Sunday, March 22, 2020

කොරෝනා පැතිරීම වැළකීමට අදහසක්

ගෙදර හාල් පරිප්පු ඉවරද? ආහ් මිරිස් කුඩු ඉවරයි! අම්මගෙ බෙහෙත් ටික ගන්න අමතක උනාද පෙරේද? දැන් ගාල කඩාගෙන දුවන්නද හිතං ඉන්නෙ හෙට?

මේ ලිපිය ඔබේ පවුලෙ ඉන්න තරුණම, ශක්තිමත්ම, නිරෝගිම පුද්ගලයට දෙන්න කියවන්න.

1. දැන් ඔයා තමා පවුලෙ ඉන්න තරුණම, ක්‍රියාශීලීම, ඉවසිලිවන්තම කෙනා! දැන් ඇත්තටම හෙට ගෙදරින් එලියට යන්න ඕනෙද? උත්තරේ ඔව්ද? එහෙනම් ඔයා විතරයි හෙට ගෙදරින් එළියට යන්නෙ. තේරුණාද? මුලින්ම ඔයා ගෙදර වෙනම තැනක් හොයා ගන්න ඕනෙ ඉන්න (වෙනම කාමරයක් තියෙනව නම් හොඳයි). හෙට මුළු පවුලම එළියට දුවල හරියන්නෙ නෑ. මුලින්ම පවුලෙ ඉන්න වයසකම අයව පොඩ්ඩක් ඔයාගෙන් ඈත් කරල තියන්න ඕනෙ (අම්ම, තාත්ත, ආච්චි, සීයා, නැන්දා, මාමා), තව පොඩිම බබලත්. ගෙදර වෙනම කාමර තියෙනව නම් ඒ ගොල්ලන්ව වෙන් කරල තියන්න. දැන් වගකීම ගැන හිතන්න. ඔයාගෙ පවුලෙ කවුරු හරි කොරෝනා නිසා මළොත් ඒ ඔයා නිසා! මේක විහිළුවක් නෙමෙයි!

2. දැන් මාස්ක් එකක් හොයාගන්න. රෙදි මාස්ක් එකක් උනත් කමක් නෑ. එහෙමත් නැත්නම් හොඳ ලොකු ලේන්සුවක් හොයා ගන්න. ඒකෙ එක පැත්තක මැකෙන්නෙ නැති තීන්ත එකකින් ලකුණක් දාගන්න (නැත්නම් මැහුමක් දාගන්න). මීට පස්සෙ ඒ ලේන්සුව මුකවාඩමක් විදියට පාවිච්චි කරන්නෙ, ඒ ලකුණ දාපු පැත්ත එළියට. හරිද? ඔන්න මාරු කර කර දාන්නෙ නෑ.

3. තව අත හෝදන 70% ඇලිකොහොල් බෝතලයක් හරි, අර අත් පිරිසිදු කරන Hand Sanitizer එකක් තියෙනව නම් සාක්කුවෙ දාගන්න. එහෙම එකක් නැත්නම් කමක් නෑ. දැන් තමන් ගාව තියෙන රෙදි මල්ලත් අරගෙන පිටත් වෙන්න.

4. දැන් යන තැන් ටික හිතුවද? එහෙට මෙහෙට වාත වෙන්නෙ නැතුව කෙටිම පාරකින්, ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් විදියක් හිතන්න. බස් වල නොගිහිං පයින් යනදුරෙන් තියෙන කඩේකින් බඩු ටික ගන්න බලන්න.

5. ආහ් ATM එකට යන්න ඕනෙ? යන්නෙ බස් එකේද? හරි එහෙනම් මිනිස්සු අඩු එකකට නගින්න. පුළුවන් ඔක්කොම මිනිස්සු කතා වෙලා බස් එකේ එක පැත්තකට විතරක් හැරිල හිටගන්න. මුලින්ම යන්නෙ ATM එකටද? සල්ලි ගත්තට පස්සෙ ATM එක ළඟ තියෙන Hand Sanitizer එකෙන් අත් පිරිසිදු කර ගන්න.

5. දැන් බඩු ගන්න තැනට යන්න, ඔය මූණෙ බැඳන් ඉන්න මුකවාඩම ගලවන්න - ආපහු දාන්න ඔට්ටු නෑ! ආපහු ගෙදර එනකල් අල්ලන්නවත් හරිගස්සන්නවත් තහනම් හොඳද? හැඩ බලන්නත් බෑ. බඩු ගන්න පෝලිමේ ඉන්නකොට මිනිස්සු එක්ක කතා කරල බලන්න හැමෝම මීටරයක දුරක් තියල පෝලිමේ ඉන්න. ඉක්මනට බඩු ටික අරං ගෙදර එන්න.

6. හෝව්, එහෙම කඩාගෙන බිඳගෙන ගෙට එන්න බෑ. මුලින්ම සපත්තු දෙක ගලවන්න. ඊට පස්සෙ අත කකුල් හොඳට සබන්දාල හෝදන්න. දැන් මුකවාඩම ගලවල ඒකයි, ඔක්කොම ඇඳමුයි වෙනම හෝදන්න. බඩු ගෙනාපු හිස් රෙදි මල්ලත් හෝදල දාන්න. ඊට පස්සෙ නා ගන්න.

7. ඒ ගෙනාපු බඩුත් (හෝදන්න පුළුවන් ඒවා තියෙනව නම් ඒවත් හෝදලා) තියන්න. ඔයා ඉතිං අනිත් අය බොන කෝප්ප වලින් වතුර බොන්න, ඒ අයව බදාගන්න - ඉඹින්නෙ නැතුව ඉන්න බලන්න. ඔබට තරුණ බව - ශක්තිය ලැබීමත් එක්ක ලොකු වගකීමකුත් ලැබිල තියෙනවා! ඔයා මේ දේවල් කරන්නෙ තමන්ගෙ පවුල බේරගන්න.

ආයෙ දවසක එළියට යන්න උනොත්, ඒත් ඔයා තමයි යන්න ඕනෙ, වෙන අය යන්නෙ නෑ. ඒකටත් ඉතිං ඔයා නිරෝගීව ඉන්න ඕනෙ. තේරුණාද? පණ්ඩිතයෙක් වෙන්නත් එපා, මෝඩයෙක් වෙන්නත් එපා, වීරයෙක් වෙන්න දඟලන්නත් එපා! වගකීම විතරක් ඔළුවෙ තියාගන්න.

ඒ. ඒ. තසුන් අමරසිංහ සහ වෛද්‍ය දුලාජ් රණසිංහ

https://www.facebook.com/RADULAJ?__tn__=%2CdlCH-R-R&eid=ARChEZ_BFyy3azMqgr-pbKhqf5JKSb6XN-DgUw6BZFG3RyAO2OGG-BfoJ8R7Mbgn8b9FdIh1Yi0mMAVP&hc_ref=ARQ1J5yXLaz8u_qXVzPyox6caVeCP-U1SgiM2pSkzbgb4DhHRBwsJIa3_Nu2QT72B4c

2 comments:

  1. අදහස් ටික පංකාදුයි. ඒ උනාට දැන් තරුණයෝ කියන එකක් අහන අය නොවෙයිනේ !

    ReplyDelete
    Replies
    1. මේක ලියපු වෛද්‍යවරැන් දෙපලට ඔබේ සහ මගේ ස්තූතිය හා ගෞරවය හිමියි. අධික වැඩ රාජකාරි අතරේ මෙය ලියුවට. ඇත්ත, ඇමරිකාවෙ තරැණ තරැණියොත් ඒවගේ. නමුත් අපි අපේ ආරක්ශාව ගැන බලාගත්තොත් වැඩේ ගොඩ. තරැණ තරැණියො ගැවසෙන බීච්, ක්ලබ්, සාද, ආදියට අපි යන්නෙ නෑ. අත්‍යවශ්‍ය දේකට හැර ගෙදරින් එළියට යන්නෙත් නෑ. අදහසට තුති stay safe!

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...