Wednesday, July 23, 2025

හොඳ පිරිමි සහ තිරිසන් පිරිමි අතර වෙනස

 


මේ පෝස්ට් එකට මාර විදියට ගෑණුන්ට බැනල තිබුන පිරිමි.
ලෝ ලිබිඩෝ එක ඩීල් බ්‍රේකර් එකක්  නම් එබඳු ගැහැණු කසාද බඳින්න එපා. සරලයි.
නමුත් පිරිමි ලෝ ලිබිඩෝ ගෑණුන්ව පටලෙට ලස්සනට තත්වෙට ඒ බව දැන දැනම කසාද බඳිනව. 
ගෑනියෙක්ට තමන්ගේ ලිංගික අවශ්‍යතා පැහැදිලිව සන්නිවේදනය කරන්න කොන්ද පණ නැහැ, බයයි ඒ ගෑනි දාල යයි කියල, ලෝබයි ඒ ගෑනිගෙ පටලෙට ලස්සනට තත්වෙට.
ඊට පස්සෙ බැඳල ඒ ගෑනිව විනාස කරල තමනුත් විනාස වෙනව.


නමුත් හොඳ පිරිමි අතලොස්සක් මේ සමාජයේ ඉන්න බව පහත කොමෙන්ට් වලින් දැක්ක.


සොඳුරු යථාර්ථවාදියා comment

 සමහර පිරිමි ඉන්නව කාන්තාවන්ට පට්ටම විදිහට අපහාස කරන. ඒ පිරිසෙන් බහුතරයක් Sex ඇරියස් තියෙන මිනිස්සු. සියලුම පිරිමින් සහ කාන්තාවන් ලිංගිකත්වයට දැඩි ආශාවක් දක්වන්නේ නැහැ. එවැනි අයට සමාජ මාධ්‍ය තුළ තමන්ගේ අදහසක්වත් දක්වන්න ඉඩක් නැහැ. උඹලගේ ගෑණු තමයි පිට යන්නේ , උඹලා මළ මිනී වගේ ගෑණු , උඹල වගේ වුන් බඳින්න හොඳ නෑ යන වශයෙන් විවිධ අපහාස දැක ඇත. ඔබ එවැනි චෝදනාවකට ලක් වුවහොත් හැකිනම් පෞද්ගලිකව ඔවුන් පිළිබඳව සොයා බලන්න. අධ්‍යාපන මට්ටම අඩු , ආර්ථික ශක්තියක් නැති , තමන් පොරවල් කියලා ලෝකෙට පෙන්නන්න හදන අමුතුම කොට්ඨාසයක්. ඒ නිසා ඒ වගේ මෝඩයෝ කියන දේවල් අහලා උඹලගේ පවුල් ජීවිත විනාශ කරගන්න එපා. කාටවත් අපහස කරනවා නෙවෙයි. ඒ වගේ මිනිස්සුන්ගේ ආර්ථිකය සෝමාලියාව වගේ. ඒ උනාට හොයන්නෙ යුරෝපියන් සාස්කෘතියක්.

සමහරු තමන්ගේ බිරිඳට ප්‍රසිද්ධියේ අපහාස කරමින් ලිංගිකත්වය සඳහා සරාගී කාන්තාවන් බලාපොරොත්තුවේ. හොඳට හොයලා බලන්න එහෙම පිරිමි තමන්ගෙ ගෑනිට ඇඳුමක් අරන් දෙන්නේ නැහැ , සැලොන් එකකට යන්න කීයක්වත් දෙන්නේ නැහැ , Medical facilities වත් හරියට දීල නැහැ , ට්‍රිප් එකක් එක්ක ගිහින් නැහැ , ආස දෙයක් කන්නවත් අරන් දෙන්නේ නැහැ. තමන්ගෙ ගෑනි ගෙදර වැඩකාරි වගේ. ඒ උනාට Sexual life එකේදී පමණක් European ( යුරෝපා ) පන්නයේ හැසිරීමක් බලාපොරොත්තු වෙනව. තමන්ගේ Partner ට ලිංගික උදාසීන ගතියක් ඇතිවීමට හේතු මොනවද කියල කිසිම කෙනෙක් හොයල බලන්නේ නැහැ. ඒ වගේ පිරිමි ලිංගිකත්වයේදී තමන් පට්ට වැඩ්ඩ කියලා සමාජයට පෙන්වීමට පුදුම ගේමක් දෙන්නේ.Sex කරන්න හොයන්නෙත් යුරෝපියන් පන්නයේ කාන්තාවන්. හරි හමන් ආදායමක් නැතුව එහෙම බලාපොරොත්තු වෙන්නේ ඇයි. අඩුම තරමේ මාසෙට ලක්ෂ දහයක වත් ආදායමක් තියෙනවා නම් සමාජ මාධ්‍යවල ඒ වගේ ටෝක් දුන්නට කමක් නැහැ. සමාජයට යහපත් අදහසක් දක්වන කෙනෙකුටවත් පාඩුවේ ඉන්න නැහැ. හැම එකකටම මැදින් පැනල Comment කරනව. ලංකාවේ ගෑණු සුද්දියෝ වගේ වෙන්න ඕනි වැනි දාර්ශනික ටෝක්. හරියට හොයල බැලුවොත් තමන්ගේ ගෑනි මැද පෙරදිග ගෙදරක වැඩ. සංස්කෘතිය විතරක් යුරෝපියන් වෙන්නේ නැහැ. ආර්ථිකයත් ඒ මට්ටමට හැදෙන්න ඕනි. ඒ විදිහේ Life style එකක් ඕනි නම් මුලින්ම ආර්ථිකය හදා ගනිල්ලා. වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සුන්ට අපහාස කළා කියලා වැඩක් නැහැ. පුවක් වල්ලක් කඩල විකුණල ඩේටා කාඩ් එකක් දාගෙන යුරෝපියන් සංස්කෘතියක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න එපා. ඒක මුළු සමාජයටම විහිළුවක්.

මේක කියවන ඔයගොල්ලොත් හොඳට හොයල බලන්න ප්‍රසිද්ධියේ ලිංගිකත්වය පිළිබඳව කතා නොකළ යුතු දේවල් හැම වෙලාවෙම කතා කරන්නේ Sex ඇරියස් තියෙන මේ වගේ මිනිස්සු.Sex life එක හොඳටම Enjoy කරන මිනිස්සු කවදාවත් සමාජ මාධ්‍යවල රඟන්නේ නැහැ. ඒ වෙලාවට උපරිම වින්දනය කලා ඊට පස්සේ තමන්ගේ පාඩුවේ දෛනික වැඩකටයුතුවල යෙදෙනව. පුස්කාපු යට ඇඳුම් ඇඳගෙන BDSM , Mistress , Slave , වගේ Concepts හොයන්න එපා. ගේමක් ගහලා සල්ලි කීයක් හරි ඉතුරු කර ගනිල්ල හදිසියට ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙත් ටිකක් ගන්න. සමාජ මාධ්‍යවල යන දේවල් බලල ඔළු කුණු කරගන්නේ නැතුව තරුණ කාලේ කොහොම හරි ගේමක් ගහලා ගොඩ එන්න බලපල්ල. ඔය ඔක්කොම දේවල් තියෙන්නේ ආර්ථිකය කියන Bench mark එකට යටින්. වර්තමාන සමාජයේ ලිංගිකත්වය , ආදරය , දයාව , විවාහය , පවුල් ජීවිතය , මේ ඔක්කොම තියෙන්නේ ආර්ථිකයට යටින්. ඒ නිසා එක එකාගේ ලණු කන්න එපා. කොහොම හරි ගේමක් ගහලා ගොඩ යන්න බලහල්ල. එතකොට තමන් ආස දේවල් කවදාහරි ලැබෙයි.


Interesting conversation

man 1

ලිංගික චිත්‍රපට වෙනයි .කසාද ජිවිතය වෙනයි . කසාද ගිවිසුම කියවන්න . ලින්ගික චිත්‍රපට ගිවිසුමක් කියවන්න . වෙනස වටහා ගන්න .

man 2 (Alpha Mole)

සෙක්ස් හොදට ඔන පිරිමි අද්දැකිම් නැති ගෙවල් අස්සෙ හිටිය ගැනු බැන්දොත් තමා ඔක වැඩියෙන් වෙන්නේ සෙක්ස් හොදට ඔන පිරිමින්ට සෙක්ස් දෙවල් ගෙවල් අස්සෙ හිටිය වර්ජින් කාන්තාවන්ට බැහැ අහෙම පිරිමි බදින්න ඔන 18 අඩුවෙන් සෙක්ස් කරපු කාන්තාවන් අහෙම කාන්තාවන්ට හැගිම් තියෙනවා ගෙවල් අස්සෙ හිටිය කාන්තාවන්ට වඩා

man 3

කසුන් නිශාන්ත ඉතින් ඒව බඳින්න කලින් කතා කලේ නැද්ද

man 2 (Alpha Mole)

උපතින්ම ලාදුරු ගැනු මිනිහා රවට්ටනව බදිනකන් සෙක්ස් කරන්න බැහැ කියල එකට මිනිහා අහු උනොත් මිනිහා ඉවරයි ඉට පස්සෙ ගෙදර ගැනි ඔන දෙවල් දෙන්නෙ නැහැ කියල පිට ගැනු පස්සෙ යන්න වෙනවා

man 3

ඇයි උඹ බබාද රැවටෙන්න? ලෝ ලිබිඩො ගෑනියෙක්ගෙයි හයි ලිබිඩො ගෑනියෙක්ගෙයි වෙනස කතා බහෙන්ම උනත් අඳුරගත්තහැකි. පොර ටෝක් දුන්නට ඒකවත් බැරිද? අනික ලිබිඩො එක ඩීල් බ්‍රේකර් එකක් ය කියල ගෑනිට මුලදිම කිව්වම උන් කරේ එල්ලෙන්නෙ නැහැ දන්නව කෙළවෙන බව. උඹලට පත්තිනි අම්මල ඕනෙ, ඊලඟට නහයෙන් අඬනව.

man 2 (Alpha Mole)

මන් නම් අද්දැකිම් නැති සෙක්ස් කරන්න උනන්දු නැති ගැනිව දිග්කසාද කරල කලින් කසාද බැදපු සෙක්ස් දන්න ගැනියෙක් තමා දෙවනියට බැන්දෙ දැන් නම් මට ඔන දෙවල් ගැනිගෙන් ලැබෙනවා ගැටලුවක් නැහැ

man 3

ඇයි උඹ ලෝ ලිබිඩො ගෑනියෙක් පටලෙයි ලස්සනයි සල්ලියි බලන් බොරු කියල කලින් කසාද බැඳල ඒ ගෑනිව අතහැරියෙ, මුලින්ම හයි ලිබිඩො ගෑනියෙක් බැඳගන්නැතුව ?

NO REPLY - CHECKMATE




Monday, July 21, 2025

පිරිමින්ව ගොඩනගා පාරට වැටීම

 



තමන්ව ගොඩ නගා නොගත් ඇතැම් පිරිමි සමාජ මාධ්‍ය වල ගැහැණුන්ට චෝදනා කරන්නේ ගැහැණුන් සල්ලි පසුපස යන බවයි. ඒ වෙනුවට තමන්ව ගොඩ නගා ගැනීමට සහය වෙමින් නැති කාලයේ තමා සමඟ ජීවිතය බෙදා ගැනීමට එක් වීම හොඳ ගැහැණුන්ගේ ලක්‍ෂණයක් බව ඔවුන් පවසයි.

තමන්ව ගොඩ නගා නොගත් පිරිමි ලෙස මම අදහස් කරන්නේ ආර්ථිකව පමනක් නොවේ, චිත්තවේගීය හෝ වෙනත් ආකාර වලින්ද අපරිණත පිරිමිය. අපරිණත පිරිමි තමන්ට අම්මෙකු විය හැකි ගෑණියක් සොයයි. ඉන් අදහස් කරන්නේ තම අම්මා මෙන් තමන් කරන ඕනෑම කුප්ප වැඩක් ඉවසන, ඕනෑම කුප්ප වැඩක්  සාධාරණීකරනය කරන, තමන්ගේ සියලුම ප්‍රශ්න අම්මා මෙන් විසඳාදෙන, කිසිවක් පෙරලා බලා පොරොත්තු නොවී හැමදේම ඔහුට කර දෙන, අම්මා මෙන් ඇයගේ ප්‍රශ්න නිහඬව විසඳා ගන්නා අයෙකි. ඒ ගමන්ම පවුලේ ගෘහමූළිකත්වයද ඉල්ලයි. අම්මෙකු තම ගොබ්බ පුතාට පවුලේ නායකත්වය දෙන්නේ නැත්තේ එසේ වුවහොත් පවුළ හැඳිගෑවී යන බව දන්නා බැවිනි. එසේම මෙබඳු අපරිණත පිරිමින්ට පවුලේ නායකත්වය දීමට එම පිරිමියාට අම්මෙකු වන ගැහැණිය අකමැතිය. ඇය බොහෝ විට ගෙදර පාලනය තම අතට ගනී.

පරිණත පිරිමි පවුලේ නායකත්වය ලබා ගෙන පවුල දියුණුව කරා මෙහෙයවයි. එබඳු පිරිමින්ට ඇඟිල්ලෙන් ඇන ඇන මූළික ජීවන කුසළතා ඉගැන්වීමට අවශ්‍ය නැත. ෆෝන් චෙක් කර කර හොර ගෑණු ඉන්නවාදැයි බැලීමට අවශ්‍ය නැත.

කන්‍යාපටල චෙක් කිරීමේ සිට ගෑණුන්ට කන්ඩිෂන් දමන පිරිමි ගැහැණුන්ගෙන් අන්කන්ඩිෂනල් ආදරය සෙවීමම රතු කොඩියකි. ඉන් පෙනෙන්නේ එම පිරිමි පට්ට ආත්මාර්ථකාමී, පොළවේ පය ගසා නැති, ෆැන්ටසි බබල් එකක ඉන්නා පිරිමි බවය.



ඉතා කලාතුරකින් හැර, ගැහැණුන් කිසි විටක තමන්ව ගොඩ නගා නොගත් පිරිමින් සමඟ සම්බන්ධ නොවිය යුතු වන්නේ ඇයි?

1. තමන්ව ගොඩ නගා නොගත් පිරිමි සිටින්නේ අධික පීඩනයකිනි, හීනමානයකිනි, කෝපයකිනි, ඇතැම් විට සමාජ වෛරයකිනි. එවැනි සහකරැවෙකු බොහෝවිට ඔබ මතින් පීඩනය, හීනමානය, කෝපය, සමාජ වෛරය නිසා ඇති ඇරියස් පිට කරයි. මෙම කාලය පිරිමියෙකුට සම්බන්ධ වීමට නරකම කාලයයි.

2. තමන්ව ගොඩ නගා නොගත් පිරිමි ගොඩනැගීමට ඔබ ඔබේ සියළු දේ කැප කල යුතුය. ඔබේ වටිනා කාලය, මුදල්, ශ්‍රමය, සෞඛ්‍යය, මානසික සැනසීම ආදී මෙකී නොකී දෑ ජීවිතයේ හොඳම කාලයෙන් වසර ගණනක් කැප කල යුතුය. නමුත් බොහෝවිට ඔබේ කැපකිරීමෙන් ගොඩනැගුන වහාම පිරිමියා ඔබට වඩා හොඳ ගැහැණියකට ආකර්ශනය වේ. ඔබට බොහෝවිට ලැබෙන්නේ හිස් අතින් අපවාද සමඟ මැදි වියේදී කුටුම්බයෙන් පළවා හැරීමකි. නැතිනම් නමට ඔබ සමඟ පවුල් කෑවද විවාහයට පිට ආදරවන්තියන් සිටිනා ඔබව සත පහට දැමූ පිරිමියෙකි.

3.  තමන්ව ගොඩ නගා නොගත් පිරිමියෙකුගේ ඔබ අද දකින්නේ ඇත්ත ස්වභාවය නොවේ, මනුස්සයෙකුගේ ඇත්ත ස්වභාවය දැකීමට නම් ගොඩනැගුණු මනුස්සයෙකු දෙස බලන්න. යමෙකු සල්ලි නැති කාලයේ හොඳ පිරිමියෙකු ලෙස සිටින්නේ නරක වැඩ කිරීමට මුදල් නැති නිසා නම් එම හොඳෙන් පළක් නැත.

4. තමන්ව ගොඩ නගා නොගත් පිරිමි ගැහැණියක් තමන්ව ගොඩගැගීමට උපදෙස් දීම, සොයා බැලීම, කෑගැසීම (ප්‍රායෝගිකව ගැහැණියට මෙවැනි පිරිමි සමඟ කටයුතු කිරීමේදී දැනෙන අධික වෙහෙස කලකිරීම නිසා අනිවාර්‍යයෙන්ම මෙය සිදුවේ) ආදිය නිසා පිරිමියාගේ ඊගෝ එක රිදේ. ඔබ හිතන්නේ ඔහුව ගොඩදැමීම ගැන ඔහු ඔබට කෘතඥ වන බව වුවද බොහෝ පිරිමි ඔබට හිත යටින් වෛර කරයි. පිරිමින් සමාජ මාධ්‍ය වල වයිෆ්ල ගැන කියන "විහිළු" කතා බලන්න, ඒවායේ මෙම වෛරය ලාවට මතු වී පෙනේ. වඩාත්ම වේදනාත්මක කරැණ වන්නේ ඔබ මහත් කට්ටක් කා ඔහුගේ කුප්ප ගති හැදූ විට ඉන් ප්‍රයෝජනය ගන්නේ පසුව ඔහුට සම්බන්ධ වන ගැහැණුය. උදාහරණයකට, ඔබ ගුටි කකා රණ්ඩු කර ගැහැණුන්ට පහර දීම වැරැද්දක් බව පෙන්වා දී ඔහුව ඉන් මුදා ගත් විට දෙවන ගෑනිට පහර නොදීමට ඔහු පරිස්සම් වේ. ඇත්තටම ඔබ කට්ට කාගෙන පිරිමියාව කොළිටි පිරිමියෙක් කලේ පසුව එන ගෑණුන් සඳහාය.     

පිරිමින් තේරැම් ගත යුත්තේ ඔබව ගොඩ නගා ගැනීම ඔබේ වගකීමක් බවය. තිසර පෙරේරා වයස දහ අටේදී ෂෙරමිව බඳිනකොට, තමන් තිස් හයේදී ඇයව ඉතාම නින්දිත ලෙස අතහැර දමන බව ඔහු පවා නොසිතන්නට ඇත. ඒ නිසා, ඔබට ඔබ ගැන වත් ෂුවර් නැති තත්වයක හිඳ ගැහැණුන්ගේ කාලය, මුදල්, ශ්‍රමය, සෞඛ්‍යය, මානසික සැනසීම ආදී මෙකී නොකී දෑ ජීවිතයේ හොඳම කාලයෙන් වසර ගණනක්ආදරයේ නාමයෙන් සොරා ගන්න එපා.  ඔබ ගොඩනැගෙන කාලයේ කරන දේට ෆෝකස් කරන්න. තමන්ව ගොඩ නගා ගන්න. 

ප්‍රශ්නය-


මං අහන්නෙ ඇයි ගෑණු මේ වගේ පුනරැත්ථාපන ප්‍රොජෙක්ට් කරන්න ආස? පිරිමියෙක්ට මේ වගේ අවස්ථාවක මනුස්සකමට උදව්වක් කරන එක කමක් නෑ. ගොඩක් වෙලාවට පිරිමි පුනරැත්ථාපනය කරන්න යන කෙල්ලො තමන්ට කැඳත් නැති එවුන්. ඉස්සරවෙලා තමන්ව පුනරැත්ථාපනය කර ගන්න. 

වැරදි උත්තරය- 



හරි උත්තරය-





Saturday, July 19, 2025

රෝමෑන්ටික් විවාහය යනු "අසාර්ථක" පිරිමි "හොඳ" ගෑණු ඇන්දවීමට යොදා ගන්නා උගුළක්ද?

 


විවාහය යනු ඉතා මෑතක් වන තෙක්ම විවිධ සාමාජයීය, සංස්කෘතික, නෛතික, සහ ආර්ථිකමය හේතු වලට පවත්වාගෙන ගිය ගණුදෙණුවක් විය. එම හේතු අතර ප්‍රබල පවුල් අතර සම්බන්ධතා හදා ගැනීම, සුජාත ළමයින් හැදීම, දේපොළ නිරවුල්ව බෙදීම ආදී කාරණා ඇතුළත් වූ අතර ආදරය අනිවාර්‍ය අංගයක් ලෙස ඇතුළත් වූයේ නැත.

ප්‍රබළ පිරිමියෙකු ගේ විවාහක බිරිඳක්, පුතෙක්, හෝ දුවක් වීම "තනතුරක්" ලෙස දකින ලදී. එම තනතුරට  අදාළ "වරප්‍රසාද ටික" ඔවුනට ලැබිණි. ඔවුන්ට "රාජකාරි" ඉටු කිරීමටද තිබුනි. බිරිඳක් නම් ලස්සනට ඉඳීම රාජකාරියකි. පිරිමියා සමඟ ඔහුට අවශ්‍ය විට හැමිණීමද එකී රාජකාරියකි. ඔහුට ප්‍රිය වචනයෙන් කතා කිරීම තව රාජකාරියකි. ඔහුගේ ළමයි හැදීම තවත් රාජකාරියකි. මේ සඳහා ඇයට සුඛෝපභෝගී ජීවිතයක් මුදල් දැසි දසුන් ආදී වරප්‍රසාද ලැබුණි. මෙම කාන්තාවන්ට එම පිරිමියාගෙන් චිත්තවේගීය අවශ්‍යතා (emotional needs) සැපිරීමක් කොන්ත්‍රාත්තුවේ නොතිබුනි. උදාහරණයකට, කිසියම් දෙයකට වේදනාවෙන්, දුකින් හෝ කෝපයෙන් ඇය සිටියද පිරිමියාට ඇය සමඟ හැමිණීමට එය අදාළ නොවූ අතර ඇය තම වේදනාවල් සඟවාගෙන ලස්සනට හැඳ පැළඳ ප්‍රියමනාපව හැසිරියයුතු විය. මන්ද එය ඇයගේ රාජකාරියයි. බහුභාර්‍යාවන් මෙන්ම විවාහයට පිටින් මේ පිරිමින්ට ආදරවන්තියන්ද සිටියහ. ඒ බව විවාහක ගෑණුද දැන සිටියහ. හුදෙක් තමන් දෙදෙනා අතර පමණක් ඇති වූ ආදරය මත පදනම් වූ විවාහයන් නොවන බැවින් එය ගැටළුවක් නොවීය.

ස්වභාවධර්මයට අනුව බොහෝ සතුන්ගේ ගහණ වල මෙය සිදු වේ. මුව රංචුවක වැඩුණු ගෑණු සහ පිරිමි සතුන් පනහ බැගින් ඇති නම්, ප්‍රජණන සමයේදී උන් ජෝඩු පනහක් හදන් හැමිණෙන්නේ නැත. ඒ වෙනුවට, ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා පසුපස සියළුම ගැහැණු සතුන් යයි. ඒ අතරින් ශක්තිමත්ම ගැහැණු සතුන් ගණනාවක් සමඟ ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා ප්‍රජනණයෙහි යෙදේ. ඉතිරි වෙන අබල දුබල  ගැහැණු සතුන් ඊළඟට හොඳ පිරිමි සතුන් කීපදෙනා සමඟ ප්‍රජනණයෙහි යෙදේ. රැළේ ලෝ රෑන්ක් දුබල පිරිමි සතුන් ගණනාවකට ගෑණු සතුන් ලැබෙන්නේ නැත. මෙය පරිණාමයේ ස්වභාවික වරණය ලෙස හැඳින්වේ. ස්වභාවධර්මයට දුබල ජාන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැති නිසා එසේ දුබල පිරිමින්ගේ ප්‍රජනනය වළකයි.  

මෙම ආකාරයටම සමාජයේ "හොඳම" ගෑණු ටික පෝසත්ම බලවත්ම වංශවත්ම ශක්තිමත්ම පිරිමි කීපදෙනා අතර බෙදී යන විට අඩුකුළේ /කැත/ දුප්පත්/ අබල දුබල/අසාර්ථක පිරිමින්ට ඇතැම් විට ගෑණු සෙට් උනේම නැත, ඇතැම් විට ඔහු වාසනාවන්ත නම් ඒ ජාතියේම ලෝ රෑන්ක් ගෑණියක් ලැබිණි. මෙවිට අඩුකුළේ /කැත/ දුප්පත්/ අබල දුබල ලෝ රෑන්ක් පිරිමි, තමන්ට "හොඳ" ගෑණියක් ලබා ගැනීමට උපායමාර්ගයක් ලෙස ආදරය සඳහා විවාහ වීමේ සංකල්පය හඳුන්වා දුන්හ. මෙහිදී  ලෝ රෑන්ක් පිරිමි හොඳ ගෑණුන්ට රොමෑන්ටික් වීම මගින්, මුදල් සහ බලය තියන සහකරැවෙකුට වඩා ඒව නැතත් ආදරණීයව ජීවිතය බෙදා ගන්නා ලෝයල් සහකරැවෙකු  වඩාත් ගැළපෙන බව ඒත්තු ගැන්වූහ.

ඇත්තවශයෙන්ම මේ ලෝ රෑන්ක් පිරිමින්ගේ අරමුණ වුයේ හයි රෑන්ක් ගෑණුන්ට සෙට් වීම මගින් සමාජයේ බලය ඇල්ලීම මිසක ආදරණීයව ලෝයල්ව එම ගෑණු සමඟ ජීවිතය බෙදා ගැනීම නොවේ. 

මෙම මවා පෙන්වන "රොමෑන්ටික්" ආදරයට වෙළඳපොලේ විශාල ප්‍රචාරයක් ලැබිනි. ඊට පෙර තිබූ බලවත් පිරිමියාට ගෑණු සෙට් වූ මොඩලයේදී අමුතු ප්‍රචාරණයක්, ආදර වැකි, මල් හෝ චොක්ලට් අවශ්‍ය නොවීය. නමුත් දැන් මේවාට අති විශාළ ඉල්ලුමක් ලැබී ලාභ ලබන වෙනමම වෙළඳ අංශයක් නිර්මාණය විය. ඒ අතර ඩිස්නි චිත්‍රපට ගෑණු ළමුන්ව ගානට ඇන්දුවේය. දුප්පත් කෙල්ලක් පෝසත් ගෑණු පරදා පට්ට රොමෑන්ටික් රජ කුමරාව බඳින සින්ඩරැල්ලා, කෝමාවකට වැටුනු ලස්සන අහින්සකාවිය ස්නෝ වයිට්ට  පට්ට රොමෑන්ටික් රජ කුමරා දුන් ලයිෆ් සේවින් කිස් එක, එක්ටැම්ගෙයක සිර වු රපුන්සල්ට ලැබුනු පට්ට රොමෑන්ටික් පිරිමි ආදරය, මෘගයෙකුට ආදරය කොට පට්ට රොමෑන්ටික් රජ කුමරෙකු කල බියුටි ඇන්ඩ් ද බීස්ට්,  ආදරය වෙනුවෙන් තම වරළ වෙනුවට පාද ලබා ගෙන අම්බානකට කටු කා පට්ට රොමෑන්ටික් රජ කුමරාව ලබා ගත් කුඩා දියකිඳුරියද ආදී චිත්‍රපට බිහි විය.

නමුත් රොමෑන්ටික් ආදරයේ යථාර්තය එතරම් සුන්දර වූයේ නැත. කසාදයට පෙර ගැහැණියට පිරිමියා විසින් පෙන්වූ රොමෑන්ටික් භාවය කසාදයට පසු අතුරැදන්වී ගැහැණුන් වැඩකාරකම් කරමින්, බැණුම් අවලාද අපහාස අසමින්, ගුටි කමින්, පිරිමියාගේ අනියම් සබඳතා නිසා පීඩා ලබමින්, කබලෙන් ලිපට වැටීම පමණි බොහෝ විට සිදු උනේ. නමුත් කාන්තාවන්ගේ ඔළු කොතරම් මොළ ශෝධනය කර තිබේද කිවහොත්, තමන්ගේ මව, ආච්චි, නැන්දල, පුංචි අම්මල, ලොකු අම්මල, අසල්වැසි ගෑණු, මිතුරියන් ආදී තම වටපිටාවේ ඉන්න සියළුම ගෑණුන්ගෙන් බහුතරය රොමෑන්ටික් ලෙස පෙනී සිටින පිරිමින් විවාහය නිසා විඳින අපා දුක දැක දැකම දෙවරක් නොසිතා ඒ නරා වලටම පැනීමට තරම් ඔවුන් අඳබාල වේ. 

මැදපෙරදිග රටක පිරිමියෙක් ඔබට කොන්තරාත්තුවට විවාහ වීමට දෙන පැකේජ් එකට සල්ලි, හොඳ ගෙයක්, වැඩකාරයන් (ලංකාවේ ගෑණුද මැදපෙරදිග ගෘහසේවයට යති), ඇඳුම් පැළඳුම්, ළමයින්ට හොඳ අනාගතයක් ඇත. ඔහුට ගෑණු කිහිපදෙනෙක් සිටී. ඔබට තමන් දෙදෙනා අතර පමණක් ඇති ආදරයක් නොලැබේ, ගෞරවය සහ සුඛෝපභෝගීත්වය ලැබේ. 

මෙම කොන්තරාත්තුවට විවාහ වීම පිළිකෙව් කරන ඔබ ඔබට පමණක් ආදරය කරන මුදල්හදල් යහමින් නැති පිරිමියෙක් බඳී. දැන් ඔබ රැකියාවක් කල යුතුය. ගෙදර වැඩ කල යුතුය. ඔබට රසවත් කෑම, හොඳ ගෙයක්, වැඩකාරයන්, හොඳ ඇඳුම් පැළඳුම් නැත. ළමයින්ට හොඳ අනාගතයක් ලැබීමට නම් ඔබ මහන්සි වී වැඩ කළ යුතුය.

ඔබ විවාහ වූ පිරිමියා ඔබට ආදරය කරන තාක් කල් ඒ දුක විඳීම කමක් නැහැ කියමු.

නමුත් විවාහ වී ටික දිනකින් අර රොමෑන්ටික් කම අඩු වේ නම්, ඔබව මානසිකව පීඩනයට ලක් කරයි නම්, ඔබට අගෞරව කරයි නම්, වංචා කරයි නම්, කාන්තාවනි, කොන්තරාත්තුවට විවාහ වීම ඊට වඩා ඉතා හොඳය. ඇත්තවශයෙන්ම ගත්තොත්, කොන්තරාත්තුවට විවාහ වූ පසු ලැබෙන පැකේජ් එක වත්මන් රොමෑන්ටික් කසාද බහුතරයකට වඩා හොඳය. කොන්තරාත්තුවේදී සාහසික ලෙස බොරැ කියා රැවටීමක් නැති නිසා ඔබගේ බලාපොරොත්තු බිඳ නොවැටේ. සාහසික ලෙස බොරැ කියා ඔබව ආදරයෙන් මුළා කර රොමැන්ටික් කසාදයට යන තක්කඩියා ඔබව බ්ලාස්ට් කරයි.


ඔබට අද වන විට සිදු වී ඇත්තේ වස බඳුන් කීපයකින් "හොඳම වස බඳුන" තෝරා පානය කිරීමටය. එසේ නම්,"හොඳම වස බඳුන" තෝරා ගැනීමට ටිප්ස් ටිකක් පහතින්.

1. ඔබ ගොඩ නගා ගත යුත්තේ ඔබවය. ඉගන ගන්න, මුදල් උපයන්න, කොළිටි වෙන්න, තමා තුළින් සතුට සොයන්න, එවිට ඉබේම ඔබ, ඔබ වැනිම තමන්ව ගොඩනගාගත් පරිණත සාධාරණ පිරිමි සහිත සමාජ කව වලට ඇතුළු වේ. මෙවැනි තමන්ව ගොඩනගාගත් පරිණත සාධාරණ පිරිමි හොඳ හස්බඬ් මැටීරියල් ය.  

දකුණු ආසියාවේ සහ මැදපෙරදිග නොවන රටවල පිරිමින්ට කාන්තා වෛරී ටොක්සික් ඇටිටියුඩ් අඩුය. (මේ කළාප දෙකේ අයිතිහාසික හේතු මත කාන්තා වෛරී ටොක්සික් ගතිය වැඩිය). මෑතකාළීනව උසස් අධ්‍යාපනයට ඇමරිකාවට එන ලාංකික ගෑණු ළමයි කසාද බඳින්නේම විදේශිකයන් වේ. ලංකාවේ ගෑණු ළමයි අතරින් ගිය වසරේ පට්ට ප්‍රසිද්ධ වූ ජගුවර් ඉංජිනේරැ නෝනා සෙට් උනේද එංගලන්තයේ සුද්දෙකුට බව මහත් සතුටින් කිව යුතුය. ඒකි ලෝකල් කරැමයකට කර ගැහුවා නම් මෙලහකට බත් තම්බමින්, බැණුම් අසමින්, ඩිප්‍රෙෂන් බේත් බොමින් බ්ලාස්ට් වී සිටිනු ඇත.


2. තමන්ගේ ජීවිතයම පිරිමින්ගේ සතුට වෙනුවෙන් කැප කරන, පිරිමි නැතුව ඉන්න බැරි, පිරිමියෙකු වටා ජීවිතය ගොඩනගන කාන්තාවක් (male centered)  වන්න එපා. පිරිමින් මොන තරම් ඔබට ආදරය කලත් ඔවුන් ඔබ වටා ජීවිතය ගොඩනගන්නේ නැහැ. ඔබද රස්සාවද පිරිමියෙක් තෝරා ගන්නේ? ඔබ හිටිය කියල පිරිමියෙක් ඔහුගේ පවුළ යාළුවො විනෝදාංශ හෝ වෙන දේවල් අතහරින්නෙ නැහැ. එහෙනම් ඇයි ඔබ උදේ ඉඳන් රෑ වෙනකන් පිරිමියෙක් මත්තේ නැහෙමින් ඔබේ දක්‍ෂතා, සිහින, විනෝදාංශ, අවශ්‍යතා, හිතවත්කම්, රැකියාව, ඉගනීම, ලයිෆ් ගෝල්ස් විනාශ කර ගන්නේ? ආදරය ජීවිතයේ තවත් එක ගෝල් එකක් පමණක් ලෙස සළකා ඔබ ඔබව ගොඩ නගා ගන්න (self centered). 

3. ඕනෑවට වඩා ඉවසන්න එපා (Low tolerance). සුද්දියක් කසාද බැඳපු ලංකාවේ පිරිමියෙක් සුද්දිගෙ කන්‍යාපටල හොයන්නේවත්, සුද්දි ලවා වැඩකාරකම් කර ගන්නේවත්, සුද්දිට කුණුහරැප කියා බනින්නේ හෝ පහර දෙන්නේවත් නැත. මන්ද සුද්දියන් ඒවා ඉවසමින් පවුල් කන්නේ නැත. ඔබ වඳින්න වඳින්න ඔබට වැඩි වැඩියෙන් පහර දෙනු ඇත.  ඔබට කසාදයෙන් පසු මහගෙදර යාමට යෝජනා කරන පිරිමියාගෙන් මහගෙදර වැඩ බෙදී යන ආකාරය ඇසීමට ඔබට අයිතියක් ඇත. ඔබට විවාහයෙන් පසු දේපළ, මුදල් ආදී වත්කම් වල සම අයිතිය ලැබේදැයි  දැන ගැනීමට ඔබට අයිතියක් ඇත. විවාහය යනු පාට්නෂිප් එකක් මිසක කරැමයක් නොවේ.

4. පීඩක පිරිමි පහත ලක්‍ෂණ සහිත ගෑණුන්ට ආකර්ශනය වේ.

                  1. පිරිමි මත යැපෙන ගෑණු

                2. තමන් ගැන අඩුවෙන් හිතන ආත්ම ගෞරවයක් ආත්ම අභිමානයක් ආත්ම             ශක්තියක් නැති ගෑණු

       3. ඩෙස්පරේට් (අනේ මට පිරිමියෙක් සෙට් නොවුනොත් මම ජීවත් වෙන්නෙ කොහොමද) ගෑණු

මෙවැනි ගතිගුණ සහිත කාන්තාවක් වන්නට එපා.

5. පීඩක පිරිමියෙකු සමඟ සෙට් වී බ්ලාස්ට් වනවාට වඩා තනියම ජීවත් වීම කෝටි වාරයක් හොඳය. ඔබ පතන ආදරය නොලැබේ නම් තමන්ගේ හොඳම මිතුරා සහ ආදරවන්තයා තමන්ම වන්න. පීඩකයෙකු සමඟ විවාහ වී බරපතළ වැඩ සහිත ජීවිත කාළයම එළිමහන් සිර කඳවුරක ගෙවන අවාසනාවන්ත ආත්මයක් වනවාට වඩා තනියම ජීවත් වීම කෝටි වාරයක් හොඳය.  

Be a woman who walks away without anger, loves without fear, and surrenders without losing herself.




Friday, July 18, 2025

වෙලක අතැර ගිය සීතලෙන් ගැහෙන දරැවා වඩා නොගත් කතුන් - මගේ සත දෙක

සිද්දිය මේකයි.

අලුත ඉපදුන දවස් දෙකක් විතර වයස දරු පැටියාව වෙලක නූල්පොටක් වත් නැතුව දාලා යන්න තරම් 🤌 ඒකත් හරි.. ආරංචිය ලද සැනින් පොලිස් නිලධාරීන් එතනට එනවා... ගමේ ගැහැණු පිරිමි උදවිය වට වෙනවා.. බලන් ඉන්න බැරිම පාර පොලිස් නිලධාරීතුමෙක් කියනවා කෑ ගහලා එතන ඉන්න කව්රු හරි අම්මා කෙනෙකු ඇවිත් සීතලේ රෙදි කෑල්ලක් වත් නැතුව ගැහි ගැහි ඉන්න දරුවා වඩා ගන්න කියලා එකෙක් එන්නෙ නෑ 🤌 අන්තිමට එතන හිටිය කොල්ලෙක් ඇඳගෙන හිටිය ෂර්ට් එක ගලවලා පොඩි එකාව තුරුලට ගන්නවා 🥹 ඔන්න පිරිමි 🫡♥️
මේ පොස්ටුව ඒ ආදරණීය පිරිමි හදවත වෙනුවෙන් තබමි
(ප.ලි - hammer නිලා hammer නිලා දරුවෝ වදලා දාලා යන එක uberලා වගේ ගෑනුන්ගේ ජන්ම ගතියක් වෙන්න ඇති ඒත් කමක් නෑ පාරක වෙලක අත ඇරල යනකොට අඩුම තරමේ රෙදි කෑල්ලකින් ඔතලා පලයන් මොකද පොඩි එවුන්ට සීතලයි 🙏🫡)
- මංජුල සිරිවර්ධන

ලංකාවෙ ඉඳල ඉඳල සහකම්පනයක් තියෙන පිරිමියෙක් තමන්ගෙ පුරවැසි යුතුකමක් කලාම "ඒ පිරිමිකමට ගෞරවයෙන් හිස නමා ආචාර කරමි"ලු. දියුණු රටවල ඕව සාමාන්‍යයි. ජෙන්ඩර් රෝල් නැහැ, අවස්ථාව අනුව ගෑණු පිරිමි වැඩත් පිරිමි ගෑණු වැඩත් කරනව, හෑළි ලියන්නෙ නෑ. ළමය වඩා ගත්ත එකා ළමයගෙ තාත්ත නම් අපරාදෙ හෑළි ටික.

මට එදා ඉඳන්ම පේන්න බැරි දෙයක් තමා විපතක් වෙලා තියෙද්දි වටේ පිටේ ගෑණු පිරිමි ටික එතන වට වෙලා නිකම් සොම්බි වගේ ඒක බලන එක. 

ඔය ගැන පළවෙනි අත්දැකීම ලැබෙනකොට මට වයස අවුරැදු පහක් විතර ඇති. අපේ ගෙදෙට්ට දුවන් ආව අල්ලපු ගෙදරක කොල්ලෙක් තාත්තට කිව්ව වෙළෙන් එහා ගමේ ගෙදරක කොල්ලෙක් ලොරියකට යට වෙලා අන්තිමලු, බලන්න යනව කියල. ඒ පාර තාත්තත් මාව වඩාගෙන උගෙ පස්සෙන් වැටුන, හරියට නිකන් රස කෑමකට බල්ලොන්ට ඉව වැටුන වගේ. අවුරැදු පහේ මට ඒ කතාව අහල ඇඟ හිරි වැටුන. මට ඕන උනේ නෑ ඒක බලන්න කීයටවත්. (මේ සිද්දිය අදටත් හොඳින් මතක ඒ ටෞම එක නිසා) නමුත් දැන් තාත්ත මාව උස්සගෙන දුවනව. වෙළ හරහ දිව්ව. ගම දිගේ දිව්ව. තව එවුන් දුවනව. අන්තිමේ එතැනට ආව. සෑහෙන සෙනඟක් වට වෙලා, වැඩිපුරම පිරිමි. උන් සොම්බි වගේ බලාගෙන ඉන්නව. අර කොල්ල අනේ අම්මේ ගගා විළාප තියනව. උන් සොම්බි වගේ බලාගෙන ඉන්නව. 

දෙවනි අත්දැකීම වෙන්නෙ මටමයි. ඕ ලෙවල් කාලෙ දවසක ටවුම මැද පාසල් ඇඳුමෙන් මාව කළන්තෙ දාල වැටෙනව. සිහිය එනකොට මම දැක්ක දර්ශනේ... හැඟීමක් නැති සොම්බි පිරිමි මූණු වලින් අහස වැහිල, තත්පරයකින් උන් වාශ්ප වෙලා ගියා. ගෑණියෙක් දෙන්නෙක් මට වතුර පොවනව, පවන් ගහනව.

ඇමරිකාවට ආහම මගෙ වාහනේ අනතුරකට ලක් වෙලා මම සුළු තුවාළ සහිතව ඒකෙන් බැහැල පාරෙ කොනක ඇන තබා ගන්නව. එතෙන්ට සොම්බි ආවෙ නෑ. ඔය සොම්බි වගේ බලන් ඉඳිල්ල ඇමරිකාවෙ තහනම්. විපතක් දැක්ක නම් පොළීසියෙ හදිසි ඇමතුමට කතා කරල කියල යන ගමන යා යුතුයි, එක්කො නතර වෙලා උදව් කළ යුතුයි. මට මතකයි අම්මෙකුයි දුවෙකුයි වාහනේ නතර කරල වතුර සහ ටිෂූ අරන් ඇවිත්, හිතත් හදල ගියා. විනාඩි පහෙන් පොළීසිය ආව, ඇම්බියුලන්ස් එක ආව.

මේ සොම්බි ස්පෙක්ටේටර් සීන් එකේ වැදගත්ම න්‍යාය තමා ගල් වෙලා හැඟීම් විරහිත ලෙස බලා හිඳීම - හිත ඇතුලෙන් විපත එන්ජෝයි කරන ගමන්.

ඕක ඉඳියාප්ප ගෙදර කතාව නොහොත්  හිරැට මුවාවෙන් එකේ ප්‍රීතිමාලිගෙ ගෙට ඇවිත් කුසල්ගෙ තාත්ත බැනපු දවසෙ සීන් එකේ එහෙම හොඳට තියෙනව.

මෙතන ළමය බලල ආතල් එකක් ගන්න වෙළට ආව සොම්බි ටික හිතුවෙ නෑ සොම්බි ස්පෙක්ටේටර් සීන් එකේ වැදගත්ම න්‍යාය - ගල් වෙලා හැඟීම් විරහිත ලෙස බලා හිඳීම - වෙනුවට ඒකට සක්‍රීයව මැදිහත් වෙන්න වෙයි කියල. උන් කොන්ෆියුස් උනා.

ඊටත් පොළිසියකට කියන්න බෑ සිවිල් මිනිස්සුන්ට අරහෙම කරපන් මෙහෙම කරපන් කියල ක්‍රයිම් සීන් එකක. අතහැරපු ළමයෙක්ව හැඬ්ල් කරන්නනෙ එන්නෙ, එහෙනම් ඊට සුදුසු දේවල් (උණුසුම් ඇඳුම්, කිරි, බේබි කැරියර්, කාන්තා පොළිස් නිළධාරිනියො, වෛද්‍යවරයෙක් සමඟ බෙහෙත් ප්රථමාධාර) අරන් එන්න වගකියන්න ඕනෙ පොළිසිය. පොළිසිය එක්කො අත වන වන ඇවිත් නැත්නම් බෝම්බ නිශ්ක්‍රීය උපකරණ අරන් ඇවිත්. ඔය පොලිස් මහත්තයාට අත් දෙකක් නැද්ද අනුන්ට කියන වෙලේ තමන් ළමය වඩාගනිපියකො. ඒක තමුන්ගෙ ජොබ් එක, වටේ එවුන්ගෙ ජොබ් එක නෙමේ. ළමයාව මුලින්ම දැකපු නාකියා ගෙදර ගිහිල්ලා ගෑනිට කියන්න, ඒක කමක් නෑ.

දැන් හදිසි අනතුරක් වෙච්ච තැනකට පොළිසිය ආහම එතන වටෙවෙල ඉන්න සිවිල් එවුන්ට පොළිසිය කියනවද "කෝ ඔය තුවාළකාරයගෙ ලේ ටික පිහිදාලවත් නෑනෙ තාම", "වහපන්කො අර මැරිච්ච එකාව" කිය කිය?

ඔය ගෑණුන්ට තැනක් නොතැනක් නොබල තමන්ගෙ ජෙන්ඩර් රෝල් එකේ වැඩ කරපල්ල කියල පිරිමි විසින් අණ කිරීම මට පේන්න බැරි වැඩක්. එතෙන්ට ආපු ගෑණු අතර වොලන්ටියර් කෙනෙක් ඉන්නවනම් ළමය වඩා ගන්න ඉදිරිපත් වෙන්න කියල රෙස්පෙක්ට් එකකින් කියන එක එකක්, ඔයා ගෑනියෙක් නේද ළමය වඩාගන්න එක ඔයාගෙ යුතුකම බව පිරිමි අපි කියන්න ඕනෙද කියන එක තව එකක්. 


 
අරහෙ ඇල්ෆ මෝල්ලු උඩ පනිනව ළමය ගැන කියව කියව. හැබැයි ඇල්ෆ මෝල්ලු මාර විරැද්දයි කාන්තාවො පොළිසියෙ වගේ "පිරිමි" ජොබ් කරනවට, ඉතින් කාන්තා පොළිස් නිළධාරිනියො මේවගේ අවස්ථා වල අවශ්‍ය බව උන් තකන්නෙ නෑ. ඇල්ෆ මෝල්ලු මාර සපෝට් ගෑණුන්ට ඇන්නා පැන්නා සීන් එකට, එතකොට මේවගේ අවස්ථා ඇති වෙන බව උන් තකන්නෙ නෑ. ඇල්ෆ මෝල්ලු මාර සපෝට් විවාහයට පිට ළමයි ලැබෙන ගෑණු පෙළන්න, එතකොට මේවගේ අවස්ථා ඇති වෙන බව උන් තකන්නෙත් නෑ. පව් ඉතින් මෝඩ කමට බේත් නෑ, උද්දච්ච කමටත් බේත් නෑ.

(ප.ලි - hammer නිලා hammer නිලා දරුවෝ වදලා දාලා යන එක uberලා වගේ ගෑනුන්ගේ ජන්ම ගතියක් වෙන්න ඇති ඒත් කමක් නෑ පාරක වෙලක අත ඇරල යනකොට අඩුම තරමේ රෙදි කෑල්ලකින් ඔතලා පලයන් මොකද පොඩි එවුන්ට සීතලයි 
🙏🫡
)
- මංජුල සිරිවර්ධන

යකෝ මාර ලොජික් මේව. ගෑණු රවටල හැමිණුනු පිරිමින්ට කිසිම චෝදනාවක් නෑ. ඊටත් මේක කලේ පිරිමියෙක්ද මේක කලේ ළමයගෙ අම්ම අධික මානසික පීඩනයෙන් සිහි විකළෙන්ද දන්නෙ නෑ. මොකක්ද වෛරයක් පිරිමහන්න කොහොමහරි ගෑණුන්ට බනින්නනෙ ඕනෙ නේත?

හංසමාලිගෙ වයස දාහතරක කොල්ලට ඊයෙ පෙරේද අම්ම මෝ නැතුව බැනපු සමාජෙ මේ ළමයට මාර ආදරෙයි, මේ ළමය දාහතරෙදි වළියක් දා ගන්න කම්. උඹල තරම් දෙපිටකාට්ටු තක්කඩි ලොවෙත් නෑ.

දරැවාට කියල පෝස්ට් එකේ ලියන්න බයට දරැ\.වාට කියල ලියන එවුන් අර ගෑණුන්ට බනිනව පොලීසි උසාවි යන්න බලන් හරි බය නැතුව ළමයව වඩාගන්න එපැයි කියල. 

"නියම පිරිමි නම් තමා ඔය ලමය අම්ම කෙනෙක් වඩා ගත්තනම් එ අම්මට උබල කතාවක් හදන්න බැරි කමක් නැ එ ලමය එ අම්මගෙ එකනෙ දුවන් ඇවිත් වඩා ගත්තෙ කියල"



අද වන විට මේ සිද්ධිය සියලු දෙනාගේම අවධානය දිනාගෙන ඇත. පොලිස් නිලධාරියා රෙදි කෑල්ලක් අරන් අම්මා කෙනෙක් දරුව වඩා ගන්න කී විට කිසිම කාන්තාවක් ඉදිරිපත් වී නැත. මෙම තරුණයා සිය කමිසය ගලවා දරුවා එහි ඔතා වඩාගෙන තිබේ. එය ඉතා හොඳ කාර්යයකි. දරුවා ගැන හැබෑම සොනහසින් කටයුතු කළ ඒ තරුණයාට ස්තුති කරමු.
දැන් ගෑනුන්ට බැන වැදීමේ වේලාවයි. මුලින් ම දරුවා වැදූ කාන්තාව වේ... බැල්ලියකි. රෙදි කෑල්ලකවත් නැතිව නිකම්ම තණකොළ ගොල්ලේ දමා යාම අපරාදයකි. ඒ සියල්ල ඇත්තය. මේ දරුවා ඒ වේ... බැල්ලිට ජාතක කළ එකා සුදනෙකි. දරුවෙක් සමග තනිවන ගැහැනියකට මේ සමාජයේ සිදුවන අකටයුතුකම් ගැන නැවත මතක් කිරීම අනවශ්ය යයි සිතමි. අනවශ්ය දරු පිළිසිඳගැනීමකට මවත් පියත් දෙදෙනාම වගකිවයුතු වුවත් මේ රටේ එහි වරද පැටවෙන්නේ මවට පමණි. සියලු පිරිමි සාන්තුවරයින් ය. ගෑනුන්ගේ අවලම්කමට ළමයි හදාගෙන විසිකරති. මේ දරුවාද එහෙම වේ... බැල්ලියක විසින් වදා අතහැර දමන ලද දරුවෙකි. දරුවා ජාතක කළ එකා මෙලහටත් ටයි එකක් කාරිය දමාගෙන ඉහළ රැකියාවක් කරනවා ඇති. නැත්නම් බලහත්කාරකමෙන් දරුවා ජාතක කොට සිය හපන්කම කියමින් උදම් අනන බේබද්දෙකු වන්නටත් පුළුවන. ඒ මොකෙක් වුවත් කිසිවකු ඒ ගැන කතා නොකරති. ගැහැනියටම පලු යන්නට බනිති.
මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ වැඩිහිටි මහත්මයෙකි. ඔහු දරුවා වඩාගෙන නැත. වෙනත් අයෙක් මාර්ගයෙන් පොලිසිය දැනුවත් කොට පොලිසියෙන් එනතුරුම දරුවා තණ බිස්සේය. කවුරුත් දරුවා වඩා නොගත්තේ ඇයි? ඒ මේ රටේ නීතිය ගැන විශ්වාසයක් නැති නිසා වන්නට ඇත. ඉන් පසුව අැතිවන ගැටලු මෙසේ ය.
ඇයි පොලිසියෙන් එනකල් හිටියෙ නැත්තෙ?
වඩාගත්කම සාක්ෂි මැකෙනවා
වඩාගත්ත කෙනත් යමු පොලිසියට කට උත්තරයක් ලියාගන්න ඕන
වඩාගත්ත කෙනාගෙ නම ගම පැටිගිරිය පොලිස් පොතේ ලියවෙනවා
ඊට පස්සෙ පොලිසි ගානෙ උසාවි ගානෙ ඇවිද ඇවිද පරිප්පු කන්න වෙනවා
මෙන්න මේ නිසා මේ රටේ පණ අදින මිනිහෙකුට වතුර පොදක් පොවන්නවත් සිවිල් ජනතාව බයයි.
ඒ ඔක්කොම පැත්තක දමා දැන් වැඩි දෙනා බනින්නේ දරුවා වඩාගන්නට ගැහැනු කෙනෙක් ඉදිරිපත් නොවීම ගැනය.
මේ තරුණයාට තිබුණ දරු සෙනෙහස එතන සිටි කිසිම කාන්තාවකට තිබී නැත.
මේ තරුණයා සිය කමිසය ගැලෙව්වාට කිසිම කාන්තාවකට සිය ඇඳුම් ගලවන්නට බැරිය. කිරි දරුවකු අතට ගන්නට ඇත්තටම රෙදි කෑල්ලක්වත් අවශ්යය. දරුවා හීතලේ වේව්ලනු වීඩියෝවේ පෙනේ. මේ අලුත උපන් දරුවෙකි. සෑහෙන වේලාවක් සීතල පින්නේ සිටින්නට ඇත.
පොලිසියේ මහත්තයාට හරි නම් කරන්නට තිබුණේ නිවසකින් පිරිසිදු රෙද්දක් ගෙන්වා එහි දරුවා එතීමය. ඒකට විනාඩි දෙකතුනක් ගත වුවත් එවිට දරුවා ආරක්ෂා කාරීය.
ගෑනු උදවිය දරුවන් හැදීම වැඩීම දන්නා බැවින් පොලිසිය එනකල් බලා නොසිට පිරිසිදු රෙදිකඩක්, දරුවාට කිරි ටිකක් දෙන්න පුළුවන් කිරිමවක් දරුවා පිස දැමීමට උණුවතුර ටිකක් සූදානම් කරන්නට තිබිණි.
පොලිසිය ආ විට ඒ අධීක්ෂණය යටතේ දරුවා පිස දමා කිරි උගුරක් පොවා උණුසුමට ඔතා බාර දෙන්නට කටයුතු කරන්නට තිබිණි.
කොහොම වුණත් අවසානයේ බැනුම් ඇසිය යුත්තේ ගැහැනු ය. රෙද්ද ගලවා දරුවා ඔතා නොගත් වරදට මේ ගමේ ගැහැනුන් රටෙන් ම බැනුම් අසති. අද වන විට දරුවා දමා ගිය කාන්තාවටත් වඩා ගමේ ගැහැනු ටික බැනුම් අසති. වරද රෙද්ද ගලවා දරුවා වඩා නොගැනීමය. ඒ මේ රටේ කැකිල්ලේ තීන්දුය.
උපුටා ගැනීමක්...
ශ්රියා හිඳුරංගල මහත්මිය විසින් ලියන ලදී..

Wednesday, July 16, 2025

MEN SEE YOU DIFFERENTLY WHEN YOU HAVE MONEY: Relationship advice goals &...




අප කුඩා කල සිටම විවාහය යනු කාන්තාවකගේ ජීවිතයේ හිණිපෙත්ත බවටත් ඊට පසු ජීවිතය ඉතාම සුන්දර බවටත් සුරංගනා කතාවක් පවසා පුරැෂාධිපත්‍යය රජයන සමාජ තුළ අපගේ මොළ ශෝධනය කරනු ලැබේ.

එබැවින් ගැහැණු දැරියක් යුවතියක් වන්නේ කසාද බඳින්නේ කවදාදැයි සිහින මවමිනි.

ඔබ වැඩිහිටි විවාහක කාන්තාවක් නම් ඔබේ හදවතට තට්ටු කර අසා බලන්න ඒ සුරංගනා කතාව ඔබේ කතාවද නැත්නම් ඔබ ඉන්නේ තනිකඩ කාලයට සාපේක්ෂව අපායකද?

ඔබ තරැණ කාන්තාවක් නම් ඔබේ හදවතට තට්ටු කර අසා බලන්න ඒ සුරංගනා කතාව ඔබේ මවගේ මිත්තණියගේ ඥාතී හෝ මිතුරැ හෝ අසල්වාසී වැඩිහිටි විවාහක කාන්තාවන්ගේ කතාවද නැත්නම් ඔවුන් අතිශය බහුතරයක් ඉන්නේ අපායකද?

මාලනී ෆොන්සේකාට වයස හැත්තෑ ගානකදීත් තරැණ කඩවසම් පිරිමියෙකුගේ ආදරය ලැබුණි. ඔබේ වයස හැත්තෑ ගානක මිත්තණියට එසේ තරැණ කඩවසම් පිරිමියෙකුගේ ආදරය ලැබෙන්නේ නැත. සමිතා සහ හංසමාලි ආදීන් ගොන් බඩු ලෙස රටේම ප්‍රසිද්ධ නමුත් තරැණ පිරිමි අතර ඔවුන්ට ඇති ඉල්ලුමේ අඩුවක්ද නැත. ඔබ මොන තරම් චරිතවත් කන්‍යාවක් වුවත් එසේ පිරිමි ඔබට වහ වැටෙන්නැත්තේ ඇයිද යන්න ඔබ කවදා හෝ හිතා තිබේද? 

ලංකාවේ පිරිමි ලෝකල් ගෑණු බඳිනකොට කන්‍යාභාවය/චරිතය හොයති, පොරොන්දම් බලති, දෑවැදි ඉල්ලති, කසාදයට පසු වැඩකාරකමේ යොදවති. ඒ පිරිමිම හොරිකඩ ලොන්ත සුද්දියන් බඳිනවිට කන්‍යාභාවය, පොරොන්දම්,දෑවැදි ඉල්ලන්නේ නැතිවා පමණක් නොව කසාදෙන් පසු මීක් නැතිව ගෙදර වැඩද කරති. අර ලංකාවෙ දකුණෙ කොල්ලෙක් සුද්දියෙක්ට සෙට් වෙලා කරන වෙයා ඉස් ලුසී වගේ නමක් තියෙන චැනල් එක මට සජෙස්ට් වෙලා තිබිල දවසක ඒකෙ වීඩියෝ එකක් බැලුව. අම්මටසිරි කොල්ල බ්ලූ කොළර් රස්සාවක් කරල එන ගමන්,  බත් කඩේකට ගිහින් බත් පැකට් දෙකක් ඔතන් ගෙදර ඇවිත්, සුද්දි එක්ක කවා ගන්නව. ඌ බීල ආවෙත් නෑ හොඳේ. දැන් මේ කොල්ල ලෝකල් කන්‍යාවක් බැන්දනම් වෙන්නෙ, කොල්ල බ්ලූ කොළර් රස්සාවක් කරල එන ගමන් ෂොට් එකක් දාල කෙල්ල උයපු බත් එක කිසි වගක් නැතිව ගිලල ඕනෙනම් අපේ අම්ම උයන තරම් රස නෑ කියල රණ්ඩු වෙලා ....

කාන්තාවනි, මේකට හේතුව ඔබ පිරිමින්ට ඔබව අසීමාන්තිකව අවභාවිතා කිරීමට දීමයි. ඔබට සලකන ආකාරයට සුද්දිට සැළකුවොත් සතියෙන් මඟුල කැඩෙන බව පිරිමි දනී.

ඇයි පිරිමි මඟුල කඩා ගන්න බය?

එතකොට සුද්දිගෙන් ලැබෙන ආර්ථික වාසි වලට කෙළවෙන නිසා.

මගේ එක ඇමරිකන් විශ්වවිද්‍යාල ගුරැවරියක් මේ සම්බන්ධ කතාවකදී හිනා වෙවී ඇගේ අත්දැකීමක් කිව්ව.

ඇය තරැණ ශිෂ්‍යාවක් කාලෙ ඇමරිකාවට ආපු දුප්පත් ඉන්දියන් ශිෂ්‍යයෙක් එක්ක සෙට් වෙලා, ඇයව පාවිච්චි වෙන බව තේරිලා, ඇය ඒ සම්බන්දෙ නවත්තන බව දන්නපු වෙලේ මූ අඬ අඬ ඇහුවෙ "එතකොට ඔයා ලබන ඉරිද ඔයාගෙ කාරෙකේ මාව අහවල් තැනට ඇරළවන පොරොන්දුව ඉටු කරන්නෙත් නැද්ද" කියලලු.

අනිත් වැදගත්ම දේ නම් ඔබේ මූල්‍ය වටිනාකම වැඩි නම් පිරිමි ඔබට ගරැ කරන බවයි. මාලනී ෆොන්සේකාට වයසට ගිය පසු තිබූ පිරිමි ආකර්ශනය ඔබේ ආච්චිට නැති වීමටත්, දුප්පත් කන්‍යාවකට නැති පිරිමි ආකර්ශනය හංසමාලි, මාධවී ඇන්තනි, සමිතා ආදී ගෑණුන්ට ලැබෙන්නේද ඒ නිසාය. ඔබේ ඊරිසියාකාර බෝයි ෆ්‍රෙඬ් ඔබට රස්සා කරන්නට එපා යැයි බල කරන්නේද ඒ නිසාය. සුද්දි මාර්ගයෙන් දියුණු රටකට වීසා ලැබෙන නිසා කන්‍යාභාවය දෑවැදි පොරොන්දම් ගේදොර වැඩ අවශ්‍ය නැත. පිරිමින් බහුතරය අමු දෙපිටකාට්ටු ගෝල්ඩ් ඩිගර්ලාය.

විවාහය යනු පිරිමින් විසින් පිරිමින් උදෙසා පිරිමින්ගේ වාසියට ඇති කර ගත් කොන්ත්‍රාත්තුවකි. එහි කිසිම තැනක ගැහැණියගේ සතුට සත පහකට මායිම් කර නැත. එබැවින් විවාහයේ යථාර්තය දැනගෙන සිහි බුද්ධියෙන් එම කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම එකකි, සුරංගනා කතා වලට ගොනාසේ රැවටී එම කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම තව එකකි. 




එක දවසක් රාත්රියක මම තීරණය කලා මට ඔහුව තවදුරටත් අවශ්ය නොවන බව. ඒ තීරණය තද සහ නැවත නොවෙනස්වන තීරණයක් කියලා මට දැනුණා.
ඒත් එක්කම මට මතක් වුණා මම ඔහුට කොයිතරම් නම් ආදරය කරාද කියන එක.
මට මතක් වුණා මං ඔහුගේ උරහිසක හිස තියාගෙන ගිමන් හැරිය මොහොහොතවල්..
මට මතක් වුණා ඔහු මගේ අතකින් අල්ලාගෙන ඇවිදගෙන ගිය කුඩා වීදි කඩ සාප්පු !
ඒ වගේම මට මතක් වුණා මම නිදි නොමැතිව හැඬූ රාත්රීන්. මට අහිමි වුණ මගේ එනර්ජි එක ! ස්පාර්ක් එක ! මට මතක් වුණා ඔහුව හමුවෙද්දී මම හිටියේ කොහොමද කියලා .. මට මතක් වුණා බොහොම සැහැල්ලු සතුටුදායක කුඩා ගැහැනු ළමයාව. මට මතක් වුණා මම ඔහුට නොගැලපේද ? ප්රමාණවත් නොවේද ? ඔහු සතුටු නොවේද යනුවෙන් සිතමින් මා විසින්ම මාව වෙනස් කිරීමට පටන් ගත් දවස් ..
මට මතක් වුණා ඔහුගේ කැමැත්ත දිනාගැනීම වෙනුවෙන්, ඔහුගෙන් ආදරය ලබා ගැනීම වෙනුවෙන් මම ' මා' කොයිතරම් දිය කර හැරියාද යන්න ..
ඒ එක්කම මට මතක් වුණා ඔහු ඔහුගේ ජීවිතේ මට ලබා දී තිබූ ඉඩ කොයිතරම් කුඩාද යන්න !
ඒ අංශුමාත්රික කුඩා ඉඩ වෙනුවෙන් මම මගේ මුලු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කළ ආකාරය ! ඒ වෙනුවෙන් මට ලැබුන හිත් රිදීම්, අතපසු කිරීම් සහ ඉග්නොර් කිරීම් !
ඉතින් , ඒ රාත්රියේ මම තීරණය කලා මට තවදුරටත් ඔහුව අවශ්ය නොවන බව !
එය නැවත නොහැරෙන තීරණයක් ...
That night I decided that I don’t want him.
කරුණාකර උපුාගැනීමේදී කතෘ අයිතිය සුරකින්න.

හොඳ පිරිමි සහ තිරිසන් පිරිමි අතර වෙනස

  මේ පෝස්ට් එකට මාර විදියට ගෑණුන්ට බැනල තිබුන පිරිමි. ලෝ ලිබිඩෝ එක ඩීල් බ්‍රේකර් එකක්  නම් එබඳු ගැහැණු කසාද බඳින්න එපා. සරලයි. නමුත් පිරිමි ...