගන්න ඒකිගෙ කොන්ඩෙ දිගට ඉල්ලන්න ඕනේ. මොකද ඒකිගෙ ඇඟ ගැන තීරණ ගන්නෙ මම. 

ආ තව ලස්සනයි උගත්කමයි ඉල්ලන්න ඕනේ. ගේ මුල්ලෙ බත් තම්බන්න උනත් දික්කසාද, වැන්දඹු, චරිත වැරැදි තියෙන අය, වහා කේන්ති යන අය, මත්පැන් පාවිච්චි කරන අය එපා, මට වැඩකාරකමට උනත් ඕනේ කොළිටි බඩුවක්, හාද?

කොන්ඩෙ දිග, චරිතවත්, ප්රසන්න පෙනුමක් තියෙන, උගත්, ගෙදර දොර පාලනය, ඉවුම් පිහුම්, සිරිත් - විරිත් හොඳින් දන්න එළදෙන්නු ටික -


මොළේ තියෙන 4B ගෑණු ටික (දික්කසාද, වැන්දඹු, චරිත වැරැදි තියෙන අය, වහා කේන්ති යන අය, මත්පැන් පාවිච්චි කරන අය සහ ටැටූ තියෙන included) -




No comments:

Post a Comment

ටිපිකල් මංගල යෝජනාවක් ඩීකෝඩ් කරමු

  ❤💘මුහුණු පොතෙන් විවාහ යෝජනා- Facebook Marriage Proposal ❤💘    ·  Anonymous participant   · s e p n d o t r o S 0 2 a u h 4 3 g l f 8 8 1...