Tuesday, September 26, 2023

ගෙදරින් පටන් ගත යුතු සිස්ටම් චේන්ජ් - Self Determination theory by Deci and Ryan

 කාගිල්ස් හුටපටය, වෝට බෝඩ් එකේ පාර මැද අලි නාවන වල, පොළිස්කාරයගේ කළිසමේ සිප් එක හොයන රාජකාරිය වගේ සිද්දි වල හොඳ නරක හරි වැරදි හොයන එක කිසිම තේරැමක් ඇති වැඩක් නොවුනත්, මේ වැඩිහිටි හැසිරීම් සහ ආකල්ප සියල්ලේම පොදු සාධකයක් වන මුල් ළමා විය සන්වර්ධනයේ ගැටළු ගැන කතා කරන එක වැදගත් නිසා ඒ ගැන ටිකක් කතා කරන්නට හිතුනා. 

අපගේ කුඩා කාළයේදී කෝර් ඉමෝෂනල් නීඩ්ස් නොහොත් ප්‍රධාන මානසික අවශ්‍යතා තුනක් ඇති බව ඩෙසි සහ රයන් මනෝ විද්‍යාඥයන් දෙපළ සෙල්ෆ් ඩිටර්මිනේෂන් තියරිය මඟින් දෙදාහෙදි විතර විස්තර කරනවා. මේක මෙම මාතෘකාව ගැන එකම තියරිය හෝ හරිම එක, විද්‍යාත්මකම, හෝ අම්මටසිරිම එක නොවියහැකි උනත් මෙහෙම ඒව තියෙන බවවත් නොදන්න බහුතරයකට මේ විෂයය ගැන අදහසක් දෙන්න මම මේ ලිපියෙන් උත්සහ කරන්නෙ.

එකී මුල් ළමා විය සන්වර්ධනය සඳහා දරැවෙකුගේ ප්‍රධාන මානසික අවශ්‍යතා තුන වන්නේ;

1. Competence – need to feel like they’ve done a good job./ දරැවන්  ඔවුන්ගේ වැඩ හොඳින් කරන බව ඔවුන්ට හැඟීම 

2. Autonomy – need to feel like they have control over what they do./දරැවන්  ඔවුන්ගේ ක්‍රියාකාරකම් හොඳින් පාලනය කරන බව ඔවුන්ට හැඟීම

3. Relatedness – need to have meaningful relationships and interactions with other people./දරැවන්ට  ඔවුන්ගේ සමීප වැඩිහිටියන්/සම වයස් ළමයි/සමාජය  සමඟ ගුණාත්මක  අර්ථවත් හිතවත්කම්  සහ සම්බන්ධතා  ගොඩ නගා ගැනීමට අවස්ථා තිබීම

දරැවන් කුඩා කාලයේදී ඉහත මානසික අවශ්‍යතා සඳහා ඔවුන්ගේ ප්‍රයිමරි කෙයා ටේකර්ස්ල වන දෙමව්පියන් මත මුළුමනින්ම යැපෙනවා. දෙමව්පියන් කොතරම් දුරට ඒ අවශ්‍යතා සපුරනවාද කියන එක මත එම ළමයි වැඩිහිටියන් වූ පසුව ඒ අවශ්‍යතා තමන් විසින් තමන් සඳහා සපුර ගන්නවාද යන්න රඳා පවතිනවා. දරැවන් ගේ මානසික අවශ්‍යතා දිගින් දිගටම නොසැපිරීම/ගනන් නොගැනීම යනු වෙනස් මුහුණුවරකින් සිදු වන තවත් ළමා අපචාරයක්ම වන්නේ අනෙකුත් අප දන්නා ළමා අපචාර වලදී මෙන්ම මෙහිදීද තදබල හින්සනයකට ළමයින් භාජනය කරන බැවිනි. දරැවන් ගේ මානසික අවශ්‍යතා දිගින් දිගටම  නොසළකන වැඩිහිටියෙකුට උදාහරණයක් ලෙස තමන්ගේ හැඟීම් පිටතට නොපෙන්වන, නිතර යකා මාක් එකේ ඉන්න, ළමයි කතා කරන්නවත් බය තාත්තෙක් ගත හැකිය. එවැනි තාත්තෙක් ඉහත කාරණා තුන ඉෂ්ට කරන්නෙ නැත. කාලයක් එසේ ළමයාගේ මානසික සුභ සාධනයක් නැතිව වැඩ සිද්ධ වන විට ළමයා ක්‍රමයෙන්  මානසික සහනය පතා එම වැඩිහිටියා මත නොයැපීමට ඉගෙන ගනී. එම වැඩිහිටියා තමන්ගේ  හැඟීම්, සිතුවිළි හෝ අත්දැකීම් වලට කිසිම වටිනාකමක් නොදී ඒවා ප්‍රතික්ශේප කරන බව ඉගෙන ගනී. එමෙන්ම ඒ නිසා තමන්ගේ  හැඟීම්, සිතුවිළි හෝ අත්දැකීම් වලට වටිනාකමක් නැති බව (කොටින්ම තමන්ට වටිනාකමක් නැති බව) සිතන්නට පටන් ගනී.  කියන්න කෙනෙක් නැති උන පළියට හැඟීම්, සිතුවිළි සහ අත්දැකීම් නැති වන්නේ නැත. අසරණ ළමයා මේ හැඟීම්, සිතුවිළි සහ අත්දැකීම් තමන්ට පුළුවන් හැටියට තනියම ප්‍රොසෙස් කර ගන්නට  පටන් ගනී, නමුත් බොහෝ විට ප්‍රොසෙස් කර  ගත නොහැකිව විපිළිසර වේ. මෙවැන්නන් වැඩිහිටියන් වන්නේ මානසික අසමතිළිතතා (e.g., childhood trauma)  ගණනාවක් සමඟිනි.

ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් චිල්ඩ්‍රන්ලා නොහොත් හැඟීම් වලට කිසිම වටිනාකමක් නොදී හදපු ළමයින් වැඩිහිටියන් බවට පත් උනාම ඒ මානසික අසමතුළිත භාවය නිසා පහත ගති ලක්‍ෂණ පෙන්වනවා.

people pleasing- මොවුන්ට කුඩා කාලයේ පවුලේ අනිත් අයගේ උවමනා එපා කම් තමන්ගෙ උවමනා එපා කම් වලට වඩා වැදගත්‍ය යන අදහස තදින්ම මනසට කාවද්දල තියෙනවා.   ඔවුන් අනවශ්‍ය ලෙස අනුන් සතුටු කරන්නන් වේ. කළින් කියපු පරිදි තමන්ට කිසිම වටිනාකමක් නැති බව සිතන නිසා අනිත් අයගේ ඕනෑ එපා කම් සහ සතුට වෙනුවෙන් තමන්ගේ ඕනෑ එපා කම් සහ සතුට අසීමාන්තිකව කැප කරයි.  ඒ වගේම කාගෙහරි පක්කිළි කමක් කලාම එයාගෙ පිඟානෙන් ඉඳල හිටල හරි මස් කට්ටක් වත් ලැබෙයි යන බලාපොරොත්තුව මොවුන්ට කුඩා කාලයේ  ඇති කරල තියෙනව.  මෙතැනදී හෙල්ති පරාර්ථකාමී කමෙන් මේ හැසිරීම වෙනස් බව කිව යුතුයි. මේ ගොල්ලන්ට නෑ බෑ  එපා කියන්නට හරිම අමාරැයි.  හෙල්ති පරාර්ථකාමී මනුස්සයෙක් තමන්ගේ මූළික අවශ්‍යතාවන්, සතුට, සැනසීම, බවුන්ඩරීස් නොසළකා වෙන කෙනෙක්ගෙ කුඩා ඕනෑ එපා කම් කරල දෙන්න පේ වෙලා ඉන්නෙ නැහැ. 

push through difficult experiences - මේ අය කුඩා කාළයේදී  හැඟීම්, සිතුවිළි හෝ අත්දැකීම් වලට කිසිම තැනක් නොදීපු (බොහෝ විට කුරිරැ ලෙස ගනන් නොගෙන නොසළකා හැරල හෝ  අපහාස, සමච්චල්, බැණුම් මගින් ඒව අධෛර්‍යමත් කරල)  නිසා තමන්ගෙ හැඟීම්, සිතුවිළි හෝ අත්දැකීම් වලට කිසිම වටිනාකමක් නොදී ගිල ගන්නට හුරැ වී තිබේ. ඒ නිසා ඔවුන් තමන්ට යම් වරදක් අසාදාරණයක් හිරිහැරයක් සිත් තැවුළක් බයක් සැකක් සිදු උනාම ඒක කොහොමහරි නිහඬව නොසළකා හැරල හෝ මුකුත් නොවුන වගේ  ගිලගෙන ඉස්සරහට යන්න බලයි. රෑට මිනිහගෙන් අම්බානට ගුටි කාපු හෝ අමු තිත්ත කුණුහරැපෙන් අහ ගත්ත ගෑණු උදේ මොකුත් උනේ නෑ වගේ හැසිරෙනව දැකල ඇතිනේ.  මේ විදිහට ඉන්න නම් වර්තමානය එක්ක ඩිස්කනෙක්ට් වෙලා හෝ අනාගත සිහින මාළිගා හද හද හෝ වෙන මොනවහරි මානසික උප්පරවැට්ටියකින් හිත රවටගත යුතුයි.බොහෝ විට මෙවැනි අය ඉන්නේ තමන් හදා ගත්ත මනෝ ලෝක වල.  

overthinking - කුඩා කාලයේ පටන් හැඟීම්, සිතුවිළි සහ අත්දැකීම් තමන්ට පුළුවන් හැටියට තනියම ප්‍රොසෙස් කර ගන්නට  ගත් උත්සහයේ ප්‍රතිපලයක් ලෙස ඕන දෙයක්අ ධිකව හිතන්නට හුරැ වුන අයයි.

controlling pattern tendencies - ආරක්ශිත හැඟීමක් දැනීම සඳහා දේවල් තදින් පාළනය කිරීමේ නැඹුරැවක් ඇත.

ඊට අමතරව පහත සඳහන් ලක්‍ෂණ ද තිබිය හැක; https://www.facebook.com/reel/1663349084168961

https://www.facebook.com/reel/647365464089516 

https://www.facebook.com/reel/1297254857565861

ඉහත ලක්‍ෂණ හතරේම අවසාන ප්‍රතිපලය වන්නේ  මානසික රෝග, ශාරීරික රෝග බහුල කෙටි අසාර්ථක, ඉතා අඩු  ගුණාත්මක භාවයක් සහිත ජීවිතයකි. නමුත් පසුකාළීනව තමන්ගේ ගැටළුව හඳුනාගෙන වෙනස් වී සාර්ථක ජීවිත ගත කීරීමට ඔවුන්ට හැක. ඒ කෙසේද යන්න ගැන පසුව කතා කරමු.

ලන්කාවේ පේරන්ටින් ස්ටයිල් එකේ අඩුපාඩු නිසා ඉහත චරිත ලක්‍ෂණ සහිත වැඩිහිටියන් ප්‍රමාණය කොතෙක් විශාලද යත් ඒ ගතිගුණ සාමාන්‍යකරණය වී තිබේ. ඒ අනුව පීපල් ප්ලීසර්ස්ලා හරි ෂෝක් අය ලෙසද තමන්ට යම් වරදක් අසාදාරණයක් හිරිහැරයක් සිත් තැවුළක් බයක් සැකක් සිදු උනාම ඒක කොහොමහරි නිහඬව නොසළකා හැරල හෝ මුකුත් නොවුන වගේ  ගිලගෙන ඉඳීම ඉවසීම උපේක්‍ෂාව හෝ වැදගත්කම  ලෙසද ඕවර්තින්කින් සහ කන්ට්‍රෝලින් ආදරයේ සන්කේතයන් ලෙසද සාමාන්‍යකරණය වී ඒ ගති නැති නීරෝගී අය අමුතු සත්තු වන තරමට සමාජය විකෘති වී ඇත. 

ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් චිල්ඩ්‍රන්ලා පීපල් ප්ලීසර්ස්ල වන ආකාරයට එක උදාහරණයක් ලෙස පාට්නර්ට අම්මෙකු වන්න හදන ගැහැණුන් සැළකිය හැක. කුඩා කාලයේදී තමන්ට වටිනාකමක් නැති බව උගන්වා බ්‍රේන් වොෂ් කර ඇති නිසා තමන්ට වටිනාකමක් හදා ගැනීමට මොවුන් තවකෙකු වෙනුවෙන් කැප වීම තෝරා ගනී. ඉන්පසු තමන්ව දැන් කාටහරි වටිනවා නේද යැයි මානසික සුවයක් ලබයි. මේ අය පාට්නර් පයින් ගසා එලෙව්වත් අඬ අඬා පස්සෙන් යන එක සමාජය මඟින්  ආදරය කැපවීම ලෙස උත්කර්‍ෂයට නැගූවද සැබවින්ම සිදු වන්නේ මෙයයි.

නාර්සිස්ට්ලා ගැන මම මීට පෙරද කතා කර ඇත. නාර්සිස්ට් කෙනෙක්ට මෙවැනි ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් චිල්ඩ්‍රන්ලා වී සිටි වැඩිහිටියන් යනු රන් ආකරයකි. ගහන්න ගහන්න වඳින මොවුන්ව හප කර වීසි කිරීමට ඉතාම පහසුය.

Narcissistic guys turn their romantic partners into their "mothers". A lot of times this happens because the only real emotional intimacy the narcists have was with his mother. On the other hand, in deep down, a narcist is emotionally a 5 year old. So, in the love bombing phase, the narscist will wear a mask and act like he has it all together that he is the man but it is an act. Eventually he wants to be himself and relax, and be that 5 year old, so he will try to convert the woman into being his mother. Some women will be repulsed by this but other women will take on the role, because often it serves a need in them. They will get the narc doing all these things because the narc will appear to be helpless. They won't go to the doctors, they won't take care of them, they can't cook, do their laundry,  so the narc dude will have the woman do everything and woman becomes his mother. (If the woman leaves/dies, narc will start doing all the things that he claimed he cannot do) 

ටොක්සික් පේරන්ටින් වලදී නිතරම යෙදෙන වචන තුනක් ගැනත් කතා කරනන හිතුනා. ඒ නම් ගෝල්ඩන් චයිල්ඩ් (golden child), ස්කේප්ගෝට් (Scapegoat) සහ පේරන්ටිෆිකේෂන් (Parentification) යන වචන තුනයි.

ගෝල්ඩන් චයිල්ඩ් - පවුළක ළමයි අතුරින් පෙනුම, දක්‍ෂතා, ලින්ගය, වැඩිමලා/බාලයා වීම වගේ කුමන හෝ හේතු වලට අනිත් දරැවන්ට වඩා විශේෂ ආදරයක් සැළකිළි දක්වා හදන ළමයා

ස්කේප්ගෝට් - In the Bible, a scapegoat is one of a pair of kid goats that is released into the wilderness, taking with it all sins and impurities. පවුළක ළමයි අතුරින් පෙනුම, අදක්‍ෂතා, ලින්ගය, වැඩිමලා/බාලයා වීම වගේ කුමන හෝ හේතු වලට අනිත් දරැවන්ට වඩා අඩු ආදරයක් සැළකිළි දක්වා හදන ළමයා. පවුලේ කවුරැවත් කරන්න අකමැති වගකීම් යුතුකම් වැඩ වැටෙන්නේ මේ ළමයා ගේ උර මතට වන අතර කවදාවත් හොඳක් ලේසියෙන් නොඅසයි. පවුලේ කුණු අදින බර අදින මොහු නිතර හැමෝගෙන්ම දොස් අහයි.  

පේරන්ටිෆිකේෂන් - ළමයින්ට කුඩා කාලයේ තම බාල සහෝදර සහෝදරියන් බලා ගැනීමට සිදු වීම නිසා ළමා කාලය අහිමි වී බලෙන් දෙමාපියෙකු කරවීම

ඉහත තුන් වැදෑරැම් දරැවන් වැඩිහිටියන් වන්නේ බොහෝ මානසික ගැටළු සමඟිනි. ගෝල්ඩන් චයිල්ඩ්ලා හිතන්නේ අනිත් අය ඉන්නේ තමන්ට සේවය සඳහා කියාය. අනිත් දෙකොටස ඉමෝෂනලි නෙග්ලෙක්ටඩ් චිල්ඩ්‍රන්ලාය. එම නිසා තමන්ගේ දරැවන්ගේ මානසික සෞඛ්‍යය ගැන දෙමව්පියන් උනන්දු වීම ඉතාම වැදගත් වේ. 

මෙවැනි ටොක්සික් දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ඇති ස්කේප්ගෝට්ලාට සාර්ථක ප්‍රීතිමත් ජීවිතයකට ඇති එකම විකල්පය හැකි ඉක්මනින් පවුල සමඟ සබඳතා අතහැර (අවම යුතුකම් හැඟීම්බර නොවී කරමින්) ස්වාධීන වීමයි. ලේ වතුර වලට වඩා ඝනය යන කියමන ඊට හාත්පසින්  විරැද්ධ අදහසක් දෙන වාක්‍යයක් විකෘති කිරීමකි - The blood of the covenant is thicker than the water of the womb. නියම පවුළ වන්නේ ඔබට ගරැ කරන ඔබව අගය කරන ඔබව අත නොහරින ඔබව පවින් වළකන ඔබට සැනසීම ගෙනෙන මිනිසුන් මිසක  ජාන වලින් සම්බන්ධ වූ වධකයන් නොවේ..












3 comments:

  1. දරුවන් කොතෙක් ලොකු වූවද ඔවුන්ගෙන් මිදී ස්වාධීනව ජීවත් වීමට හැකියාවක් නැත. ඔවුන්ට එන ගැටළු වලදී මැදිහත් වීමට සිදුවේ. සියල්ල යථා පරිදි සිදුවන ලොවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නැහැ මෙතන දරැවන්ගෙන් මිදීමක් ගැන කියනව කියල, මෙතන කියන්න උත්සහ කලේ කොමන් පේරන්ටින් ගැටළුවක් ගැනයි. මෙතන පවුළක ස්කේප්ගෝට් ළමයාට හැකි නම් ස්වාධීනව ජීවත් වෙන්න යෝජනා කරල තියෙනවා, ඔබ දන්නවා ඇති තාත්තලා ගේ පේරන්ටින් ස්පෙක්ට්‍රම් එක ගත්තොත්, බයොලොජිකල් අන්ඩර් ඒජ් දුවව දූෂණය කරන තාත්තලගේ සිට ස්ටෙප් ඩෝටර්ගේ අසනීපයකට වකුගඩුව හරි ඇඟෙන් කෑල්ලක් පවා දෙන තාත්තල ඉන්නවා, ඒ අන්ත දෙක අතරමැද ලක්‍ෂ සන්ක්‍යාත තාත්තල ඉන්නවා, අම්මල ගත්තත් එහෙමයි. බයොලොජිකල් අන්ඩර් ඒජ් දුවව දූෂණය කරන තාත්තට සළකන්න වඳින්න පුදන්න කියල අපට ඒ දුවට කියන්න බෑ, අතහරින්න කියන එක මිසක. ස්තූතියි.

      Delete