අපි තිත්ත ඇත්ත කතාකරමු.
කාන්තාවක් අවු. 25 සිට 75 දක්වා කරන ඇතැම් වැඩ වලට ගතවන කාලය කොපමණද යන්න ගණනය කරමු.
වැඩිහිටි කාලය ලෙස වසර 25 සිට පැය අටක් නින්ද ලබාගැනීමට වැය කලොත් අවු. 25 සිට 75 දක්වා නිදාගැනීමට පමණක් වසර 16.667ක් වැයවේ. එනම් වැඩිහිටි වසර පනහෙන් අවදියෙන් සිටින්නේ වසර 33ක් පමණිි. නමුත් බොහෝ කාන්තාවන්ට පැය අටක නින්ද යනු සිහිනයකි. යම් කාන්තාවකට ලැබෙන්නේ පැය පහක නින්දක් නම් ඔබට වසර 6.25ක නින්ද අහිමිව ඇත. එහි ප්‍රතිපලයක් ලෙස අකලට දිරා, ඔබේ ඇඟේ ටයර් බැස අවලස්සන වී, ඔබට බෝනොවන ශාරීරික රෝගද, මානසික ආතතියද ඇතිවීමට හේතුවක් වී ඇත.
කාන්තාවක් අවු. 25 සිට 75 දක්වා
1. වළං හේදීමට දවසකට පැයක් යයි නම් ජීවිතකාලය වන වසර 75න් වසර 2.0833 කාලයක් වළංම හෝදා ඇත. (1*365 *50/24)/365
2. කෑම පිසීමට දවසකට පැය දෙකක් යයි නම් ජීවිතකාලය වන වසර 75න් වසර 4.16 කාලයක් තනිකරම බත් තම්බා ඇත.
3. එක එකාගේ බලපෑම් නිසා වැඩට සාරි ඇඳීමට/මැදීමට/හේදීමට දවසකට පැයක් යයි නම් ජීවිතකාලය වන වසර 75න් වසර 2.0833 කාලයක් තනිකරම රෙද්දකට දියවී ඇත.
මේ ආකාරයට ඔබේ ජීවිතයේ වසර ගනන් ගතව ඇත්තේ ගේ අතුගෑමට, රෙදි හේදීමට, අස් කිරීමට ආදී මෙලෝරහක් නැති, දෙලොවටම වැඩක් නැති පක්කිළිකම් සඳහාය.
ඉහත මෙලෝරහක් නැති වැඩ තුනට පමණක් ඇහැරගෙන හිටපු වසර 33න් වසර අටක්ම, එනම්, 24.242% වැයවී ඇත. එය ඇහැරගෙන හිටපු වසර 33න් හතරෙන් පංගුවකි.
මේ ආකාරයට ඔබේ ජීවිතයේ වසර ගනන් ගතව ඇත්තේ ගේ අතුගෑමට, රෙදි හේදීමට, අස් කිරීමට ආදී මෙලෝරහක් නැති, දෙලොවටම වැඩක් නැති පක්කිළිකම් සඳහාය. මේවා කලා කියා ඔබට ගෙවන්නේවත් ඔබව ගනන්ගන්නේවත්,බොරැවට ඔබව මුරැංගඅත්තේ තබා වැඩකරගන්නවා හැර ඔබට අගයක් ලැබෙන්නේවත්, ඔබ වයසට ගියාම එළියට දමන්නේ නැතිය හෝ බලාගන්නවායැයි සහතිකය්ක් ලැබෙන්නේවත් නැත. සැමියා ඔබට පක්ශපාතීව ඉඳීයැයි සහතිකය්ක් ලැබෙන්නේද නැත. ළමයි ඔබව අතනොහරී කියාසහතිකය්ක් ලැබෙන්නේද නැත. ඔබට ලොකු අසනීපයක් හැදුනොත් අතහරින්නැතිය කියා සහතිකය්ක් ලැබෙන්නේද නැත. මේවා අඩුනැතිව කරපු අම්මලා ඕනෑතරම් මහමගට වැටේ, ගෙවල්වල හින්සනයට ලක්වේ.
මම වළං හෝදන්නේ නැත. ඩිෂ්වොෂර් එක තිබේ. ඊට වැයවන විදුලි ඒකක ගණනට මුදල් ගෙවීමට මට මුදල්ද ඇත. මම වොෂර් ඩ්‍රයර් වල රෙදි හෝදන නිසා රෙදි සේදීමට හෝ අයන් කිරීමට දුක්විඳින්නේ නැත. ඊට වැයවන විදුලි ඒකක ගණනට මුදල් ගෙවීමට මට මුදල්ද ඇත. මට ඉතාම නවීන මුළුතැන්ගෙයක්ද, උයන්නට අස්පස් කරන්නට නොපැකිලෙන නිවසේ සාමාජිකයන්ද, ගෑණු උයන්නේ පවුළට ඇති ආදරය නිසා මිසක ඒක ඔවුන්ගේ වැඩක් නොවනබව දන්නා සහකරැවෙක්ද සිටියි.ලංකාවේ දුප්පත් පවුලක ඉපදුන මට ඒ හපන්කම කරන්නට හැකිඋනේ අනුන්ගෙ පානෙන් එළිය නොබලා, ඉතා වෙහෙස මහන්සි වී මගේ දෛවය මම විසින්ම වෙනස් කරගත් නිසාය.හදවතෙන් නොව මොළයෙන් තීරණගත් නිසාය.
ඇතැම්විට මම උයද්දී මම පෙරදිනක ඇසූ දාර්ශනික ප්‍රශ්නයකට උත්තරයක් ලෙස ඩොකියුමෙන්ටරියක් හොයාගත් මගේ සහකරැ, "ක්‍රිෂා, උයනවට වඩා මේක ඔයා ඉගෙනගන්න එක වැදගත්. මේ ඩොකියුමෙන්ටරිය බලන්න. අද කඩෙන් ඕඩර් කරමු" යැයි පවසන්නේ එබැවිනි (සහකරැවන් කාරියන් අනෙකාව ඉන්න තැනින් හැමඅතින්ම එසවියයුතුය. එහෙම නැතිව කන්දෙගෙදර බාලමහත්තය වගේ සද්දනැතිව තමන් ගේ ජීවිතය මෙලොව පරලොව සුගතිගාමී වීම සඳහා ලොකුහාමිනේ වැනි ඉතා ප්‍රාථමික ගෑණියක් ඒගෑනිව ඒ මට්ටමේම තබමින් මෙවළමක් ලෙස පාවිච්චි නොකලයුතුය.මගේ සහකරැවාට මං ලවා තම කෑම එක හදවාගැනීමට වඩා මගේ ආකල්ප ඉහල නැංවීම වැදගත් වන්නේ එබැවිනි.). ඔහු හැදීවැඩී ඇත්තේ පුරැෂමූළික සමාජයක නොවේ. ඔහුගේ පියා ඇතුළු පවුලේ පිරිමි තම බිරිඳ බෙදූ කෑම ඉතිරි කලොත් සමාව ඉල්ලති (සොරි ක්‍රිෂා, අද මගේ බඩ ටිකක් පිරිල වැඩී ආදීලෙස).ඊට මුලදී මම පුදුම විය. මන්ද ඇතැම්විට "වරද"ද මගේය. ඊට හේතිව මම ඇසූවිට ඔවුන් පැවසූයේ ගැහැණියක් තම පවුල වෙනුවෙන් ආහාර පිසීම ඉතා උතුම් වැඩක් නිසා (කෑම වල අත්වැරදි ඇති අවස්ථාවක වුවද) ඊට ගෞරව කරන බවය. කෑමට ලුණු ටිකක් මදිවූ දිනක පිඟාන පොළවේ ගසන පුරැෂමූළික සමාජයකින් ආ මට එය මැජික් විය.මම සාරි අඳින්නේ නැත. මේ හේතු නිසා මගේ ජීවිතකාලයේ හතරෙන් පංගුවක් මට මං කැමති වැඩවලට, නිදහසේ ඉන්න, නිදාගන්න ඉතිරි වී ඇත. ප්‍රතිපලය නම් ලංකාවේ ග්ලෝරිෆයිඩ් බෑඞ් මේඩ් සමකාළීන ගැහැණුන්ට ඇති අධික මහත, රෝග, මානසික පීඩන, අකලට වයසට යාම නැතිකමය.
ඔබේ ජීවිතය ගතවියයුත්තේ ඔබ කැමති, ඔබට අභිමානයක් ගෙනදෙන, ඔබට සුවපහසු ආකාරයටය. එවැනි ජීවිතයක් ගොඩනැගෙන්නේ ඔබ ඒසඳහා තනිවම වැඩකලොත් පමණි. ඔබ යම් තැනකට තනිවම ගියපසු ඊට ගැළපෙන, ඒ වයිබ් එකට මැච්වන සහකාරයෙක් ලැබේ.
එබැවින් කාන්තාවක් වන ඔබ කලයුත්තේ ඇටෙන්පොත්තෙන් එනවිට පිරිමි බාගයක් සෙට්කරන් තමාව විනාස කරගැනීම නොව තනිවන නිහඬවම තමාව ගොඩනැගීමය.
පිරිමි බාගයක් සෙට්කරන් ජීවිතකාලයම උගේ පක්කිළිකම් කරන ගෑණු වයසට යන්නේ තම ජීවිතය විනාශවීම පිළිබඳ ද්වේශයෙනි. දුකකිනි. හීනමානයකිනි. වයසට යද්දී අතහරිනවා වෙනුවට අල්ලාගන්නේ එහෙම ගෑණුය. වල පයයි ගොොඩපයයි ඉන්න වයසක අම්මා තරැණ ලේලි සමඟ පුතාගේ ආදරය වෙනුවෙන් සටන් කරමින් තණ්හාව නිසා ලේලිවද අපායකට දමා මරණයෙන් මතුද අපාගත වන්නේ ඒගෑණිට පුතාහැර වෙනත් අරමුණක්, අභිමානයක් නොතිබූ බැවිනි. පුතාද මවට වෙනත් අරමුණක්, අභිමානයක් ඇතිකරගැනීමට ඉඩදුන්නේ නැත්තේ තම පක්කළිකම් ටික මව ලවා කරගැනීමටය. මේ උගුළේ ඇති භයානකම දේ පක්කළිකමම්ම කරන බොහෝ අම්මලාට අන්තිමේ මරණයෙන් මතුද සුගතිය ඈත වීමයි.
පුතා රට/දුර/වෙනමගේක යැයි කියා (පුතා හොඳට ඉඳී, මව ගැන හොඳට බලයි) හැමදාම වැළහින්නන් සේ අඬන මෙවැනි ගෑණු අධික තණ්හාව, ද්වේශය, මෝහය, ලිංගික ඊර්ශ්‍යාව නිසා අනිවා දුගතිගාමී වේ. ඇරියස් නැති, පක්කළිකම් නොකල ගෑණු ලොකු පුත්තුන්ව හුරතල් කිරීමේ වගකීම ලේලිට දෙන්නේ මහත් කැමැත්තෙනි. ඔවුන්ට විශ්‍රාම දිවියේ වැඩ ගණනාවක් ඇත. ධර්ම කරැණක් සාකච්චා කරමින් මිතුරියක් සමඟ පැයක් කෝපි බී, සුරතල් බල්ලා සමඟ ටිකක් ජොගින් කොට, නිවසට පැමිණ නාගෙන, සැමියා සමඟ ආහාර පිස කෑමකා, දෙදෙනා සමඟ කාලය ගෙවා, හවස තනියම විනෝදාංශයක යෙදී...ආදී ලෙස කරන්නට බොහෝ ලස්සන වැඩ සමඟ ඇය බිසී වී ඇත.
ඔය අම්ම එක ගෑනි දෙක ගොටුකොළ කැඳයො අම්මව මරණින් මතු මළප්‍රේතියක් නොවෙන්න නම් අම්මට තව අල්ලගන්න වෙනුවට අතහරින්න හුරැ කරන්න. ගෙදර බුදුන් බරගානක් මතු බුදු වීම කෙසේවෙතත් මළප්‍රේතියක් වීම වළක්වගන්ට. කලින් ලිපියක හින්දු ආගමේ සන්‍යාසි කාලේ ගිහියන්ට ගෙදරින් මුළුමනින් ඉවත්වෙලා තැන තැන යන්න කිව්වෙත් ඒකාලේ සම්පූර්ණයෙන් ඇලීම් ගැටීම් වලින් මිදිල අධ්‍යාත්මික පැත්තට යෙදවීමට.මන්ද සුගතිගාමී වීමට එය අත්‍යවශ්‍යයි.
No comments:
Post a Comment