Wednesday, March 12, 2025

දොස්තර නෝනා රේප් කේස් එක ගැන මගේ සත දෙක

 දොස්තර නෝනා කෙනෙක්ව පපුවෙ අම්මා කියල පච්ච කොටපු පොඩි කොල්ලෙක් රේප් කරල. මම ලන්කාවේ ලොකුම කියල කියන ගෑණු ඉස්කෝලෙට ගියපු කෙනෙක්. මගේ ඕ ලෙවල් කාලෙ දෙපැත්තෙ හිටපු යාළුවො දෙන්නා අද වෛද්‍යවරියන්. මගේ ඒ ලෙවල් කාලෙ දෙපැත්තෙ හිටපු යාළුවො දෙන්නාත් අද වෛද්‍යවරියන්. මගේ සමාජ මාධ්‍ය කව වල ලාන්කිකයො බාගෙකට වඩා වෛද්‍යවරියන්. ඉතිරි පිරිස වැඩිපුරම ඉන්ජිනේරැ වරියන් නිතිඥවරියන් සහ වෙනත් ඉහළම වෘත්තීන් කරන කාන්තාවන්. හැබැයි, මේ ඉහළම වෘත්තීන් කරන කාන්තා සෙට් එක තරම් පුරැෂාධිපත්‍යයට සපෝට් කරන, පුරැෂාධිපත්‍යය නෙමේ වෙන මොන සමාජ අසාධාරණයක් වුවත් තමන්ගෙ වරප්‍රසාදිත පන්තියට පිට සමාජයේ කෙනෙකට සිදු උනත් සද්ද නොකර වැඩක් බලා ගන්න, ඒ වගේම පුරැෂාධිපත්‍යය නෙමේ වෙන මොන සමාජ අසාධාරණයක් උනත් ඒකට වැරදිකාරය  තමන්ගෙ වරප්‍රසාදිත පන්තියේ නම් කොන්දේසි විරහිතව සපෝට් කරන, ඒ සඳහා වෘත්තීය ගරැත්වය බල්ලට දාල නීතිවිරෝධී වැඩ කරන (බොරැ වෛද්‍ය වාර්තා ආදී) ජරාම ජාතියක්. මේක මෙහෙම වෙන්න හේතුව තමයි ලන්කාවෙ මිනිස්සුන්ගෙ තියන පට්ට ආත්මාර්ථකාමීකම. තමන්ට මොකක්හරි සමාජ අසාධාරණයක් නොවන තාක් කල් ඒව නොදැක්ක වගේ ඉන්නව. කාලෙකට පෙර තරැණ ඇඟළුම් කම්හල් සේවිකාවක් අසනීපයකට බෙහෙත් ගන්න ගිය වෙලාවේ විවාහක වෛද්‍යවරයෙක් ඇයට සිහි නැති කරල, දූෂණය කරල, උඩු මහළකි්න් පහළට තල්ලු කරල මර.ල දැම්ම. ඒ සොහොයුරියගේ පවුළ හරීම දුප්පත් අසරණ පවුළක්. මේ වෛද්‍යවරයාට විරැද්දව තිබ්බ ප්‍රබලම සාක්‍ෂිය උනේ සාත්තු සේවිකාවකගේ ඇහෙන් දැකපු සාක්‍ෂිය. ඒ වෙලාවෙ ඒ රෝහලේ දොස්තරල සාත්තු සේවිකාවට දරැණු ලෙස බලපෑම් කරනව සාක්‍ෂිය ඉල්ලා අස් කර ගන්න කියල. අන්තිමේ එම වීර සහෝදරිය තර්ජන නිසා ඒ සාත්තු සේවිකා රස්සාවෙනුත් අයින් වෙලයි සාක්‍ෂිය දිගටම දීල අර දුප්පත් ඇඟළුම් කම්හල් සේවිකාවට යුක්තිය ඉටු වෙන්නෙ. මේ සිද්දියෙන් කාලෙකට පස්සෙ යූටියුබර් කෙනෙක් ඒ දුප්පත් ඇඟළුම් කම්හල් සේවිකාවගේ ගෙදරට ගිහින් වයසක තාත්ත එක්ක කතා කරපු වීඩියෝවක ඉතා සවිස්තරාත්මකව ඒ සිද්ධිය හෙළි කරනවා. ඒ සිද්දිය වෙලාවේ දොස්තරල ගත්තේ තමන්ගෙ සමාජ පන්තියේ පැත්ත. 

තණමල්විල ජාතික පාසලේ 21 දෙනෙකු අතින් දුෂණයට ලක්වු දැරියගේ සිදුවීම යට ගැහන්න උදව් කරේ හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයාත් හම්බන්තොට පොලිසියත් සෙට් වෙලා.

දැන් දොස්තර නෝනා කෙනෙක්ව දුප්පත් කොල්ලෙක් රේප් කරල කියල දැනගත්තම  දොස්තරල උඩපනිනව. ඇයි? තමන්ගෙ සමාජ පන්තියට තර්ජනයක් ඇවිත්.

මට කියන්න තියෙන්නෙ, මට පීඩක පිරිමින්ව පේන්න බෑ වගේම පීඩක පිරිමින්ව එනේබල් කරන ගෑනුත් (මේ කොල්ලගෙ අම්ම වැනි), සමාජ පන්තිය බලල ඒ අනුව සපෝට් කරන පැත්ත තීරණය කරන උදවියවත් වහ කදුරැ වගේ.


No comments:

Post a Comment

දොස්තර නෝනා රේප් කේස් එක ගැන මගේ සත දෙක

 දොස්තර නෝනා කෙනෙක්ව පපුවෙ අම්මා කියල පච්ච කොටපු පොඩි කොල්ලෙක් රේප් කරල. මම ලන්කාවේ ලොකුම කියල කියන ගෑණු ඉස්කෝලෙට ගියපු කෙනෙක්. මගේ ඕ ලෙවල් ...