ඔහු වෙහෙස මහන්සි වී වැඩ කළත්,
කොතරම් උත්සාහවන්ත වුවත්..
සමහර අවස්ථාවල ආදායම ප්‍රමාණවත් නොවන විට,
පවුලේ සෑම අවශ්‍යතාවයක්ම සපුරාලීමට නොහැකි වූ විට
ඔහුගේ හදවත වේදනාවෙන් පිරෙයි.
මෙම පීඩනය ඔහුව බිඳ දැමිය හැකි නමුත්,
අන් අය වෙනුවෙන් ශක්තිමත්ව සිටීමට ඔහු උත්සාහ කරයි.
බොහෝ පිරිමින් නිහඬව දුක් විඳින අතර,
වෙහෙසකර සිනහවන් පිටුපස ඔවුන්ගේ වේදනාව සඟවයි.
පවුල නඩත්තු කිරීමේ වගකීම ඔවුන්ගේ මනසට විටෙක පීඩාවකි..
ඔබේ පුතා,සැමියා,පියා, සහෝදරයා ගේ
උත්සාහයන් අගය කරන්න..
එය කිසි විටෙක සුළු කොට නොසිතන්න..
නොපෙන්නුවාට ඒ හදවත් විශාල ආතතියකින් පිරී ඇති බව
අමතක නොකරන්න..
ඔහුගේ පැතුම ඔබට හැකි උපරිමයෙන් දේවල් ඉටු කිරීමයි..
ඉතින්....වචනයකින් හෝ ඔහුට හයියක්ම වෙන්න..
✍ දුෂාන්ති අතපත්තු _____
#කවිසිත්තම
My reply-
ගෑණුන්ට සම රැකියා කලත් අඩු වැටුපක් ගෙවන
ඉගන ගන්නවට කටු ගහන
රස්සාවල් කරනවට විරැද්ද
ගෑණුන්ට රටේ බලය සහ පාලනය ලැබෙනවට අකමැති
රස්සාවල් කරන ගෑණුන්ට ළමයි හදා ගන්න අවම සුභසාධන පහසුකම් දෙන්න අදිමදි කරන
රස්සාවල් කරන ගෑණුන්ට ගෙදර වැඩත් පටවන
රස්සාවල් කරන ගෑණුන්ට පුළුවන් තරම් වළ කපන
ගෑණුන්ව කුස්සිය මුල්ලට තල්ලු කරල අපි උඹලට හම්බ කරන්නම් උඹලට සල්ලි සහ බලය අකැපයි කියල බෙල්ල පාගන
කාන්තාවන්ගේ බෙල්ල පාගල පිරිමින්ට මහන්සියිලු
පිරිමින්ට වැඩට ගිහින් මහන්සිලු
හරි පව්ලු
පුරැෂමූළික සමාජයක් හදන්
ගෑණුන්ව කුස්සිය මුල්ලට තල්ලු කරල
පොර වෙන්න ගිහින්
කොර උනාම
තමුන්ම හදපු ප්‍රශ්නයේ වික්ටිමුත් තමුන්මලු
අපිට වචනයකින් හෝ ඔහුට හයියක්ම වෙන්නලු
මීට වඩා හොඳ නැද්ද බං
පුරැෂමූළික සමාජය නැතිව
ලිංග බේදයක් නැති සමාජයක
අපි සහයෝගෙන් හිටියානම්
ගෑනුන්ට කෙළවන්න ගිහින් කොර උනාම
උඹලව නලවන්න අපිට පිස්සු නෑ බං
No comments:
Post a Comment