Monday, March 23, 2020

කොරන්න බැරි දේ කොරවන්න ආපු කොරෝනා - උපුටා ගැනීමකි


Image may contain: text


සතුන් මැරීම කොරෝනා බොහෝසෙයින් වළකන ලදී

අන්සතු දේ තම අතින් ගැනීම කොරෝනා බොහෝසෙයින් වළකන ලදී

කාමයෙහි වරදවා හැසිරීම කොරෝනා බොහෝසෙයින් වළකන ලදී

සත්‍යය සඟවා මුසාබස් දෙඩීමට කොරෝනා විපතක්ම ගෙන දෙයි. තැන තැන කල්ලි ගැසී ඕපාදූප, කේළම් කීමටද කොරෝනා විපතක්ම ගෙන දෙයි.

මත්පැන් මත් ද්‍රව්‍ය දුම් පානය කරන්නන්ටද කොරෝනා විපතක්ම ගෙන දෙයි

ඒ විතරක්ද ?

මෙයින් ගැළවිය හැක්කේ දුප්පත් පෝසත් උස් මිටි භේද අතහැර හැමෝම එකට වැඩ කලොත් පමණි

කවදාවත් නොසිතූ ලෙස පාරිභෝගිකයන් අඩු වී ව්‍යාපාර  වලට පාරිභෝගිකයන්ගේ අගය දැනී ඇත (මතකද යුනයිටඩ් එයාර් ලයින්ස්  වෛද්‍යවරයෙක්ව බලහත්කාරයෙන් ගුවන් යානයෙන් ඇද දැමූ යුගය https://www.npr.org/sections/thetwo-way/2017/04/10/523275494/passenger-forcibly-removed-from-united-flight-prompting-outcry)

ධනපතියන්ට මුදල් ආහාරයට ගත නොහැකි බව තේරී ඇත

සෑම හෙම්බිරිස්සාවකටම සිංගප්පූරු දුවන්ඩ බැරි බවත්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය අප වැනි දුප්පත් රටකට අත්‍යාවශ්‍යම ආයෝජන බවත්, කොම්පැණි ගැටවලට අහු නොවී අපේ ශරීරය පුළුවන් උපරිම සෞඛ්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම වැදගත් බවත්, රට කරවන ඇත්තන්ට සහා ඔවුන් බලයට පත් කරන මහජනතාවට "කොරෝනා" අවබෝධ කර දී ඇත

මිනිසුන්ට තම නිවසේ වටිනාකම තේරී ඇත

නොමැරෙන ලෙස ජීවත් වූවන්ට මරණ භය තේරී ඇත

මේ ලෝකය මෙපමණකල් පැවතී ඇත්තේ කොතරම් සියුම් බිඳෙනසුළු අස්ථාවර සමතුළිතතාවයකද යන්න කොරෝනා අපට පෙන්වාදී ඇත

බලමුකො ඒකෙත් හැටි!

2 comments:

  1. පලමු වතාවට මෙහාට ගොඩ වුනේ... මගෙ බ්ලොග් රෝලට එකතු කර ගත්තා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිථිල, මමත් වාසිතය පසුපස පන්නන්නෙක්

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...