Monday, March 17, 2025

Facts

 අපි මිනිස්සුන්ට යටවෙලා ඉන්න තාක් , අපි මිනිස්සුන්ට ඕන විදියට ජීවත්වෙන තාක් මිනිස්සු අපිට හරි ආදරෙයි. එයාලා කියන ඕන දේකට හා කියාගෙන යටහත් පහත්ව එයාලට ඔලුව පාත් කරගෙන ඉන්නවනම් ඒ මිනිස්සු අපි එක්ක කිසිම අවුලක් නැතුව ඉන්නවා.

හැබැයි , අපි අපි ගැන හිතන්න ගත්ත දවසට , අපි වෙනස් වෙන්න පටන් ගත්ත දවසට , අපි අලුත් වෙන්න ගත්ත දවසට ඒ මිනිස්සු ඒකට කැමති නෑ.
අපි වෙනස් වෙලා අපේ ජීවිතේ අපිට ඕන විදියට ගෙනියන්න පටන් ගත්ත දවසට තමයි ප්රශ්නෙ පටන් ගන්න.
ඒ කොහොම වුනත් , මොන කතා කිවුවත් අපි නැගිටින්න ඕන. අපි අපිට සතුටු විදියට ජීවත් වෙන්න ඕන. අනිත් මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන එක නවත්තල අපි අපි වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න ඕන.
ප්රශ්න එයි. ඒත් තමන් වෙනුවෙන් , තමන්ගෙ සතුට වෙනුවෙන් අත් හරින්න ඕන දේවල් අත් හැරලා නැගිටින්නම ඕන.
මොකද, තමන්ට තමන් නැතිකරන් අනිත් මිනිස්සු සතුටු කරලා වැඩක් නෑ...🤍
සමුදි ජයසිංහ ✍️

No comments:

Post a Comment

රටටම ශාපයක් වූ දොස්තර උණ

 මට මේ කාරණේ ගැන ටිකක් කතාකරන්න හිතුනෙ රාජ් සෝමදේව මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් දැකල "දොස්තර උණ"නිසා රටට වෙන වින්නැහියේ මං කල...