Tuesday, November 25, 2025

දුවගේ කොල්ලා මරා එකම පවුලේ දහයකට මරණ දණ්ඩනය සහ හෝකන්දර සය පුද්ගල ඝාතනය ගැන කතා කරමු

මගේ පෞද්ගලික අදහස අනුව ඉහත සඳහන් කරන ලද සිද්ධි දෙකම වළක්වාගන්න තිබුනා ලංකාවේ පොළීසිය හරි වෙලාවේ ප්‍රශ්නයට හරි මැදිහත්වීමක් කලානම්, අධිකරණයේ නඩු ඇසීම කාර්‍යක්‍ෂම උනානම් සහ ගොඩින් බේරාගැනීමට තිබූ පවුල් ප්‍රශ්න එස්කැලේට් කරමින් ඉතා දරදඬු ආකාරයට ඉදිරියට ගෙන යන මෝඩ වැඩිහිටියන් නොසිටියා නම්. ලලනදාස සහ අමරදාස නම් අසල්වැසියන් අතර කුමන කාරණයකට හෝ බලවත් ප්‍රශ්න පැනනැගී අමරදාස පවුලෙන් ලැබෙන තාඩන හිංසා පීඩා නිසා ලලනදාස විසින් පොලීසියේ පැමිණිල්ලක් කර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ කාලයක, එම නඩුව අධිකරණය විසින් කැදවා ඒ සදහා සාක්‍ෂි දීමට මව සිරියාවතී සහ වැඩිමහල් දියණිය චන්ඳ්‍රා අධිකරණයට ගිය දිනක එකී වෛරය උත්සන්න වී මෙම හෝකන්දර සය පුද්ගල සාහසික ඝාතන සිදු උන බව පෙනේ. දුවගේ කොල්ලා මරා එකම පවුලේ දහයකට මරණ දණ්ඩනය නියම වෙච්ච කේස් එක අහපු වෙලාවේ මට ඒකේ යම් අසාමාන්‍ය ගතියක් දැනුනා (කුමන හේතුවට හෝ මිනී මැරීම වැරදී, ඒක කිසිසේත් සාධාරණීකරනය කරන්නෙ නැහැ). 1. ලංකාවෙ කෙල්ලො ඕනෙතරම් නොගැලපෙන සම්බන්දකම් හදාගන්නව. බඩ වෙනවා. නමුත් මෙහෙම වෙන්නෙ නෑ. පවුලේ දහයක් සෙට් වෙලා ඌව මරන්න යම් එස්කැලේට් වීමක් තියෙන්න ඉඩ තියෙනව. 2. කෙල්ලගේ තාත්ත කොල්ලට තරයේ අවවාද කරල මාරය ආවේස වෙලා ඉද්දි ඉද්දී ඌ බයසැක නැතිව කෙල්ලගෙ ගෙදරට යනව. සාමාන්‍යයෙන් නම් කෙල්ලගෙ ගෙදරට යනව තියා පිටතදී හම්බවෙන්නෙත් හොරාට පණ බයේ. සමහර ගොසිප් වලට අනුව ඌව මරන්න කෙල්ල ලවා උපක්‍රමශීලීව ගෙදරට ගෙන්න ගත්තලු. ඒකත් ඉතින් වෙන්න පුළුවන්. 3. කෙල්ලගේ තාත්ත පොලීසි ගිහින්ලු, නමුත් වැඩක් උනේ නෑලු.කොල්ල උප පොලිස් පරීක්ශකවරයෙක්ගෙ පුතෙක්ලු. මෙන්න මේ කාරණේ ඇත්ත නම් මං කියන්නෙ මේකෙ වගකීම පොළීසියටත් වැටෙනව. 4. ගොසිප් වලට අනුව ඒ කොල්ලා ඒ ගෙදර අම්මා එක්ක අනියම් සම්බන්ධයක්ද පවත්වපු එකෙක්ලු. මේ කාරණේ ඇත්ත නම් මං කියපු එස්කැලේට් වීම හරි. තමන්ගෙ ගෑනි එක්ක බුදියල, එවකට බාල වයස්කාර (15) දුවත් එක්ක පැටළුන පොලිස්කාරයගෙ පුතාට විරැද්ධව පොළීසි ගියපු නිවසේ පිරිමියට පොළීසියෙන් සාධාරණයක් වෙලා නැති තැන ඔහු නීතිය යුක්තිය තමා අතර අරගෙන.


හෝකන්දර සය පුද්ගල ඝාතනය ගැන නීතිවේදී තිනෙත් කොරසගල්ල 1999 වර්ශයේ දී ලංකාවම කම්පාවට පත්කරමින් හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයන් 4 දෙනෙකු විසින් එකම පවුලේ පියා, මව, දියණියන් තිදෙනා සහ එකම පුතා අමු අමුවේ කපා කොටා ඝාතනය කර ඒ අතරින් එක් දියණියක් ඇදක ගැට ගසා සාමූහිකව දූෂණය කර එල්ලා ඝාතනය කලහ. තවද මොවුන් විසින් රං භාණ්ඩ සියල්ල කොල්ල කෑහ. මෙම නඩුව මූලික වශයෙන් සිදුවීම ඇසින් දුටු එක් පුද්ගලයෙකුගේ සාක්ෂි මත මෙන්ම ඇගිලි සලකුණු තාක්ෂණය හා DNA තාක්ෂණය ද භාවිතා කරමින්  මහාධිකරණය විසින් සැකකරුවන්ට විරුද්ධව චෝදනා 24 ක අධිචෝදනා පත්‍රයක් ගොනුවී තිබූ මෙම නඩුව විසදා තීන්දු කර ඇත. 

හෝකන්දර ප්‍රදේශයේ පවුල් දෙකක් අතර කලක පටන් ක්‍රමානුකූලව වර්ධනය වූ ආරවුලක් සහ ඒ තුලින් ඇතිවූ වෛරයක් නිසා පලිගැනීමේ චේතනාවෙන් එදින දවල් 2.00 පමන සිට රාත්‍රිය තෙක්ම මෙම සාහසික මෙන්ම බිහිසුනු අපරාධ මාලාව මියගිය පුද්ගලයන්ගේ නිවස තුලම සිදු කර ඇත.

දිනය 1999 පෙබරවාරි 10

මිය ගිය ලලනදාස මහතාගේ පවුල හෝකන්දර අමරගොඩ පාරේ පදිංචි වී සිටියහ. සය දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ පියා ගමේ ඉඩම් විශාල ප්‍රමානයක් හිමි ගොවියෙකු වූ විතානගේ ලලනදාස මහතා ය. ඔහුගේ භාර්‍යාව කොලුරගේ සිරියාවතී වන අතර දියණියන් සහ පුතා පිළිවෙලින් ගිණුම් ලිපිකාරියක් වූ චන්ද්‍රා ප්‍රියංගනී, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වානිජ පීඨයේ චිත්‍රා දයංගනී, ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරූ නයනා දමයන්ති සහ කාර්මික ශිල්පියෙකු වූ නිස්සංක වේ. මෙම පවුල ගමේ වැදගත් පවුලක් වුනත් ගම්මුන් සමග වැඩි භජනයක් තිබූ පවුලක් නොවීය. අවුරුදු කිහිපයක සිට අමනාපෙන් සිටි අමරදාස පවුල පදිංචි වී සිටියේ ද ලලනදාසගේ නිවස ආසන්නයේමය. කාලයත් සමග අමරදාස පවුලෙන් ලැබෙන තාඩන හිංසා පීඩා නිසා ලලනදාස විසින් පොලීසියේ පැමිණිල්ලක් කර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද තිබුනි.

මෙදින ඉහත සදහන් නඩුව අධිකරණය විසින් කැදවා තිබූ අතර ඒ සදහා සාක්ෂි දීමට මව සිරියාවතී සහ වැඩිමහල් දියණිය චන්ද්‍රා අධිකරණයට ගියහ. නමුත් අමරදාස සහ ඔහුගේ පුතා මෙදින අධිකරණය හමුවේ පෙනීසිටියේ නැත. ලලනදාසගේ පුතා ද තම රැකියාව සදහා පිටත් විය. දවල් කාලයේ ලලනදාස නිවසේ සිටියේ ලලනදාස, චිත්‍රා සහ නයනා වේ. අමරදාසගේ සේවකයෙකු වූ 19 හැවිරිදි සජීව නොහොත් "උක්කුවා" (1 වන සැකකරු), අමරදාසගේ පුතා වන 17 හැවරිදි ගයාන් සුරංග (4 වන සැකකරු) සහ මෙම දෙපලගේම යහලුවන් දෙදෙනෙක් වන 25 හැවිරිදි සම්පත්සිරි නන්දන හා 21 හැවරිදි මහින්ද සිරිවර්ධන( 2 වන සහ 3 වන සැකකරුවන්) දවල් කාලයේ සිටම ලලනදාසගේ නිවසෙහි කල් ගත කරමින් බොහොම සැහල්ලුවෙන් කිසිම බියකින් තැතිගැන්මකින් තොරව මිනීමැරුම් හයම රාත්‍රි වෙන තුරුම සිදු කරමින් රූමත් දියණියක් වූ චිත්‍රා දයාංගනී සමූහ දූෂනය කර එල්ලා මරා වෛරය සන්සිදවා ගැනීමට සමත් විය. පළමුව ගෙදර සිටි තිදෙනාවත් දෙවනුව හවස් ජාමේ අධිකරණයට ගොස් පැමිණි දෙදෙනාවත් රාත්‍රි 8.00 පසුව වැඩ ඇරී ගෙදර ආ නිස්සංකවත් ඝාතනය කලහ. අමරදාස ද මෙම සිද්ධියෙන් මිය ගියේය.

බොරලැස්ගමුවෙහි පදිංචිව සිටි චන්ද්‍රගුප්ත නම් අයෙකු අමරගොඩ පාරේ පදිංචිව සිටි ධම්මිකාට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. ඇය භීතියට පත්ව ඇති බව චන්ද්‍රගුප්තට පෙනී ගිය අතර, විමසීම් වලදී ඇය ඔහුට දන්වා ඇත්තේ අසල නිවසක අසාමාන්‍ය තත්වයක් ඇති බවත්, බල්ලන් බුරන බවත් කාක්කන් කෑගසන බවත් ය. චන්ද්‍රගුප්ත අදාළ නිවසේ ලිපිනය ගෙන රාත්‍රී 8.30 ට පමණ තලංගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. පසුව රාත්‍රී 11.00 ට පමණ තලංගම පොලිසියේ පොලිස් පරීක්ෂක සුරවීර මහතා එම නිවසට පැමිණ ඇත.

සුරවීර මහතා පසුපස දොරෙන් නිවසට ඇතුළු වන විට ආලෝකයක් දැල්වූ අතර වී ගබඩා කිරීම සඳහා භාවිතා කළ විශාල ලී පෙට්ටියක් තුළ වාඩි වී සිටි ලලනාදසගේ මළ සිරුර සොයා ගත්තේය. ඔහුගේ අත් සහ කකුල් කොහු කඹයකින් බැඳ තිබුණි. එම කාමරයට යාබද කොරිඩෝවක සිරියාවතී සහ චන්ද්‍රා ප්‍රියංගනීගේ සිරුරු බිම වැතිර සිටිනු ඔහු දුටුවේය. ඔවුන්ගේ ගෙලෙහි ඇති තුවාල වලින් ලේ ගැලී ඇති අතර මළ සිරුරු දෙක අතර කොරිඩෝවේ තාප්පයට හේත්තු කර තිබූ අඩි 6 ක් පමණ දිග, ඉහළ කොටසේ ලේ තැවරී තිබූ අලවංගුවක් ද සොයාගත්තේය. තවත් කාමරයක් පරීක්ෂා කිරීමෙදී දොර රාමුවේ එල්ලා තිබූ චිත්‍රා දයාංගානිගේ මළ සිරුර සොයා ගත්තේය. ඇගේ දෑත් පිටුපසින් බැඳ, ඇගේ මුහුණ පහළට හා සිරුර බිම ස්පර්ශ විය. ඒ ආසන්නයේ තිබී රුධිරය, කොන්ඩම් එකක්, හිස් සිගරට් පැකට්ටුවක් හා සිගරට් අළු  තවදුරටත් සොයාගත්තේය. ඉන් අනතුරුව පරීක්ෂකවරයා නිවසේ පිටුපස වැසිකිළිය පිටුපස තිබූ නයනා දමයන්තිගේ මළ සිරුර සොයා ගත්තේය. ඇගේ සිරුර පුවක් අතු වලින් වැසී තිබූණි. පසුව එදිනම පාන්දර 3.00ට පමන ලද තොරතුරකට අනුව නිවසින් මීටර් 30 ක් පමණ දුරින් පිහිටි පොල් ගස් අතර නිසංකගේ සිරුර තිබී ඇති අතර ඔහුගේ ඇඳුම්වල ලේ මෙන්ම මඩ ද නිරීක්ෂණය කර ඇත. තවද ලේ සහ මඩවලින් තැවරුනු ‘කිතුල්’ පොල්ලක් ද පොලීසිය විසින් සොයා ගන්නා ලදී. නිසංකගේ සිරුරට තරමක් සමීපව තත්ත්වය අසාධ්‍යව සිටි අමරදාස ද සොයා ගත්තේය. රෝහල් ගත කිරීමෙන් පසුව අමරදාස ද මිය ගියේය. බොහෝවිට, රෑ බෝවී ගෙදර පැමිණි නිස්සංක ලේ විලක් මැද වැටී සිටි තම පවුලේ සියලු දෙනා දුටු පසු අමරදාසත් සමග පොරබැද ඔහුවද මරාගෙනම මිය ගොස් ඇත. කෙසේහෝ එදින මිනිස් ජීවිත හතක් නැති විය.

පසු දින 1 සිට 3 තෙක් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් සන්තකයේ තිබී කොල්ලකෑ රං ආභරණ ද සොයාගැනීමට හැකවිය. රං වලලු කිහිපයක Chandra ලෙස කොටා තිබුනි. අමරදාසගේ පුතා සැගවී සිට ඔහුම අධිකරණයට භාර විය.

ජොංටි ගේ ඇසින් දුටු සාක්ෂිය.

ඩබ්ලිව්. ඩබ්ලිව්. ජයනාත හෙවත් "ජොංටි" අමරදාසගේ පවුලේ හිතවතා මෙන්ම අමරදාසගේ පුතාගේ අතිජාත මිත්‍රයා විය. පැමිණිල්ලේ නඩුව මුළුමනින්ම රඳා පැවතී ඇත්තේ මොහුගේ ඇසින් දුටු සාක්ෂි මගිනි. සිද්ධිය වූ දිනයේ ජොංටි අමරදාසගේ පුතා සමඟ අවස්ථා 3 කදී ලලනදාසගේ නිවසට ගොස් තිබේ. මෙම සංචාර තුනම සිදුවී ඇත්තේ අමරදාසගේ පුත් ගයාන් ගේ ඉල්ලීම පරිදි ය. ජොංටි පැහැදිලිවම ප්‍රකාශ කර තිබුනේ ලලනදාසගේ නිවසට ගිය පළමු වතාවේදී එහි සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තමා නොදැන සිටි බවයි. ඔහු එදින පළමු වරට ලලනදාසගේ නිවසට පැමිණියේ ගයාන් සමඟ දවල් කාලය පසුවී 2.00 ට පමන ය. ඒ වන විට ඔහු දැක ඇත්තේ ලලනදාසගේ සහ නයනා දමයන්තිගේ මළ සිරුරු පමණි. 1 වන, 2 වන සහ 3 වන අභියාචකයින් නිවස තුළ සිටි බව ජොන්ටී ඒ වන විට දැක තිබේ. ගයාන් විසින් උක්කුවාට සිගරටි පැකට් එකක්ද දුන් බව ජොංටි පැවසුවේය. පසුවද ගයාන් ගේ ඉල්ලීම් අහක දැමීමට බැරිම තැන අනෙක් දෙවතාවත් ගොස් ඇත. 

ඔහු දෙවන වරටත් දවල් 3.30 ට පමණ ගයාන් සමඟ ලලනදාසගේ නිවස වෙත ගොස් තිබේ. එම අවස්ථාවේදී ඔහු නැවත වරක් තවත් මළ සිරුරු දෙකක් නිරීක්ෂණය කර ඇති අතර පසුව ඔහු චන්ද්‍ර ප්‍රියංගනී සහ සිරියාවතීගේ සිරුරු ලෙස හඳුනා ගත්තේය.

ගයාන් සමඟ අපරාධය සිදු වූ ස්ථානයට තෙවන වරටත් සවස 6.00 ට පමණ ගිය විට ලලනදාසගේ නිවසේ සිටියදී උක්කුවා, මහින්ද සහ නන්දන යන සැකකරුවන් විසින් චිත්‍රා දයාගානි දූෂණය කරනු දැක ඇත. මොවුන් විසින් ඇයව කාමරයේ ඇදක ගැට ගසා සියලු දෙනා එක්ව සාමූහිකව දූෂණය කල බවට සාක්ෂි ලබා දී ඇත. තවදුරටත් සාක්ෂිකරු කියා ඇත්තේ ගයාන් ද මටත් සංසර්ගයේ යෙදෙන්න ඕනේ බව පවසා ඇදට පැන්න බවයි. ඇය දූෂණයට ලක්වන අවස්ථාවේ ජොන්ටි පවසන පරිදි ඇය ජීවතුන් අතර සිටියාය. ජොන්ටී ලලනදාසගේ නිවසට සංචාර තුනක් ගියද, ඔහු නිෂ්ශංක මියගොස් සිටිනු දුටුවේ නැත. 

ඉහත ජොංටිගේ සාක්ෂිය පොලීසිය විසින් බිස්කට් ටිං එකක තිබී සොයා ගත් ඇගිලිසලකුණු, DNA, සිගරට් පෙට්ටිය, රුධිරය, සැකකරුවන්ගේ මඩ සහ රුධිරය සහිත ඇදුම්, කොන්ඩම් එක, කොල්ල කෑ රං භාණ්ඩ වී බහාලන පෙට්ටිය, කඹ සහ අනෙකුත් රුධිරය තැවරුණු ආයුධ මගින් ද ජොංටිගේ සාක්ෂිය සනාථ විය.දවල් 2.00 සිට සවස 6.00 වන තුරු ගයාන් සමග සංචාරයේ යෙදුනු ස්ථාන වන හොකන්දර හංදියේ සැලූන් එකේ ඉන්දික ප්‍රදීප් මොවුන් දෙදෙනා බයිසිකලයකින් එහි සිට ගිය බවත් ගයාන් අතේ සිගරට් පැකටි එකක් තිබූ බවත් සාක්ෂි ලබා දුන්නේය. තවද මොවුන් දෙදෙනා දවල් කෑම ලබාගත් ගෙදර පරනවිතාරන කියා සිටියේ ගයාන් තමාට ලලනදාසගේ නිවසේ දෙදෙනෙක් මරා දමා ඇති බව පැවසූ බවත් සහ ජොංටි සමග ඉහත සදහන් කාලය ගයාන් ගත් කල බවත් ය. තවද ගමේ නිහාල් පෙරේරාගේ සාක්ෂි මගින් ද ජොංටිගේ සාක්ෂිය සනාථ විය. 

මෙම නඩුවේදී DNA තාක්ෂණ පිළිබද පොලීසියට මෙන්ම පැමිණිලි පාර්ශවයටද (නීතිපති දෙපාර්තුමේන්තුව) මනා අවබෝධයක් නොතිබූනි. නමුත් විශේෂඥවරුන්ට අනුව සැකකරුවන් තිදෙනා මියගිය පුද්ගලයන් සමග සම්බන්ධයක් පවත්වා ඇති බවක් හෙලිවිය. එම සාක්ෂි මත සැකකරුවන් තිදෙනා මියගිය පුද්ගලයන් ගේ මරණයට හේතු වන්නට ඇති බවට සැකයක් පවතින නමුත් අධිකරණය සාක්ෂි පිළගෙන ඇත. මේ පිළිබදව හිටපු නීතිපතිවරයෙක් වූ පාලිත ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ ලිපියක පුලුල් විග්‍රහයක් ද කර ඇත.

අධිකරණ වෛද්‍යවරයා මරණ පරීක්ෂණයෙන් පසුව එකිනෙකාගේ මරණයට හේතුව පහත පරිදි බව පෙන්වා දුන්නේය.

ලලනදාස මහතා - කඹයකින් ගෙල සිරකිරීම [Strangulation by a ligature] (භාහිර තුවාල 13 සහ අභ්‍යන්තර තුවාල 1)

සිරියාවතී මහත්මිය - බෙල්ලෙ කැපුම් තුවාලයෙන්    අධික රුධිර වහනය නිසා ඇතිවූ රක්තපාතය ( බාහිර තුවාල 3)

නයනා දමයන්ති - බෙල්ලෙ කැපුම් තුවාලයෙන්    අධික රුධිර වහනය නිසා ඇතිවූ රක්තපාතය (බාහිර තුවාල 2)

චන්ද්‍රා ප්‍රියංගනී - බෙල්ලෙ කැපුම් තුවාලයෙන්  අධික රුධිර වහනය නිසා ඇතිවූ රක්තපාතය ( බාහිර තුවාල 11)

චිත්‍රා දයාංගනී - එල්ලා මැරීම (ලිංග ඉන්ද්‍රීය ප්‍රදේශයේ භාහිර තුවාල 2 සහ අභ්‍යන්තර තුවාල 1) ; තවද අධිකරණ වෛද්‍යවරයා නිරීක්ෂණ ඔස්සේ පෙන්වා දී ඇත්තේ චිත්‍රා සමග එකම පුද්ගලයෙක් කිහිපවරක් සංසර්ගයේ යෙදී හෝ පුද්ගලයන් කිහිප දෙනෙක් එක්ව සංසර්ගයේ යදී ඇති බවකි.

නිස්සංක -  බෙල්ලෙ කැපුම් තුවාලයෙන්  අධික රුධිර වහනය නිසා ඇතිවූ රක්තපාතය (භාහිර තුවාල 11 සහ අභ්‍යන්තර තුවාල 2)

තීන්දුව

1 වන 2 වන හා 3 වන සැකකරුවන්ට විරුද්ධව නිෂශංක ඇර අනෙකුත් පුද්ගල ඝාතන 5 ටම මිනීමැරුම් චෝදනාව යටතේ 296 වගන්තිය ප්‍රකාර. මරණ දඩුවමත්, දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය ප්‍රකාර රං භාණ්ඩ කොල්ලකෑම සදහා 4 වන සැකකරු හැර අනෙකුත් සැකකරුවන්ට අවුරුදු 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් සහ ගයාන් ඇතුලු සැකකරුවන් සියලු දෙනාටම සමූහ දූෂනය කිරීම යන වරදට 364(2) වගන්තිය ප්‍රකාරව අවුරුදු 20 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ද ගරු මහාධිකරණය විසින් තීන්දු කල අතර තවද ලබා දුන් දඩුවම් අඛණ්ඩව ලබා දිය යුතු බවත් තීන්දු කලහ.

පසුව මෙම චූදිතයන් සිව්දෙනා ජනාධිපති නීතිඥ රෙන්සි අර්සේකුලරත්න මහතා, අධිනීතිඥ ශමාල් ඒ කොලර්, එල්. බරණ ගයාන් පෙරේරා ඇතුලු තවත් අධිනීතිඥවරයන් කිහිප දෙනෙක් මාර්ගයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පහත ප්‍රධාන තර්කයන් ඉදිරිපත් කලහ.

🗣 ජොංටිගේ සාක්ෂිය සනාථ කිරීමට අපොහොසත් වී ඇති බවත්,

🗣 සම්පූර්ණ නඩුව අවස්ථානුකූල සාක්ෂි මත රඳා පැවති බවත්,

🗣 ජොන්ටී ගේ සාක්ෂි වල විශ්වසනීයත්වය පිළිබද ගැටලු පවතින බවත්,

🗣 සමූහ දූෂනය සදහා 4 වන චූදිතයාගේ සම්බන්ධයක් නොමැති බවත් ය.

නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත සියලු පුද්ගල වාචික සාක්ෂි, ද්‍රව්‍යමය සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇගිලි සලකුණු සහ DNA සාක්ෂි සලකා බලා ජොංටිගේ සාක්ෂි මනාව සනාථ වී ඇති බවත් විශ්වාසනීයත්වය පිළිබද ගැටලුවක් නොමැති බවත් තීරණය කලහ. තවදුරටත් ප්‍රධාන විනිසුරුවරිය වූ ගරු ශ්‍රියානි බන්ඩාරනායක මහත්මිය පෙන්වා දී ඇත්තේ 4 වන අභියාචකයා සමූහ දූෂනයට සහබාගි වී ඇති බවත් ය. වැඩි දුරටත් කියා සිටියේ එක් චූදිතයෙකු දූෂණය කිරීමේ වරද සිදු කර ඇති බවත්, ආධාර සහ අනුබල දී ඇති බවත් තහවුරු වූ පසු, 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිලි කිරීම අනුව සමූහ දූෂන වරදට ඔවුන් සියල්ලෝම වැරදිකරුවන් වනු ඇති බවය. 

Section 364 of penal code, Explanation 1 states that, 

“Where the offense of rape is committed by one or more persons in a group of persons, each person in such group committing, of abetting the commission such offense is deemed to have committed gang rape.”

ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය යටතේ අභියාචනාව නිශ්ප්‍රභා කල අතර මහාධිකරණයේ තීන්දුව එලෙසම ස්ථීර කලහ.

නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඩුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න අභිරහසකි.

Sunday, November 23, 2025

ලංකාවේ ගෑණු 4B ව්‍යාපාරය කලයුතු බව මගේ අදහසයි

 පහුගිය දවස් කිහිපයේදි ලංකාවේ ඇතිවූ ආන්දෝළනාත්මක සිද්ධි කීපයක් ගත්තොත්, වෙලක උපන්හැටියෙ ළමයෙක් අතෑරල ගිහින් තිබුන. ඒක කලේ කවුද යන්න අදටත් හොයාගෙන නැතත් බොහෝදෙනෙක් ළමයගෙ මව ඒක කල බවට උපකල්පනය කරල, ළමයගෙ මවට ඉතාම නින්දිත ලෙස අමතල තිබ්බා. 

 මව ප්‍රසූතියේදී මැරිලාද හෝ පසු ප්‍රසව විශාදය හැදිල අවසිහියෙන්ද හෝ මව හොඳ සිහියෙන් උනත් පවුලේ අය/තාත්තා ළමයව අම්මට හොරෙන් පැන්නුවද (සංසාරණ්‍යයේ සිංගිගේ ළමයට කලා වගේ) කවුරැත් දන්නෙ නෑ. ඒවගේම මව හොඳ සිහියෙන් ඒ දේ කලා නම් මවක් එම තත්වයට පත් උන ආර්තික, සමාජයීය, සංස්කෘතික හේතු ගැන කතාබහක් ඇතිවීමයි කලයුතුව තිබුනේ. නමුත් සිද්ද උනේ ඒ ළමයගේ මවට පස්පඩංගුවේ බැනල නිකම් ඉඳීම සහ ඒ ළමයට රෙද්දක් පොරවපු පිරිමියෙක්ව අධි උත්කර්‍ෂයට නැගීම.

දැන් මේ ඊයෙ පෙරේදා කාන්තා පයිලට් කෙනෙක් තමන්ගෙ අළුත උපන් ළමයගේ පියා වන ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්ට නඩුදාල ළමයට උප්පැන්නෙට නම දෙන්න කියල. මෙතෙන්දිත් අදහස් වල ලංකාවේ බහුතරයක් ඒ කාන්තාවට බැනල තියෙනව බේබි ට්‍රැප් කරන්න ළමය හැදුවය, උපත් පාලනය කරන්න තිබුනය, ගබ්සා කරන්න තිබුනය, කසාද බඳිනකං ඕව නොකර ඉන්න තිබුනය ආදී නොයෙකුත් දේවල් කියමින්.

ඒවගේම ඉහළපෙලේ ධනවත් පික්මී ගෑණියෙක් "කොයි වෙලාවකවත්  මොන උවමනාව තිබ්බත්,ගෑණියෙක්ගේ එක බැල්මක්,ඇඳුමකින් හරි සිග්නල් එකක් නැත්තම් කිසිම පිරිමියෙක්ගෙන් ගෑණියෙකුට කරදරයක් වෙන්නේ නෑ.."කියල කරපු ප්‍රකාශයට කාන්තාවන්ගෙන් විශාල විරෝධයක්ද පිරිමින්ගෙන් සැළකියයුතු ප්‍රසාදයක්ද ලැබුනා. මෙම ප්‍රකාශය කරපු ගෑණි තමන්ගේ දක්ශකමකින් නැතිව හදාගත්ත තාත්තා සහ මිනිහගේ මුදලින් ගොඩගිය, කළින් මිනිහගෙ හොඳම මිතුරා සමඟ පැනගිය (කළින් මිනිහගෙ ළමයි කීපදෙනා සමඟ) ගෑණුන්ගේ සදාචාරය ගැන කතාකරන්න සුදුසුකමක් නැති ගෑණියක්. 

සුද්දියෙක්ට ලිංගික අතවරයක් කරපු ලංකාවේ පිරිමියෙක් නිසා ලංකාව මෑතදී වෛරල් උනා. ලංකාවේ පිරිමි බහුතරය ඒක දකින්නෙ අපේ සංචාරක කර්මාන්තයට පහරක් ලෙස හෝ අපේ ඉමේජ් එකට පහරක් ලෙස පමණයි. එහෙම නැතිව අපි ගෑණුන්ට අතවර කිරිම වැරදියි යන කෝණයෙන් නොවේ. ලෝකල් ගෑණුන්ට ලංකාව ඇතුලෙ අතවර උනාම ලංකාවේ පිරිමි බහුතරය ඒක දකින්නෙ ඒ ගෑණිගේ මොකක්හරි වරදක් නිසා පිරිමියා වරදට පෙළඹීමක් ලෙස මිසක අපි ගෑණුන්ට අතවර කිරිම වැරදියි යන කෝණයෙන් නොවේ.සෑහෙන්න කාලයකට පෙර කාන්තා පොදු වැසිකිළියට ගිය සහෝදරියකට ලිංගික හින්සනයක් කරපු මිනිහෙක්ට ඇය පහරදීල විශාල ආන්දෝළනයක් ඇතිඋනා, වැලිවේරියේ නංගි සිද්ධියේදී. ලංකාවේ පිරිමි බහුතරය හිටගත්තේ පිරිමියගෙ පැත්තෙ. 

ඒවගේම යම් මානසික ව්‍යාධියකින් පෙලුන බව කියන කාන්තාවක් තම කුඩා දරැවාගේ ගෙළ මන්නයකින් කපා ඝාතනය කොට ගෙළ වැළලාගෙන මිය ගියේත් පහුගිය සමයේ. එතැනදීත් බොහෝදෙනෙක් ළමයගෙ මවට ඉතාම නින්දිත ලෙස අමතල තිබ්බා. නමුත් මේවගේ මානසික තත්වයක් තියෙන අයට "සාමාන්‍ය මිනිස්සු" වගේ තර්කාණුකූලව හිතන්න බැහැ. එයාල "මානසිකව ආබාධිත"(mentally disabled) යන තත්වය යටතේ පුනුරත්ථාපනය කරල, යම් සමාජ ආරක්‍ෂණයක් (ජීවත්වෙන්න එයාට කලහැකි යම් රස්සාවක් දීම හෝ ආධාර මුදලක් දීම, එයාව ලිංගිකව අපයෝජනය නොවීමට නීති ආදී) ලැබියයුතුයි. "මානසිකව ආබාධිත" අයට consent එකක්, එහෙම නැත්නම් හරියාකාර කැමැත්ත දීමක් කල නොහැකියි. එයට අවශ්‍ය තර්කාණුකූළ මනසක් නැති නිසා. ඒ නිසා මෙවැනි ගැහැණුන් සමඟ ඔවුන්ගේ කැමැත්ත ඇතිව වුවත් ලිංගිකව සම්බන්ධ වීම දැඩි දඬුවම් සහිත අපරාධමය වරදක් කල යුතුයි. බොහෝවිට උපතින්ම එන මානසික ආබාධ සහිත කාන්තාවන් අපයෝජනයට ලක් වී ළමයි ලැබෙනවා. මේක ගැන කතිකාවක් ඇති විය යුතුයි. එහෙම නැතිව මානසිකව ආබාධිත මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන්න කියල බල කරල වැඩක් නැති බව ඔබට තේරෙන්න ඕනෙ. මානසිකව ආබාධිත මිනිස්සු ලිංග දෙකේම ඉන්නවා, මානසිකව ආබාධිත මිනිස්සුන්ට සමාජය තුළ හින්සා, අපයෝජන, කොන් කිරීම් සිදු වීම වැළැක්වීමේ වැදගත්කමයි මේ සිද්දියෙන් පේන්නෙ.

මේ සියළුම සිදුවීම් වල සාරාංශය ගත්තොත්, ලංකාවේ වෙන සියළුම ලිංගිකත්වය සම්බන්ධ වැරදි වලට කාන්තාවන් වගකිව යුතු බව හිතන පිරිමි බහුතරයක් සහ පික්මී ගෑණු බහුතරයක් ඉන්න සමාජයක් ලංකාවේ තියෙන්නේ. උපතින්ම එන මානසික ආබාධ සහිත දිළිඳු කාන්තාවන් අපයෝජනයට ලක් වී (කොන්සෙන්ට් වළංගු නැත) ළමයි ලැබීමේ ඉඳල ඉතාම ඉහළ පැළැන්තියේ ලස්සන පෝසත් පයිලට් නෝනාගේ විවාහයෙන් පිට ඉපදුන ළමයා දක්වාම පිරිමින්ට බැරිවෙලා තියෙනවා වගකීම්සහගත වෙන්න. ඒනිසා ඒ ළමයි ඉතා අවාසනාවන්ත තත්ව වලට මූණදෙනව.

එතකොට ගෑණු? සමාජය විසින් සියළුම බර ගෑණුන්ට පටවනවා. කසාදෙට කළින් සෙක්ස් කලත්, නොකලත්, රස්සා කලත්, නොකලත්, ගබ්සා කලත්, නොකලත්, ළමයි හැදුවත් නැතත්, දික්කසාද උනත් නැතත් මේ ආදී වශයෙන් හැම තැනකදීම ගෑණු වැරදියි.වෙලේ හිටපු ළමයට රෙද්දක් පොරවපු පිරිමියෙක්ව අධි උත්කර්‍ෂයට නගපු සමාජෙ මානසික රෝගී කාන්තාව ලඟ අනාරක්ශිතව ළමය දාලගිය පියා හෝ පයිලට්ගේ අළුත උපන් ළමයගේ වගකීම් පැහැර හරින පියා ගැන මීක් නෑ.

 ලංකාවේ ගෑණු 4B ව්‍යාපාරය කලයුතු බව මගේ අදහසයි. 4B යනු දකුණු කොරියාවේ පටන්ගත්  movement වන අතර එය පීතෘමූලික සම්මතයන්ට අභියෝග කිරීම අරමුණු කරගනිමින් කාන්තාවන් විවාහයෙන්, දරු ප්‍රසූතියෙන්, පෙම් සබඳතාවලින් සහ පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීමයි. එවිට පමණයි අතිශයින් ආත්මාර්ථකාමී පිරිමි සහ පික්මී ඒසියන්ට නටන්න බැරි වෙන්නේ.

  "Four Nos" ලෙසද හැඳින්වෙන 4B ව්‍යාපාරය 2017-2019 පමණ කාලය තුළ දකුණු කොරියාවේ ආරම්භ විය. "4B" යන පදය "නැහැ" යන අර්ථය ඇති "bi" (비) යන කොරියානු වචනයෙන් ව්‍යුත්පන්න වී ඇති අතර එය ප්‍රධාන මූලධර්ම හතරක් සාරාංශ කරයි:

Bihon: විවාහයක් නැත

Bichulsan: දරු ප්‍රසූතියක් නැත

Biyeonae: පෙම් සබඳතාවක් නැත

Bisekseu: පිරිමින් සමඟ ලිංගිකව හැසිරීමක් නැත.

මොනවද ගෑණුන්ට 4B වලින් ලැබෙන වාසි?

1. ජීවිතකාලයම අනුන්ගේ පක්කලිකම් කරල මැරිල නොයා තමන්ගේ දියුණුව සහ සතුටට ෆෝකස් කරගෙන ජීවත් වීමට ලැබීම

2. පිරිමින්ට තමන්ගේ ස්ටෑන්ඩර් ස් ඉහළ දමාගැනීම හැර ගෑණු ගැනීමට ක්‍රමයක් නොවීම

3. ගෑණුන්ට තුන්වෙනි පන්තියේ සැලකීමක් කරන සංස්කෘතිය වෙනස් වීම

4. ජනගහනය අඩු වන විට රජයෙන් ළමයි හැදීමට ගෑණුන්ට සහන ලැබීම

5. වැරදි හේතු වලට ළමයි හැදීම අඩු වීම නිසා අපයෝජනය වූ ළමයින් මානසික රෝගී වැඩිහිටියන් ලෙස සමාජගත වීම අඩු වීම

6. කාන්තාවන් මත කන කෑම ටිකටද යැපෙන ස්ත්‍රී විරෝධී ආගමික ආයතන වලට ගෑණුන්ගේ දායකත්වයේ වටිනාකම තේරීම 

7. නීති පද්ධතියේ කාන්තාවන්ගේ ආරක්ශාව සඳහා වන නීති සවිමත් කිරීමට අදහසක් හෝ පහළ විය හැක. අනාදිමත් කාලයක සිට පාරවල් සහ බස් වල හිංසන සිදු වුවද ඒවා වැළැක්වීමට සවිමත් නීති නැත. ලිංගික අල්ලස් සිදු වුවද ඒවා වැළැක්වීමට සවිමත් නීති නැත. කොටින්ම පුරවැසි අයිතීන් මානව හිමිකම් නැත (බයසැක නැතිව උපන් රටේ පාරෙ බැහැල යන්න බැරි දෙවනපෙළ පුරවැසියන්‍ය). මෙය වෙනස් කල යුතු කාලය පැමිණ ඇත.


Thursday, November 20, 2025

රාජපුත්තර නෝනා සහ පික්මී ගෑණු - පීඩක පිරිමින්ට වඩා පික්මී ගෑණු කරන හානිය අතිවිශාල වන්නේ ඇයි?

 පුරුෂ කේන්ද්රීය කාන්තාවක් (පික්මී/Pick me නොහොත් අනේ මාව සෙට්කරගන්න කවුරුත් නැද්දෝ යනුවෙන් අධ්‍යාත්මිකව පිරිමින්ගෙන් බැගෑපත් වන නිසා මෙසේ නම් කර ඇත) යනු පිරිමින් වටා ඇගේ සම්පූර්ණ ආත්ම-වටිනාකම, තේරීම් සහ සම්පූර්ණ අනන්‍යතාවය (ENTIRE self-worth, choices, & identity) ගොඩනඟා ගන්නා තැනැත්තියකි.  බොහෝවිට මේක කරන්නේ ඇයගේම වියදමින් -එනම් අතින් කා හරක් බලමින්/පැනල දෙමින්- පිරිමින්ට රෙදි නැතිව කඩේ යන්නේ පිරිමි විසින් ඉල්ලීමකින්ද තොරවය. රාජපුත්තර නෝනා බස්වල ජැක් ගහන පිරිමි සුද්දකලේ එම පිරිමින්ගේ ඉල්ලීමකින් තොරවය 

බොහෝ විට මෙම "පිරිමියා යනු මගේ සියල්ලයි" යන හැසිරීම ඔවුන්ගේ ජීවිතයේ ඉන්නා පිරිමින් (තාත්තා, අයියා, පෙම්වතා, සැමියා ආදී) විසින් ප්‍රතිනිර්මාණය නොකෙරේ. එනම් ඒ පිරිමි මෙම ගෑණුන්ට තම ජීවිතවල වටිනාකමක් දී නැත. පික්මී ගෑණු බොහෝ විට ඔවුන්ගේ ජීවිතයේ ඉන්නා පිරිමින්ගේ අසම්මත ආදරයන් සහ තමන්ගේ ඒකපාර්ශ්වික සබඳතා වලින් පීඩා විඳිති.

නිරෝගී පිරිමින් කාන්තාවක් ඔවුන් වටා තම මුළුමහත් ජීවිතයම ගෑණුන් විසින් ගොඩනඟා ගැනීමට අවශ්‍ය බව නොසිතති (ඔවුන්ද තම මුළුමහත් ජීවිතයම ගෑණුන් වටා ගොඩනඟාගෙන නැත, බිරිඳට මෙන්ම වෘත්තීය ජීවිතයට, තම පවුළට, මිතුරන්ට, විනෝදාංශයන්ට, ධනෝත්පාදනයට ආදී ජීවිතයේ නොයෙක් අංශවලට කැපවූ සමබරභාවයක් ඔවුන්ට ඇත). නමුත් හීනමාන අසාර්ථක ටොක්සික් පිරිමි ගෑණුන්ට එසේ සමබර ජීවිතයක් වෙනුවට ජීවිතය තමා වටා පමණක් ගොඩනගන ලෙසත්, තමාව පූජාසනයක තබා ජීවිතයම තම පක්කිලිකම් කිරීමට පේවන ලෙසත් ගෑණුන්ට බල කරති. දුර්වල ගෑණු එවිට අකමැත්තෙන් වුවද ටිකෙන් ටික තම මුළු ජීවිතයම පිරිමින් වටා ගොඩනඟාගැනීමට පටන්ගනී, එවිට විෂ සහිත පිරිමි මෙම හැසිරීම තව තවත් දිරිමත් කරයි.

පික්මී ගෑණු කරන "සංඥා": 

1. අනෙකුත් කාන්තාවන් සමඟ නිරන්තර ගැටළු -

පිරිමි කේඳ්‍රීය කාන්තාවන් අනෙකුත් කාන්තාවන් කෙරෙහි අතිශයින් අගෞරවනීය, චිත්තවේගීය වශයෙන් අපයෝජනයට ලක්වන සහ narcissistic වීමට පවා නැඹුරු වෙති. මන්ද මෙම කාන්තාවන් ඔවුන් ආරක්‍ෂා කරන සහ නියෝජනය කරන විෂ සහිත පිරිමින්ගේ හුදු දිගුවක් බවට පත්වේ. ඔවුන් අනෙක් කාන්තාවන් ගැන තැකීමක් නොකරයි.ඔවුන්ට උවමනා එකම දේ පිරිමින් ආරක්‍ෂා කිරීමයි.

2. ගුණමකු පිරිමි වෙනුවෙන් දෙවරක් නොසිතා ඇයගේ සැලසුම් හෝ ඉලක්ක අවලංගු කරයි - මෙය කිසි විටෙකත් ප්‍රතිනිර්මාණය නොවේ.  මෙම කාන්තාවන් තම පුරුෂයා වෙනුවෙන් ඕනෑම දෙයක් සහ සෑම දෙයක්ම කරනු ඇත. සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක හෝ විවාහයක නිරෝගී පිරිමියෙකු ඔබේම පෞද්ගලික ජීවිතයක් සහ අනන්‍යතාවයක් ඇති කර ගැනීමට ඔබව දිරිමත් කරයි. විෂ සහිත පිරිමින් ඒවා පිරිමින් වටා කේඳ්‍රගත කිරීමට දිරිමත් කරයි.උදාහරණයක් ලෙස යම් පිරිමියෙක් විශ්වවිද්‍යාලයේදී සම තත්වයේ කෙල්ලෙක් සෙට් කරගනී. විශ්වවිද්‍යාලයෙන් අවුට් වූ විට රස්සාවක් නොකරන ලෙස කෙල්ලට බල කරයි. කිසිම කෙල්ලෙක් ගෙදර බත් තැම්බීමට විශ්වවිද්‍යාලට එන්නේ නැත. නමුත් ආලයෙන් අන්ධ වී එම කෙල්ල රස්සාවක් නොකරයි. ඊලඟට ඒකිගේ ඇඳුම්, ගමන් බිමන් ආදී හැමදේටම සීමා පැනවේ. විවාහයේ මුදල්, බලය, තීරණ ගැනීමේ අයිතිය ආදී දේ සම්පූර්ණයෙන්ම කාන්තාවගෙන් ගිලිහී ඇය වැටුප් රහත මෙහෙකාරිය සහ ගෙවීමක් නොලබන ශාරීරික මානසික සූරාකෑමකට ලක් වේ. පිරිමියා පූජාසනයක තබා ජීවිතයම තම පක්කිලිකම් කිරීමට පේවන ලෙස ගෑණුන්ට බල කිරීම යනුවෙන් මම අදහස් කලේ මෙයයි. ඇයට මෙම තම ජීවිතය සෑම අතින්ම සූරාකෑම තේරෙනවිට ළමයි නිසා නැවත හැරීමට නොහැක. අනිතතට ඇය  ආර්ථික සාමාජයීය වශයෙන් බංකොළොත් වී ඇති නිසා එසේ හැරීගියහොත් නැවත බින්දුවේ සිට පටන්ගත යුතුය. 

3. සෑම විටම ඔහුගේ සිහින, සැනසීම සහ ආශාවන් ඇයට වඩා ඉහළින් තබයි - ඇය යථාර්ථය ප්‍රතික්‍ෂේප කරනු ඇත. ගුණමකු පිරිමින්ට කරන උදව් වලට ගුණමකු පිරිමින් ප්‍රතිඋදව් කරනු ඇත යන අදහසින් ඇය වැඩි වැඩියෙන් ගුණමකු පිරිමින්ට  උදව්ලබා දෙනු ඇත - ගුණමකු පිරිමින් කිසි විටෙකත් එසේ ප්‍රතිඋදව් නොකරයි.ඇයව පාවිච්චි කිරීම පමණක් කරයි. රාජපුත්තර නෝනා බස්වල ජැක් ගහන පිරිමි සුද්දකලා කියා බස්වල ජැක් ගහන පිරිමි අවස්තාවක් ලැබුනොත් ඇයට ජැක් නොගහ ඉන්නේ නැතිවාක් මෙනි.

4. කාන්තාවන් තමන් කෙරෙහි අවධානය යොමු කරන - සෙල්ෆ් ලව් හෝ කාන්තා අයිතීන් වැනි- මෙවැනි ගෑණු ට්‍රිගර් වේ. ඔවුන් කාන්තාවන්ට ඒගැන වරදකාරි හැඟීමක් හෝ ඔවුන් "ආත්මාර්ථකාමී" බවට අදහසක් ඇති කරයි. ඇය කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් නොවේ (අවධානය සඳහා හෝ වාසියට බොරුවට එසේ කල හැක. නමුත් ඇත්තටම හැමවිටම ගෑණුන්ට වල කපා කොන්දේසි විරහිතව පිරිමි සුද්දකරයි). ඇය කාන්තාවන් අතර drama හා අසමගිය ඇති කරයි. ඔවුන්ගේ සහකරුවන් සමඟ සැබවින්ම සෞඛ්‍ය සම්පන්න සබඳතාවල සිටින අනෙකුත් කාන්තාවන් කෙරෙහි ඊර්‍ෂ්‍යා කරයි.

5. ඔවුන් ස්ත්‍රී විරෝධී අදහස් ඇති කිරීම සඳහා ආගම/ඇදහිල්ල වැරදි ලෙස නිරූපණය කළ හැකිය. “දෙවියන් වහන්සේ කිව්වා සියලුම කාන්තාවන් කන්‍යාවන් විය යුතු බවත් විවාහ වන තුරු ලිංගික සම්බන්ධකම් නොපැවැත්විය යුතු බවත්—ඔවුන් කාන්තාවන්ට පුනපුනා පවසනු ඇත.නමුත් පිරිමින් ගේ අනියම් සම්බන්ධකම්, විවාහයට පෙර සෙක්ස් ආදිය හෝ පිරිමින්ගේ ගුණධර්ම කෙරෙහි සුළු හෝ අවධාරණයක් නොකිරීම කමක් නැත. ඔවුන් කියා සිටින්නේ කොන්දේසි විරහිතව පිරිමින් නායකයින් බවත් ගෞරවය ලැබිය යුතු බවත්‍ය . නමුත් සියලු බර කාන්තාවන් මත පටවයි.

6. ඇයට ස්වාමිපුරුෂයෙක් හෝ පුරුෂයෙක් සිටින නිසා ඇගේ සිතුවිලි උසස් බව ඇය විශ්වාස කරයි. ඇය තම විවාහය හෝ සම්බන්ධතාවය උසස් වීමට භාවිතා කරයි.  ඇය තනිකඩ නම් - ඇය තනිකඩ පිරිමින්ගෙන් ලැබෙන ප්‍රතිපෝෂණ භාවිතා කරනු ඇත. 

7. ඇය වෙනත් කාන්තාවන් පහත් කිරීමට විෂ සහිත භාෂාව භාවිතා කරයි. ඇය අනාරක්‍ෂිත බැවින් සීමාවන්ට ගරු නොකරයි. ඇයට උදව් කිරීමට උත්සාහ කළ කාන්තාවන්ට ඇය පහර දෙනු ඇත.

8. ඇය කාන්තාවන්ට විෂ සහිත, අපයෝජන හෝ අක්‍රිය හැසිරීම් වල රැඳී සිටීමට දිරිගන්වනු ඇත. ඇය වංචාව තාර්කික කරන අතර සැමවිටම කොන්දේසි විරහිතව පිරිමින් ආරක්‍ෂා කරනු ඇත.

9. වංචා කිරීම, අගෞරව කිරීම හෝ අපයෝජනය සඳහා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හෝ තාර්කික කිරීම.

සාමය හෝ ආරක්‍ෂාව යන සීමාවෙන් ඔබ්බට සබඳතාවල රැඳී සිටීම.

“පිරිමියෙකු සමඟ මොන තත්ව යටතේ වුවද රැඳීම” පක්‍ෂපාතිත්වය හෝ ආදරය ඔප්පු කරන බව විශ්වාස කරයි.

පිරිමි කේඳ්‍රීය කාන්තාවන් කාන්තාවන් ගේ අයිතීන් විනාශ කිරීම ඉදිරියට ගෙන යනු ඇත - මන්ද ඔවුන්ගේ ඉලක්කය සැබෑ විසඳුම් නොවන බැවිනි - එය පිරිමින් උසස් සහ කාන්තාවන් පහත් කිරීමයි.

සිග්නල් දීලා හස්බන්ඩගෙ හොඳම යාලුවාව අල්ලන් දෙවන හෝ තුන් වෙනි පාරට කසාද බැඳලා ලමයි තොගයක් එක්ක (ළමයි කීපදෙනෙක් කලින් මිනිහගේ) දැන් රටේ නැති පත්තිනි ටෝක් ඉශූ කරනවා.ඩඩ්ලිගෙ බිරිද ගෙ පලමු කසාදය දුව, ඩඩ්ලි කසාද 2කින් දික්කසාද වී ඉන්නෙ. රාජපුත්තර නෝනාගේ පැටිකිරිය ගත්තම රාජපුත්තර ඩබලටම අනුව වල් වනචර ඒස බඩුවක්.




"කොයි වෙලාවකවත් මොන උවමනාව තිබ්බත්,ගෑණියෙක්ගේ එක බැල්මක්,ඇඳුමකින් හරි සිග්නල් එකක් නැත්තම් කිසිම පිරිමියෙක්ගෙන් ගෑණියෙකුට කරදරයක් වෙන්නේ නෑ.."
මේ තමයි මේ දවස් වල විවේචනයට ලක්වෙන ප්රකාශය..
මේ ප්රකාශය කොයි තරම් මෝඩ ද, විහළුසහගත ද කියන එක ගැන බොහෝ දෙනෙක් කතා කරලා තිබුණා..
ඒ නිසා මම ඒ ගැන කතා කරන්න වචන වැය කරන්නේ නෑ..
මම කතා කරන්නේ මේ ප්රකාශය කොයි තරම් භයානකද කියන එක ගැන..
මට අනුව නම් මෙවැනි ප්රකාශයක භයානකකම පැති කිහිපයක් ඔස්සේ විහිදෙනවා..
පළවෙනි එක තමයි මේ ප්රකාශය මගින්, සමාජය විසින් හෙලා දැකිය යුතු, විවේචනය විය යුතු, නීතිය විසින් දඬුවමකට ලක් විය යුතු කොට්ඨාශයක් සාධාරණීකරණයට ලක්වීම
ඇයගේ තර්කය අනුව කිසිම මිනිහෙක් ගෑණියෙක්ගේ සිග්නල් එකක් නැතුව ගැනියෙක්ට කරදර කරන්නේ නැත්තම්, ඒ අනුව ඇය නොකියා කියන්නේ "ගෑණුන්ට කරදර කරන මිනිස්සු" දිහා වපර ඇහෙන් බලන්න එපා මොකද ඒ අයව ඒ තත්වෙට පෙළඹෙව්වේ ගෑණු කියන එක..
ඒක ඇත්තටම ලිංගික අපරාධකරුවන් ලිංගික අපරාධ කරන්න දිරිමත් කිරීමක්..
දෙවෙනි එක තමයි මේ ප්රකාශය මගින්,සමාජය විසින් පෙනී සිටිය යුතු, ආරක්ෂා කළ යුතු, නීතිය විසින් සාධාරණයක් ඉෂ්ට විය යුතු සමාජයේ යම් කොටසක් හෙළා දැකීම..
ඇයගේ තර්කය අනුව කිසිම මිනිහෙක් ගෑණියෙක්ගේ සිග්නල් එකක් නැතුව ගැනියෙක්ට කරදර කරන්නේ නැත්තම්, ඒ අනුව ඇය නොකියා කියන්නේ "පිරිමින්ගේ කරදර වලට ලක්වෙන ගැහැණු" අය දිහා වපර ඇහෙන් බලන්න මොකද ඒ අයට එවැනි කරදරයකට ලක්වෙන්න සිද්ධ වුණේ ඔවුන්ගේම හැසිරීම,ඇඳුම සහ පෙළඹවීම නිසා කියන එක..
ඒක ඇත්තටම ලිංගික අපරාධ වල වින්දිතයන් තමන්ට වෙච්ච ලිංගික අපරාධ වෙනුවෙන් නැගී සිටීම අධෛර්යමත් කිරීමක්..
මීට අවුරුදු ගාණකට කලින් පයින් ගහලා සමාජයෙන් විසි කර දැමිය යුතු ආකාරයේ හණමිටි අදහසක් සමාජගත කරන්න දරන මේ උත්සහය භයානක වෙන්නේ මෙන්න මේ කියපු කරුණු නිසා..
ඕන කෙනෙක්ට මයික් එකක් ඉස්සරහට ඇවිත් ඕන ප්රකාශයක් කරන්න පුළුවන් වුණාට මේ වගේ සංවේදී කාරණයකදී වගකිව යුතු පුරවැසියන් විසින් අපි මෙන්න මේ ටික දැන ගත යුතුයි..
ගැහැණු වේවා පිරිමි වේවා සිග්නල් දීලා, පොළඹවලා එළඹෙන්නේ Consensual sexual relatonships වලට විතරයි..
ලිංගික කරදර වලට,ලිංගික අපරාධ වලට ලක්වෙන කිසිම කෙනෙක් ඒවට ලක්වෙන්නේ සිග්නල් දීලා පොළඹවලා නෙවෙයි...
මොකද කරදරයක් කියන්නේ කරදරයක්..අප්පිරිය හිතෙන, වේදනාකාරී,අප්රසන්න අත්දැකීමක්..
ලිංගික අපරාධයකට ඉන්නේ එකම වගකිවයුත්තෙක් විතරයි..
ඒ අපරාධය සිදුකරන පුද්ගලයා මිසක වෙන කිසිම කෙනෙක් නෙවෙයි...
-පමුදි අනුත්තරා වීරසූරිය-

Wednesday, November 19, 2025

ඒ කාන්තාව වටේ යන එක නවත්වන්න ස්වාමිපුරුෂයා විසින් කරන ලද බ්‍රේන්වොශ් එකක් ස්වමිපුරුශයා නොහිතපු වෙලාවක එලියට පැනීම

Don Puluk

මෙයාට ලස්සන ළමා කාලයක් තිබුණා වෙන්න බැ. ඩඩ්ලි මෙයාව හදාගන්න ගත්තට තමන්ගේ දුවෙක්ට වගේ ආදරේ කලේ.
අන්තිමට පළවෙනි කසාදය රුචික ව එළවලා සජීව් කර ගැහුවා ඒ තිබ්බ මෝඩකමට. හැබැයි පවුලෙ වැඩිමල් පුතාලා දෙන්නවත් රුචිකගේ දරුවෝ, තමන්ගේ දරුවො වගේ බලාගන්න එක සජීව් ගෙ හොඳ ගතිගුණයක්. ඩඩ්ලි රුචිකගේ පැත්තටයි මෙයාගේ පැත්තටයි අන්තිමේදී නීතිඥවරු දාලා ගේම ගොඩ දා පු හින්දා සල්ලි හින්දම ගොඩ ගියා මිසක්.





Arundathi Alwis 
Follow

11h 
රාජපුත්තර නෝනා හරියට විහාර මහා දේවි වගේ. නිකමට හිතාන්කො.. වෙනදාට කා කොටා ගන්න ගෑම්නු ඔක්කොම එක් සේසත් කලානේ යස අපූරුවට.කොටින්ම මට පේන්නම බැරි එකියකටත් මන් "ඇත්තටම ඔව් නන්ගි"කියල කමෙන්ට් එකක් දාල ආව
ප.ලි. ඔය තියෙන්නෙ අර බැල්ම. පිරිමින් දමනය කරන එක බැල්ම..🤪









Devindi Liyanage

ඔය කතාව කිව්ව ගෑණු කෙනාට කොච්චර සල්ලි තිබ්බත් එයාට මොකක් හරි නොලැබුන දෙයක් සම්බන්ධයෙන් ලොකු ඇරියස් එකක් තියෙනවා කියලා පේනවා.. මේ ලෝකෙ මින්ස්සු විවිධාකාරයි ඉතින් තමක්ට ගැලපෙන fashion එක කරන එක එයාලගෙ අයිතිය.. මෙයා මේ කියන විදියට “සළු ඇද බොලට දක්වා “ theory එක හැමෝම follow කරන්න ඕනේ.. එහෙම නැතුව පොඩ්ඩක් කොටට ඇදගන යනවා කියන්නෙ පිරිමින්ට රමණයට ඉගි කරනවා කියන එකලු.. 😂 එයාට අනුව ලංකාවේ ගෑනුන්ට මාර අමාරුවක් තමයි තියෙන්නෙ.. මෙයා මේ එකම රාමුවක කොටු වෙච්ච ධනපති පංතියේ ගැහැනියක්.. එයා හිතන්නෙ එයා හරිම නම්බුකාර බිරිදක් කියලා.. ඒත් මේ කතාව අතුලෙ පැහැදිලිවම තියෙනවා තමන්ට ඉශ්ඨ කරගන්න බැරි වුන ආසවල් නිසා ඉරිසියාවට කිව්ව කතාවක් කියලා.. අනෙක් ගැනු අය ලස්සනට ඇදල job එකක් කරලා නිදහසේ ඉන්නකොට, එයා ධනපති තාත්තෙක්ගෙ මාලිගාවක හිර වෙලා හැදිලා දැන් ධනපති පිරිමියෙක්ගෙ වහල් බිරිදක් වෙලා ඉන්න නිසා එයා කරේ ගෑනු අදින එක පිට වැරැද්ද දාලා පොර වෙන්න හදපු එක..





එයාට තියෙන්නෙ ගොඩක් ගැහැණු පිරිමි හීනෙනුත් ප්‍රාර්ථනා කරන ලෝකයක්

එයාට තිබුනේ එකම එක ප් ‍ රශ්නයක් විතරයි ! එයාට අඩුපාඩු වෙලා තිබුනේ, හිතේ තියෙන දෙයක් කතා කරන්න කෙනෙක්. පාලුව බෙදාගන්න කෙනෙක්. ආදරය කරන්න කෙනෙ...