Thursday, October 24, 2019

යාළුවාගේ පෙම්වතිය වෙනුවෙන් සටන් කර මියගිය පන්නිපිටියේ රසික

මේක අද උදේ දැක්ක ප්‍රවෘත්තියක්. මේක දැක්ක ගමන් සෑහෙන්න ආවේගයක් ඇතිවුනු නිසා මගේ හිත නිදහස් කර ගන්න අදහසක් ලියන්නම ඕන වුනා.  මගේ කලින් ලිපියක මෙන්න මෙහෙම ලියල තියෙනවා.

//කාන්තා හිoසනය සිදුවන සමාජයක පිරිමින්වත් පුරැෂ හිoසනය සිදුවන සමාජයක කාන්තාවන්වත් යහතින් ජීවත් නොවේ. එයට හේතුවන්නේ ලෝකයේ සෑම සමාජයකම කාන්තාවන් සහ පුරැෂයන් අන්තර්සම්බන්ධතා සහිතව ජීවත්වන නිසා වරෙක පීඩකයා තවත් වරෙක පීඩිතයා වීම නොවැළැක්වියහැකි නිසායි. //

ඔබ හිතනවා ඇති මේ කතාව සහ මියගිය රසික අතර සම්බන්ධය මොකක්ද කියලා. මෙන්න මේකයි. පාසල් වියේ කෙල්ලක් එක්ක කලින් යාළු වෙලා හිටපු කොල්ලා ඇයට හිරිහැර කිරීමට මිතුරන් සමඟ ඇයගේ ටියුෂන් පන්තියක් ඇරෙන වෙලාවට ආ විට  ඇයගේ දැන් යාළු වෙලා සිටින කොල්ලාගේ මිතුරා වන රසික (දැන් යාළු වෙලා සිටින කොල්ලාගේ) ඇමතුමකට පිහියක්ද රැගෙන මහ රෑ (ටියුෂන් පන්තිය ඇරී ඇත්තේ රෑ 11ටය) එතනට පැමින මෙම ගෝරියට මැදිවී මිය ගොස් ඇත. පාසල් යන කෙල්ලකට සම්බන්ධයක් නැවැත්වීමට නිදහසක් නොදෙන පිරිමින් ඉන්න සමාජයක කාන්තාවන් පමණක් නොව පිරිමින්ද දුකට පත්වන බව පෙන්වන අවස්ථාවකි මෙය. 

කෙල්ලක් බූට් එක තිබ්බ පලියට ඒ කෙල්ල පස්සෙන් පන්නමින් වද දීම ලoකාවේ සාමාන්‍යකරණය කරන ලද බරපතල අපරාධයකි. ඇමරිකාවේ නම් කෙල්ල උසාවියෙන්  restraining order එකක් ගත් පසු කොල්ලාට බඩු බනිස් වේ. ආදර සම්බන්ධයක් (හෝ විවාහය) කියන්නෙ ඇතුලට ගියොත් නැවත මොනම හේතුවකටවත් එලියට ඒමට බැරි trap එකක් නෙමේ. අනික බොහෝ ලoකාවේ පාසැල් වියේ  ආදර සම්බන්ධකම්  මිල අධික තෑගි, ලිoගිකත්වය, දරැවන්, දෙන්නම හදපු petsලා ආදී සoකීර්ණ කරැණු වලින් තොරයි. ඒනිසා මෙසේ පස්සෙන් පන්නමින් වද දීම නීති මගින් වැලැක්විය යුතුයි

නැවතත් කියන්නේ කෙල්ලක්ට/කොල්ලෙක්ට කොතරම් කාලයකට පසු වුනත් කොතරම් අසාධාරණ හේතු මත වුනත් බූට් එක තිබීමට අයිතියක් ඇත. සම්බන්ධයක් පටන් ගන්නවානම් ඒ අයිතියට ගරැ කිරීමටත් එම risk එක දරා ගැනීමටත් ශක්තියක් තිබිය යුතුය, නැත්නම් නීති මගින් ඒ අයිතිය තහවුරැ කල යුතුය.



කෙල්ල රෑ 11ට ඇරෙන පන්තියකට යෑම ගැන කීමට ඇත්තේ ලoකාවේ රෑ 11ට කෙල්ලෙක්ට ආරක්‍ෂිතව පාරේ යා නොහැකි වීම කෙල්ලගේ වරදක් නොවන බවයි. වැඩි දුරටත් කීමට ඇත්තේ රෑ 11ට කෙල්ලෙක්ට ආරක්‍ෂිතව පාරේ යා නොහැකි නම් කෙල්ලගේ තාත්තාට කෙල්ලව එක්ක යෑමට එන්න යුතුකමක් වගකීමක් තිබුනු බවයි. (මොකද එම තර්කයට අනුව කෙල්ලගේ අම්මා රෑ 11ට පාරට බැසීම අනාරක්‍ෂිත නිසා) ඒ අනුව තවත් පිරිමියෙක්(ජීවතුන් අතර නම්) තම යුතුකම වගකීම පැහැර හැරීම මේ විපතට තීරණාත්මකව බලපා ඇත.

කෙල්ල රෑ 11ට ඇරෙන පන්තියකට යැවීම ගැන කෙල්ලගේ දෙමව්පියන්ට කඩප්පුලි කතා කියන එකෙක්වත් රසිකට රෑ 11ට පිහියක්ද ගෙන එලියට යාමට ඉඩදුන් රසිකගේ දෙමව්පියන්ට වරදක් නොකියයි. මොකද රෑ පානේ ගමන් තහනම් කෙල්ලන්ටය. ඒවා අධ්‍යාපනය වැනි වැදගත් දේකටද යන්න අදාලම නැත. කොල්ලන්ට රෑ කීයට උනත් එලියට බහින්න තහනමක් නැත. ඒක ගුටි කෙළියක්ද පිහි ඇනුමක්ද යන්න අදාලම නැත.  අර කවුද සැබෑ ශ්‍රී ලාoකිකයෙක් තමුන් දන්නෙවත් නැති කෙල්ලට හොඳ චරිත සහතිකේකුත් දීල දැමූ කොමෙන්ටුවේ විදිහට "යකෝ කෙල්ලෝ ඉන්න දෙමාපියෝ තමන්ගේ දුවව මිනිහෙකුට බන්ඳලා දෙනකන් පස්සෙන් හිටපියව්" කොහොමද ඒක? 


No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...