මුදල් හම්බකිරීමට අවශ්‍ය වන්නේ ඔබට ඕනෑම දෙයක් මිළදී ගැනීමේ හැකියාව ලඟා කර ගැනීමට නොවේ.
මුදල් හම්බකිරීමේ ප්‍රධානතම අරමුණ විය යුත්තේ කිසිවෙකුට ඔබව මිළට ගැනීමට ඉඩ නොදීමයි.
සැබෑම පොහොසත්කම නම් අත දිග හැර නොයෙක් සුඛෝපභෝගී භෞතික දේවල් හෝ සේවා ලබා ගැනීමේ හැකියාව නොව නිදහස ලබා ගැනීමේ හැකියාවයි.
සැබෑම පොහොසත්කම නම් බය නැතිව අකමැති දේට බෑ කීමේ හැකියාවයි. දෙවරක් නොසිතා පීඩාකාරී තැන් හෝ පුද්ගලයන්ව අතහැර ඉවත් වී යාමට ඇති හැකියාවයි. ඔබේ ජීවිතය ඔබට කැමති පරිදි ගත කිරීමේ හැකියාවයි. කිසිවෙකුගේ ධනයට හෝ අනුමැතියට අනුව පාලනය වන වහළියක් වහළෙක්, රෑකඩයක්, ඉත්තෙක්, හෝ බඩගැත්තෙක් නොවී සිටීමේ හැකියාවයි.
ඔබ මුදල් පසුපස හඹා යන්නේ තත්වය හෝ සැප සම්පත් ලඟා කර ගැනීමටම පමණක් නම් ඔබ මුදල් වල වහලෙකි. නමුත් ඔබ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගන්නේ නිදහස ලබා ගැනීමට නම් ඔබට මුදල් යනු හුදෙක් මෙවලමක් පමණි. එවිට මුදල් ඔබේ මෙවළමක් මිසක ඔබ මුදලේ මෙවළමක් නොවේ.
ඔබේ ඉලක්කය විය යුත්තේ මුදලින් භෞතික දේවල් අයිති කරගැනීම නොව ඉන් ඔබේ කාලය, ඔබේ තේරීමේ නිදහස සහ ඔබේ අනාගතය අයිති කර ගැනීමයි. මුදල් යනු දැනට පවතින ඉහළම ලීවරේජ් (highest leverage) එකයි. එය ඔබට විකල්ප ලබා දෙයි, එය ඔබට පාලනය ලබා දෙයි, කිසිවෙකුට ඔබේ වටිනාකම බාල්ද කළ නොහැකි බව සහතික කරයි. ඔබ සැබවින්ම ධනවත් වන්නේ ඔබ සැබවින්ම නිදහස් වූ විට පමණි.
සරළම තේරැම - හෑළි ලියන අතේ සතේ නැති මෝඩ හරකියන්ට නොරැවටී කාන්තාවනි ඔබ මුදල් හම්බ කරන්න. හොඳට බලන්න, යක්ක පුත්තු PR දෙන සුද්දියන්ගේ කන්‍යාබාවය හොයන්නේ නැත.
No comments:
Post a Comment