Saturday, December 28, 2019

නත්තල් සාදය- දෙවන කොටස

See the source image
https://singlemumssurvivalguide.files.wordpress.com/2015/12/christmas-food.jpg (12/28/2019)

අප සහභාගී වූ නත්තල් සාදයේ තිබුණු තවත් ධනාත්මක ලක්‍ෂණ කීපයක් ඔබත් සමඟ බෙදා හදා ගන්නටයි මේ ලිපිය ලියන්නට අදහස් කලේ. කලින් ලිපියේ මම කිව්වනේ නත්තල් සාදය පැවැත්වූ අපගේ ඇමරිකානු ජාතික මිතුරාගේ පවුලේ සිටින්නේ දහ හත් වියැති නවයොවුන් දියණියක් බව. ඇය කුඩා කල සිටම tap dancing (lap dancing නොවේ) නැමති නර්තනය හදාරනවා. එම නර්තනයේ විශේෂත්වය තමයි විශේෂ ලෝහ අඩි සහිත පාවහන් පැළඳ එම අඩි පොළවේ තාලයට වද්දමින් නටන ගමන් තාලයට ශබ්ද කිරීම. මේ link එකෙන් tap dancing වීඩියෝවක් මම පෙන්වනවා. https://www.youtube.com/watch?v=Q4FYNF02yEM

ඉතින් මම සාදය අතරතුර දුවට කිව්වා බැරිද tap dance එකක් කරන්නට කියලා. අනේ කෙල්ලට හරිම සතුටුයි, දුවල ගිහින් එයාගේ ලෝහ අඩි සහිත පාවහන් යුගලත් අරගෙන ආවා. ඔන්න සාදයේ හැමෝම ඇගේ නර්තනය නරඹන්නයි සූදානම. කෙල්ල ලස්සනට නටනවා. සාදයේ හැමෝම තාලයට අත්පොළසන් දෙනවා. නර්තනයේ මැදක් හරියේදී ඒ අසල තිබූ පුටුවක පැටලී කෙල්ල ඇදගෙන වැටුනා. හැබැයි අසුරැ සැනකින් නැගිටගත් ඇය කිසිවක් සිදු නොවූ පරිදි ලස්සනට නටා නර්තනය අවසන් කරනවා. ඇය ඇද වැටුනු සහ නැගිටගත් එම ක්‍ෂණයේදී එතෙනට විදුලි වේගයෙන් ගොස් ඒ පුටුව පසෙකට කලේ සාදයට සහභාගී වූ අවුරැදු දොළහක පමණ ඥාති පුතෙක්. ඒ පුතාට කවුරැවත් කිව්වෙ නෑ ඒක කරන්නට, ඔහුගේ ක්‍ෂණික ප්‍රතික්‍රියාව තමා එය. මේ සුලු සිද්ධි දාමයට වැඩිම උනොත් තත්පර පහළොවක් ගත වෙන්න ඇති. කාන්තා සහ ළමා පීඩක සමාජයක හැදී වැඩුණු මට මේ සුලු සිද්ධි දාමය blog post එකක් ලියන්නට තරම් වැදගත්. ඇයි ඒ?

මගේ කලින් post එකේදි කතා කරපු දෙයක් තමයි බොහෝ ලාoකික සාද වල පිරිමි බෝතලයට සෙට් වී බිරිඳ සහ ළමයින්ව තබා සාදයේ අරමුණවත් මතක නැති, අදාලත් නැති අන්දමට හැසිරෙන ආකාරය. ඇමරිකන් වේවා ශ්‍රී ලoකන් වේවා ළමයින් යනු ළමයින්ය. අර දුව තම නර්තන හැකියාවන් එදා නත්තල් සාදයේදී පෙන්වීමට පුල පුලා බලා සිටියා වගේ ඔබේ දරැවාත් සාදයකදී ඔහුගේ/ඇයගේ හැකියාවන් පෙන්වීමට පුල පුලා බලා සිටියි. ඔබ බෝතලයට සෙට් වී ඔබේ බිරිඳ කුස්සියේ ඕපදූපයට සෙට් වූ පසු ඔබේ දරැවාට එබඳු අවස්ථා අහිමි වේ. අනිත් අතට බේබදු පිරිමි ඉදිරියේ ඔබේ නවයොවුන් දියණිය නටනවාට ඔබ කැමතිද? 

දෙවනුවට ඇය ඇදවැටුනු සහ යලි නැගිට්ට මොහොත ගැන සලකමු. මෙවෙලේ ඇයට අනතුරක් සිදු වුනාදැයි වැඩිහිටි අප මොහොතකට බිය වුවත් ඇය යලි නැගිට්ට නිසා අනතුරක් නැති බව පෙනී ගිය හෙයින් වැඩිහිටි මැදිහත්වීමක් අවශ්‍ය නොවීය. වැඩිහිටි සියල්ලන්ම ඒ මොහොතේ නිහඬව තත්වය නිරීක්‍ෂණය කලහ. වැඩිහිටි සියල්ලන්ම හොඳ සිහියෙන් සිටීම ඊට හේතුවයි. ඔතන බේබද්දෙක් සිටියානම් අනේ අපොයි කියාගෙන හොඳ පිස්සුවක් කෙළිනු ඇත, ඇගේ පියා බේබද්දෙක් නම් මවගේ ජාතිය අමතා රණ්ඩුවක් අල්ලා ඒවාට උඩගෙඩි දෙන ඉරිසියාකාර ගෑනු තැන තැන හොඳවැඩේ ඕකිගෙ විසේට යැයි කටුකුටු ගගා ඇයට ලැජ්ජා කර ඇයට  tap dancing ජීවිතේටම එපා කරවන අලකලoචියක් සිදු වීමට බොහෝ ඉඩ තිබුණි. අනිත් අතට ඇයට අනතුරක් උනානම් වැඩිහිටි පිරිමි හොඳ සිහියෙන් සිටීම ඉතාම වැදගත් වේ.

තෙවනුව කුඩා පිරිමි දරැවාගේ හැසිරීම දෙස බලන්න. ලoකාවේ සාදයක නටන කෙල්ලක් බිම වැටුනොත් කුඩා පිරිමි දරැවන් පමණක් නොව මහ ගෑනු සහ පිරිමිද බොහෝවිට මුලින්ම කරන්නේ විසිල් ගසා හූ කියා සිනාසී ආතල් එකක් ගැනීම නොවේද? මේ කුඩා පිරිමි දරැවා ගේ ප්‍රතික්‍රියාව ඒ අතින් මොනතරම් උදාරද? කාන්තාවන්ට ගෞරව කිරීම පිරිමි දරැවන්ට කුඩා කල සිටම පුරැදු පුහුණු කලයුතු වැදගත් ගුණධර්මයකි. ගැහැණුන්ව පාගාගෙන සිටින කිසිදු රටක් ජාතියක් කවදාවත් නියම දියුණුවක් ලබන්නේ නැත.

ඒ විශාල සාදයේ අස්පස් කිරීම් කලේ ගෙහිමියන්මය. ලoකාවේ සාද වල පුරැද්දට මම උදව් කරන්නට හැදුවත් ඔවුන් එයට ඉඩ නොදුන්හ. ලoකාවේ මෙන් මෙහෙකරැවන්ගේ සේවය ඇමරිකාවේ බොහෝ පවුල් ලබා නොගනී. තමන්ගේ වැඩ තමන් කරගැනීමට කැමතිය. වැඩ පහසු කරන උපකරණ ඇති නිසා ලoකාවට වඩා නිවසේ වැඩ කිරීම පහසු වීමත් එක හේතුවකි. කොතරම් ධනවත් සහ බලවත් වුවත් ගෙහිමියන්ම ඉතා කැමැත්තෙන් අපගේ ඉඳුල් ඉතා නිහතමානීව අස්පස් කලේ නත්තලේ සැබෑ අරැත පසක් කරමිනි. අවසාන වශයෙන් සාදයේ අන්තිමට අප පිටව යද්දී සියලු දෙනා කවයක් සෑදී එකිනෙකාගේ අත් අල්ලා අපගේ සිතුම් පැතුම් ඉටු වන ලෙස ඉල්ලමින් යාඥා කලහ. එය මට ඉතාම සoවේදී මොහොතක් විය. මෙවැනි හිත හොඳ, අපගේ දියුණුව ඉත සිතින් පතන, යහපත් මිනිසුන් සමඟ ගෙවුනු ඒ සුන්දර දින කීපය මට කවදාවත් අමතක නොවේ. ඔබ සoවිධානය කරන සහ සහභාගී වන සාදද මෙවැනි ධනාත්මක මෙන්ම සුන්දර ඒවා වේවා යැයි මම ඉත සිතින් පතමි.









No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...