Friday, December 1, 2023

ටොක්සික් මිනිසුන්ව පාලනය කිරීමේ ක්‍රම - සීමා පැනවීම/Boundaries සඳහා pre-requisites මොනවාද?

 



Boundaries (සිමා) කියන්නේ ඔයාගේ ජීවිතය ඇතුලේ හැම ලොකු සහ කුඩා දේකටම පිට මිනිස්සුන්ට ඇතුළු වීමට ඔයා ඉඩ දෙන සිමා මායිමයි. කියන්නට පහසු උනත් සීමා පැනවීම - ඒක කවදාවත් කළින් නොකරපු කෙනෙක්ට- කරන්නට පහසු නෑ, විශේෂයෙන්ම දකුණු ආසියාතික මානසිකත්වය තුළ සීමා මායිම් මුකුත් නැති තරම්.  සන්ස්කෘතිකමය වශයෙන්  දකුණු ආසියාතික රටවල මිනිස්සු එදා ඉඳලම වැඩ කලේ සාමූහික මානසිකත්වයෙන් (Collectivism). සාමූහික මානසිකත්වයෙන් වැඩ කරන කොට ජීවිතය ඇතුලට පිට මිනිස්සුන්ට ඇතුළු වීමට සීමා පනවන්න හරි අමාරැයි, මොකද ඒ පිට මිනිස්සු මත ඔයා යැපෙන නිසා. Collectivism තියෙන සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා අපේ මානසික සුභසාධනයටය කියල නරක මිනිස්සු මඟහැරීමට හෝ ඔවුන්ට සීමා පැනවීමටත් හරි අමාරැයි, විශේෂයෙන්ම අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අනුව සහ පවර් බැලන්ස් එක අනුව.  

Collectivist සන්ස්කෘති වල මූළික ලකෂණ කිහිපයක් නම්;

Values personal interdependence.

1.මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ මම අහවලාගෙ පුතා, නෑයා ආදී ලෙස සමාජ සම්බන්ධතා සමඟයි. මම අහවලාව අඳුනනවා ආදී සෝෂල් කන්ටෑක්ස්  පොර ටෝක්ස් එමට ඇත. අළුත් තැනකදී මිනිස්සු ඔබෙන් පදින්චි කොහේද ගම කොහේද අපේ අහවලා ඒ හරියෙ, තාත්ත කවුද කොහේද වැඩ කරන්නේ මගේ අහවලාගෙ අහවලා වැඩ කරන්නේ එතැන ආදී අන්තර් සම්බන්ධතා හදා ගනී.  

2. මෙවැනි සමාජයක හැමෝම තව බොහෝ දෙනෙක් සමඟ නොයෙක් අවශ්‍යතා වලට අන්තර් සම්බන්ධතා පවත්වන නිසා ගැටුම් හදා ගැනීමට පට්ට බයයි. පුළුවන් තරම් හැම පැත්තම ශේප් කරන් ඉන්න බලයි. කෙළින් කතා කරන්නට බය අතර ව්‍යන්ගාර්ථයෙන් හැඟවීම් බොහෝ වේ.

3. තමන්ගේ කල්ලියට ලෝයල් වීම ඉතා වැදගත් කොට සළකයි. තමන්ට වරදක් නොකරපු මිනිස්සුන්ට කල්ලියේ බලපෑම නිසා බලු වැඩ කරපු නැති අය හරි අඩුයි, ඒවගේම මොන ජරා වැඩේ කලත් තමන්ගෙ එකාව සුද්ද කරන එක හරි සුළබයි.

4. තීරණ ගන්නේ ගොඩක් වෙලාවට තනි පුද්ගලයෙකුගේ/තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහා නොව කට්ටියේම සුභසිද්ධිය සඳහාය. කසාද වලදී ආදරයට හරස් කපා සල්ලිකාරයෙක්ට දුව දෙන එක, රස්සාවකට පිට රටකට හෝ පළාතකට යන එකට විරැද්ධ වීම ආදී උදාහරණ එමට වේ. 

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය වේ.

6. තනි තනි ජයග්‍රහණ වලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණ අගය කරයි.

7. පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම් තමන්ගේ අයිතීන් වලට වඩා වැදගත් වේ.

බටහිර රටවල ඇති Individualistic සමාජ වල ඊට හාත්පසින් වෙනස් වැලියුස් ඇත. එනම්;

Values personal independence.

1. මේ වගේ සමාජ වල හැමෝම වගේ තමන්ව හඳුන්වා දෙන්නේ තමන් ගේ නම් ගම් වතගොත වලිනි. පවුල් වල අන්තර් සම්බන්ධතා හොයන්නේ නැත. අම්ම අප්පා හොයන්නේ හෝ අම්ම අප්පා  අනුව ළමයාව ජජ් කරන්නේ නැත.

2. මෙවැනි සමාජයක හැමෝම තනි තනිව තමන්ගේ වැඩ කර ගනී. මුදල් ගෙවා අවශ්‍ය සේවා ලබා ගනී.

3.  කල්ලි සහ ඒවාට ලෝයල් වීම අත්‍යාවශ්‍ය නැත. කල්ලි වල වාසි නැතිව වුවත් තනියම ජීවත් වීමට බාධා නැත. 

4. තීරණ ගන්නේ තමන්ගේ හිත සුව, සුභසිද්ධිය සඳහාය.

5. සාමූහිකව වැඩ කිරීම සහ අනුන්ට උදව් කිරීම අත්‍යාවශ්‍ය නොවේ.

6. තමන්ගේ අයිතීන්  පවුලට හා සමාජයට ඉටු විය යුතු යුතුකම්  වලට වඩා වැදගත් වේ.

7. ප්‍රශ්න කෙලින් කතා කරයි, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

මේ සමාජ දෙක මේ විදිහවල් වලට අනුගත උනේ නොයෙක් අනන්‍ය හේතු වලට නිසා එකක් අනිකට වඩා හොඳයි හෝ නරකයිද කියන එක වැදගත් වෙන්නෙ නැහැ. නමුත් අද වන විට ටොක්සික් මිනිස් ප්‍රතිශතය සෑහෙන්න ඉහළ ගිහින් තියන නිසා ඒ ටොක්සික් මිනිස් ගහණය වැඩි වීමෙන් වඩාත් අගතියට පත් වී ඇත්තේ සාමූහිකව වැඩ කිරීම අත්‍යවශ්‍ය අoගයක් වූ Collectivist  සමාජයයි.

Collectivist  සමාජයක සීමා පැනවීම පට්ට අමාරැ බව ඔබට පේනවා ඇති. 

Collectivist  සමාජයක හැදෙන එකෙක් සීමා පැනවීම ඉගෙන ගන්නට පෙර තමන් කවුද තමන්ට ඕනෙ මොනවද කියන එක ඉගෙන ගන්න අවශ්‍යයි. Collectivist සමාජ වල මිනිස්සුන්ව හදන්නෙම අනන්‍යතාව මරල දාල, වෙන වචන වලින් කිව්වොත්, ඔබව රැලේ ඉන්න තවත් එක සාමූහික සත්වයෙක් කරන්නයි සමාජය සහ සම්ප්‍රදායික පවුල වළි කන්නේ. ඒ නිසා තමන් කවුද තමන්ට ඕනෙ මොනවද කියල හොයන එක වළක්වල ජීවත් වෙන්න ඕනෙ අනුන් වෙනුවෙන්‍ ය, තමන්ගෙ සතුට අනුන් වෙනුවෙන්‍ පරිත්‍යාග කරන එක උතුම් ය වගේ අදහස් අපේ ඔළු වලට දාලයි කුඩා කාලයේ සිටම ප්‍රෝග්‍රෑම් කරන්නේ. මේක නරක දෙයක්ම නෙමේ, ඒත් සමාජයේ ටොක්සික් භාවය වැඩි වීමත් සමඟ මේක හරිම නරක තැනකට තල්ලු කෙරැනා. 

උදාහරණයක් ලෙස මමාස් බෝයි තත්වය ගනිමු. මමාස් බෝයි ලෙස හඳුන්වන පෞරැෂය කිසියම් වැඩිහිටි පුතෙකුගේ දක්නට ලැබෙන්නේ එම වැඩිහිටි පුතා මව මත තීරණ ගැනීම සඳහා තදබල ලෙස  යැපීමක් දිගින් දිගටම පෙන්වන විට දීය. ටොක්සික් මිනිස්සු නැති ලෝකයක ලොකු පුතෙක් අම්මා මත තීරණ ගැනීම සඳහා යැපීම ඇත්තටම නරක නෑ, මොකද ටොක්සික් නැති අම්මල පුත්තුන්ට නරකක් වන ආකාරයට ඔවුන් මෙහෙයවන්නෙ නැහැ. නමුත් අද වන විට මමාස් බෝයිලගෙ අම්මල බහුතරයක් ටොක්සික් නිසා ඔවුන් පුත්තු මෙහෙයවන්නෙ තමන්ගේ ටොක්සික් අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා මිසක පුත්‍රයාගේ අභිවෘද්ධිය සඳහා නොවේ. 

ඒ ආකාරයටම අද වන විට සැළකියයුතු මට්ටමකට පවුල් සහ සමාජ ටොක්සික් මිනිසුන්ගේ ග්‍රහණයට පත් වෙලා තියන නිසා ඒවා මඟින් ඔබව යූස් කිරීම සහ ඇබ් යූස් කිරීම වැඩි වෙලා තියෙනවා. මේ නිසායි Collectivist  සමාජයක හැදුන ඔබ තරමක් හෝ Individualistic සමාජයේ ලක්‍ෂණ වලට අනුගත විය යුත්තේ. ඒක කරන පළමුවන පියවර නම් තමන් කවුද තමන්ට ඕනෙ මොනවද කියන එක ඉගෙන ගන්න එකයි, එනම් රැළේ  තවත් එකෙක් වීම ප්‍රතික්ශේප කරල මම කියන පුද්ගලයාව හඳුනා ගැනීමයි.

හෙට උදේ නැගිට්ටහම ලැබෙන තේකට අවධානය දෙන්න. ඔයා අවිවාහක නම් ගොඩක් වෙලාවට ඒකෙ සීනි සහ කහට දාන්නෙ අම්මගේ ටේස්ට් එකටනේ, ඒකට ඔයාගේ දිව හුරැ වෙලා වෙලා දැන් ඒක ඔයාගෙ ටේස්ට් එක වෙලා නේද? ඇත්තටම ඔයාට ඕනේ ඒකමද? සමහරැ කැමති වඩාත් සෞඛ්‍යසම්පන්න වීමට අඩු සීනි, සීනි නැති, සත්ව කිරි නැති, පළතුරැ යුෂ - කොටින්ම තේක වෙනුවට වතුර බොන්න කැමති අයත් ඇති නේද? ඇයි අම්මා ඇයගේ තේ එකේ ටේස්ට් එකට ඔබව හුරැ කලේ? ඇයට ඒක පහසු නිසා, ලාබ නිසා, ඇයගේ කැමැත්ත ඒක නිසා, සහ ඒ පරම්පරා වල අය පදම් වූ සාමූහික සත්වයින්  බැවින් ඇය විශ්වාස කලා පවුලේ හැමෝම ඇයගේ තීරණයට එකඟ වෙයි කියලා.  ඉතින් ඒක එක උදාහරණයක් පමණයි. උදේ නැගිට්ට වෙලේ ඉඳල රෑ නිදා ගන්න යන වෙලාව දක්වා ඔබ කරන හැම වැඩකටම ඒ අවධානය යොමු කලොත්, සෑහෙන තරම් පුරැදු තොගයක් කරන්නේ ඒව අනුන් විසින් ඔබ මත පටවපු නිසා මිසක ඔබට ඕනෑ නිසා නෙමේ.   

ඉතින් ඔබ ඔබව ටිකෙන් ටික හඳුනා ගන්නා විට ඔබේ දක්‍ෂතා මොනවාද, ඔබේ දුර්වලතා මොනවාද, ඔබේ ඇතුළාන්තයෙන්ම එන සිහින, ටාගට් මොනවාද වගේ දේවල් අවතක්සේරැවකින් හෝ අධිතක්සේරැවකින්  තොරව තේරැම් ගනු ඇත. මෙන්න මේ High self awareness  අවධියට ඒමට පෙර බවුන්ඩරීස් ගැන කතා කිරීම පවා හරකෙකුට අවකලනය ඉගැන්වීම මෙන් තේරැමක් නැති දෙයක්.  

Madhuri Ranasinghe ගේ පහත පෝස්ටුව ඊට හොඳ උදාහරණයක්.   

"සිමාවන් කියන කාරණව නම් මන් හිතන්නේ අපි බහුතරයකට තාමත් නිවැරදිව තේරුම් ගන්න අමාරුයි. මම කියන මනුස්සයා මෙන්න මේ සිමාවන් හරිම සුක්ශමව භාවිතා කරන කේනෙක්. 

කෙනෙක්ට කියන්න පුලුවන් එක කපටිකම, ආත්මාර්ථ්කාමි බව, එහෙමත් නැත්නම් අසංවේදි බව කියලා.

ලංකාව කොහොමත් කලගුණ සළකන්න ගිහින් ඇණ ගන්න ජාතියක්. සිමාවන් නොතේරිම නිසා එක වෙන්නත් පුලුවනි.

ඕකට හොදම උදාහරණ තියෙන්නේ බටහිර රටවල. හොදටම තමන්ගේ සිමාවන් ලකුණු කරගන්න පුලුවන් මිනිස්සු ඉන්න නිසා, බොහෝ වේලාවට එක කාරණාවකට තියන අකමැත්ත අනික්වාට ගාව ගන්නේ නැහැ. 

සිමාවන් එහෙම නැතිනම් boundaries තබා ගැනිම හෙලා දකින්නේත් නැහැ. යම් තැනකට යන්න, ඒ වගේම ඉලක්කයක් සම්පුර්ණ කරගන්න සිමාවන් අවශ්‍ය වන වේලාවල් තියෙනවා.

ලංකාවේ ඉතින් ගේදරකට ගියත්, පෞද්ගලික කාරණාවන්ගේන් සාකච්ඡා ආරම්භ වෙන කාලයක් වෙද්දි boundaries ගැන නම් කතා කරලා වැඩක්ම නැහැ. 

අමතක කරන්න එපා,ලංකාවේ මිනිස්සු ඉතින් කළගුණ සලකන්න විරුවෙක් ගෙනල්ලාත් ඇණ ගත්තානේ. ඉන්ටලොක් ගල් අල්ලපු එකෙක්ට රටක් හදන්න පුලුවන් කියලත් හිතුවා. 

ඕන්න ඕකේදි වගේම ඕනැම දේකදි සිමාවන් අත්‍යවශ්‍ය අන්න එ නිසා. 

යමක හොදක් නිසා, අනේක් කාරණාවලට සලකා බැලිය යුතුමයි කියන අදහස අපි වෙනස් කරගන්න ඕනි.

කලගුණ සලකන්න ඕනි, හැබැයො කළගුණ සලකන්න ඒ ඒ විදිහි වලට, තමන්ගේ දේවල් comprise කරගන්නේ නැතිව. 

එකට කියන්නේ ආත්මාර්ථ්කාමි කම නම්, අවශ්‍ය අවස්තාවේදි ආත්මාර්ථ්කාමි නොවුනොත් අපිට කොයිම වේලා වේදි හරි කෙළවෙනවා."


රසික සහ බෘනෝගේ මේ සාකච්ඡාව මේ මාතෘකාවට ගොඩක් වැදගත්.

https://www.youtube.com/watch?v=G5XgQm90dBg





1 comment:

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...