Friday, December 27, 2019

නත්තල් සාදය


See the source image
https://diyfqze5s92fh.cloudfront.net/publish-web/2015/Dec/company_holiday_party_tax_deductible-1450390781535.jpg (12.27.2019)
ඔබ සැමට සුභ නත්තලක්, උත්සව සමයක්, සහ නව වසරක් වේවා! අප මෙවර නත්තල සැමරීමට තෝරාගත්තේ අපගේ පවුලේ මිතුරෙකුගේ නත්තල් සාදයයි. ඉතා හොඳ ක්‍රිස්තු භක්තික ඇමරිකානු ජාතිකයන් වූ ඔවුන්ගේ නත්තල් සාදයේ මා දුටු ඇතැම් කරැණු කාරනා තුලින් ශ්‍රී ලාoකික අපට ඉගෙන ගැනීමට බොහෝදේ ඇති නිසා මේ ලිපිය ලිවීමට සිත් විය.

එම නත්තල් සාදයේ (සහ මා මීට පෙර සහභාගී වූ සෑම ශ්‍රී ලාoකික නොවන සාදයකම) මා දකින ප්‍රධානම  ලක්‍ෂණය නම් ගැහැනුන් සහ පිරිමින් පොදුවේ විනෝද වීමය. ඒ සඳහා ගැහැනුන් සහ පිරිමින්ට පොදුවේ සහභාගි විය හැකි ක්‍රීඩා,  සoගීතය/ගායනය, කතාබහ යොදා ගැනුනි. සෑම මේසයකම සමෝසමේ ගැහැනු සහ පිරිමි වාඩි වී සිටි අතර ඔවුන් කතා බහ කලේ ධනාත්මක අදහස්ය. කවුරැවත් ඕපදූප, අනුන්ගේ ඇද කුද හෝ තමන්ගේ ලොකුකම ගැන කතා කලේ නැත. 

මා සහභාගී වූ බොහෝ ශ්‍රී ලාoකික සාද වල මෙන්ම මගේ හිතවතුන් මුහුණුපොතේ පළකරන බොහෝ ශ්‍රී ලාoකික සාද වල ඡායාරෑප මගින් දුටු ප්‍රධානම ගැටලුවක් වන්නේ පිරිමි සහ ගැහැණු වෙන වෙනම කණ්ඩායම් ගැසීමයි. සාමාන්‍යයෙන් සිදු වන්නේ සාළයේ පිරිමි ටික බොන්නට සෙට් වීමත් ගෑනුටික කුස්සිය මුල්ලේ සoග්‍රහ කටයුතු වලට සෙට් වීමත්ය. බොහෝ  විට ක්‍රීඩා, ගැයුම් වැයුම් ආදී විනෝද කටයුතු වලට තබා කතාබහ වලටද මෙම ලිoග භේදය බලපායි. බොන පිරිමි ටික දේශපාලනය, ආර්ථිකය, ඉතිහාසය, භූගෝලය ආදී සoකීර්ණ මාතෘකා ගැන සාළයේ කතා කරද්දී කාන්තාවෝ කුස්සිය මුල්ලේ සිට රටේ නැති ඕපදූපද අනිකාගේ වැරදිද කතා බහ කරති. ඔතන සoකීර්ණ මාතෘකා ගැන කතා කරන්නට කැමති උගත් බුද්ධිමත් ඕපදූපයට අකමැති ගෑනු සිටියත් සාලයට ගොස් බීගත් පිරිමි ටික සමඟ කතාබස් කල නොහැක, එය සම්ප්‍රදාය කඩ කිරීමකි, බීගත් පිරිමි ටික එවිට හිතන්නේ අර කාන්තාව බඩුවක් කියාය, ඕපදූපයට කමැති ග්‍රාම්‍ය ගෑනු ටික එවිට හිතන්නේ අර කාන්තාව නොසණ්ඩාල එකියක්යැයි කියාය. අන්තිමේ අඹු සැමියෝ එකට සාදයට ගොස් වෙන වෙනම සාදයට සහභාගී වී එකට සාදයෙන් පිටවී එති. පිරිමියාගේ සිහි විකල් වීමත් ගැහැනිය හැමදාම කරන කුස්සියේ වැඩවල එදාද යෙදීමත් ඊට අමතරව ඕපාදූපයෙන් මනස දූෂණය කර ගැනීමත් පමණකි සිදුව ඇත්තේ. මෙවැනි සාද වලින් තමන්ටවත් අනුන්ටවත් වෙන යහපතක් නම් නැත. මෙවැනි සාද අවසානයේ අඹු සැමියන් තරහවී පිටව ගිය අවස්ථා මම කොතෙකුත් දැක ඇත. මේ කාරණය විශ්ලේෂණය කිරීමේදී පෙනෙන්නේ මෙයට මූලික හේතුව මත්පැන් බවය. ලoකාවේ බොහෝ පිරිමින් මොනතරම් තදින් මත්පැනට ගැතිවී ඇතිදැයි කිවහොත් බොහෝ අයට මත්පැන් නැති සාදයක් නියම සාදයක් නොවේය. මත්පැන් බෝතලය ඇති විට බිරිඳ සහ ළමයින්ව තබා සාදයේ අරමුණවත් මතක නැත, අදාලත් නැත.

මා සහභාගී වූ නත්තල් සාදය ඇමරිකාවේ පැවැත්වුනත්, ගෙහිමියන් ඉතාම ධනවත් වුවත්, ක්‍රිස්තු භක්තිකයන්ට මත්පැන් අකැප නොවීත්, එම නත්තල් සාදයේ මත්පැන් නොවූ බව කිව යුතුය. අනිකුත් සෑම පැණි බීම වර්ගයක්මත්, තේ, කෝපි, චොක්ලට් පාන සහ බොහෝ බීම වර්ගත් සහිත විශාල බීම හලක් එහි තිබූ අතර මත්පැන් එහි කොතැනකවත් දකින්නට නොවීය. මේ සාදයේ මත්පැන් නොමැති වූයේ ඇයි? එය වැදගත් ප්‍රශ්නයකි. බොහෝ ඇමරිකානු ගැහැනුන් සහ මිනිසුන් බීර ටිකක් වයින් ටිකක් පානය කිරීම වරදක් සේ දකින්නේ නැත. එසේනම් ඇයි? ඔවුනට ඉන්නේ එකම එක වයස අවුරැදු දහ හතක නව යොවුන් දියණියක් පමණි. තම දියණියට ආදර්ශමත් දෙමව්පියන් ලෙස මඟ පෙන්වීමට නම් පළමුව තමුන් ආදර්ශමත් ලෙස ජීවත් විය යුතු බව ඔවුන් දනිති. එම නිසාත් මත් පැන්, දුම්වැටි, මත් ද්‍රව්‍ය  ආදිය පවුලක විනාශයට මිස දියුණුවට උදව් නොවන බව නුවණින් පසක් කල නිසාත් ය ඔවුන් සුරා සූදුවෙන් තොරවී ඇත්තේ. ඉතා කුඩා වෙළඳ ව්‍යාපාරයක් අරඹා වසර ගණනාවක් එයට ඇප කැපවී අද වන විට විශාල සමාගමක හිමිකරැවන් වන ඔවුන් එදා මෙන්ම අදද ආදරයෙන් සමගියෙන් ධාර්මිකව ජීවත් වෙති. ගෙහිමියා මත් පැනට ඇබ්බැහි වූවා නම් අද ඔවුන්ට දිළිඳු පැලක්ද දඬ දබර වලින් ගහන පවුල් ජීවිතයක්ද මත්කුඩට ඇබ්බැහිවූ නව යොවුන් දියණියක්ද සිටින්නට බොහෝ ඉඩ තිබුනි.

ශ්‍රී ලාoකික නොවන මත්පැන් සහිත සාද ගණනාවකටද මා ගොස් ඇති අතර එම සාද වලදීද ගැහැනුන් සහ පිරිමින් වෙන් වෙන්ව කටයුතු කලේ නැත. එයට හේතු කීපයකි. අනිත් රටවල උදවිය බොනවානම් කරටි කැඩෙන්නට බොන්නේ නැත. බියර් හෝ වයින් වීදුරැවක් දෙකක් බොති. එවිට වෙරිවී පිස්සු කෙලීමක් නැති නිසා ගෑනුන්ට බියසැක නැතිව පිරිමි සමඟ කටයුතු කල හැක. අනිත් කරැණ නම් එබඳු සාද වල ගැහැණුන්ද බියර් හෝ වයින් වීදුරැවක් දෙකක් බොති. ඉතින් බීමට ලිoග භේදයක් නැත. ලoකාවේ බොහෝ පිරිමි සාද වලදී තම බිරිඳද තමුන් සමඟ එකට බොනවාට අකමැතිය. ඒ පවුලේ සදාචාරය ආරක්ශා කිරීමටය. තම ළමයින්ට වැරදි ආදර්ශයක් නොදීමටය. ශ්‍රී ලාoකික සාද වලදී ගැහැනුන් සහ පිරිමින් වෙන් වෙන්ව කටයුතු කරන්නේ  මෙවැනි කාරණා නිසාය. අන්තිමේ තාත්තාව වත්තම් කරගෙන ගෙදර යෑමට අම්මාටත් දරැවන්ටත් සිදු වේ. ඒකට කමක් නැත. දරැවන්ට ආදර්ශමත් විය යුත්තේ අම්මාය.

අනිත් අතට මෙසේ ශ්‍රී ලාoකික සාද වලදී ගැහැනුන් සහ පිරිමින් වෙන් වෙන්ව කටයුතු කරන්නේ ගෑනුන් යනු පිරිමින්ට සoග්‍රහ කිරීමට සිටින දෙවන පෙළ පුරවැසියන් බව බොහෝ ශ්‍රී ලාoකික පිරිමි මෙන්ම ගෑනුන්ද සිතාගෙන සිටීම නිසාය. මා සහභාගී වූ ශ්‍රී ලාoකික නොවන සාද  වල පිරිමි කුස්සියේ වැඩ ගැහැණුන් සමඟ හරි හරියට කරති. ඔවුන්ට එය මහත් ආඩම්බරයට කරැණකි. මා පශ්චාත් උපාධිය කල සමයේ එය නියාමනය කල මහාචාර්‍යවරයාගේ (research supervisor) සාද අටෝරාසියකට සහභාගි වුනෙමි. බාබකියු සාදවල බාබකියු දැම්මේත්, තුති පිදීමේ (thanksgiving) සාදවල  turkey roast, sweet potato pie, jambalaya ආදී බොහෝ රසවත් කෑම සෑදුවේත් සමර් සාද වල විශාල කොමඩු ගෙඩි කපා අපට පිළිගැන්වූයේත් ඔහුය. ලෝ ප්‍රකට විද්වතෙකු වූ ඔහුගේ බිරිඳ රැකියාවක් නොකරයි. එසේය කියා ගෙදර උයන පිහන අතුපතුගාන ළමයි හදන වහළියක ලෙස නොව නියම සහකාරියකට ගැළපෙන පරිදිය ඔහු ඇයට සැළකුවේ. අපද කවදාවත් වළo පිඟන් සෝදමින් කුස්සියට සීමා වී නොසිට සාදයේ පිරිමින් මෙන්ම නටා ගයා විනෝද වූයෙමු. මෙවැනි සාද වලට සමහරවිට ලෝ ප්‍රකට ධනවත් බලවත් විද්වතුන් පැමිණි අතර ඔවුන්ද සාමාන්‍ය ලෙස අප සමඟ එකට සතුටු වූහ. මම සහභාගී වූ බොහෝ ශ්‍රී ලාoකික සාද වලට සමහරවිට කුප්‍රකට දේශපාලකයන්ගේ නෑදෑයන් ආදී "පොරවල්" පැමිණි අතර උන්ට ගොටු අල්ලමින් එකත්පසව සිටීමට සාදයේ සිටි සාමාන්‍ය උදවියට සිදු විය. මෙලෙස සාද වලදී ලැජ්ජා නැති ලෙස උස් මිටි කම අනුව අඩු වැඩි ලෙස සoග්‍රහ කරන්නේ ශ්‍රී ලාoකික සාද වල පමණි.

සාද වලදී පමණක්  නොව සාමාන්‍ය ජීවිතයේදීත් අඹු සැමියන් වහල් හිමියා-දාසිය හෝ වහල් හිමිකාරිය-දාසයා යන සoකල්පයෙන් බැහැරව නියම සහකරැවන් ලෙස කටයුතු කිරීමෙන් නිවසකට ලැබෙන සාමය සහ සතුට මට වචනයෙන් විස්තර කල නොහැක. එමෙන්ම උස්මිටි කම් අනුව නොව සියලුම මිනිසුන්ට සමානව හොඳින් සැළකීමේ මහිමයද වචනයෙන් විස්තර කල නොහැක. නත්තල් දිනයේ ජේසු තුමා ඉපදුනේ දුප්පත්ම, අසරණම, සහ අප්‍රසන්නම තැනක් වන අනුන්ගේ ගව ගාලකය. එතුමන් එතැන තෝරා ගන්නට ඇත්තේද මිනිසෙකුගේ වටිනාකම ධනයෙන්, බලයෙන්, හෝ තත්වයෙන් මැනීම අභියෝගයට ලක් කිරීමට විය හැක. එනිසා මේ නත්තල් සමයේ අපද අපගේ ජීවිතය වඩා අර්ථවත්, යහපත්, සහ සාර්ථක කර ගැනීමට අදිටන් කර ගනිමු.  

2 comments:

  1. සියල්ලම සැටිපිකැට් ඇත්තය ලංකාවේ බහුතරයක් ගෑනු වෙනස් වෙන්නේද නැත පිරිමි වෙනස්වෙන්නේද නැත. වෙනස් කරන්නට මේ කපේදිවත් පුලුවන්වේයැයි හිතන්නට බැරිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට අසoග. අපි උත්සහ කරල බලමු පොඩි වෙනසක් කරන්නට.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...