Thursday, December 24, 2020

හීීනමානයෙන් හා අධිමානයෙන් පෙළෙන මානසික රෝගීන් (බයියන්)

බයියන් විවිධ ආකාරයට අර්ථ නිරෑපනය කල හැකිය. මම බයියන් ලෙස හඳුන්වන්නේ හීීනමානයෙන් හා අධිමානයෙන් එකවර පෙළෙන මානසික රෝගීන් ය.  මොවුන් ගේ පහත දැක්වෙන ගතිගුණ බොහෝ විට දැකිය හැක;

1. එකට සමගියෙන් ජීවත් වීම වහකදුරැය. කෙසේ හෝ බෙදී මගේ පිළ තමයි හොඳ යැයි දක්වමින් අනුන්ව පහත හෙලීමට තම අධික හීනමානය විසින් පොළඹවයි. මේ බෙදීම් අතර පාසල අනුව, පළාත අනුව, ජාතිය අනුව, ආගම අනුව, ලින්ගිකත්වය අනුව, දේශපාලන පක්‍ෂය අනුව, රස්සාව අනුව, උපාධි අනුව, ආදී බොහෝ කුළක වර්ග වෙති. 

2. තමුන්ගේ පිලේ එකා මොන වැරැද්ද කලත් ඌව සුද්ද කිරීම තම පරම යුතුකම යැයි සිතති. තමුන්ගේ පිලේ එකාගේ  වැරැද්දක් වැරැද්දක් ලෙස දැකීමේ හැකියාවක් හෝ තමුන්ගේ පිලේ නොවන එකාගේ හොඳක් හොඳක් ලෙස දැකීමේ හැකියාවක් හෝ ආත්මශක්තියක් නැති පට්ටම හීන මාන කාරයන් ය.   

3. ඕනෑම දේකට තමන්ගේ මතයක් ඇත.  තමන්ගේ මතයේ දැඩිව එල්බගෙන සිටියි. එම මතයට බොහෝ විට විද්‍යානුකූළ  හෝ තර්කානුකූළ පදනමක් නැත. එම මතය ඇති කර ගන්නේ පට්ට නූගත් ගෝත්‍රික පදනමකිනි. කිසි විටක තම මතයකට නිසි ශාස්ත්‍රීය හැදෑරීමක් නොකරයි.  

උදාහරණයකට ගත්තොත්;

මතය: මම ඡන්දය දෙන්නේ අහවල් පක්‍ෂයටය

පට්ට නූගත් ගෝත්‍රික පදනම: 

Example 1: මගේ මියපරලොව ගිය තාත්ත ඡන්දය දුන්නේ ඒ පක්‍ෂයට. මම තාත්තට ගොඩක් ආදරෙයි මට තාත්ත වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ මේක (this is a true story, this guy is a doctor, who vote for a nasty politician again and again because of the fact that he cannot separate his love for  late father and late father's political views)

Example 2: අල්ලපු ගෙදර එකා එක්ක මම බද්ධ වෛරයි. උගේ පක්‍ෂයට විරැද්ධව මම වැඩ කරනවා. 

Example 3: ඒ පක්‍ෂය/දේශපාලකයා හොඳයි කියල මගෙ හබී කියනවා (ශාස්ත්‍රීය හැදෑරීමක් නැත, පවුලේ සමගිය වෙනුවෙන් මිනිහා කියන විදියට කළ යුතුය)

4. තම මතය වෙනස් කිරීම (විද්‍යානුකූළ  හෝ තර්කානුකූළ පදනමක් මත) පෞරැෂහීන භාවය යැයි සිතති. මොන තරම් විද්‍යානුකූළ  හෝ තර්කානුකූළ හේතු ඉදිරිපත් වී තම මතය ඇස් පනාපිට වැරදි බව පෙනෙද්දීත් බයියන් නොවේ පසුබසින්නේ. මොකද තම මතය වෙනස් කිරීමට තරම් නිහතමානීකමක් හෝ පෞරැෂයක් හෝ දුර දැක්මක් නැත.

5. තම මතය ඇස් පනාපිට වැරදි බව පෙනෙද්දී බයියන් බොහෝ විට පරළ වේ, බැණ ගනී, ගුටි කෙළ ගනී, ගහ මරා ගනී. බයියන්ගේ ප්‍රධාන ලක්‍ෂණයක් නම් බුද්ධිමය සන්වාද වලට ඇති අධික බිය, අකමැත්ත, සහ අශිෂ්ඨ ලෙස ඊට බාධා කිරීම වේ.

6. බයියන්ට ඇත්තේ දෙබිඩි ජීවිත වේ. බයි දේශපාලකයකු පිට මිනිස්සුන්ට සින්හලකමේ අගය ගැන ගිරවෙකු මෙන් වමාරන ගමන් ඇමරිකාවේ දේශපාලන රැකවරණ මත පදින්චියට ඇප්ලයි කරයි. බයි වෙදෙකු පිට මිනිස්සුන්ට සින්හල බේත් විකුණද්දී උගේ ගෑනි ආණ්ඩුවේ ඉස්පිරිතාලයට බේත් ගැනීමට යයි. බයි මහාචාර්‍ය තුමා ඇමරිකාවට එරෙහිව බයියන් ෆෝම් කරන ගමන් උගේ ළමයින් හා මුණුපුරන් ඇමරිකාවේ පුරවැසියන් වීම බයියන්ගෙන් සඟවයි. 

7. බයියන් තම ආත්මය ඉතා අඩු ලන්සුවකට යක්ෂයාට පාවා දෙති. (absolutely no dignity, self respect)



2 comments:

  1. ඇයි රජයේ රස්සාවක් අරන් දුන්න නිසා. පාරට කොන්ක්‍රීට් දාලා දුන්න නිසා. ගේ ලග ලයිට් කණුවට බල්බ් එකක් දාලා දුන්න නිසා වගේ ඒවත් එකතු වෙන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්. ඔබ සඳහන් කරන අය පට්ට දුප්පතුන් ගණයට මිසක බයියන් ගණයට දමන්නට මම අකමැතියි. බයියකු වීම හැර පට්ට දුප්පතුන්ට වෙනත් විකල්පයක් නැහැ. ඔවුන් induced බයියන් වන්නේ socio-economic සාධක නිසා. බයියන්ට බොහෝ විකල්ප තිබෙනවා බයි ගතිය අතහැර මනුස්සයෙක් වන්නට. උදාහරණයකට බයි මහාචාර්‍යවරයා ගමු. ඔහුට උගත්කම, මුදල්, හොඳ රැකියාවක්, ගෙයක්, පවුළක්, තුන් වේලට කෑමබීම, අන්තර්ජාලය, ඉන්ග්‍රීසි දැනුම ආදී සෑම එකක්ම තිබෙනවා, නමුත් බයියෙක්. දුප්පත්කම නිසා ගණිකා වෘත්තියේ යෙදීම සහ කුපාඩිකම නිසා ගණිකා වෘත්තියේ යෙදීම දෙකක් as I see it.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...