Wednesday, September 24, 2025

ශෙනාල් එක්ස් සමඟ කෝපි බීම ගැන මගේ සත දෙක

 ශෙනාල්  කියන එකාව මං දන්නෙත් ඇත්තටම කිව්වොත් එක්ස් එක්ක කෝපි බීල ලැබිච්ච ප්‍රසිද්දියෙන්.  

ඒ කෝපි බීම ගැන හරි වැරදි කතා කරන්ට ප්‍රමාණවත් දත්ත නැහැ. එඩියුකේටඩ් ගෙස් එකක් කරන්ටත් ප්‍රමාණවත් දත්ත නැහැ. උදාහරණෙකට, ඒ කෝපි බීම ගැන එක්ස් ගෙ මනුස්සය දරන මතය, ශෙනාල්ට සහකාරියක් ඉන්නවනං ඒකි දරන මතය, එක්ස් දරන මතය, තමන්ගෙ පෞද්ගලික ෆොටෝ සමාජ මාධ්‍ය වල හෑළි සමග දාන්න එක්ස් කොන්සෙන්ට් එක දුන්නද කියන එක, කොටින්ම උන්ගෙ සම්බන්දකම් වල දිග පළල ගැඹුර ගැන මෙලෝ අදහසක් ගන්ට බැහැ ඒ කොන්ටෙන්ට් එකෙන්. ඉතින් ඒ නිසා තමන්ගෙ ඔළු වල තියන කුණුහරැප ඒ මිනිස්සුන්ට ප්‍රොජෙක්ට් කරන්නෙ නැතිව ඉන්න එක තමා වඩාත් හොඳ.

ඒක එක්කම මං මේ දේ කියන්ට කැමතියි. ගෑණුන්ව ඒ ගෑණුන්ට සමීප පිරිමින් අතින් හරියට පාවිච්චි වෙනව. මෙතනදිත් මේ එක්ස් ශෙනාල් විසින්පාවිච්චි කලා මං පොර ජාතකය මගින් ප්‍රසිද්ධිය ලබා ගන්ට. ඒක විතරක් මට නිසැකවම කියන්න පුළුවන්.

මට ගෑණුන්ට කියන්න තියෙන්නෙ, තමන් කොන්සෙන්ට් එක දුන්නෙ නෝමල් ෆොටෝ එකක් ගන්ට උනාට මූණට මූණ තියන් ෆොටෝ එකක් ගත්තොත්, කට ඇරල කියන්න තමන් කොන්සෙන්ට් එක දුන්නෙ නෝමල් ෆොටෝ එකක් ගන්ට කියන එක,තමන් කොන්සෙන්ට් එක දුන්නෙ නැත්නං තමන්ගෙ ෆොටෝ සමාජ මාධ්‍ය වල දාන්ට දෙන්න එපා, ඒ ෆොටෝ වලට හෑළි ලියනව නම් ඒ හෑළි තමන්ගෙ කොන්සෙන්ට් එක දුන්නොත් ඇර  සමාජ මාධ්‍ය වල දාන්ට දෙන්න එපා. කොටින්ම එක එකාට ආදරයේ හිතවත්කමේ නාමයෙන් තමන්ව පාවිච්චි කරන්න දෙන්න එපා. 

මීට සමාන්තර පුවතකට චින්තන ලියපු කතාව මෙතෙන්ටත් තරමක් අදාලයි.මොකද එක්ස් එක්ක කරන රෙද්දක් අති පුද්ගලික නිසා.

අර කවුරු හරි කෙල්ලෙක් අඩමින් පෙම්වතා එක්ක හුරතල් වෙන වීඩියෝවක් දකින්න ලැබුනා. ඒ කෙල්ලට බැනලා අපහාස කරලා පෝස්ට් තොගයක් ෂෙයාර් වෙනවා. මට තේරුම් ගන්න බෑ උන් දෙන්නා ලව් කරන අස්සෙ කරපු පුද්ගලික වීඩියෝවක් එහෙම කැත විවේචනවලට යොදාගන්න එකේ සදාචාරය මොකක්ද කියල. ඒ ආශාවත් එක්තරා පරපීඩක kink එකක්.
ඒ වීඩියෝව පෙම්වතා විසින් අන්තර්ජාලයට දැම්මද නැත්නම් අත්වැරදීමකින් රිලීස් වෙලාද කියන්න මං දන්නෙ නෑ. ඒත් ඒක ඒ දෙන්නාගෙ ආදරය ඇතුලෙ රසවිඳින එක්තරා ෆෙටිෂයක් බව පේනවා. සමහර අය ඒ අයගෙ ආදර සම්බන්ධතා ඇතුලෙ පොඩි ළමයින්ගේ භූමිකා රඟ දක්වනවා. ඒකෙන් ලිංගිකමය ආස්වාදයක් ලබනවා. ඒක ඒ දෙන්නාම රස විඳින දෙයක් නම් ඒකෙ ඇති වැරැද්දක් නෑ. සමහර අය පොඩි උන් වගේ ඩයපර්ස් ඇඳීම දක්වාම මේ ෆැන්ටසි අරන් යනවා. මේකත් අපේ පොදු සංස්කෘතිය ඇතුලෙ තියෙන ෆෙටිෂ් එකක් වන, අම්මි තාත්ති කියල දෙන්නට ආමන්ත්රණය කරගන්නවා හා සමානම තත්වයක්. එහෙම කරන එවුනුත් මේකට හිනාවෙන්න අරගෙන.
යම් වීඩියෝවක් යම් කෙනෙක් කරන අති පුද්ගලික අවස්ථාවකින් උපුටලා අරන් සමාජ මාධ්යයකට අතෑරියාම එතන තියෙන්නෙ විකෘතියක්. ඒ විපරීතය ඇති කරන්නෙ ඒ සොරාගැනීම කරන්නා විසින්. ඉතින් එතන ඉඳන් ඒකට බනිමින්, ඒ ගැන උපදෙස් දෙමින් තමන් වඩා උසස් යැයි පෙන්වීමේ සමූහ විපරීත තත්වය ආරම්භ වෙනවා.

No comments:

Post a Comment

ඇයි මගේ දෙමාපියෝ මට විතරක් කුරිරු?

  ඇයි මගේ දෙමාපියෝ මට විතරක් කුරිරු? ( Narcissistic Family System) ගොඩක් අය මගෙන් අහන ප් ‍ රශ්නයක් මේක. "මගේ දෙමාපියෝ මගේ සහෝදරයට/ සහෝද...