සමාජ මාධ්‍ය යනු අද වන විට දැවැන්ත වේදිකාවක් බවට පත් වී ඇති බව නොරහසකි. එම වේදිකාවේ නොයෙකුත් නළු නිලියෝ රඟපාති. මෙම නළු නිලියෝ කිසියම් මතවාදයක් ප්‍රවර්ධනය කරන අතර ඊට අදාළ රඟපෑම් වල නිරත වේ. එම මතවාදයට කැමති දායක සභාවල් ඔවුන් වටා එක් රොක් වේ. එවිට ඔවුන්ට වෙළඳ දැන්වීම් හෝ වෙනත් ප්‍රවර්ධකයන් මගින් මුදල් ඉපයීමටද, පත්තර වලට ලිපි ලිවීමටද, සෙළිබ්‍රිටිලා වීමටද ලැබේ. එක පැත්තකින් බලන විට දක්‍ෂතාවයකට එසේ අවස්ථා ලැබීම හොඳය. එහි නරක පැත්ත නම් එසේ සෙළිබ්‍රිටිලා වීමට යොදා ගන්නා "දක්‍ෂතාවය" සහ ඉන් සමාජයට ඇති කරන "බලපෑම" බලන විට, බොහෝ සමාජ මාධ්‍ය නළු නිලියෝ විකුණන්නේ දක්‍ෂතාවක් නොවන ඝෘනාත්මක මතවාදයක් හෝ ඇස පමණක් පිනවන සබ්ස්ටන්ස් එකක් නැති ෆැන්ටසියක් වන අතර ඉන් සමාජයට ඇති වන්නේ ඝෘනාත්මක බලපෑමකි.
වයිල්ඩ් කුක් බුක් යනු ලංකාවේ ඉහළම විව්ස් ඇති යූටියුබ් චැනල් එකක් නිසා ඒ ගැන මොහොතක් කතා කරමු. මෙහිදී මම වයිල්ඩ් කුක් බුක් චැනල් එක නරක එකක් ලෙස කිසිසේත් දකින්නේ නැත. මට අවශ්‍ය වන්නේ "අවධානය යොමු කර ගැනීමේ ආර්ථිකය"/ඇටෙන්ශන් ඉකොනොමි (attention economy) සංකල්පය ගැන වයිල්ඩ් කුක් බුක් උදාහරණයකට ගැනීමටය. වයිල්ඩ් කුක් බුක් උයන කෑම බොහොමයක් හුදෙක්ම ඇස පිනවීම සඳහා මිසක ප්‍රායෝගිකව හැදීමට බැරිය. උදාහරණයක් ලෙස ෆුෆූ හැදීමට මයියොක්කා බ්ලෙඬ් කරන්නේ නැත, අනිවාර්‍යයෙන්ම කෙටිය යුතුය. කොටන විට පිෂ්ඨයේ ස්වභාවය වෙනස් වේ. එසේ නැතිව හරි පදම එන්නේ නැත. නමුත් බලන අයට ඒක අදාළ නැත. කොමෙන්ටු වල ප්‍රධානවම තිබුනේ නැරඹූවන් සතුටු වී ඇත්තේ පහත කාරනා වලට බවයි. https://www.youtube.com/shorts/og6i6eB9bRM
1. නයිජීරියානු සහ වෙනත් අප්‍රිකාණු සම්භවයක් ඇති බොහෝ දෙනෙක් ආසියානුවෙකු තමන්ගේ දේශීය කෑමක් හැදීම ගැන
2. ඉදිරිපත් කරන තරැණයාගේ පෙනුම, හිනාව, ආකර්ශනීය බව
3. වීඩියෝවේ සෞන්දර්‍යාත්මක බව, ෂූටින්, එඩිටින් ආදිය
4. හරිම සතුටුයි ලෝකෙම අය අපේ කෙනෙකුට මේ තරම් ආදරේ කරනව දැක්කම - ලාංකිකයන්
ඇටෙන්ශන් ඉකොනොමි සංකල්පයේ ස්වභාවය එයයි. වීඩියෝව නැරඹූ එක් දේශීය අයෙකු හෝ ෆුෆූ හදන්නේ නැත, චරිත්ගේ ක්‍රමයට හැදුවත් හරි යන්නේද නැත, වීඩියෝව නැරඹූ එක් අප්‍රිකාණුවෙකු හෝ ෆුෆූ හදන්න නොදත්තවුන් නොවේ, ඔවුන් කවදාවත් චරිත්ගේ ක්‍රමයට ෆුෆූ හදන්නේද නැත, චරිත්ගේ හිනාවට හුරතලයට ආස නිසා, වීඩියෝවේ සෞන්දර්‍යාත්මක බව, ෂූටින්, එඩිටින් ආදියට ආස නිසා,ලෝකෙම අය අපේ කෙනෙකුට මේ තරම් ආදරේ කරනව දැක්කම ආස නිසා වීඩියෝව නැරඹූ අය ඒ කුඩා ආතල් එක සඳහා ගෙවූ කාලය ඇටෙන්ශන් ඉකොනොමිය හරහා මුදල් වී චරිත්ට ලැබේ. කුඩා ආතල් එක පමණක් කස්ටමර්ට ලැබේ. ඒ සඳහා ලිංගික ආකර්ශනය, ජාතිකානුරාගය, ඇස පිනවීම යන ටූල්ස් යොදාගෙන ඇත. වසර දහයේ සිට හැට තෙක් මිනිහෙකුට හැම දේම කරන්නට ඇති කාලය දවස් දහ අට දහසක් පමණක් බව දැන, තමන්ගේ කාලයට සරිලන දැනුමක්, කුසළතා පුහුණුවක්, අධ්‍යාපනයක්, මිළක් කස්ටමර්ට අන්තිමේ ලැබුනාදැයි ඔබම හිතා බලන්න.
ඇටෙන්ශන් ඉකොනොමියේ මීට වඩා අයහපත් තත්වය නම් (මුදලට හෝ මුදල්/අවධානය ඉපයීමට) වැරදි ඉන්ෆොමේෂන් සමාජගත කරන බලපෑම් කරන්නන් (social media influencers) ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය නළු නිලියෝය.මොවුන් නොයෙකුත් මතවාද වෙනුවෙන් පෙනී සිටිති. ලෝක විනාශය/ විශාල විපතක් ලඟ එන බව ප්‍රවර්ධනය කරන්නන් තම ගෙදර රහසිගත කාමරයක වෝල්මාට් එකෙන් බාගයක බඩු ගබඩාවක් නඩත්තු කරමින් අන් අයව බියවද්දමින් එසේ කරන ලෙස පවසති. https://www.youtube.com/watch?v=pibCok2dfsY හොයල බැලූ විට එම බඩු කල් ඉකුත් වීමට පෙර පරිභෝජනය කල යුතු නිසා හැමදාම කන්නේ ටින් කෑම ආදී ජරාවය. උදාහරණයකට මෙවැනි ඩූම්ස් ඩේ ප්‍රෙපර් කෙනෙක් විජළනය කල පළතුරැ කිලෝ දොළහක් ගබඩා කර ඇත්නම්, ඒවා වසරකින් කල් ඉකුත් වේ නම්, ඔහු මාසයකට විජළනය කල පළතුරැ කිලෝවක් කෑ යුතුය. එනම්, හොඳ නැවුම් පළතුරැ කැවෙන්නේම නැති තරම් ය. අනිත් අතට ලෝක විනාශයක් ආවොත් කෑම ටිකක් ගබඩා කල පමණින් රැකෙන්නේ නැත. ජලය, විදුළිය, ඉන්ධන පිරිපහදුව, වෛද්‍ය ප්‍රතිකාර ආදිය නැතිව ජීවත් වෙනවාට වඩා ලෝක විනාශය මුලදීම වළ කජ්ජ ගැසීම සනීපය.
සාම්ප්‍රදායික බිරිඳ නොහොත් ට්‍රැඩ් වයිෆ් භාවයද එසේ ප්‍රමෝට් කරන social media නළු නිළියන්ගේ රජදහනකි. කවුද කෝටිපතියෙක්ගෙන් අතීතය ගැන ඇසූ විට තමන් කොළඹ ආවේ කුඩා කඩදාසි බෑග් එකක් පමණක් අතින්ගෙන බව පවසා ඇත. හැබැයි ඒ කුඩා කඩදාසි බෑග් එකේ මිළියන ගණනක මුදල් හා චෙක්පත් තිබූ බව නොදත් එය අසන්නන් මෝටිවේට් වී කුඩා කඩදාසි බෑග් එකක් අරන් කොළඹ ඇවිත් කෙළවාගනු ඇත. සමාජමාධ්‍ය වල රඟන ට්‍රැඩ් වයිෆ් නිලියෝ ටිකද එසේමය. ඔවුන්ට හොඳ සැමියන් ඇත, ඔවුන්ගේ නමට දේපළ හා මුදල් ඇත, ඔවුන් ට්‍රැඩ් වයිෆ් ලා ලෙස ගෙවල් වල උයාපිහාගෙන අතුපතු ගාගෙන හිටියාට කමක් නැත. මන්ද ඔවුන්ගේ සැමියන්ද හරිහරියට ගෙදර වැඩට උදව් වේ, බිරිඳට ලෝස් නැතිව වියදම් කරයි, එහෙ මෙහෙ එක්කන් යයි, විනෝදාංශ වල යෙදෙන්නට දෙයි. නමුත් ඔවුන්ගේ ෆෑන් බේස් එකේ සීයට අනූපහකට ඒ අහළකින්වත් යන සැමියෙකු හෝ පෙම්වතෙකු නැත, ඒ අහළකින්වත් යන ආර්ථිකයක් නැත, ඔවුන්ගේ නමට දේපළ හා මුදල් නැත, සැමියා හෙට මළොත් හෝ එළවා දැම්මොත් කර කියා ගන්නට දෙයක් නැත. එබඳු ෆෑන් බේස් එකක ඉන්න කෙල්ලක් තමන්ගේ දෙපයින් හිටගන්නවාට වඩා අසු පිට නැගී කුමාරයෙක් තමා වෙත එනු ඇතැයි සිතනු ඇත. ඉතින් සාම්ප්‍රදායික බිරිඳ නොහොත් ට්‍රැඩ් වයිෆ් භාවය ප්‍රමෝට් කරන social media නිළියන් ෆෑන් බේස් එකට ෆැන්ටසියක් විකුණා මුදල් සහ ජනප්‍රියත්වය ලබා ගනිද්දී රියැලිටියට මුහුණ දෙන එම infliencerට මුදල් සහ ජනප්‍රියත්වය ලබා දුන් ෆෑන් බේස් එකෙන් බහුතරය එකෙන්ම කෙළවා ගනී.
No comments:
Post a Comment