Monday, July 21, 2025

පිරිමින්ව ගොඩනගා පාරට වැටීම

 



තමන්ව ගොඩ නගා නොගත් ඇතැම් පිරිමි සමාජ මාධ්‍ය වල ගැහැණුන්ට චෝදනා කරන්නේ ගැහැණුන් සල්ලි පසුපස යන බවයි. ඒ වෙනුවට තමන්ව ගොඩ නගා ගැනීමට සහය වෙමින් නැති කාලයේ තමා සමඟ ජීවිතය බෙදා ගැනීමට එක් වීම හොඳ ගැහැණුන්ගේ ලක්‍ෂණයක් බව ඔවුන් පවසයි.

තමන්ව ගොඩ නගා නොගත් පිරිමි ලෙස මම අදහස් කරන්නේ ආර්ථිකව පමනක් නොවේ, චිත්තවේගීය හෝ වෙනත් ආකාර වලින්ද අපරිණත පිරිමිය. අපරිණත පිරිමි තමන්ට අම්මෙකු විය හැකි ගෑණියක් සොයයි. ඉන් අදහස් කරන්නේ තම අම්මා මෙන් තමන් කරන ඕනෑම කුප්ප වැඩක් ඉවසන, ඕනෑම කුප්ප වැඩක්  සාධාරණීකරනය කරන, තමන්ගේ සියලුම ප්‍රශ්න අම්මා මෙන් විසඳාදෙන, කිසිවක් පෙරලා බලා පොරොත්තු නොවී හැමදේම ඔහුට කර දෙන, අම්මා මෙන් ඇයගේ ප්‍රශ්න නිහඬව විසඳා ගන්නා අයෙකි. ඒ ගමන්ම පවුලේ ගෘහමූළිකත්වයද ඉල්ලයි. අම්මෙකු තම ගොබ්බ පුතාට පවුලේ නායකත්වය දෙන්නේ නැත්තේ එසේ වුවහොත් පවුළ හැඳිගෑවී යන බව දන්නා බැවිනි. එසේම මෙබඳු අපරිණත පිරිමින්ට පවුලේ නායකත්වය දීමට එම පිරිමියාට අම්මෙකු වන ගැහැණිය අකමැතිය. ඇය බොහෝ විට ගෙදර පාලනය තම අතට ගනී.

පරිණත පිරිමි පවුලේ නායකත්වය ලබා ගෙන පවුල දියුණුව කරා මෙහෙයවයි. එබඳු පිරිමින්ට ඇඟිල්ලෙන් ඇන ඇන මූළික ජීවන කුසළතා ඉගැන්වීමට අවශ්‍ය නැත. ෆෝන් චෙක් කර කර හොර ගෑණු ඉන්නවාදැයි බැලීමට අවශ්‍ය නැත.

කන්‍යාපටල චෙක් කිරීමේ සිට ගෑණුන්ට කන්ඩිෂන් දමන පිරිමි ගැහැණුන්ගෙන් අන්කන්ඩිෂනල් ආදරය සෙවීමම රතු කොඩියකි. ඉන් පෙනෙන්නේ එම පිරිමි පට්ට ආත්මාර්ථකාමී, පොළවේ පය ගසා නැති, ෆැන්ටසි බබල් එකක ඉන්නා පිරිමි බවය.



ඉතා කලාතුරකින් හැර, ගැහැණුන් කිසි විටක තමන්ව ගොඩ නගා නොගත් පිරිමින් සමඟ සම්බන්ධ නොවිය යුතු වන්නේ ඇයි?

1. තමන්ව ගොඩ නගා නොගත් පිරිමි සිටින්නේ අධික පීඩනයකිනි, හීනමානයකිනි, කෝපයකිනි, ඇතැම් විට සමාජ වෛරයකිනි. එවැනි සහකරැවෙකු බොහෝවිට ඔබ මතින් පීඩනය, හීනමානය, කෝපය, සමාජ වෛරය නිසා ඇති ඇරියස් පිට කරයි. මෙම කාලය පිරිමියෙකුට සම්බන්ධ වීමට නරකම කාලයයි.

2. තමන්ව ගොඩ නගා නොගත් පිරිමි ගොඩනැගීමට ඔබ ඔබේ සියළු දේ කැප කල යුතුය. ඔබේ වටිනා කාලය, මුදල්, ශ්‍රමය, සෞඛ්‍යය, මානසික සැනසීම ආදී මෙකී නොකී දෑ ජීවිතයේ හොඳම කාලයෙන් වසර ගණනක් කැප කල යුතුය. නමුත් බොහෝවිට ඔබේ කැපකිරීමෙන් ගොඩනැගුන වහාම පිරිමියා ඔබට වඩා හොඳ ගැහැණියකට ආකර්ශනය වේ. ඔබට බොහෝවිට ලැබෙන්නේ හිස් අතින් අපවාද සමඟ මැදි වියේදී කුටුම්බයෙන් පළවා හැරීමකි. නැතිනම් නමට ඔබ සමඟ පවුල් කෑවද විවාහයට පිට ආදරවන්තියන් සිටිනා ඔබව සත පහට දැමූ පිරිමියෙකි.

3.  තමන්ව ගොඩ නගා නොගත් පිරිමියෙකුගේ ඔබ අද දකින්නේ ඇත්ත ස්වභාවය නොවේ, මනුස්සයෙකුගේ ඇත්ත ස්වභාවය දැකීමට නම් ගොඩනැගුණු මනුස්සයෙකු දෙස බලන්න. යමෙකු සල්ලි නැති කාලයේ හොඳ පිරිමියෙකු ලෙස සිටින්නේ නරක වැඩ කිරීමට මුදල් නැති නිසා නම් එම හොඳෙන් පළක් නැත.

4. තමන්ව ගොඩ නගා නොගත් පිරිමි ගැහැණියක් තමන්ව ගොඩගැගීමට උපදෙස් දීම, සොයා බැලීම, කෑගැසීම (ප්‍රායෝගිකව ගැහැණියට මෙවැනි පිරිමි සමඟ කටයුතු කිරීමේදී දැනෙන අධික වෙහෙස කලකිරීම නිසා අනිවාර්‍යයෙන්ම මෙය සිදුවේ) ආදිය නිසා පිරිමියාගේ ඊගෝ එක රිදේ. ඔබ හිතන්නේ ඔහුව ගොඩදැමීම ගැන ඔහු ඔබට කෘතඥ වන බව වුවද බොහෝ පිරිමි ඔබට හිත යටින් වෛර කරයි. පිරිමින් සමාජ මාධ්‍ය වල වයිෆ්ල ගැන කියන "විහිළු" කතා බලන්න, ඒවායේ මෙම වෛරය ලාවට මතු වී පෙනේ. වඩාත්ම වේදනාත්මක කරැණ වන්නේ ඔබ මහත් කට්ටක් කා ඔහුගේ කුප්ප ගති හැදූ විට ඉන් ප්‍රයෝජනය ගන්නේ පසුව ඔහුට සම්බන්ධ වන ගැහැණුය. උදාහරණයකට, ඔබ ගුටි කකා රණ්ඩු කර ගැහැණුන්ට පහර දීම වැරැද්දක් බව පෙන්වා දී ඔහුව ඉන් මුදා ගත් විට දෙවන ගෑනිට පහර නොදීමට ඔහු පරිස්සම් වේ. ඇත්තටම ඔබ කට්ට කාගෙන පිරිමියාව කොළිටි පිරිමියෙක් කලේ පසුව එන ගෑණුන් සඳහාය.     

පිරිමින් තේරැම් ගත යුත්තේ ඔබව ගොඩ නගා ගැනීම ඔබේ වගකීමක් බවය. තිසර පෙරේරා වයස දහ අටේදී ෂෙරමිව බඳිනකොට, තමන් තිස් හයේදී ඇයව ඉතාම නින්දිත ලෙස අතහැර දමන බව ඔහු පවා නොසිතන්නට ඇත. ඒ නිසා, ඔබට ඔබ ගැන වත් ෂුවර් නැති තත්වයක හිඳ ගැහැණුන්ගේ කාලය, මුදල්, ශ්‍රමය, සෞඛ්‍යය, මානසික සැනසීම ආදී මෙකී නොකී දෑ ජීවිතයේ හොඳම කාලයෙන් වසර ගණනක්ආදරයේ නාමයෙන් සොරා ගන්න එපා.  ඔබ ගොඩනැගෙන කාලයේ කරන දේට ෆෝකස් කරන්න. තමන්ව ගොඩ නගා ගන්න. 

ප්‍රශ්නය-


මං අහන්නෙ ඇයි ගෑණු මේ වගේ පුනරැත්ථාපන ප්‍රොජෙක්ට් කරන්න ආස? පිරිමියෙක්ට මේ වගේ අවස්ථාවක මනුස්සකමට උදව්වක් කරන එක කමක් නෑ. ගොඩක් වෙලාවට පිරිමි පුනරැත්ථාපනය කරන්න යන කෙල්ලො තමන්ට කැඳත් නැති එවුන්. ඉස්සරවෙලා තමන්ව පුනරැත්ථාපනය කර ගන්න. 

වැරදි උත්තරය- 



හරි උත්තරය-





No comments:

Post a Comment

පිරිමින්ව ගොඩනගා පාරට වැටීම

  තමන්ව ගොඩ නගා නොගත් ඇතැම් පිරිමි සමාජ මාධ්‍ය වල ගැහැණුන්ට චෝදනා කරන්නේ ගැහැණුන් සල්ලි පසුපස යන බවයි. ඒ වෙනුවට තමන්ව ගොඩ නගා ගැනීමට සහය වෙම...