Saturday, July 19, 2025

රෝමෑන්ටික් විවාහය යනු "අසාර්ථක" පිරිමි "හොඳ" ගෑණු ඇන්දවීමට යොදා ගන්නා උගුළක්ද?

 


විවාහය යනු ඉතා මෑතක් වන තෙක්ම විවිධ සාමාජයීය, සංස්කෘතික, නෛතික, සහ ආර්ථිකමය හේතු වලට පවත්වාගෙන ගිය ගණුදෙණුවක් විය. එම හේතු අතර ප්‍රබල පවුල් අතර සම්බන්ධතා හදා ගැනීම, සුජාත ළමයින් හැදීම, දේපොළ නිරවුල්ව බෙදීම ආදී කාරණා ඇතුළත් වූ අතර ආදරය අනිවාර්‍ය අංගයක් ලෙස ඇතුළත් වූයේ නැත.

ප්‍රබළ පිරිමියෙකු ගේ විවාහක බිරිඳක්, පුතෙක්, හෝ දුවක් වීම "තනතුරක්" ලෙස දකින ලදී. එම තනතුරට  අදාළ "වරප්‍රසාද ටික" ඔවුනට ලැබිණි. ඔවුන්ට "රාජකාරි" ඉටු කිරීමටද තිබුනි. බිරිඳක් නම් ලස්සනට ඉඳීම රාජකාරියකි. පිරිමියා සමඟ ඔහුට අවශ්‍ය විට හැමිණීමද එකී රාජකාරියකි. ඔහුට ප්‍රිය වචනයෙන් කතා කිරීම තව රාජකාරියකි. ඔහුගේ ළමයි හැදීම තවත් රාජකාරියකි. මේ සඳහා ඇයට සුඛෝපභෝගී ජීවිතයක් මුදල් දැසි දසුන් ආදී වරප්‍රසාද ලැබුණි. මෙම කාන්තාවන්ට එම පිරිමියාගෙන් චිත්තවේගීය අවශ්‍යතා (emotional needs) සැපිරීමක් කොන්ත්‍රාත්තුවේ නොතිබුනි. උදාහරණයකට, කිසියම් දෙයකට වේදනාවෙන්, දුකින් හෝ කෝපයෙන් ඇය සිටියද පිරිමියාට ඇය සමඟ හැමිණීමට එය අදාළ නොවූ අතර ඇය තම වේදනාවල් සඟවාගෙන ලස්සනට හැඳ පැළඳ ප්‍රියමනාපව හැසිරියයුතු විය. මන්ද එය ඇයගේ රාජකාරියයි. බහුභාර්‍යාවන් මෙන්ම විවාහයට පිටින් මේ පිරිමින්ට ආදරවන්තියන්ද සිටියහ. ඒ බව විවාහක ගෑණුද දැන සිටියහ. හුදෙක් තමන් දෙදෙනා අතර පමණක් ඇති වූ ආදරය මත පදනම් වූ විවාහයන් නොවන බැවින් එය ගැටළුවක් නොවීය.

ස්වභාවධර්මයට අනුව බොහෝ සතුන්ගේ ගහණ වල මෙය සිදු වේ. මුව රංචුවක වැඩුණු ගෑණු සහ පිරිමි සතුන් පනහ බැගින් ඇති නම්, ප්‍රජණන සමයේදී උන් ජෝඩු පනහක් හදන් හැමිණෙන්නේ නැත. ඒ වෙනුවට, ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා පසුපස සියළුම ගැහැණු සතුන් යයි. ඒ අතරින් ශක්තිමත්ම ගැහැණු සතුන් ගණනාවක් සමඟ ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා ප්‍රජනණයෙහි යෙදේ. ඉතිරි වෙන අබල දුබල  ගැහැණු සතුන් ඊළඟට හොඳ පිරිමි සතුන් කීපදෙනා සමඟ ප්‍රජනණයෙහි යෙදේ. රැළේ ලෝ රෑන්ක් දුබල පිරිමි සතුන් ගණනාවකට ගෑණු සතුන් ලැබෙන්නේ නැත. මෙය පරිණාමයේ ස්වභාවික වරණය ලෙස හැඳින්වේ. ස්වභාවධර්මයට දුබල ජාන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැති නිසා එසේ දුබල පිරිමින්ගේ ප්‍රජනනය වළකයි.  

මෙම ආකාරයටම සමාජයේ "හොඳම" ගෑණු ටික පෝසත්ම බලවත්ම වංශවත්ම ශක්තිමත්ම පිරිමි කීපදෙනා අතර බෙදී යන විට අඩුකුළේ /කැත/ දුප්පත්/ අබල දුබල/අසාර්ථක පිරිමින්ට ඇතැම් විට ගෑණු සෙට් උනේම නැත, ඇතැම් විට ඔහු වාසනාවන්ත නම් ඒ ජාතියේම ලෝ රෑන්ක් ගෑණියක් ලැබිණි. මෙවිට අඩුකුළේ /කැත/ දුප්පත්/ අබල දුබල ලෝ රෑන්ක් පිරිමි, තමන්ට "හොඳ" ගෑණියක් ලබා ගැනීමට උපායමාර්ගයක් ලෙස ආදරය සඳහා විවාහ වීමේ සංකල්පය හඳුන්වා දුන්හ. මෙහිදී  ලෝ රෑන්ක් පිරිමි හොඳ ගෑණුන්ට රොමෑන්ටික් වීම මගින්, මුදල් සහ බලය තියන සහකරැවෙකුට වඩා ඒව නැතත් ආදරණීයව ජීවිතය බෙදා ගන්නා ලෝයල් සහකරැවෙකු  වඩාත් ගැළපෙන බව ඒත්තු ගැන්වූහ.

ඇත්තවශයෙන්ම මේ ලෝ රෑන්ක් පිරිමින්ගේ අරමුණ වුයේ හයි රෑන්ක් ගෑණුන්ට සෙට් වීම මගින් සමාජයේ බලය ඇල්ලීම මිසක ආදරණීයව ලෝයල්ව එම ගෑණු සමඟ ජීවිතය බෙදා ගැනීම නොවේ. 

මෙම මවා පෙන්වන "රොමෑන්ටික්" ආදරයට වෙළඳපොලේ විශාල ප්‍රචාරයක් ලැබිනි. ඊට පෙර තිබූ බලවත් පිරිමියාට ගෑණු සෙට් වූ මොඩලයේදී අමුතු ප්‍රචාරණයක්, ආදර වැකි, මල් හෝ චොක්ලට් අවශ්‍ය නොවීය. නමුත් දැන් මේවාට අති විශාළ ඉල්ලුමක් ලැබී ලාභ ලබන වෙනමම වෙළඳ අංශයක් නිර්මාණය විය. ඒ අතර ඩිස්නි චිත්‍රපට ගෑණු ළමුන්ව ගානට ඇන්දුවේය. දුප්පත් කෙල්ලක් පෝසත් ගෑණු පරදා පට්ට රොමෑන්ටික් රජ කුමරාව බඳින සින්ඩරැල්ලා, කෝමාවකට වැටුනු ලස්සන අහින්සකාවිය ස්නෝ වයිට්ට  පට්ට රොමෑන්ටික් රජ කුමරා දුන් ලයිෆ් සේවින් කිස් එක, එක්ටැම්ගෙයක සිර වු රපුන්සල්ට ලැබුනු පට්ට රොමෑන්ටික් පිරිමි ආදරය, මෘගයෙකුට ආදරය කොට පට්ට රොමෑන්ටික් රජ කුමරෙකු කල බියුටි ඇන්ඩ් ද බීස්ට්,  ආදරය වෙනුවෙන් තම වරළ වෙනුවට පාද ලබා ගෙන අම්බානකට කටු කා පට්ට රොමෑන්ටික් රජ කුමරාව ලබා ගත් කුඩා දියකිඳුරියද ආදී චිත්‍රපට බිහි විය.

නමුත් රොමෑන්ටික් ආදරයේ යථාර්තය එතරම් සුන්දර වූයේ නැත. කසාදයට පෙර ගැහැණියට පිරිමියා විසින් පෙන්වූ රොමෑන්ටික් භාවය කසාදයට පසු අතුරැදන්වී ගැහැණුන් වැඩකාරකම් කරමින්, බැණුම් අවලාද අපහාස අසමින්, ගුටි කමින්, පිරිමියාගේ අනියම් සබඳතා නිසා පීඩා ලබමින්, කබලෙන් ලිපට වැටීම පමණි බොහෝ විට සිදු උනේ. නමුත් කාන්තාවන්ගේ ඔළු කොතරම් මොළ ශෝධනය කර තිබේද කිවහොත්, තමන්ගේ මව, ආච්චි, නැන්දල, පුංචි අම්මල, ලොකු අම්මල, අසල්වැසි ගෑණු, මිතුරියන් ආදී තම වටපිටාවේ ඉන්න සියළුම ගෑණුන්ගෙන් බහුතරය රොමෑන්ටික් ලෙස පෙනී සිටින පිරිමින් විවාහය නිසා විඳින අපා දුක දැක දැකම දෙවරක් නොසිතා ඒ නරා වලටම පැනීමට තරම් ඔවුන් අඳබාල වේ. 

මැදපෙරදිග රටක පිරිමියෙක් ඔබට කොන්තරාත්තුවට විවාහ වීමට දෙන පැකේජ් එකට සල්ලි, හොඳ ගෙයක්, වැඩකාරයන් (ලංකාවේ ගෑණුද මැදපෙරදිග ගෘහසේවයට යති), ඇඳුම් පැළඳුම්, ළමයින්ට හොඳ අනාගතයක් ඇත. ඔහුට ගෑණු කිහිපදෙනෙක් සිටී. ඔබට තමන් දෙදෙනා අතර පමණක් ඇති ආදරයක් නොලැබේ, ගෞරවය සහ සුඛෝපභෝගීත්වය ලැබේ. 

මෙම කොන්තරාත්තුවට විවාහ වීම පිළිකෙව් කරන ඔබ ඔබට පමණක් ආදරය කරන මුදල්හදල් යහමින් නැති පිරිමියෙක් බඳී. දැන් ඔබ රැකියාවක් කල යුතුය. ගෙදර වැඩ කල යුතුය. ඔබට රසවත් කෑම, හොඳ ගෙයක්, වැඩකාරයන්, හොඳ ඇඳුම් පැළඳුම් නැත. ළමයින්ට හොඳ අනාගතයක් ලැබීමට නම් ඔබ මහන්සි වී වැඩ කළ යුතුය.

ඔබ විවාහ වූ පිරිමියා ඔබට ආදරය කරන තාක් කල් ඒ දුක විඳීම කමක් නැහැ කියමු.

නමුත් විවාහ වී ටික දිනකින් අර රොමෑන්ටික් කම අඩු වේ නම්, ඔබව මානසිකව පීඩනයට ලක් කරයි නම්, ඔබට අගෞරව කරයි නම්, වංචා කරයි නම්, කාන්තාවනි, කොන්තරාත්තුවට විවාහ වීම ඊට වඩා ඉතා හොඳය. ඇත්තවශයෙන්ම ගත්තොත්, කොන්තරාත්තුවට විවාහ වූ පසු ලැබෙන පැකේජ් එක වත්මන් රොමෑන්ටික් කසාද බහුතරයකට වඩා හොඳය. කොන්තරාත්තුවේදී සාහසික ලෙස බොරැ කියා රැවටීමක් නැති නිසා ඔබගේ බලාපොරොත්තු බිඳ නොවැටේ. සාහසික ලෙස බොරැ කියා ඔබව ආදරයෙන් මුළා කර රොමැන්ටික් කසාදයට යන තක්කඩියා ඔබව බ්ලාස්ට් කරයි.


ඔබට අද වන විට සිදු වී ඇත්තේ වස බඳුන් කීපයකින් "හොඳම වස බඳුන" තෝරා පානය කිරීමටය. එසේ නම්,"හොඳම වස බඳුන" තෝරා ගැනීමට ටිප්ස් ටිකක් පහතින්.

1. ඔබ ගොඩ නගා ගත යුත්තේ ඔබවය. ඉගන ගන්න, මුදල් උපයන්න, කොළිටි වෙන්න, තමා තුළින් සතුට සොයන්න, එවිට ඉබේම ඔබ, ඔබ වැනිම තමන්ව ගොඩනගාගත් පරිණත සාධාරණ පිරිමි සහිත සමාජ කව වලට ඇතුළු වේ. මෙවැනි තමන්ව ගොඩනගාගත් පරිණත සාධාරණ පිරිමි හොඳ හස්බඬ් මැටීරියල් ය.  

දකුණු ආසියාවේ සහ මැදපෙරදිග නොවන රටවල පිරිමින්ට කාන්තා වෛරී ටොක්සික් ඇටිටියුඩ් අඩුය. (මේ කළාප දෙකේ අයිතිහාසික හේතු මත කාන්තා වෛරී ටොක්සික් ගතිය වැඩිය). මෑතකාළීනව උසස් අධ්‍යාපනයට ඇමරිකාවට එන ලාංකික ගෑණු ළමයි කසාද බඳින්නේම විදේශිකයන් වේ. ලංකාවේ ගෑණු ළමයි අතරින් ගිය වසරේ පට්ට ප්‍රසිද්ධ වූ ජගුවර් ඉංජිනේරැ නෝනා සෙට් උනේද එංගලන්තයේ සුද්දෙකුට බව මහත් සතුටින් කිව යුතුය. ඒකි ලෝකල් කරැමයකට කර ගැහුවා නම් මෙලහකට බත් තම්බමින්, බැණුම් අසමින්, ඩිප්‍රෙෂන් බේත් බොමින් බ්ලාස්ට් වී සිටිනු ඇත.


2. තමන්ගේ ජීවිතයම පිරිමින්ගේ සතුට වෙනුවෙන් කැප කරන, පිරිමි නැතුව ඉන්න බැරි, පිරිමියෙකු වටා ජීවිතය ගොඩනගන කාන්තාවක් (male centered)  වන්න එපා. පිරිමින් මොන තරම් ඔබට ආදරය කලත් ඔවුන් ඔබ වටා ජීවිතය ගොඩනගන්නේ නැහැ. ඔබද රස්සාවද පිරිමියෙක් තෝරා ගන්නේ? ඔබ හිටිය කියල පිරිමියෙක් ඔහුගේ පවුළ යාළුවො විනෝදාංශ හෝ වෙන දේවල් අතහරින්නෙ නැහැ. එහෙනම් ඇයි ඔබ උදේ ඉඳන් රෑ වෙනකන් පිරිමියෙක් මත්තේ නැහෙමින් ඔබේ දක්‍ෂතා, සිහින, විනෝදාංශ, අවශ්‍යතා, හිතවත්කම්, රැකියාව, ඉගනීම, ලයිෆ් ගෝල්ස් විනාශ කර ගන්නේ? ආදරය ජීවිතයේ තවත් එක ගෝල් එකක් පමණක් ලෙස සළකා ඔබ ඔබව ගොඩ නගා ගන්න (self centered). 

3. ඕනෑවට වඩා ඉවසන්න එපා (Low tolerance). සුද්දියක් කසාද බැඳපු ලංකාවේ පිරිමියෙක් සුද්දිගෙ කන්‍යාපටල හොයන්නේවත්, සුද්දි ලවා වැඩකාරකම් කර ගන්නේවත්, සුද්දිට කුණුහරැප කියා බනින්නේ හෝ පහර දෙන්නේවත් නැත. මන්ද සුද්දියන් ඒවා ඉවසමින් පවුල් කන්නේ නැත. ඔබ වඳින්න වඳින්න ඔබට වැඩි වැඩියෙන් පහර දෙනු ඇත.  ඔබට කසාදයෙන් පසු මහගෙදර යාමට යෝජනා කරන පිරිමියාගෙන් මහගෙදර වැඩ බෙදී යන ආකාරය ඇසීමට ඔබට අයිතියක් ඇත. ඔබට විවාහයෙන් පසු දේපළ, මුදල් ආදී වත්කම් වල සම අයිතිය ලැබේදැයි  දැන ගැනීමට ඔබට අයිතියක් ඇත. විවාහය යනු පාට්නෂිප් එකක් මිසක කරැමයක් නොවේ.

4. පීඩක පිරිමි පහත ලක්‍ෂණ සහිත ගෑණුන්ට ආකර්ශනය වේ.

                  1. පිරිමි මත යැපෙන ගෑණු

                2. තමන් ගැන අඩුවෙන් හිතන ආත්ම ගෞරවයක් ආත්ම අභිමානයක් ආත්ම             ශක්තියක් නැති ගෑණු

       3. ඩෙස්පරේට් (අනේ මට පිරිමියෙක් සෙට් නොවුනොත් මම ජීවත් වෙන්නෙ කොහොමද) ගෑණු

මෙවැනි ගතිගුණ සහිත කාන්තාවක් වන්නට එපා.

5. පීඩක පිරිමියෙකු සමඟ සෙට් වී බ්ලාස්ට් වනවාට වඩා තනියම ජීවත් වීම කෝටි වාරයක් හොඳය. ඔබ පතන ආදරය නොලැබේ නම් තමන්ගේ හොඳම මිතුරා සහ ආදරවන්තයා තමන්ම වන්න. පීඩකයෙකු සමඟ විවාහ වී බරපතළ වැඩ සහිත ජීවිත කාළයම එළිමහන් සිර කඳවුරක ගෙවන අවාසනාවන්ත ආත්මයක් වනවාට වඩා තනියම ජීවත් වීම කෝටි වාරයක් හොඳය.  

Be a woman who walks away without anger, loves without fear, and surrenders without losing herself.




No comments:

Post a Comment

රෝමෑන්ටික් විවාහය යනු "අසාර්ථක" පිරිමි "හොඳ" ගෑණු ඇන්දවීමට යොදා ගන්නා උගුළක්ද?

  විවාහය යනු ඉතා මෑතක් වන තෙක්ම විවිධ සාමාජයීය, සංස්කෘතික, නෛතික, සහ ආර්ථිකමය හේතු වලට පවත්වාගෙන ගිය ගණුදෙණුවක් විය. එම හේතු අතර ප්‍රබල පවුල...