Wednesday, October 15, 2025

ඇඩ් එකක් දැකල විනාශ වෙන රටක සංස්කෘතියක් කියන්නෙ මොන තරම් දුර්වල එකක්ද?

 මම සමලිංගිකත්වයට සපෝට් හෝ විරුද්ද නැහැ, මොකද මට ඒක අදාල නැහැ.නමුත් මෙතන සංවාදෙදි විෂමලිංගික පිරිමින්ගෙ කුප්ප හැසිරීම ගැන ඇත්ත එළියට ආව.

තේ ඇඩ් එකකට ටිපර් උන විෂමලිංගික පිරිමින්ගෙ  තර්කය මොකක්ද? සමලිංගිකයො බහුතරය වෙලා විෂමලිංගිකයො සුළුතරය වෙච්ච දාට උන්ට අවුල්ලු. උදාහරණෙකට, උන්ටත් ගෑණුන්ට වගේ බස් වල අතවර වෙයිලු. වෙන වචන වලින් කිව්වොත්, දැන් විෂමලිංගික පිරිමි ගෑණුන්ට කරන අපයෝජන එදාට සමලිංගිකයො අතින් විෂමලිංගික පිරිමින්ට වෙයිලු. ගැරඬින්ට භූමිතෙල් ගහනව වගේ උන් බයවෙලා, මොකද උන් දන්නවනෙ උන් ගෑණුන්ට කරන අපරාද වල තරම, ඒවට උන්ට සමලිංගිකයො අතින් රිටර්න් එක හම්බවෙයි කියල බය වෙලා.

 මං අහන්නෙ, එකම අපයෝජනේ  විෂමලිංගික පිරිමි කරනකොට නෝමල් වෙලා සමලිංගිකයො කරනකොට පට්ට අවුල් යන්නෙ ඇයි?

සමලිංගිකයො බහුතරය වෙලා විෂමලිංගිකයො සුළුතරය වෙන එක්ස්ට්‍රීම්  එක ගනිමු.

සමලිංගිකයො බහුතරය වෙලා විෂමලිංගිකයො සුළුතරය වෙච්චදාට විෂමලිංගික පිරිමින්ගෙ වරප්‍රසාද නැතිවෙනව. උදාහරණෙකට,ගෑණු බහුතරය සමලිංගික  උනොත් මුද්දක් පෙන්නල ගෑණුන්ගෙන්  නොමිළේ සෙස්, ගර්භාශයක් සමඟ වැඩකාරියක් ගන්න දැනට වඩා සෑහෙන්න අමාරු වෙනව.  

ඒ ඇර සමලිංගිකයො බහුතරය වෙලා විෂමලිංගිකයො සුළුතරය වෙච්චදාට ටෙක්නිකලි කතාකරොත් රටක් දුවන්නෙ දැන් රට දුවන විදියටම තමා.

ගෑණුන්ට කියන්න තියෙන්නෙ, උඹලෑ දෙවනිපෙළ පුරවැසිභාවය පිරිමි සමලිංගිකයො බහුතරය උනත් විෂමලිංගිකයො බහුතරය උනත් එහෙමමයි. ඒනිසා උන්ගෙ වරප්‍රසාද ගැන උන් කා කොටා ගන්නකොට උඹල පුප නොදී ඉඳපල්ලා.

No comments:

Post a Comment

ඇඩ් එකක් දැකල විනාශ වෙන රටක සංස්කෘතියක් කියන්නෙ මොන තරම් දුර්වල එකක්ද?

 මම සමලිංගිකත්වයට සපෝට් හෝ විරුද්ද නැහැ, මොකද මට ඒක අදාල නැහැ.නමුත් මෙතන සංවාදෙදි විෂමලිංගික පිරිමින්ගෙ කුප්ප හැසිරීම ගැන ඇත්ත එළියට ආව. තේ ...