Monday, April 6, 2020

දුප්පතුන්ගේ චක්‍රය

රත්නතිස්ස හාමුදුරැවො ලoකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ ආකල්ප ගැන බුකියෙ ලියල තිබුන පෝස්ටුව වැදගත් එකක්. (පෝස්ටුව පහළින් දක්වා ඇත) ලoකාවෙ දුප්පත් මිනිස්සුන්ට ආපදාවක් උනාම ලoකාවෙ යහපත් මිනිස්සු හැමදාමත් පුළුවන් හැටියට උදව් කරනව. ආපදාව පහ වෙච්ච ගමන්ම මේ දුප්පත් මිනිස්සු යහපත් මිනිස්සුන්ට පයින් ගහල කවුරැහරි නසරානියෙක් තමන්ගෙ මන්ත්‍රී කර ගන්නව. ඕක චක්‍රයක් වගේ දිගටම වෙනව.

අපට මුකුත් ලැබුන්නෑ. කවුරුත් අපිව බලන්නේ නෑ,

නැති බැරි අය, අසරණ වූ පවුල්, අඩු ආදායම් ලාභී පවුල්, සමෘධි ලාභින් මේ දිනවල නිතර ඇසෙන වචනය. පසුගිය දින වල ඔවුන්ට ආධාර කිරීම සඳහා අප ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමිය සමඟ මා හට යාමට අවස්ථාව ලැබිණි. ඔවුන්ට එසේ වුයේ ඇයි? මේ මට හිතෙන හැටිය.

1) අපිරිසිදු කම.

බොහෝ නිවෙස් ඉතා අපිරිසිදුය. මිදුල් ගෙවල් කිසිදා අතු ගා නොමැත.බොහෝ අයගේ ඇඳුම් දින ගණනකින් හෝදා නැති බව පෙනුනි. පිරිසිදු කම හා අසරණ කම යනු දෙකකි. මිනිසුන් අසරණ වුවත් පිරිසිදුව සිටීමට බාධාවක් නැත.

2) අපිළිවෙල

බොහෝ නිවාස වල වැඩ ඉවරවී නැත. ඉවරවූ නිවාස වලත් කුමක් හෝ මඩුවක් බාගෙට හදා ඇත. ගල් ගොඩවල් යකඩ ගොඩවල් හා වෙනත් කෙදිනකවත් අවශ්‍ය නොවන කහල ගොඩවල් මිදුල පුරා ගොඩ ගසා ඇත. නිවාස තුලත් කිසි දෙයක් පිළිවෙලට නැත. සමහර නිවාස වල ඇති සෝෆා නිසා නිවස තුලට ඇතුළු වීමට අපහසුය. ඒවා මිලට ගෙන බොහෝ කාලයක් ගතවී ඇති බව පෙනුනත් තවමත් පොලිතින් වලින් වසා ඇත.

3) ප්‍රයෝජන වන දේවල් වගා කර නැත.

ඔවුන් සියල්ලන්ටම පචස් 15, 20 හෝ ඊටත් වඩා විශාල ඉඩම් ඇත. ඉබේ පැලවූ දේවල් හැර වෙනත් කිසිත් නොමැත. අඩුම තරමින් බොහෝ නිවෙස් වල මල් ගසක් වත් නොමැත.තාප්ප වලත් ඉබේ ගස් පැලවෙන රටක ඔවුනට ප්‍රයෝජනවත් දෙයක් වගා කළ නොහැක්කේ මන්දැයි මට ගැටලුවකි.

4)මත් ද්‍රව්‍ය

50% පමණ පවුල් වල අය මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇත. ග්‍රාම නිලධාරිනිය පැවසුවේ සමෘධ් ලාභීන් බොහෝ පිරිසක් මේවාට ඇබ්බැහි වී ඇති බවය. අවසානයේදී රජය සමෘධි ආධාර දෙන්නේ කුඩු ගැසීමටද?

5)සියළු දේ නොමිලේ බලාපොරොත්තු වීම

ඔවුන් බොහෝ පිරිසක් පැවසුවේ අපිට තාම කොහෙන්වත් මොකුත් හම්බ උනේ නැති බවය. ඉපදුනු දා සිට මේ දක්වා සියළු දේ නොමිලේ ලැබී ඇති බැවින් උපාධිධාරීන් ආණ්ඩුවෙන් රැකියා ඉල්ලනවා සේ ඔවුන් සිතන්නේ ඔවුන් ඉපදුන නිසා ආණ්ඩුවෙන් ඔවුන් නඩත්තු කළ යුතු බවය.

ඉහත සඳහන් කාරනා අඩු ආදායම් ලාභී පවුල් 80% කට පමණ අදාලය. සෑම මැතිවරණයකදීම දේශපාලකයින් පොරොන්දු දී රවටන්නේද ඔවුන්ය. මට පෙනෙන විදියට අප රටට ඇති ලොකුම අභියෝගය ඔවුන්ව ගොඩ ගැනීමය.

ප්‍රසංග අල්විස් මගේ මිත්‍රයාගේ සැබෑ අත්දැකීමකි.. ස්තූතිය ඔහුට

Copied
Geeth samaraweera

https://www.facebook.com/HeraliHamuduruwo?__tn__=%2CdCH-R-R&eid=ARCXPETmTO-pM_UgKS_E_oS37nq8rgEbPTQwccf_pHbbLtb6O3pFyUU-2jJliUcwzRstqsDLTfVGoRiK&hc_ref=ARTZ3LJC_Po25El_pIWwCuL6D5KK8hmC1_WSiGX5gXp5QNljioxTzqB-boI59r7GAtU&fref=nf

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...