Monday, January 26, 2026

ඇත්ත නේන්නම්, ටීචල සෙට්එකට ඇරපු එකාත් බඳින්න කන්‍යාවො හොයන රටක්

 



ඇත්ත නේන්නම්, ටීචල සෙට්එකට ඇරපු එකාත් බඳින්න කන්‍යාවො හොයන රටක්





Sunday, January 18, 2026

"අපේ කාලේ ඔහොම නෑ.. දැන් හැදෙන උන්ට සැප වැඩියි" කවදාවත් ඔබේ දරුවට මෙහෙම කියන්න එපා..! ✋by Amuthu Facebook Post


සමාජ මාධ්යයේ සැරිසරන විට අපට නිතරම ඇහෙන, දකින වාක්යයක් තමයි මේ. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව තරුණ දරුවන් දෙස බලා නිතරම පවසන මැසිවිල්ලක් තමයි "අපේ කාලේ අපි දුක් වින්දා, කිලෝමීටට් ගණන් ඉස්කෝලෙට පයින් ගියා, ලාම්පු එළියෙන් පාඩම් කලේ, වේලයි දෙකයි කෑවේ.. දැන් ඉන්න උන්ට හැමදේම ලැබෙනවා" කියන එක.
ඇත්තටම මේ කතාවේ ඇත්තක් තියෙනවද..? එහෙමත් නැත්නම් අපි නොදැනුවත්වම අපේ දරුවන්ගේ මානසිකත්වය බිඳ දමනවාද? අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ☕👇
1. කාලය වෙනස්, අභියෝගත් වෙනස්! ⏳
අපේ අම්මලා තාත්තලා පොතපත හෙව්වේ පුස්තකාල වල දූවිලි නාගෙන වෙන්න පුළුවන්. කිලෝමීටර් ගණන් පයින් ගිහින් ඉස්කෝලේ ගියා වෙන්න පුළුවන්. ඒක ඒ කාලයේ හැටි. අද දරුවාට බොත්තමක් එබූ සැණින් ලෝකයම අතට ලැබෙනවා තමයි. හැබැයි ඒ තාක්ෂණයත් එක්කම ඔවුන්ට ලැබී ඇති මානසික පීඩනය (Mental Pressure) එදාට වඩා සිය දහස් ගුණයකින් වැඩියි. මොකද එදා තරඟය තිබුණේ පන්තියේ ළමුන් 30-40 එක්ක විතරයි, ඒත් අද තරඟය තියෙන්නේ මුළු ලෝකයම සමග.
2. "සැප" කියන්නේ පහසුවක් මිසක් සතුටක් නෙවෙයි 📱
අපි දරුවන්ට ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් අරන් දුන්න ගමන් හිතනවා "අම්මෝ මුන්ට මාර සැපක්නේ තියෙන්නේ" කියලා. නමුත් මේ තාක්ෂණය ඇතුළේ දරුවා මුහුණ දෙන Cyber Bullying, Depression සහ Social Anxiety ගැන ඔයාලා හිතනවාද? එදා ඔයාලට තිබුණේ කායික මහන්සියක් විතරයි. අද දරුවාට තියෙන්නේ දරුණු මානසික වෙහෙසක්.
3. කිසිම වෙලාවක දරුවාගේ උත්සාහය අවතක්සේරු කරන්න එපා 📉
"අපි ඉස්සර පාන් කෑවේ වලන්දේ පිහගෙන, තේ බිව්වේ අල්ලට සීනි කාලා, උඹලට දැන් පීසා තියෙනවා.. බොන්නේ බබල් ටී" වැනි කතා වලින් දරුවෙකුට දැනෙන්නේ තමන් කරන කිසිම දෙයක් වටින්නේ නැති බවක්. ඔවුන්ගේ ජයග්රහණ "සැප වැඩි නිසා ලැබුණු දේවල්" ලෙස ලේබල් කළ කලාම, ඔවුන්ගේ ආත්ම අභිමානය (Self-esteem) බිඳ වැටෙනවා.
මතක තියාගන්න ඔබේ දරුවා උපදින්න ඕනේ කාලය තීරණය කළේ ඔබ මිස දරුවා නොවෙයි. ඔවුන්ට පහසුකම් ලබා දෙන්නේ ඔවුන්ව සතුටින් තැබීමට මිස, පසුව ඒ ගැන චෝදනා කරන්න හෝ ඔයාගේ අතීතය ගැන පම්පෝරි ගහන්න නෙවෙයි,.
ඇයි අපි මෙහෙම කියන්න..? මේ තමයි මේ කතාවේ විද්යාත්මක පැත්ත🧠
සන්නිවේදන පරතරය (Generation Gap) මේ වගේ කතා නිසා දරුවා සහ දෙමාපියන් අතර තියෙන බැඳීම දුරස් වෙනවා. දරුවා තමන්ගේ ප්රශ්න ඔබ සමඟ කතා කරන්න බය වෙනවා.
මේ වගේ කතා නිසා ළමයින්ට වැරදි වරදකාරී හැඟීම (Guilt Tripping) දැනෙන්න පටන් ගන්නවා, තමන්ට ලැබෙන පහසුකම් ගැන දරුවා වරදකාරී හැඟීමකින් පෙළෙන්න ගන්නවා. මෙය ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට ලොකු බාධාවක්.
අතීතකාමය (Nostalgia) vs වර්තමානය
ලෝකය ඉදිරියට යනවා මිස ආපස්සට එන්නේ නැහැ. අතීතයේ දුක වර්ණනා කරනවාට වඩා, වර්තමානයේ අභියෝග ජය ගැනීමට දරුවාට උදව් කිරීමයි වැදගත්. ඒකට ඔයා ස්මාර්ට් වෙන්න ඕන ''අමුතු'' අපි මේ උත්සහ කරන්නේ ඔයාලා ස්මාර්ට් කරන්න,
දෙමාපියන් විදිහට ඔයාලට කරන්න පුළුවන් මොනවද? ✅
කිසිම වෙලාවක ඔබේ ළමා කාලය සහ දරුවාගේ ළමා කාලය සසඳන්න (Compare) එපා.තේරුම් ගන්න ඒ ලෝක දෙකක්.
දරුවාට තියෙන පහසුකම් ගැන කතා කරනවාට වඩා, ඔවුන්ගේ හිතේ තියෙන පීඩනය ගැන අහන්න. ඔයා හොඳ සවන්දෙන්නෙක් වෙන්න
පොඩි දෙයක් වුණත් දරුවා මහන්සියෙන් කරනවා නම් ඒක අගය කරන්න. "අපේ කාලේ අපි ඔයිට වඩා වැඩ කළා" කියලා ඒක හෑල්ලු කරන්න එපා..
දුක දිනාගන්නා හැටි කතාවෙන් නොව ක්රියාවෙන් පෙන්වන්න... මුලින්ම ඔයා ආදර්ශවත් වන්න
🕊️ අපේ කාලේ අපිට තිබුණේ "නැති බැරිකම්" ජය ගැනීමේ අභියෝග. අද දරුවන්ට තියෙන්නේ "අසීමිත පහසුකම්" මැද තමන්ගේ අනන්යතාවය සහ මානසික සුවය රැකගැනීමේ අභියෝගය.. ඔයා මේක තේරුම් ගන්න ඕන,
පරම්පරා දෙකක් අතර ගැටුමක් ඇති කරගන්නවාට වඩා, ආදරයෙන් සහ අවබෝධයෙන් දරුවාගේ ලෝකයට එබී බලන්න. ඔවුන්ට අවශ්ය ඔබ අතීතයේ විඳි දුක් ගැන අහන්න නෙවෙයි,, එයාලගේ අනාගතය දිනන්න ඔබේ අතින් අල්ලන්නයි...
ඔබත් ඔබේ දරුවාට මේ වචන පාවිච්චි කරලා තියෙනවාද? නැත්නම් ඔබේ දෙමාපියන්ගෙන් මේ වගේ කතා අහලා තියෙනවාද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න. 👇 ලිපිය වැදගත් කියලා හිතෙනවනම් නම් ශෙයා කරන්න...

Wednesday, January 14, 2026

ඔබේ මනසට අමතක වුනාට... ඔබේ ශරීරය "සියල්ල" මතක තියාගන්නවා! (The Body Remembers Everything!) - පුබුදු එරත්න

මොහොතක් සිතන්න.

ඔබ කවදා හෝ මේ අත්දැකීම විඳලා තියෙනවද? ඔබ හිතාගෙන ඉන්නවා "මම දැන් ශක්තිමත්. මම මගේ අතීතයේ වෙච්ච ඒ නරක සිදුවීම්, ඒ වේදනාවන් අමතක කරලා ඉවරයි" කියලා. ඔබ ඔබේ මනසට බොරු කියනවා "මම හොඳින්" කියලා.
නමුත්... හදිසියේම පොඩි දෙයක් සිද්ධ වෙනවා. කවුරුහරි වචනයක් කියනවා, පරණ සින්දුවක් ඇහෙනවා, නැත්නම් යම් සුවඳක් දැනෙනවා.
එකපාරටම මොකද වෙන්නේ?
ඔබේ පපුව හිර වෙනවා. අත් කකුල් සීතල වෙනවා. බඩේ අමුතු බයක් (Gut feeling) පටන් ගන්නවා. ඔබේ හුස්ම ගැනීම වේගවත් වෙනවා.
ඔබේ මනස කියනවා "බය වෙන්න එපා, මේක පොඩි දෙයක්නේ" කියලා. ඒත් වැඩක් නෑ! ඔබේ ශරීරය ඒ වන විටත් භීතියට පත් වෙලා ඉවරයි!
ඇයි මෙහෙම වෙන්නේ?
අපි නිතරම අපට මතක් කළ යුතු බලගතු සත්යයක් තියෙනවා. ඒ තමයි "Emotion is created by Motion." (හැඟීම් නිර්මාණය වන්නේ ශරීරයේ ක්රියාවන් හරහායි) කියන එක
ඔබ දන්නවාද? ඔබ මුහුණ දුන් යම් කම්පනකාරී සිදුවීමක් (Trauma) - එය කුඩා කාලයේ සිදුවූ දෙයක් වෙන්න පුළුවන්, බිඳුණු සම්බන්ධතාවයක් හෝ වෙනත් අනතුරක් වෙන්න පුළුවන් - එය නිකම්ම "නරක මතකයක්" විතරක් නෙවෙයි.
ඒ මොහොතේ ඔබට ඇතිවූ අධික බිය සහ පීඩනය ඔබේ ස්නායු පද්ධතියේ (Nervous System) සහ ඔබේ සෛල තුළ "සිරවූ ශක්තියක්" ලෙස තැන්පත් වෙනවා.
ඔබේ බුද්ධිමත් මොළයට (Logic Brain) ඒ සිද්ධිය අමතක කරන්න පුළුවන්. නමුත් ඔබේ ශරීරය එය "කෙටුම්පත්" (Blueprint) කරගෙන ඉවරයි.
ඔබ නොදැනුවත්වම කුදු වෙලා ඉන්නේ ඇයි? (ඒ ඔබේ ශරීරය ආරක්ෂා වෙන්න හදන හැටි).
ඔබේ බෙල්ල සහ උරහිස් නිතරම තද වී (Tension) කැක්කුම් දෙන්නේ ඇයි?
ඔබට ගැඹුරට හුස්ම ගන්න අමාරු ඇයි?
මේවා නිකම්ම ශාරීරික අමාරුකම් නෙවෙයි. මේ ඔබේ ශරීරය කෑගහලා කියනවා: "මම තාම බය වෙලයි ඉන්නේ! මම තාම ඒ අතීතයේ හිරවෙලයි ඉන්නේ! මාව නිදහස් කරන්න!"
එතකොට ඔබට සැබෑ වෙනසක් අවශ්ය නම්, නිකම්ම ඉඳලා හරියන්නේ නෑ. ඔබට තියෙන්නේ "ජීව විද්යාත්මක ප්රශ්නයක්" (Biological Problem). එය විසඳන්න නම් ඔබ ඔබේ ශරීරය (Physiology) වෙනස් කළ යුතුමයි!
ඔබ ඔබේ ශරීරය අතීතයේ සිරගෙයක් කරගන්නේ නැතුව, එය නිදහස් කරන්න සූදානම්ද?
🚀 ශරීරයේ සිරවූ වේදනාව මුදා හරින පියවර
ඔබේ අතීතය ඔබේ වර්තමානය පාලනය කිරීම නැවැත්වීමට අදම, මේ දැන්ම මේ පියවර ගන්න:
1. නවතින්න. දැනෙන්න දෙන්න. හඳුනාගන්න. (Stop. Feel. Locate.)
ඔබට ඊළඟ වතාවේ අර අනවශ්ය බිය, තරහ හෝ වේදනාව දැනෙන විට, ඒක මනසින් යටපත් කරන්න එපා. කතාවක් හදාගන්න එපා ("අනේ මට හැමදාම මෙහෙමයි" කියලා).
* ඔබ ඒ මොහොතේම නවතින්න. ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ සම්පූර්ණ අවධානය මනසින් ඉවතට ගෙන ශරීරයට යොමු කරන්න.
ඔබෙන්ම අසන්න: "මේ වේදනාව/බිය මගේ ශරීරයේ තියෙන්නේ කොතනද? පපුවේද? බඩේද? උගුරේද? බෙල්ලේද?"
ඒ හැඟීම ශරීරය තුළ භෞතිකව හඳුනාගත් වහාම, එය ඔබේ පාලනයට නතු වෙන්න පටන් ගන්නවා.
2. රටාව කඩන්න - ශරීරය සොලවා දමන්න! (Shake It Off & Move!)
ස්වභාවධර්මයේ සතෙක් අනතුරකට මුහුණ දුන්නම, ඌ ඊළඟට කරන්නේ මොකක්ද? ඌ වෙව්ලනවා (Shake). මුළු ඇඟම වේගයෙන් ගසලා දාලා අර "Stress Energy" එක එළියට දානවා. ඊට පස්සේ සාමාන්ය විදියට ජීවත් වෙනවා.
නමුත් මිනිස්සු වන අපි කරන්නේ මොකක්ද? අපි ඒක ඇඟ ඇතුලේ හිර කරගෙන (Freeze) ගල් ගැහිලා ඉන්නවා.
* ඔබට පීඩනයක් දැනුනු ගමන් එක තැන ඉන්න එපා. නැගිටින්න. ඔබේ අත් පා වේගයෙන් ගසලා දමන්න (Shake your body vigorously). පනින්න. දුවන්න. සිංදුවක් දාලා පිස්සුවෙන් වගේ නටන්න.
ඔබේ ශරීර ඉරියව්ව වෙනස් කරන කොටම, මනසට පණිවිඩයක් යනවා "අපි දැන් ආරක්ෂිතයි, බය වෙන්න දෙයක් නෑ" කියලා.
3. ප්රබල ශ්වසනය (Power Breathing - The Reset Button)
ඔබේ ශරීරයේ "Fight or Flight" (බිය) පද්ධතිය පාලනය කරන දුර්ස්ථ පාලකය තමයි ඔබේ "හුස්ම". ඔබ නොගැඹුරු විදියට පපුවෙන් හුස්ම ගන්න තාක් කල්, ශරීරය ඉන්නේ බයෙන්.
* ඒක නිසා මේ ක්රියාකාරමක පුරුදු කරන්න.
කොන්ද කෙලින් තියාගන්න.
තත්පර 4ක් නහයෙන් ගැඹුරට හුස්ම ගන්න (බඩ පිපෙන්න ඕනේ).
තත්පර 4ක් ඒ හුස්ම අල්ලගෙන ඉන්න.
තත්පර 6ක් කටින් සෙමින් හුස්ම "හා....." කියා ශබ්දයක් එන ලෙස පිට කරන්න.
මෙය පස් වතාවක් කරන්න. ඔබේ ස්නායු පද්ධතිය ක්ෂණිකව Reset වෙනවා ඔබට දැනේවි.
මතක තියාගන්න:
ඔබේ අතීතය ඔබේ සෛල (Cells) තුළ හිරවෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔබේ අනාගතය තීරණය කරන්නේ අද ඔබ ගන්නා ක්රියාමාර්ගයි.
සිත සිතා සිටීම නවත්තලා, ශරීරය වෙනස් කරන්න. ඔබේ සැබෑ පරිවර්තනීය වෙනස පටන් ගන්නේ එතනිනුයි! 🔥
අන්තර්ජාතික සුදුසුකම්ලත් පුද්ගල හැකියා සංවර්ධන පුහුණු උපදේශක
පුබුදු එරත්න
Asia's #1 NLP & Hypnotherapy Trainer,
NLP Master Coach & Master Hypnotherapist

Monday, January 5, 2026

ඇරියස් රහිත භාවය මනින හොඳම මිනුම්දණ්ඩ කුමක්ද?

 ඇරියස් රහිත භාවය මැනීමට ඇති මිනුම්දඬු අතරින් හොඳමඑක වන්නේ තමන් කරන/කරපුදේට වඩා වෙනස් දෙයක් කරන මිනිසෙකු වෙනුවෙන් කොපමණ පෙනීසිටිනවාද යන්නයි.

විශාඛාවට ගිය කාන්තාවකට දේවී බාලිකාවේ කාන්තාවක් වෙනුවෙන්ද

විවාහක කාන්තාවකට අවිවාහක කාන්තාවක් වෙනුවෙන්ද

වෙජිටේරියන් මිනිසාට වෙජිටේරියන් නොවන මිනිසා වෙනුවෙන්ද

ළමයි නැති ගෑණු/පිරිමි මව්වරු/පියවරු වෙනුවෙන්ද වෙනුවෙන්ද

මව්වරු/පියවරු ළමයි නැති ගෑණු/පිරිමි වෙනුවෙන්ද

ආදී වශයෙන් ඔබ කරනදේට ප්‍රතිවිරුද්ධ දේ කරන්නා වෙනුවෙන් කොපමණ පෙනීසිටිනවාද, ඒතරම ඇරියස් නැති ප්‍රමාණයට සමානුපාතික වේ.


මේක වෙන්නෙ කොහොමද?


තමන් කසාද බැන්දානම්, ඒ කසාදේ ඇරියස් අඩුනම්, රටේ ඉන්න එකාල බැන්දා නැතා තමන් ට්‍රිගර් වෙන්නේ නැත. තමන් තමන්ගේ චොයිස් එක ගැන සැටිස් නම් තමන්ට හෝ අන් අයට ඒක ඔප්පු කිරීමට අවශ්්‍යද නැත.  අනිත් කාරණාද එසේමය. 

ඇත්ත නේන්නම්, ටීචල සෙට්එකට ඇරපු එකාත් බඳින්න කන්‍යාවො හොයන රටක්

  ඇත්ත නේන්නම්, ටීචල සෙට්එකට ඇරපු එකාත් බඳින්න කන්‍යාවො හොයන රටක්