Tuesday, September 24, 2019

පතරාසයට පැමිණි සද්දන්තයන්ගේ කතාව (පසුගිය සැප්තැම්බර් 23 දිනට යෙදුනු එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව සමරැවකි)

https://s-media-cache-ak0.pinimg.com/736x/30/1d/84/301d849dd908f1b3c191388e5558a5c2.jpg (9.23.2019)
මේක ටිකක් පරණ කතාවක්. ඒත් හරිම ලස්සනයි. ඒ ලස්සන පරිසරය මතු පරපුරට රැක දීම ඔබේත් මගේත් වගකීමක් බව පසුගිය සැප්තැම්බර් 23 දිනට යෙදුනු එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට සමගාමීව සිහි කැඳවීමටයි ඔබත් සමග මේ ලස්සන කතාව බෙදාහදා ගන්නේ. අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති සැම්බියාව නම් රාජ්‍යයේ අපූරැ වනජීවීන් නැරඹීමේ ලැගුම්හලක් තිබෙනවා. එහි නම ම්ෆුවේ ලැගුම්හල (Mfuwe Lodge). දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ම්ෆුවේ ලැගුම්හල ඉදිකර ඇත්තේ එක්තරා වල් අලි රන්චුවක් ගමන් කරන අලි මoකඩක් හරහා. සෑම වසරකම වසන්තයේදී ලැගුම්හල අවට ඇති සුවිශාල වල් අඹ (Cordyla africana) ගස් වල ඉදී ඇති අඹ ආහාරයට ගැනීමට එම අලි රන්චුව ලැගුම්හලේ ලොබිය හරහා ගමන් කරනවා. මෙහිදී අලි රන්චුව සහ ලැගුම්හලේ මිනිසුන් එකිනෙකාව තේරැම් ගෙන කටයුතු කරන ආකාරය ඉතාම දර්ශනීයයි. මෙය චාරිත්‍රයක් මෙන් අවුරැදුපතා සිදු වෙනවා කාලයක ඉඳලා. මුලින්ම අලි රන්චුව මේ ලැගුම්හල හරහා යාමට තීරණය කලේ එවකට රැළේ නායිකාව වූ "Wonky Tusk" ගේ නිර්භීත තීරණය උඩයි. ඉහත ඡායාරෑපයේ පෙනෙන්නේ ඇය ලැගුම්හලේ ලොබිය හරහා ගමන් කරන ආකාරයයි. ඇයගේ දළ දෙක දෙපැත්තට කැරකී තිබීම නිසායි ඇයට "Wonky Tusk" යන නම ලැබුනේ. කාලයක් යද්දී ඇයට ලස්සන පැටියෙක් ලැබෙනවා. මිනිස්සු පැටියාට වෙලින්ටන් යැයි නම තබනවා. වතාවක් කුඩා වෙලින්ටන්ට ලොබිය මැදදී නිදිමතක් දැනී ටිකක් නිදාගත් අතර ඒ මුළු කාලය තුළම අලි රන්චුව ලැගුම්හලේ ලොබියේ සන්සුන්ව රැඳී සිටියා. සමහර වෙලාවට කුතුහළය නිසා පුoචි පුoචි දඟකාරකම් කලත් වල් අලි රන්චුව කවදාවත් ලැගුම්හලට අලාභ හානි කලේ නෑ වගේම කවදාවත් මිනිස්සු ඔවුන්ව බය කර කුළප්පු කලේ නෑ. බලන්න පහත ඡායාරෑප මොනතරම් ලස්සනද කියා. ඉතින් ඔබ කැමතිනම් ඔබේ දරැවන්ටත් මෙවැනි සුන්දර අත්දැකීම් විඳින්න, පරිසරය ආරක්ශා කිරීමට දායක වෙන්න.

https://peopledotcom.files.wordpress.com/2017/11/elephant-hotel-c.jpg (9.24.2019)

https://www.africanfusiontravel.com/wp-content/uploads/2019/02/surr-4-1.jpg (9.24.2019)

 https://i.dailymail.co.uk/i/pix/2008/10/01/article-1065865-02DBF25F00000578-176_468x286.jpg (9.24.2019)

http://www.hoax-slayer.com/images/mfuwe-elephants-6.jpg (9.24.2019)

පහතින් දක්වා ඇත්තේ එම අලි රන්චුව ගැන වීඩියෝ කිහිපයක ලින්ක්.
1. https://www.youtube.com/watch?v=NdTII_unZSA
2. https://www.youtube.com/watch?v=RBY2DYsqAh8
3. https://www.youtube.com/watch?v=4TV2-mv5yKE



2 comments:

  1. වන අලි මිනිස් ඇසුරට පුරුදු වූ විට මිනිසාට හානි කරන්නේ කලාතුරකින්.මිනිසාගෙන් ඔවුනට හානියක් වූ විටයි ඔවුන් විරෝධය පාන්නේ. මේ සිද්ධියේදී මිනිසා අලින්ගේ හැසිරීම් රටාව හොඳින් තේරුම් ගෙන ඔවුන්ට නිදහසේ සැරි සැරීමට ඉඩ හැර තිබීම නිසා ඔවුන් ලොබිය හරහා යාමට බියක් දක්වන්නේ නැති බවයි පෙනෙන්නේ.

    ReplyDelete
  2. ස්තූතියි ඔබේ අදහසට. ලැගුම්හලේ මිනිසුන් සෑහෙන කැපකිරීමක් මේ වෙනුවෙන් කරනවා. අලි රoචුව එන වෙලාවට කවුරැවත් මග හරහා රැඳී නොසිටීම එක උදාහරණයක්. මේ ලැගුම්හලට ඊට ප්‍රතිලාභය ලෙස අධික සoචාරක ආකර්ශනයක් තිබෙනවා. දරාගත හැකි සoවර්ධනයට (sustainable development) හොඳ නිදසුනක් නේද.

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...