Sunday, November 16, 2025

සුද්දි සහ ස්වයං වින්දනය

 මම සෑහෙන කාලයක ඉඳල කතාකරන්න හිටපු මාතෘකාවක් මේ සුද්දියොන්ට ලංකාව ඇතුලෙ අතවර උනාම හැදෙන නැරෙටිව් එක. ලංකාවේ පිරිමි බහුතරය ඒක දකින්නෙ අපේ සංචාරක කර්මාන්තයට පහරක් ලෙස හෝ අපේ ඉමේජ් එකට පහරක් ලෙස පමණයි. එහෙම නැතිව අපි ගෑණුන්ට අතවර කිරිම වැරදියි යන කෝණයෙන් නොවේ.

ලෝකල් ගෑණුන්ට ලංකාව ඇතුලෙ අතවර උනාම ලංකාවේ පිරිමි බහුතරය ඒක දකින්නෙ ඒ ගෑණිගේ මොකක්හරි වරදක් නිසා පිරිමියා වරදට පෙළඹීමක් ලෙස මිසක අපි ගෑණුන්ට අතවර කිරිම වැරදියි යන කෝණයෙන් නොවේ.සෑහෙන්න කාලයකට පෙර කාන්තා පොදු වැසිකිළියට ගිය සහෝදරියකට ලිංගික හින්සනයක් කරපු මිනිහෙක්ට ඇය පහරදීල විශාල ආන්දෝළනයක් ඇතිඋනා, වැලිවේරියේ නංගි සිද්ධියේදී. ලංකාවේ පිරිමි බහුතරය හිටගත්තේ පිරිමියගෙ පැත්තෙ. 

සංස්කෘතියෙන්ම කාන්තාවන්ට වෛර කිරීමට පොළඹවන දකුණු ආසියාවේ ඊටවඩා යමක් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඉතා කෙටියෙන් සඳහන් කලොත් ගෑණු කියන්නෙ තමන්ගෙ වැඩකාරකමටයි ලිංගික අවශ්‍යතා වලටයි, ළමයි වදන්නයි ඉන්න මැෂිමක් නොහොත් බඩුවක් පමණයි. මැෂිම නොහොත් බඩුව ලෙස අජීවීව දකින තරමට ඇයට නොපනත්කම් කරන්න පහසුයි. මේක වෙනස් කරන්නට පිරිමින්ට අඬා දොඩා කණිපින්දම් කියලා වැඩක් නැහැ. කිසිම දවසක පීඩිතයාගේ දුක දැකල හිත උණුවෙලා පීඩකයා යහමඟ ගියේ නෑ. දැන් සුද්දොන්ගෙන් ලංකාවට නිදහස ලැබුනෙ ලංකාවෙ මිනිසුන්ගේ දුක දැකලද? නැහැ. උන්ට යටත්විජිත කරගෙන යාම පාඩු නිසා.

චින්තන ධර්මදාස මේගැන ලියපු පෝස්ට් එක සහ ඒකට කොමෙන්ට් දාපු පිරිමි බහුතරය ඒ ජුන්ඩට අයියෝ ඕක මොකක්ද?/ සානුකම්පිත/සපෝටිව්/කාන්තා වෛරී කාණ්ඩයේත්  ඒකට කොමෙන්ට් දාපු ගෑණු බහුතරය ඒ ජුන්ඩගෙ වැඩේට විරැද්ධවත් මතය පළ කරල තිබීමෙන්ම එහි ලිංගභේදය පෙන්වනවා.
මීට සති කීපයකට පෙර ඩොන් ස්පස් ඇල්ෆ මෝල්ලු ගැන ලියපු පෝස්ට් එක සහ ඒකට කොමෙන්ට් දාපු පිරිමි බහුතරය ඇල්ෆ මෝල්ලුට අයියෝ ඕක මොකක්ද?/ සානුකම්පිත/සපෝටිව්/කාන්තා වෛරී කාණ්ඩයේත්  ඒකට කොමෙන්ට් දාපු ගෑණු බහුතරය ඇල්ෆ මෝල්ලුගෙ හැසිරීමට විරැද්ධවත් මතය පළ කරල තිබීමෙන්ම එහිද ලිංගභේදය පෙන්වනවා.

ඇත්තටම හරිම කණගාටුදායකයි ඒ කොමෙන්ට්ස්. මෙය කියවන ඔබ කාන්තාවක් නම්, ඔය අපායෙන් අයින්වෙලා කාන්තාවන්ට ඊටවඩා මානුශීයව සලකන තැනකට යන්න, නැතිනම් සමාජ ස්ථරය උඩට යන්න. පිරිමි බහුතරය තවදුරටත් ඔබේ ආරක්‍ෂකයන් හෝ පෝෂණය කරන්නන් නොවේ, ඔබේ හින්සකයන්, හින්සකයන්ට සපෝට් කරන්නන්, පරපෝෂිතයන් පමණි. ඔවුන් සොයන්නේ නොමිළේ වැඩකාරකමට සහ බුදියාගැනිමට මුද්දකින් රවටනලද unpaid bang-maid ගැහැණුන් මිසක සහකාරියන් නොවේ. එමෙන්ම ඔවුන් බහුතරය පරිණතද නැත, එබැවින් ගෑණි අම්මා වගේ වියයුතු බව කියයි. අම්මා පුතා එක්ක හැමිණුනේ නැති නිසා අවලමේ ගිය පුතාව නාවා ගෙට ගත් නමුත් ගෑණිට STD හැදෙන නිසා එය කල නොහැකි බවවත් මුන්ට අදාළ නැත.


Niroshana Jayaratne
ගණිකා වෘතිය නීති ගත නොකර මෙවැනි ක්රියාවන් විවේචනය කර පලක් නැත 😀


Madhawa Rubasinghe
අනික ඌ වරදක් කලෙ නැහැ.කැමැත්ත ඇහුව විතරයි.අවසානයේ ප්ලීස් කියලත් කිව්ව




No comments:

Post a Comment

සුද්දි සහ ස්වයං වින්දනය

 මම සෑහෙන කාලයක ඉඳල කතාකරන්න හිටපු මාතෘකාවක් මේ සුද්දියොන්ට ලංකාව ඇතුලෙ අතවර උනාම හැදෙන නැරෙටිව් එක. ලංකාවේ පිරිමි බහුතරය ඒක දකින්නෙ අපේ සංච...