Wednesday, October 23, 2019

රටක් දියුණු කිරීමට නම්

http://www.lankantv.net/uploads/thumbs/0c4b997b1-1.jpg (10/23/2019)

රටක් දියුණු කිරීමට නම් නම් ගම් සඟවමින් කැත වැඩ කිරීමට එම රටේ මිනිසුන්ට ඇති හැකියාව නැති කල යුතුය. ඔබට කූඹියෝ කතාවේ ජෙහාන් මතකද? ඔහු ජoගම දුරකතන කීයක් පාවිච්චි කලාද කියා මතකද? ගේම් කාරයන් (con artists) හැම විටම නිර්ණාමිකව තම අපරාධ හෝ සමාජ විරෝධී වැඩ කරති. කොටින්ම බ්ලොග් අඩවි වල කුණුහරැප ලියන්නෙත් "ඇනෝ"ලාය.

ඇමරිකාවේ ජoගම දුරකථන වල සිම් පිටින් දැමිය නොහැක. බොරැ කියා දුරකථන ලියාපදිoචි කල නොහැක. පොදු දුරකථන ඉතාම සීමිත සහ කැමරා සහිතය. මෙසේ නිර්ණාමික con artist දුරකථන ඇමතුම් සහමුලින්ම පාහේ වලකා ඇති නිසා ජෙහාන් වැනි con artistලට පහසු නැත. ඒකට ලoකාවේ .. වෙසක් එකට සිම් දන්සැල් දෙන දුරකථන සමාගම් ඇත.

ඇමරිකාවේ සියළුම මිනිසුන් පරිගනක ගත කර ඇත. ඔබ මත්පැන් පානය කර රිය පදවා හසු වූ විට, ඔබ ලිoගික අඩත්තේට්ටමක් කල විට, ඔබ දරැවාගේ නඩත්තු මුදල පැහැර හැරිය විට ආදී සියලු නීති විරෝධී වැඩ කල විට ඒවා සියලු දෙනාටම දැක ගත හැක. එය ඔබට ඉතා නරක ප්‍රතිපල ගෙනදේ. උදාහරණයකට ඔබ මත්පැන් පානය කර රිය පදවා හසු වූ විට රක්‍ෂණ සමාගම් ඔබේ වාහනයේ වාරිකය ඉහල දැමීමට ඉඩ ඇත. ඇමරිකාවේ homeless people ලෙස හඳුන්වන බොහෝ යාචකයන් එම තත්වයට පත් වීමට හේතුව ඔවුන් බරපතල අපරාධ කර ඇති නිසා රැකියා සොයා ගැනීමට බැරි කමයි. රැකියාවකට අයැදුම් කල විට අතීතය ගැන සෙවීම (background check) ඇමරිකාවේ අනිවාර්‍යයෙන්ම සිදු වෙන නිසා මෙසේ සිදුවේ. වෛද්‍යවරයෙක් වැනි වෘත්තිකයෙකුට අමතර ඩේටා බේස් ඇත. ඒවායේ  එවැනි වෘත්තිකයන් කල වෘත්තිමය වැරදි සඳහන් වේ. එම නිසා වෘත්තිකයන් වැඩ කරන්නේ ඉතා පරිස්සමිනි. ලoකාවේ මේ ක්‍රමය තිබේ නම් මනමාල මනමාලියන් සොයද්දී කපුවාට රැවටෙන්නේ නැතුව ඒ අයගේ සැබෑ පැටිකිරිය තමන්ටම බලා ගත හැකිව තිබුනි. හොර දොස්තරලා හෝ තමන්ගේ ලමයා කොහොමහරි දොස්තර කෙනෙක් කරන උණ බසිනු ඇත, ඇයි වතාවක් දෙකක් ලෙඩ්ඩුන්ට වැරදි බෙහෙත් දුන්නොත් දොස්තර ලයිසන් එක තහනම් වී ලෙඩා දැමූ වන්දි නඩුව නිසා බoකොළොත් වී ඇතැම් විට හිරේද යා හැකි නිසයි. දැන් ඔබට තේරෙනව නේද ඇයි ඇමරිකාවේ දෙමාපියන්ට තමන්ගේ ලමයා කොහොමහරි දොස්තර කෙනෙක් කරන උණ නැත්තේ කියලා.  

කූඹියෝ කතාවේ ජෙහාන් ඇමරිකාවේ සිටියා නම් බොහෝවිට පොරක් නොවී සිඟන්නෙකු ලෙස මිය යාමට තිබුණි.



4 comments:

  1. ඇමෙරිකාව වැනි විශාල රටක පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා උපයෝගී කර ගන්න ඔය ක්‍රමය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකියි. කිසිම රජයක් මේවා ගැන නිකමටවත් නොසිතන්නේ පොදුවේ රජයේ ඉහල තැන්වල තිබෙන ජරා ජීර්ණවූ මිනිස් චර්යා නිසාමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ඔබ හරි, රජය විතරක් නෙමේ බොහෝ සාමාන්‍ය මිනිස්සුත් මේවට කැමති නෑ, මතකද ඔබට සරසවියේ CCTV කැමරා සවි කරනවාට විරැද්ධව සරසවි සිසුන් පෙළපාලි යාම. ඒක එක සිද්ධියක් පමණයි. හැමෝම වාගේ con artistsලා වුන රටක් දියුණු වෙයිද? වෘත්තිකයන්ට උපාධියට අමතරව ලයිසන් පවත්වා ගත යුතු නම් පෞද්ගලික උපාධි කඩ මොන තරම් තිබුණත් වෘත්තීය ගුණාත්මක බව රැකෙනවා, මොකද ඒවායෙන් බිහිවන සුදුසුකම් නැති වෘත්තිකයන්, ගොඩනැගිල්ලක් කඩා වැටුනු විට ඉන්ජිනේරැවාද වෛද්‍ය නොසැලකිලිමත්භාවය නිසා දොස්තරද අනිසි වැඩ කරන ලෝයර්ද ඉතුරැ වෘත්තිකයන්ගේද ලයිසන් එක තාවකාලික/සදාකාලික තහනමකට ලක් වෙන නිසා එම උපාධි තියාගෙන ගෙදර ඉන්න වෙන නිසා. හැබැයි කවදාවත් GMOA ඇතුළු වෘත්තිකයන්ගේ සමිති මෙවැනි විසඳුම් ගැන ලoකාවේ මිනිස්සු දැනගන්නවටවත් කැමති නෑ. මේ ලියන මමත් වෘත්තිකයෙක්, ඒක සඳහන් කලේ මට වෘත්තිකයන් සමඟ ගේමක් නැති බව කීමටයි.

      Delete
  2. meama drama eka darashana ape
    maligawathe gedara awata... me life
    eka maligawathe life ekya..

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...