Monday, December 28, 2020

වැරැද්දකට සමාව ඉල්ලීමේ නියම ක්‍රමය


https://scontent-dfw5-2.xx.fbcdn.net/v/t1.0-9/132338718_3526122757423618_204953860420294469_o.jpg?_nc_cat=1&ccb=2&_nc_sid=730e14&_nc_ohc=YonMNxUFBroAX9CxAFF&_nc_oc=AQmrUKC8m29etOwqTUrBXfcWGo89uCe8zgINPSEtfF2rCcemG2h51KNH-mjjULhgT3E&_nc_ht=scontent-dfw5-2.xx&oh=94bf278c7dea492e5d976cae1a3e06b2&oe=600DEDE1
බයියන් අනුන්ට වැරැද්දක් කිරීම එතරම් ලොකුවට ගනන් නොගනී. තමන්ගේ සුළු හෝ වාසිය ගැනම පමණක් හිතන මොවුන් බොහෝවිට අනුන් තලා පෙලා සතුටු වන උදවිය නොහොත් පරපීඩා කාමුකයින් ය. නමුත් බයියන්ගේ මේ හැසිරීම උන්ටම පරාවළල්ලක් වෙන අවස්ථා බොහොමයකි. තමන් අතින් අගතියට පත්වූ එකෙකුගෙන් උදව් අවශ්‍ය වන මොහොතක් එලැඹීම එබඳු අවස්ථාවකි. අනිත් අතට ඔබ කාටහෝ හොඳින් සැළකූවිට එය ආශීර්වාදයක් වන අවස්ථාද බොහොමයකි. 

බයියන් හිතන ආකාරයට ශක්තිවන්තයන් යනු තමන් අතින් වරදක් වූ බව පිළිනොගන්නා උද්දච්ච මිනිසුන් ය. අනිත් අතට බයියෙක් බොහෝවිට කිසිදාක වරදකට සමාවක් නොදී සදාකාලයටම පන්න පන්න පළිගන්නා අයෙකි. එබැවින් බයියෙකුගෙන් ශිෂ්ඨසම්පන්න මනුස්සයෙක්  සමාව ඉල්ලුවොත් ප්‍රතිපලය එතරම් සුබ නැත.  තමන්ගෙන් වරදක් වූ විට බයියන් බොහෝවිට කරන්නේ අගතියට පත්වූ පුද්ගලයාව ටික කලක් මඟහරිමින් සිට නැවත කිසිවක් නොවූ පරිදි සෙට් වෙන්නට ඒමයි. ඇතැම් විට තමන්ගෙන් වූ වරද විහිළුවෙන් තහළුවෙන් ශේප් කිරීමටද හදති. මේ උපායවල් හරි නොගියවිට අගතියට පත් පුද්ගලයා සමඟ වෛර බැඳ ගෙන ජීවිතකාලයටම තරහ වෙති.

ශිෂ්ඨසම්පන්න ලෝකයේ මිනිසුන් තමන් අතින් වරදක් වූ විට හැසිරෙන්නේ වෙනස් ආකාරයටය. රෑපයේ දැක්වෙන පරිදි ඔවුන් තමන්ගෙන් වරදක් වූ පුද්ගලයා සමඟ සoවාදයක් අරඹයි. මෙය ඉතා අමාරැ දෙයකි. ඔබේ උද්දච්චකම, මාන්නය පසෙක ලා මෙසේ කතාබහක් ඇරඹීමට සුවිශාල ආත්මශක්තියක් අවශ්‍ය වේ. එම සoවාදයේදී ඔබ සමාව ඉල්ලන කාරණය කුමක්ද, ඔබ ඔබේ එම හැසිරීම වරදක් ලෙස දකින්නේ ඇයි, එම හැසිරීමේ වගකීම ඔබ බාරගන්නා බව (අරය කියපු නිසා ආදී අඳබාල justifications නොකරන්න), ඔබේ වරද නිසා වූ අගතිය නිවැරදි කරන්නට ඔබට කළහැකි/අනෙකා බලාපොරොත්තු වන දේ, නැවත නැවත එම වරද නොකරන බවට ඉටා ගත් බව, අවන්කව සමාව ඉල්ලීම, සහ මෙසේ කතාබහ කර ගැටළුව විසඳා ගැනීමට කැමති වීම ගැන ස්තූති කිරීම යන කරැණු සඳහන් විය යුතුය. එසේ නැතිව නිකන්ම සොරි යැයි කීම හෝ වැරැද්දේ සැර බාල කිරීමට හැදීම නොකරන්න. අවන්ක වීමද අනිවාර්‍ය වේ.

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...