ඇයි මගේ දෙමාපියෝ මට විතරක් කුරිරු?( Narcissistic Family System)
ගොඩක් අය මගෙන් අහන ප්රශ්නයක් මේක. "මගේ දෙමාපියෝ මගේ සහෝදරයට/ සහෝදරියට ආදරෙයි. ඇයි මට විතරක් මෙහෙම කරන්නේ? මොනවා කරත් ඇයි මට කවදාවත් හොදක් නැත්තේ?"
Narcissistic පවුලක් කියන්නේ සරලවම එක දෙමාපියෙක් සහ එයාගේ ego එක සහ අවශ්යතා සන්තර්පනය කරනු පිනිසම සියලු සාමාජිකයන් කැප වුනු පවුලක්. එතන ඉන්න ප්රභල දෙමාපියා ( dominant parent) තමා ප්රදාන චරිතය අන් සියල්ලෝම ඔහු/ ඇයගේ අවශ්යතා ඉටු කරන්න සැදී පැහැදී ඉන්නවා.
Narcissistic Parent :
මේ මව හෝ පියා ඉන්නේ අනුන් ලවා අගය කර ගැනීමට සහ පාලනය කිරීමට දැවෙන ආශාවක් ඇතුවයි. මොවුන් සහකරු දකින්නේ සහ පුහුනු කරගන්නේ වහලෙක්/වහලියක් ලෙසට මිස මනුස්සයෙක් ලෙසට නෙවෙයි.
මොවුන් සාමාන්යයෙන් ආදරය පෙන්වීම තීරනය කරන්නේ ළමයාගේ සහ සහකරුගේ කීකරු කම සහ ජයග්රහන මතයි. ඔවුන්ට පවුලේ සාමාජිකයන්ගේ හැගීම් ගැන කිසිම වගවීමක් නෑ. ඒ නිසා ළමයිව දැඩිව මානසිකව හින්සාවට ලක් කරනවා.
The Enabler Parent:
මොවුන් Narcissistic සහකරු අග එකග වෙන්නේ නෑ.. නමුත් ඕනේම ආකාරයකින් තමන්ගේ විශ සහිත සහකරු එක්ක සාමෙන් ඉන්න උත්සහ කරනවා. බය නිසා, ප්රතික්ශේප කිරීම මගින් සහ තමන්ගෙම අතීත කලමතයන් නිසා මොවුන් Narcissistic සහකරු එක්ක සාමෙන් ඉන්න උපරිම් උත්සහ කරනවා. ඔවුන්ගේ ජීවිතේ එකම අරමුන තමන්ගේ විශ සහිත සැමියා/ බිරිද සතුටු කිරීමයි.
"ඔයා දන්නවනේ තාත්තගේ හැටි. ඔයා පාඩුවේ ඉන්නකෝ"
" මොනවා වුනත් ඒ අම්මානේ. ඔයා අම්මව තරහ ගස්සවන්නේ නැතුව හිටියා නම් හරි"
මොවුන් විශ සහිත සහකරුට හරිම බයයි. සහකරුගේ ඕනෙම වැඩකට සහය දෙනවා.
The Golden Child :
මේ දරුවාව Narcissistic Parent දකින්නේ තමන්ගේම ප්රතිමූර්තිය ලෙසයි. ඔවුන් මේ දරුවන්ට කෙලවරක් නැතුව සුපිරි බව සලකනවා. ඔවුන්ට සියලුම ආදරය දෙනවා. අනික් ළමයා ට වඩා සුපිරි නිසා පොඩි කාලේ ඉදලම මෙයා Narcissistic ගතිගුන වගා දිගා කර ගන්නවා.
තමන්ගේ දරුවන් එකිනෙකා බේද බින්න කරවීම සහ අනික් දෙමාපියා එක්ක දරුවන් බේද කිරීම Narcissistic Parent කරන්නේ පවුලේ බලය තමා අතේ තියා ගන්නයි.
The Scapegoat Child:
මේ වගේ පවුලක ලොකුවටම තැලෙන කෙනා තමා මේ. Narcissistic මාපියන්ගේ අභ්යන්තර අරගල, ලැජ්ජාව , පරාජයන් හැම දේටම කරන්නේ මේ ළමයාට බනින එක. අපහාස කරන එක. ගහන එක. හැම විටම සමාජය ඉස්සරහත් මේ ළමයා වැරදිකාරයා කරවන්න මේ දෙමාපියො දක්ශ වෙනවා.
ලොකු වෙලා සියලු දේ මෙයාගෙන් කඩා වඩා ගන්න, මෙයාගේ පවුල් කඩන්න, හූනියම් කරන්න, මරන්න පවා මේ Narcissistic දෙමාපියන්ට පුලුවන්.
Golden Child පනිනවා....
සාමාන්යයෙන් Golden Child සියලු දේපොල ලියවන්. ළමයි හදවන්. සහෝදරයට කරන්න පුලුවන් සේරම හතුරු කම් කරලා මේ Narcissistic දෙමාපියන්ට බැරි වුනාම අතාරිනවා. එක්කෝ රටින් පනිනවා. මොකද ඔවුන් ස්වභාවයෙන්ම ඒ Narcissistic අම්මා/තාත්තා පුහුනු කරපු ආකාරයටම දන්නවා තමන් මොන දේ කරත් දෙමාපියෝ තමන්ට ආදරේ බව. මොනදේ කරත් තමන්ව අගය කරන බව ඔවුන් දන්නවා. ඒ වගේම ඔවුන් වගකීම් ගන්න දන්නේ නැති දෙමාපියන් විසින් හැම දේම කරලා හදපු උදවිය නිසා අමරු කාලෙදි වගකීම් ගන්න කැමති නෑ.
අවසානයේ උපකාරයට එන Scapegoat ට වෙන දේ....
තමන්ගේ ප්රියතම දරුවා සකලමනාව අරන් පැන්නත් , පොඩි කාලේ ඉදල කායිකව/ මානසිකව හින්සා කරපු අසරනයා තමන්ගේ ජීවිතේ හදන් ඉද්දි ආයෙත් අමාරුවේ වැටෙනවා. ඊට පස්සෙත් narcissistic දෙමාපියන් මේ දරුවට ආදරේ වෙනවද?
නෑ....
කොහෙත්ම නෑ. ඔවුන්ට අනුව මේ දරුවා තරහ කාරයෙක්. සියල්ල කරත් ආවඩන්නේ දාල ගිය රත්තරන් දරුවට. චාන්ස් එකක් ආව ගමන් හින්ට් එකක් හරි ගහල සතුටු වෙනවා.
" අන්න අහවලාගේ දුව නම් සල්ලි ඕනේ තරම් දෙනවා". උඹල ඔය කරන ඒවා මදි කියලයි කියන්නේ. ඊට අමතරව ඔවුන්ගේ ආත්ම තෘපතිය වෙනුවෙන් ඔවුන්ගේ ප්රියතම දරුවාට උදවු කරාවි , කතා කරාවි,වැද නමස්කාර කරාවි කියලත් අපේක්ශා කරනවා.
ජීවිතේ ඔබත් Narcissistic පවුලක Scapegoat කෙනෙක් නම්....
01) ඉස්සෙල්ලම Narcissistic පවුල ගැන හොදින් ඉගෙන ගන්න.
02) ඔවුන් සාමාන්යය දෙමාපියෝ වගේ ළමයිට ආදරෙ නැති බව...හීන් නූලෙන් ඔබව වට්ටවන්
න වැඩ කරන බව මතක තබා ගන්න.
03)ඔවුන්ගෙන් ආදරේ ලබන්න කවදාවත් බැරි බව හොදින් තේරුම් ගන්න.
04) මේ දෙමාපියන් සමග බැදීම් ඇති කර ගැනීම හරියට තමන්ට මරන්න එන හතුරට පිහිය දිගු කිරීම වගේ අනතුරුදායක බව මතක තබා ගන්න.
05) ඔවුන් ඔබට සලකන ආකාරය ඔවුන්ගේ ගැටලුවක් මිස ඔබේ නොවන බව මතක තබා ගන්න.
06) යුතුකමක් ඈත ඉදන් කරලා, මානසිකව නිදහස් වෙන්න. හැකි නම් සම්බන්දකම් අවම කරන්න.
07) කුඩා කල සිට දුක් වින්ද තමන්ට දැන් වත් නිදහසේ ජීවිතේ සතුටින් ඉන්න මානව හිමිකමක් ඇති බව තේරුම් ගන්න.
08) "අනේ මොනවා වුනත් දෙමාපියොනේ ." කියන නෑදෑයන්ට නතු නොවී සිටින්න. කම්පා නොවෙන්න.
09) ඔබට අපහසු අවස්තාවල වුර්තික සහය ගන්න.
තමන්ට උපදින ස්තානය තීරනය කිරීමට නොහැකි වුනාට, මේසයේ ආහාර ගන්නේ කා එක්කද යන්න තීරනය කල හැකිය. ඔබ ගිය මාර්ගය දන්නේ ඔබම පමනයි. ඔබේ ළමා කාලය තුල ඔබ විදි ගැහැට දන්නේ ඔබම පමනයි.
ඔබ සත්යය දන්නා තාක් අනුන්ගේ විනිශ්යයන් ඔබට වැදගත් නැත.
Reshika Dissanayake Godakanda
Counselor / Psychotherapist
චැනලින් සදහා වට්ස් අප් පනිවිඩයක් යොමු කරන්න 0779969712
( අපගේ සටහන් අනවසරෙන් කොපි පේස්ට් කරනවිට දුරකතන අන්ක මකා නොදැමීමට කාරුනික වන්න)
No comments:
Post a Comment