ඔයා පිරිමියෙකුට නොමිලේ කරන දේවල් වලට මූල්‍යමය අගයක් ලැබුනොත් වසර පහකින් ඔයා කෝටිපතිනියක්!
1. ඔයා කසාද බැන්දේ කන්‍යාභාවය ඔප්පු කරලද? දැන් ඔයාගෙ සැමියා/නැන්දම්මා නිකමටවත් ඒ ගැන අගය කරනවද? ඔයාට වසරකට පාරක් රත්තරන් බඩුවක් එහෙම දීල, "මගෙ පණ, ඔයා මාව බඳිනකන්ම කන්‍යාභාවය රැකපු එකට ස්තූතියි" කියනවද?
නැත්නම් තරහගියාම ඔයාට ඒසි කියල බනිනවද? ළමයින්ගේ තාත්ත මම නෙමේ කියල බනිනවද? ඔයාගේ චරිතවත් බව සැකකරනවද?කන්‍යාපටලෙ ඩිමාඬ් කර කර නටපු හැටියට ඒක ඔප්පු කලාම කසාය බීපු ගොළුවො වගේ ඉන්න එක කැතයිනේ.
ඔයා නොමිලේ සැමියාට දුන්න කන්‍යාභාවය ඔක්‍ෂන් කරා නම් ඔයාට සෑහෙන්න මුදලක් ලැබෙනවා. (මං මෙතන ඔයාට මේව කියන්නෙ කන්‍යාභාවය ඔක්‍ෂන් කරන්න කියල නෙමේ, ඔයා නිකං දීපු, අගයක් නැති දේවල ඇත්ත මූල්‍ය වටිනාකම ඔයාට තේරැම් කරවන්න)
2. ඔයා වේල් තුනක් උයන, ගෙවල් අස්පස් කරන කෙනෙක්ද?දැන් ඔයාගෙ සැමියා/නැන්දම්මා නිකමටවත් ඒ ගැන අගය කරනවද? නැත්නම් ඔයා "ගෙදර නිකං ඉන්න" බව කියනවාද? ඔයා අතින් සුළු අතපසුවීමක් උනාම ගහන බනිනවාද? ඔයා නොමිලේ සැමියාට දුන්න ගෘහසේවය නතර කරල ඔයා ඊශ්‍රායලය වගේ රටක ගෘහසේවයට ගියොත්, වසර පහකින් ඔයා ගොඩ.
3. ඔයා ජීවිතේ පරදුවට තියල, පට්ට දුක් විඳල නොමිලේ ළමයි වදල දුන්නද? ඒගැන හරිනම් ඔයාට මාර ගෞරවයක් සහ උදව්පදව්, සැළකිලි ලැබෙන්න ඕනේ. ඔයා ළමයි වදල දුන්නෙ සැමියගෙ පෙළපත වෙනුවෙන්. දැන් මොකද හිතෙන්නෙ? ඔයාට ළමයි හදන්න අවශ්‍ය මූල්‍ය, චිත්තවේගීය හෝ භෞතික උදව් ලැබෙනවද? ඔයා නොමිලේ දුන්න ගර්භාෂය ළමයි නැති ජෝඩුවකට ගර්භාෂය කුළියට දුන්නොත් අතිවිශාල මුදලක් හොයන්න පුළුවන්.
4. ඔයා නොමිළේ ළදරැවට රෑ නිදිමරන් කිරි දීල හදාවඩා ගන්නෙ නැතිව හොඳ රටක නැනී කමකට ගියොත් ගොඩම තමා.
5. ඔයාද ගෙදර අයගේ වෛද්‍ය එපොයින්ට්මන්ට්, උපන්දින, නෑදෑ ගමන්, අසල්වැසි සාද, මේ ආකාරයේ රටේ නැති සමාජ කටයුතු නොමිළේ අනිත් අයට මතක් කරල දෙන්නෙ? ඒවට පවුල නියෝජනය කරන්නේ? ඕක මුදලට කලොත් පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් වෙලා ගොඩම තමා.
6. ඔයාද ගෙදර ළමයින්ගේ, සැමියගේ, නැන්දම්මගේ කෙළවරක් නැති ප්‍රශ්න අහල නොමිළේ හිත හදන්නෙ? තෙරපිස්ට් කෙනෙක් වෙන්නකෝ අනේ? හොඳ ගානක් අතේ.
7. ඔයා ඔයාට සුරතාන්තයක් නැති සෙස් සැමියට නොමිළේ ලබාදෙනවට වඩා කසාද නොබැඳ ප්‍රයිම් වයසෙදි එස්කෝට් කෙනෙක් වෙලා මිලියන ගනන් ඉපයූවොත් ඊටපස්සෙ ඔයාව බඳින්න සත්‍ය ප්‍රේම භෘංග රාජයො එන්නෙ පෝළිමේ. සල්ලි ඉදිරියේ කන්‍යාපටල හොයන්න කවුරැත් නෑ. (සුද්දියො බඳින උන් කන්‍යාපටල හොයන්නෙ නෑනේ කෙල්ලනේ)
8. ඔයාද ගෙදර වයසක මාමගේ නැන්දම්මගේ වැඩ නොමිලෙ කරල දෙන්නෙ? ඒකරලත් හොඳක් අහන්නැද්ද? පිටරටවල සාත්තුසේවයට ඉහළ මිළක් ගෙවනවා.
ඔයාට තේරෙනවද ඔයා කිසි හොඳක් නාහ නොමිලේ කරන දේවල් වල ඇත්තටම මොනතරම් මුල්‍යමය වටිනාකමක් තියෙන දේවල්ද කියල. ඒ නිසා තමන්ගේ වටිනාකම දැනගන්න. අපතයන්ට නොමිළේ වහල්කම් කරන්න එපා. ඒ වෙනුවට තමන්ව ගොඩනගන්න.
No comments:
Post a Comment