Wednesday, January 3, 2024

ඉගෙන ගනිල්ලා බං (Advice for 2024)


ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන 8ක්. ඒ අතරින් විධිමත් අධ්යාපනයක් නැතුව ජීවිතේ අති සාර්ථක කරගත්ත ක්රීඩකයො, නලු නිලියො, ව්යාපාරිකයො සහ වෙනත් රැකියා කරන අය ඉන්නව.මේ ප්රතිශතය ලෝක ජනගහනයෙන් ඉතාම සුලු ප්රතිශතයක්.සාර්ථක උන ප්රතිශතයට වඩා අධ්යාපනය කඩාකප්පල් කරගැනීම නිසා නන්නත්තාර උන ප්රතිශතය වැඩී.
ඒ වගේම විධිමත් අධ්යාපනය නිසාම ජීවිතේ සාර්ථක කරගත්ත දොස්තරවරු, ඉංජිනේරුවන්, කලමනාකරුවන්, ව්යාපාරිකයො ඇතුලු වෙනත් රැකියා කරන විශාල පිරිසක් ඉන්නව. මේ ප්රතිශතය උඩ කිව්ව ප්රතිශතයට වඩා ඉතා ඉහල අගයක් ගන්නව. හොදට ඉගෙනගෙන ජීවිතේ අසාර්ථක උන අය ඉන්නෙ ඉතාම අතලොස්සක්.
හැබැයි youtube , facebook ඇතුලු හැම තැනම promote කරන්නෙ ඉගෙනගන් නැතුව ගොඩයන ක්රම. ඒකට හේතුව විදිහට මම දකින්නෙ මහන්සි නොවී ඉක්මනින් සාර්ථක වෙන්න මිනිස්සුගෙ තියන ආශාව.
ඒක නිසා අධ්යාපනය දමල ගහල වෙන දෙයක් කරන්න කලින් තමන් කව්ද , තමන්ගෙ හැකියාවන් මොනවද, තමන්ගෙ හැකියාවම තියන ඒ දේම කරන අනිත් අයට සාපේක්ෂව තමන් කොතනද ඉන්නෙ, මේ කරන්න යනදේ අනාගත අවධානම මොකක්ද කියල සිය පාරක් කල්පනා කරන්න.
හුගක් ලේසී O/L fail වෙලා ප්රකෝටිපතියෙක් උන මිනිස්සු දෙතුන් දෙනෙක් පෙන්නල පරම්පරාවක් නොමග යවන්න. හැබැයි ඒ පස්සෙ ගිහින් ලක්ශ ගානක් තරුණ ජීවිත විනාස උනාම උන්ගෙ ජීවිත ආපහු ගොඩ ගන්න එක ලේසි නෑ !
Copied - Unknown author~

2 comments:

  1. අලුත් අවුරුද්දේ සුවාසූ දහසක් බාල පරම්පරාව සඳහා ඉතා හොඳ උපදේශයක්. ඔවුන් වෙනුවෙන් ඔබට හද බැඳී ප්‍රණාමය !

    ReplyDelete
    Replies
    1. මමත් උපුටා ගත්ත එකක්, ලියපු කෙනාට සහ ඔබට ස්තූතියි.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...