Friday, December 5, 2025

හරිහමන් ආපදා කළමණාකරණ ආයතන ඇතිතරම් තියෙද්දි ටික්ටොක් නටන එකාට ගංවතුර ආධාර දීල උඹල මොනවද බලාපොරොත්තු උනේ?

 


"ආධාර දෙන එක පින්තූර ගහන එක හොඳයිද ...? "
ඒක ඔයාගේ කැමැත්ත පුංචි ළමයෝ ! සමහරු පින්තූර දානවා , සමහරු පින්තූර දාන්නෙ නැහැ. ඉතින් ඒක ඒ අයගේ කැමැත්ත සහ අයිතිය..
එයාලා විවිධ දේවල් ගැන දරන මත. ඉතින් ඒකට අපිට කිසිම දෙයක් කියන්න බැහැ.
වැදගත්ම දේ ...
" රහසින් පව් කරමින් , ප්රසිද්ධියේ පින් නොකරන එක..."
රහසින්වත් පව් කරන්නෙ නැතුව... ප්රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ පින් කිරීමයි වැදගත්...🌻
ඉතිං තමන් කරන පින් වැඩ තමන් දෙන ආධාර ප්රසිද්ධ කරන එක හෝ රහසින් කරන එක එයාලගේ කැමැත්ත. ඒක ගැන දුක් වෙන්න හෝ ඒක විවේචනය කරන්න අපිට කිසිම අයිතියක් නැහැ...
ඒත් පුළුවන් නම් එහෙම කාට හරි උදව් කරනවනම් ඒ කෙනාව පේන්න දාන්න එපා. මොකද ඒක සදාචාරාත්මක නැහැ..
මේ වෙලාවේ ප්රසිද්ධියේ හෝ රහසින් තවත් කෙනෙක්ට පුංචිම හෝ උදව්වක් කරලා තියෙනවා නම්, ඒ හැමෝටම පින් සිද්ධ වේවා...
ඒ කරපු කුසලානුභාවයේ බලයෙන් ජාති ජාතිත් කිසිම අඩුවක් නොවේවා ! පතන්නා වූ සියලු සැප සම්පත් ලැබී , සියල්ල සාර්ථක කරගන්නට ලැබේවා..
-Gumiho's Diary-






No comments:

Post a Comment