දැන් එෆ්බී එකේ තියෙනවා හැට අට කෝටියක් විතර උදව් ඉල්ලා ලබා දෙන ගෲප්
මේ උදව් එසේ මෙසේ උදව් නොවෙන අතර ෆෝන් කාඩ් එකේ රීලෝඩ් එකේ සිට නිවසක සියලුම අවශ්‍යතාවයන්ද
වෛද්‍ය ආධාර ,චැනලින් ගාස්තු වල සිට බොහෝ දෑද වේ
මාද එවකට සිටි මෙයාකාර සමූහයක පළ වූ පෝස්ටුවක් නිසා මේ සම්බන්ධයෙන් සෙවීමට පෙළඹුනි
එක්තරා කාන්තාවක් ඇඳුම් (භාවිතා කළ) ඉල්ලා දැමූ පෝස්ටුවකට පසු තව කාන්තාවක් ඇයට පරණ ඉරුණු ඇඳුම් යවා තිබුණු බව කියමින් ඇය අදාළ කාන්තාවගේ එෆ්බී අනන්‍යතාවය , ඈ එවූ පාර්සලය හා එහි ඇඳුම්, පාර්සලයේ සඳහන් එවූ කාන්තාවගේ ලිපිනය වැනි සියළුම තොරතුරු හා ඡායාරූප ඉතාම පැහැදිලිව දමා තිබුණි.
අනතුරුව පැමිණ තිබුනේ යැවූ කාන්තාවට හෙන ඉල්ලන කමෙන්ට් සහ "අනී මම ඔයාට ශොප් එහෙකින් අරන් අලුත්ම ඒවා එවනවා ඇඩ්‍රෙස් දෙන්න" යනාදි නැළවුම් කමෙන්ට් පළ කරන සමයයි.
එහෙත් එකී සමූහයේ ඇඩ්මින් කොල්ලා මොළකාරයෙකි. එහි නීති තදයි. දැන් ඔය හැම සමූහයේම කෙනෙක් යමක් එව්වොත් ස්තුති කර පෝස්ට් එකක් දැමිය යුතුයි. පින්තූර සමඟ
අර ඇඩ්මින් කොලුවා පසු පිරික්සීමේදී අදාළ බැනුම් ඇසූ එකවුන්ටුව ඉතාම නිහඬව බැනුම් අසාගෙන සිටින බව පෙනී තිබේ.
ඉන් අනතුරුව අයි ටී අංශයේ වැඩ්ඩෙක්ද වූ ඇඩ්ඩියා තවත් අන්තර්ජංජාලය පිරික්සා තව තොරතුරු හොයාගෙන ඉන්ද නොනැවතී අදාළ පාර්සලය ලැබූ කතගේ ග්‍රාමසේවක වසමටද ගොස් පරීක්ශා කිරීමෙන් අනතුරුව තහවුරු කරගෙන තිබුණේ
අර කාන්තාවට ඉරුණු ඇඳුම් පාර්සලය යවපු අර දුෂ්ඨ කුහක අනුකම්පා විරහිත සැතිරියත් ඒ කාන්තාවම බවයි එනම් අනිත් එෆ්බී එකවුන්ට් එකත් ඇගේම බවයි
ඇයම හදාගත් පාර්සලයක ඇයම ඇඩ්‍රෙස් ලියා පින්තූර ගෙන පළ කර තිබේ. හේතුව අනුකම්පාව ඩබල් කරගෙන ඉහළ පෙළේ ශොප් එකකින් හොඳ අලුත් පන්නයේ අලුත්ම ඇඳුම් ගෙන්වා ගැනිමයි
ඒ සිරිකතට නම් තිබී ඇත්තේ නෙක්ස්ට් ලෙවල් එකේ අප්පටසිරි වෙන ගනයේ චක්‍රවර්ති මොළයකි. ඒවා මාස්ටර්මින්ඩ් ය.
නිකම් නිකමට මා ඒ නාරියගේ නම සර්ච් බාරයේ ගසා බැලූ විට ඒ නාරිය එෆ්බී එකෙන් ඉල්ලා නැත්තේ මිනිහෙක් පමණි. 





තමාගේ දුවට මළපහ ප්‍රශ්ණයක් කියා ආධාර ලෙස වෛද්‍ය චැනලින් ගාස්තු ඉල්ලා තිබු ළඳකගේ නම මේ දැන් සර්ච් කළෙමි. ඒ මෙරට නොමිළේ සෞඛ්‍ය සේවයකුත් ඇති බවට මාගේ පුංචි මොළයේ ලොකු හරිය මට මතක් කළ බැවිනි
මා නිවැරදි විය. ඒ ළඳත් ඇඳුම් රැක් එකේ, දරුවාට සපත්තු දෙකේ සිට ඉල්ලා ඇති අතර ඒවා මිළදී ගැනීමට ඇයට මුදල් ලැබී ඇත. මේවා එකම ගෲප් එහෙක විවිධ පෝස්ට්ද , තව තව ගෲප් වල වෙන වෙනම පෝස්ට් ලෙසද පළ වී තිබේ.
මේවාට උදව් කරන්නට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වෙන්නේද පෝළිමේ පොරකමින් බවත් කිව යුතුයි. දිව්‍ය ලෝකෙ යන්ඩ තියෙන හදිස්සියනෙ ඔය ඉතින්

දරුවෙකුට ලෙඩට දුකට පාසැල් උපකරණ වලට පිහිට වුණත් ගෑනුන්ට ෆෝන් කාඩ් රීලෝඩ් ලබා දෙන්නේ අහවල් ලබ්බටදැයි මට නොතේරේ. ඔබ කළ යුත්තේ ඒ ජංගමයාගෙන් හිඟන්නට යොදවන කාලය තුළ කීයක් හරි ,හරිහම්බ කරගන්නට හැකි රැකියාවක් ඇයට සොයා දීම නොවේද?
දුරකථනය අවශ්‍ය වන්නේ ඒ ආශ්‍රිතව ලේඛණ කටයුතු ,ඔන්ලයින් ව්‍යාපාර කරන අයට පමණි. වෙනත් රාජකාරි කරන උදවිය ඒ කාලය තුළ ජංගමයා භාවිත නොකරයි. කරන්නට ඉඩක්ද නැත.
මේ කාන්තාවන්ගේ රැකියාව මේකය. ඔන්ලයින් හිඟමනය. ඔවුන්ගේ ජංගමයාට මුදල් දමන්නේ පරිත්‍යාගශීලින් ය. ඔවුන්ගේ සැමියාගෙ යටට අඳින ජොකාගේ සිට ඇයගේ යටට අඳින මල් මල් එකද ,ඔවුන්ට අවශ්‍ය උපත් පාලන උපකරණද,දරුවන් පහක් ඉන්නවා නම් පස් දෙනාගේම කුඳුමහත් සියලු අවශ්‍යතාද , සංවාසයේ යෙදෙන්නට සුදුසු ඇඳක්ද , යනාදී වශයෙන් සියලුම දෑ සපයන්නේ එෆ්බී මහජනතාවය. 

හැබැයි මේ ගැහැණුන් ඔවුන්ගේ පෞද්ගලීක එකවුන්ට් වල හිඟන්නේ නැත. ඒවායේ ඔවුන් ඉතාම පොශාකාරය. නිතර ට්‍රිප් යයි. සනී ලියෝන්ගේ මහඑකීටත් වඩා සෙස්සිය. සුපමොඩලාකාරය. ගෝලීය රූපසුන්දරීකාරය. සැමියා ආදරණීය දෙවියාය. ආදර්ශමත් පවුල් ය. ඇයි යකූ එෆ්බී එකෙන් පවුලෙ සේරම කටයුතු ඉටු වෙනවා නම් මිනිහට තියෙන්නේ අහවල් වැඩේ කොරන එක විතරනෙ, සංතෝසෙන් ඉන්න බැරියැ.
මෙසේ මා සොයාගත් එකියක් අර ගෲප් වලට අමතරව තමාගේ බාතෲම් එකට ටයිල් අල්ලාගැනීමට වැනි දේට ඩොලර්ද ,යූරෝද, පුටරටින් ගෙන්වාගෙන තිබෙන අතර ගෲප් හැටහුටාමාරක පෝස්ට් දමා රුපියල්ද ගෙන්වාගෙන තිබේ.
අනික මේ නෝනිලා නිතර නිතර යම් යම් දෑ පරිත්‍යාගද කරයි. මුලින්ම කරන්නේ එසේ පරණ ඇඳුම් වැනි දෑ පරිත්‍යාග කිරීමයි. එවිට අහෝ මේනම් විසාකාවය, අනේපිඬුගේ වයිෆාතුමිය වැනි හැඟීමක් සකළ වාසී එෆ්බීලන්ඩ් පීපල්ස්ලාට සිතේ
එකක එසේ අනේපිඬුටයිප් වෙන අතර තවකෙක අඥී මට්ට අඳින්ඩ නෑ එකම ජංගියත් හිල්, මට වික්ටෝරියා සීක්රට් කාසමක් එවන්නකෝ ගගා පෝස්ට් දායි. එවන කාසම ලොකු වූ විට අනිත් ගෲපයක
අනේ මම වැරදිලා ගත්තා විට්ටෝරියා සීක්රට් එකක් , ඒක ඇදලවත් නෑ ,කාසම් නැති කාටහරි එවන්නම් කූරියා ගාස්තු ගෙවලා ගඥ්ඥ යනුවෙන් පෝස්ට් දමයි
එවිට ආඥී ඒ මිස් විට්ටෝරියා අඳින පොශියෙක්ද වෙයි
උන් ඒ පරිත්‍යාග කරන්නේ උන්ට ඉල්ලා ගත් ඇඳුම් අතර අඳින්න බැරි සහ විකුණන්න බැරි තත්වයේ ඒවායි(වැඩි හරියම මේ ලියෝ ලබා දෙන්නේ ඇඳුම් ය)
මොවුන්ට යටත් පිරිසෙයින් එෆ්බී ගෙවල් නම් තුන හතරක් තිබේ. ඒවාට යන්නට පරිත්‍යාග ලෙස ලැබුණු ෆෝනුත් තිබේ. කාඩ් රීලෝඩුත් ලැබේ. ඔවුන් මාස්ටර් මයින්ඩ් ගේම් දෙන්නේ ඒවාගෙන් ය.
සමහරු සිංගල් මම්ස්ලාය. ඒ අතර තව තව යාලු මිත්‍රයන්ගේ දරුවන්ද බලා හදා ගනී.
ඔවුන්ගේ බිස්නස් මෙසේය.
මුලින්ම කෑම පැකට් හදා විකුණන්නේය. ඊළඟ දවසේ කෑම පැකට් හදා විකුණන්නට අවශ්‍ය බඩු ගන්නට මුදල් නැති නිසා හිඟන්නේය.




ඔය ඉහත කියන හේතුම නිසා එයාලට කලින් දවසෙ බිස්නස් එක කරගන්න වෙන්නෙත් නෑ ඒ වගේම පාඩු වෙනවා
ඉතින් එතන ඉදන් දිගටම එයා ඒ බිස්නස් එක නවත්තනකම්ම එෆ්බීලන්ඩ් වැසියො තමා ඇඳගෙන යන්න ඕනැ..එයා බිස්නස් එක නවත්තනවා ඉතින් පාඩුයිනෙ..ඒ කියලා එෆ්බීතානයේ වැසියන්ගෙ වගකීම් අඩුවෙනවද සකියනි. නෑ අලුත් බිස්නස් එකටත් ඔයාලා තමා සපෝට් කරන්න ඕනැ

This is their fashion and passion 





මුන් ගැන අපි නොදන්නවට මාක් අයියා මහඑකෙන්ම දන්නවා.
මුං හිඟාකෑම ගැන මාස්ටර් ඩිග්‍රිය කරලා තියෙන්නෙ මේ මාක් අයියගේ එෆ්බී විස්ස විජ්ජාලෙන්ම නිසා
හරි සරල දෙයයි කරන්න තියෙන්නෙ. එයාලට ඔය ෆේශල් එකක් කරගන්ඩ කීයක් හරි දහදාහක විතර සුළු ආධාරයක් ඉල්ලලා දාපු පෝස්ට් එහෙක එයාලගෙ එෆ්බී නම සර්ච් කියලා තියෙන බාර් එකේ ඒ කිව්වෙ අර අන්වීක්ශ රවුමේ ටයිප් කරන්න. සමහරුන්ගෙ බාගෙට ටයිප් කරද්දි මුලු නමම ඔටෝ වැටෙනවා කියහන්කො. මුන්ව මාක් අයියට කොච්චර මතකද බලහන්කො. අල්ගොරිදම් එකද මොකක්ද එකෙත් මොළේ අලකරලා මුන්.
ඕන්න එනවා එයාලා හතර වටේ තියෙන මානූශීයාධාර ගුරුප් වල ඉල්ලපු සහ දීපු පෝස්ට්.. දීපුවා අඩුවෙන් ඇත්තෙ. ඒ වුණාට ඉතින් දීලා



සමහර ගෲප් වල ඇඩ්ඩිංලත් මුන්මයි ,මුන් සහ මුන්ගෙ ෆේක්. ඊළඟට දෙන්නෙත් මුන්මයි අනිත් උන් ඇන්දෙනකම්. 



මගේ චූන් මටම චූන් ඉතින් 



මුංගෙ වචන "මිස්" සහ "සර්" ය... ඇඩ්මින් මිස් ඇපෲ කළා, ඇඩ්මින් සර් මාව චූන් කළා





මේ මිස් මට මේක පරිත්‍යාග කළා කියා මිසාගේ හත්මුතු පරම්පරාවටම පින් දේ.
ඉතින් මුන්ගෙම ගෲප් වල මුන්ම ඇඩ්ඩිංලා වෙලා මුන් මුන්ටම සර් මිස් ගාගෙන එෆ්බීතානයේ වැසියන් අන්දයි
බොහෝ කතුන් මේ අනුන්ගේ දුකට පුං ගහන්නට තමාගේ මනුස්සයා මාසයක් නැහි කඹුරන සල්ලි පූජා කරන්නට ගොස් පවුල් ද අවුල් කරගනී. මෙසේ මහාපරිමාණයෙන් අමාරුවේ වැටුනු කාන්තාවන්ගේ දුරකථන ඇමතුම් වලින් පහුගිය කාලයේ මට අඩුවක් නොවුණි.
ඉතින් මේ උදවිය පවුල් පිටින් මේවා සහයෝගෙන් කරන්නෙ. උයන්නවත් ජංගමයා පැත්තකින් තියන්නෙ නෑ. එයාලට ඔන්ලයින් කෑමත් එනවා ඒකත් ලොකු ලොකු තැන් වලින්. අපි වගේ සරල සාමාන්‍ය ජීවිත නෑ . එයාලට ට්‍රිප් යන්න පාටි දාන්න වගේ වැඩ තියෙනවා. අනික එයාලා හෙම්බිරිස්සාවටත් බේත් ගන්නෙ චැනල් කරලා ඉස්පැශලිස්ට්ලගෙන්. හයියෙන් වාතයක් ගියත් ලොකු ඩොට්ටර් කෙනෙක් ලව්වා පුප චෙක් කොරවගන්නවා
අපේ රට හරි ආදරණීය එකක්. දුකට උණු වෙලා වැක්කෙරෙන සානුකම්පිත හදවත් තියෙන්නෙ.
ඇත්තටම උදව් ඕනැ මිනිස්සු ඉන්නවා. වැඩි ඈතක නෙමේ ඔයාලගෙ ළඟම ඇති. බොරුකාරයන්ට නෙමේ තරහ උනත් තමුන්ගෙ එකෙක්ට කරපල්ලා. දෙයියො පින නොදී ඉන්නෙ නෑ. දිව්‍යලෝකෙ වීසා එක බාල කරන්නෙ නෑ. ඇස් දෙකට පේනවා නම් දැනෙනවා නම් උදව් කරන්න පුලුවන් .
අර මිනිස්සු ඔය ගොඩක් බඩු අරන් විකුණනවා. සල්ලි නම් කොහොමත් වැටෙනවා නම් අවුලක් නෑනෙ. එකම බඩුව ඕනැ කියලා ගෲප් පහක දැම්මම පහක් අරන් කන්නද. ඉතින් විකුණනවා. ඉල්ලන්නෙ එවන්න බැරි ලොකු බඩු නම් අනිවාර්යෙන්ම ඒවා ගන්න සල්ලි දානවනෙ.
මමත් මට පුලුවන් හැටියට උදව් කරනවා. හැබැයි හොඳට හොයලා බලලා . අනික දැන් උදව් දෙන ඒජන්තලා ඉන්නවා. ඒ නිසා මගෙ යාලුවො උදව් දෙනකොට එයාලාගෙ උදව් ලබා ගන්න අයගෙ විස්තර මම දෙනවා සම්පූර්ණයෙන්ම
ඔව් දැන් ස්ටාර්ට් කරන්න සර්ච් බාර් එකේ දුක්පතීගේ නම ටයිප් කරලා දුකට පුං ගහන්න. ඕක හරී ලේසියි ඔටෝම එනවා ඈ.
ඉක්මන් කරන්න එයාලා ඔය පෝස්ට් මකලා මෙලොවින් අතුරුදහන් වෙන්න යන්නෙ තව අලුත් ක්‍රමයක් හොයාගන්න කම් 





No comments:
Post a Comment