Monday, April 13, 2020

දරැවන්ව හදිසි අවස්ථා වලට මුහුණ දීමට හුරැ කරමු


උදේ පාන්දර ඉහත පෝස්ටුව මුහුණුපොතේ දැක්කම මේ සටහන ලියන්නට හිතුනා. මුලින්ම කියන්න ඕන කරැණාකරල ළමයින්ගෙ ඡායාරෑප දානකොට ඇස් ආවරණය කරල අනන්‍යතාව සඟවල දමන්න. මම මේ ඡායාරෑපය එසේ කලත් මුල් එකේ ළමයින්ගෙ මුළු මූණම තිබුනා. මේක හදපු මනුස්සය ඒක කරන්න ඇත්තෙ සද්භාවයෙන් වෙන්න ඇති. ඒත් මේ ළමයින්ගෙ මුළු මූණම දාල අනන්‍යතාව නොසැඟවීම අන්තිම වැරදී. මේ පෝස්ටුව මේ ළමයින්ගෙ දෙමාපියන්ගෙ අවසර ඇතුවද පල කරල තියෙන්නෙ? සයිබර් අපරාධකාරයන්ට පහසු ගොදුරක් මේ ළමයි දැන්. දෙමාපියන් ගෙදර නැති බවට රටටම අණබෙර ගහල ගෙදෙරට හොරැන්ට සහ බාල අපරාධ කාරයන්ට ආරාධනය කරල.   

දෙවන කාරණය තමයි කුඩා ළමයි ටිකක් රණ්ඩු උනාම දුවල ගිහින් අම්මට කේළම් කියනව වගේ ලoකාවෙ FB ඇඩ්ම්න්ල හැම රෙද්දම රටේ ජනාධිපතිට විසඳන්න කීම. මේ කාරණය ග්‍රාමසේවක පොළිසිය වැනි ආයතන වලට අදාළ දෙයක්. 

තුන්වන කාරණය තමයි දරැවන්ව හදිසි අවස්ථා වලට මුහුණ දීමට හුරැ කරමු කියන දේ. මේ දරැවන් ඉතා කුඩා දරැවන් නොවේ. හදිසියකදී බතක් හොද්දක් උයා ගන්න, තමන්ගෙ රෙදි ටික හෝද ගන්න, වළන් ටික හෝද ගන්න, ගේ දොර බලා කියා ගන්න ඔබේ දරැවන්ට, විශේෂයෙන්ම පිරිමි දරැවන්ට ඔබ හුරැ කර තිබේද? බටහිර රටවල නම් ගෑනු  පිරිමි බේදයක් නැතුව තමන්ගෙ වැඩ කර ගන්නට දරැවන්ව හුරැ කරනවා. මේ ගැන ටිකක් හිතන්න.



No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...