Tuesday, April 14, 2020

ඔබේ ආදරය මින් කුමක්ද?

මේ ලෝකෙ බැඳීම් වර්ග තුනක් තියෙනවා.

1. Karmic relationships
2. Soul mate
3. Twin flame

අපි කොහොමද relationship එකක් හරියටම ඔතනින් කොයි catogery එකටද අයත් වෙන්නෙ කියලා හොයා ගන්නෙ.

මුලින්ම අපි බලමු karmic relationship එකක් කියන්නෙ මොකද්ද කියලා.

" උඹ රස්සාවට යනවා නම් මේ සම්බන්ධෙ මෙතනින් ඉවරයි කියලා හිතාගනින්... ! "
" උඹට යාලුවෝ එක්ක ට්‍රිප් යන්න දුන්නොත් හොඳට තියෙයි... ! "
" උඹ අඳින්න පළඳින්න ඕන මම කියන විදියට... ! "
" මම විතරක් හිටියම ඇති උඹ සමාජය ආශ්‍රය කරන එක නවත්තපන්... ! "

Karmic relationship එකක් හැමවෙලේම අපිව සැක කරනවා. ඒ අවිශ්වාසය මත දැඩි ලෙස අපිව පීඩනයට ලක් කරනවා... අපිව තළලා පෙළලා ඔවුන්ගෙ අවශ්යතාවයන් ඉටු කරගන්නවා. සරළවම කිව්වොත්... karmic relationship එකක ඉන්නකොට.. අපිව තනිකරම ගත යුත්තක් නැති හිස්ම හිස් රොඩ්ඩක් බවට පත් වෙනවා.

හැබැයි , ඔබට අයිතියක් නෑ කාටවත් ඇඟිල්ල දික් කරන්න. ඔවුන් ඔබේ ජීවිතය නැති නාස්ති කරා කියලා.

ඔබේ ජීවිතේ වටිනාම දේ වෙන්නෙ ඔබ ඔබ තුළින් ගොඩ නැගෙන එක මිස , දිනක ඔබ කායික මානසික ආධ්‍යාත්මික සුවතාවයෙන් යුතුව නොසැලී නැගී සිටින එක මිස , බාහිරින් කිසිවෙක්ට අත ගාලා අල්ලන්න දකින්න බැරි ශරීරයට කිසිම පල ප්‍රයෝජනයක් නැති පටලයක්වත්... මාස කිහිපයක් කාපු බීපු ස්පර්ශය විඳපු තැන් වල මතකයන්වත් , ඔවුන් එක්ක ඔබ පවත්වපු සබඳතාවය පිළිබඳව ලෝකයා කොච්චර දුරට දැනුවත් වෙලා හිටියද කියන එකවත් නෙමෙයි.

___________________________________________

Karmic relationship එක මානසික රෝගී තත්වයක්ද... ? Karmic වගේ ප්‍රේමයක් වෙනස් කරගන්න පුළුවන් වෙයිද... ???

මුලින්ම මම relationship වර්ග තුනේ ඉතිරි දෙක පොඩ්ඩක් පහදලා ඉන්නම්.

1. Karmic relationship
2. Soul mates
3. Twin flame

ජීවිතේ අපිට මුලින්ම ලැබෙන්නෙ karmic relationship එක. මේක බොහොම ගැඹුරු කාරණාවක්. Karmic relationship එකකදි අපි හිර වෙන්නෙ කොහොමද අපිට අපි නැති වෙන්නෙ කොහොමද කියන එක ගැන මම කලින් කතා කළා. ඕනම ගිම්හානයක් ඉවර වෙන්නම ඕන වසන්තය එන්න නම්. ඒ වගේ... ඕනම අපලයක් ගෙවෙන්නම ඕන හොඳ කාල අපේ ජීවිතේට එන්න නම්. Karmic relationship එකක් කියන්නෙ හැමවෙලේම ඔබේ සංසාර ණය පියවන තැනක්. " ප්‍රේමය කර්මයක ස්වරූපයෙන්ද පැමිණිය හැක " කියන concept එක apply වෙන්නෙ ඔන්න ඔතනදි. ඉතින් ඔබ කර්ම ගෙවිය යුතුමයි. ඔබට ඉන් පලා යන්න බෑ.

ඔබ karmic relationship එක අවසන් කරපු දවසට ඔබට මුණ ගැහෙනවා soul mate කෙනෙක්. Soul mate කියන්නෙ විවාහයකට සුදුසු relationship එකක් තමයි. හැබැයි ඔබේ soul mate ඔබේ හොඳම මිතුරිය , ඔබේ ගුරුවරයා , ඔබේ වෛද්යවරයා , කොටින්ම ඔබේ මව පියා ඔබේ දරුවා වෙන්නත් පුළුවන්... ! මොකද ආත්මයේ හොඳ සහකරුවෙක් වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්නෙ... ඉතින් soul mate කියලා කියන්නෙ විවාහය පදනම් කරගෙන ඔබ වෙනුවෙන් බිහි වුණ ඔබේ අනිකා කියන කෙනා නෙමෙයි.

නමුත් twin flame ඉන්නෙ එකයි.. ඒ කියන්නෙ ඔබේම අනිත් " ඔබ "
ඔබ අනිවාර්යයෙන්ම විඳිය යුතුම relationship එකත් ඒක. මොකද ඔබ සංසාරය අවසන් කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ආස්වාදයේ ආදීනවය දැකිය යුතුයි...
Twin flames හොඳම උදාහරණය සිද්ධාර්ථ යශෝධරා... ඔවුනොවුන් මුණ ගැහුණා. ඔවුන් මේ සසර කෙළවර කළා.

Twin flame කෙනෙක් නිතරම ඔබව පාරනවා. මේ කියන ක්‍රියාවලිය දරාගන්න හරි අමාරුයි.
මෙන්න මේ කියන situation එකේදි ඔබ හරියටම වටහගත යුතුයි. Karmic පෑරවිල්ලයි twin flame , soul mate පෑරවිල්ලයි සම්පූර්ණයෙන්ම දෙකක්.

Karmic relationship එකකදි පාරවන්න රණ්ඩු වෙන්න හේතුවක් අවශ්ය නැහැ. ඔවුන්ට තමන්ගෙ පෙම්වතා පෙම්වතිය යාලුවෙක් එක්ක කතා කළත්.. තමන්ගෙම සහෝදරයා එක්ක කතා කළත් රණ්ඩු... සමාජ මාධ්‍යය භාවිතා කරත් රණ්ඩු.. ඒ කිසිවක්ම නැතුව nokia 3100 භාවිතා කළත් ඔවුන් අතරෙ රණ්ඩු... karmic relationship එකක් හැමවෙලේම ඔබ තුළ ඉන්න ඔබව මරනවා.

හිතන්න ඔබ උසස් පෙළට මුහුණ දෙන කෙනෙක් කියලා. ඔබේ බලාපොරොත්තුව නීති විද්‍යාල ප්‍රවේශය , හැබැයි ඔබට උසස් පෙළ ලොකුවට සමත් වෙන්න උවමනාවක් නෑ. ඔබ අලසයි. ඔතැනදි twin flame ඔබව පාරනවා.

" නෑ... උඹ මේක කරන්නම ඕන. උඹ අනිවාර්යයෙන් rank එකක් දාන්න ඕන. උඹ මේ දැන් ඉඳන් අහවල් වෙලාව වෙනකල් පාඩම් කරන්න ඕන. "

Twin flame කෙනෙක් ඔබව පාරන්නෙ ඔබව වඩා හොඳ කෙනෙක් කරන්න. ඔබ තුළ ඉන්න ඔබව එළියට ගන්න. ඒ වගේම twin flame කෙනෙක් කවදාවත් ඔබ නොවන කෙනෙක් වෙන්න කියලා ඔබට බල කරන්නෙ නෑ.

නීතීඥයෙක් වෙන්න ආස ඔබව ගුරුවරියක් කරන්න karmic relationship එකක් උත්සාහ කරනකොට , නීතීඥයෙක් වෙන්න ආස ඔබව නීතීඥයෙක් කරලා එතනින් එහාට අධිනීතිඥයෙක් වෙන හීනයත් ඔබට පෙන්වනවා twin flame කෙනෙක්...

ඒ වගේමයි karmic relationship එකකදි ඔබ විඳවන හිරවීම soul mate , twin flame relationship එකක නැහැ. එතැන ඔබට උපරිමෙන් ඔබේ නිදහස ලැබෙනවා. ඔවුන් ප්‍රේමය දකින්නෙම ඒ නිදහස තුළින්මයි.

අවසාන වශයෙන් ,
Karmic relationship එකක් එක්ක විවාහයකට නම් එළඹෙන්න එපා. එහෙම වුණොත් ඔබට මරණය දක්වාම කර්මය ගෙවනවා සහ ඊළඟ භවයටත් ණය හදාගෙන සසර දිගු කරගන්නවා ඇරෙන්න සැනසීමක් නම් නැහැ.

ඔබ මේ කාරණාව හරි හැටි තේරුම් අරන් ඔලුව පාවිච්චි නොකළොත් ඔබටත් වෙන්නෙ...

"අනේ අයියා කැමති නෑනෙ මම ට්රිප් එක යනවට ඔයාලා යන්න අනේ... "
"අනේ අයියා කැමති නෑනෙ මම ඔය වගේ ඇඳුම් අඳිනවට..."
"අනේ අයියා කැමති නෑ අනේ මම කැම්පස් යනවට... "
"අනේ අයියා කියන්නෙ ලොකු ලොකු රස්සා ඕනෙ නෑ ටීච කෙනෙක් වෙන්න කියලනෙ..."

වගේ ගොබ්බ මානසිකත්වෙකින් karmic relationship එකක් ඇතුළෙම ජීවිතේ කිසිම විඳීමක් නැතිව මැරිලා යන්න... !

ඉතින් වරදවා වටහා ගන්න එපා... karmic කියන්නෙ මානසික රෝගී තත්වයක් නෙමෙයි. ඒ ඔබ පෙර සසර එක්කාසු කරපු කර්ම... හැකි පමණින් එය ගෙවා අවසන් කරන්න..

ඔබට මේ සක්වල කණපිට හරවන්න බෑ වගේම , karmic relationship එකක් twin flameට පරිවර්තනය කරන්නත් ඔබට බෑ... !

මොකද ,
ඔබ විශ්වාස කළත් නැතත් ,
මළ පෙරේතයෙක් ඇතුළෙ බුදුන් වහන්සේ කෙනෙක් නෑ.
බුදුන් වහන්සේ කෙනෙක් ඇතුළෙ මළ පෙරේතයොත් නෑ... ! ☘️

___________________________________________

අපි ප්‍රේමයට සහ කර්මයට මොන තරම් බැඳෙනවද කියලා පැහැදිලි කළොත් ,

අපි අපිට අපි වෙන්න දෙන්නෙ නැති බැඳීමක බැඳිලා ඉන්නවා. අපි හුඟක් වේදනා විඳිනවා. හැබැයි අපි හරි ආදරෙයි... පණ වුණත් දෙන්න ලෑස්තියි කියන මතේක අපි ඉන්නවා.

ඉතින් අපි අර හැම වේදනාවක්ම දරාගන්නවා.
හිතන්නකො ඔවුන් අපිට විනෝද චාරිකාවක් යන්න අවසර දුන්නෙ නැහැ.

" අනේ එයා මට යන්න නොදුන්නෙ මම ඔය ට්‍රිප් එක ගිහින් වැවකවත් ගිලෙයි කියලා බය වෙලානෙ.. අනේ ඒ අතින් බැලුවම එයා මට කොච්චර ආදරේද... මගෙම ආරක්ෂාවටනෙ එයා මට යන්න නොදුන්නෙ... "

එහෙම හිතලා අපි ඒක සාධාරණීකරණය කරගෙන ඔවුන් ළඟ ඉන්න හේතු හදාගන්නවා.

ඊටපස්සෙ යාලුවෝ චාරිකාවෙ පින්තූර ටික බුකී ගත කරහම අනේ අපරාදෙ කියලා හූල්ලනවා..
ඒකත් පිටට පෙන්නන්නෙ නෑ..
තනියම දරාගෙන ප්‍රේමය ඉස්මතු කරගන්නවා..

කොටින්ම ,
හිතන්නකො ඔවුන් අපිව මුලා කරලා මාස ගාණක් තවත් ප්‍රේමයක පැටලිලා ඉඳලා අපිට දැනගන්න ලැබුණා කියලා...
අපි මොකද කරන්නෙ...
ඒ සියලු නොපනත් කම් ඉවසලා.. හරි ආදරෙන් ඉවසුවා වගේ ලෝකයාට පෙන්නන්න ඕන කමට " අණ්ඩපාලයා " වගේ හරි හුරතල් අන්වර්ථ නාමයකුත් පට බඳිනවා... !

මිනිස්සු එහෙමයි... අපිට උවමනා වුණත් කර්මය නොගෙවා ඉන් පලා ගියා කියලා ඵලක් නැහැ...

හැබැයි.... අපිට karmic relationship එක වෙන කෙනා තවත් කෙනෙකුගෙ twin flame වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එතන තියෙන්නෙ පුද්ගලභාවය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දෙදෙනාගෙ සිතුම් පැතුම් කොතරම් දුරට ඒකාත්මික වෙනවද කියන එක ගැන ප්‍රශ්නයක්.

වෙනකක් තියා අපිත් අපේ ජීවිතේ එක්තරා පරිච්ඡේදයදි karmic වෙලා ඉන්නවා. අපිත් නීති රීති බැමි වැටකඩුළු දානවා.

" අහවල් එකී එක්ක කතා කරලා අහු වෙන්නෙපා.. "
" අහවල් දේ කරලා අහු වෙන්න එපා... ! "

හැබැයි... twin flame relationship එක මුණ ගැහුණට පස්සෙ අපි වෙනස් වෙනවා.. එදාට අපිට ඒ දේවල් නීති රීති දාලා හදන්න තරම් මහා බක්ක හේතු සාධක නෙමෙයි.. මොකද අපි දන්නවා. හිර කරලා රකින්න තරම් ඒ බැඳීම දුර්වල නැහැ කියලා...

ඉතින්... මම කලින් කිව්වා වගේ ,
Karmic relationship එකක් කවදාවත් twin flame වෙන්නෙ නෑ. හැබැයි අපිට පුළුවන් karmic relationship එක twin flame කියලා හිතාගෙන හේතු හදාගෙන හිත සනසගෙන ජීවත් වෙන්න. මේ ලෝකෙ ඕන තරම් එහෙම කරන මිනිස්සු ඉන්නවා.

Karmic relationship එකක් ඇතුළෙ ඉන්න කෙනෙක්ට සමාජගත වෙන්නත් අවස්ථාව අඩු නිසා ඔවුන් දන්නෙ නැහැ ඔවුන් දකින සීමාවෙන් එහා ලෝකයක් තියෙන වග. ඉතින් ඔවුන් karmic relationship එක ඇතුළෙ ඔවුන් දකින සීමාව තමයි ලෝකය කියලා හිතාගෙන ජීවිත කාලෙම ළිඳක් ඇතුළෙ එහෙට මෙහෙට පැන පැන ඉඳලා... ණය ගෙවලා.. ඊළඟ භවයටත් ණය ගනුදෙනුවක් හදාගෙන මැරිලා යනවා... ! ☘️

උපුටාගැනීමකි.
https://www.facebook.com/maayakaraya/?__tn__=kCH-R&eid=ARBAOrjWSqSh0d1_-poOT9escw2C93IrcYwWrUDXIsinlmaKG7njFhJyKucy2qonYUghBNxvg2o5ATHZ&hc_ref=ART0Qy82nLQgi03Y3UA0RWp3xHJxgeAucKCj8NqN6bEzTR4IWN94WDADgJ2F90R5nDk&fref=nf&__xts__[0]=68.ARDDnnB2AkmsVi5yuD2TW3zwkLeNOKzOzWmM3R2ZBXE1ESBvBl4RxSaPCNgTbsLswLoGI6Xd6j02nT2xtW2MhJkAYJkMR-duwyDsrpETji2Getl2Yc2nc5pQwNE_t4zI6q0PIv8P4_Sr2r84iIourCIOWWF2aH6ynh_RrxwKep02JAXsmhdE5LqtbD4GaIbxXoaxK7OxaNmHxDhpIkC8IcwOl4uX3zU3bhzIvItDPUUIjciygAVVgz5P5YLrQCUTiFIcItrtIEZAJccBNx0sDMXa0OZEL7i29Lt1d4vPOd-0xFhDQtsIt8ZsXZE-75UDxQtPyKBqCxA7C7ZQ9IM

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...