පහුගිය දවස් කිහිපයේදි ලංකාවේ ඇතිවූ ආන්දෝළනාත්මක සිද්ධි කීපයක් ගත්තොත්, වෙලක උපන්හැටියෙ ළමයෙක් අතෑරල ගිහින් තිබුන. ඒක කලේ කවුද යන්න අදටත් හොයාගෙන නැතත් බොහෝදෙනෙක් ළමයගෙ මව ඒක කල බවට උපකල්පනය කරල, ළමයගෙ මවට ඉතාම නින්දිත ලෙස අමතල තිබ්බා.
මව ප්‍රසූතියේදී මැරිලාද හෝ පසු ප්‍රසව විශාදය හැදිල අවසිහියෙන්ද හෝ මව හොඳ සිහියෙන් උනත් පවුලේ අය/තාත්තා ළමයව අම්මට හොරෙන් පැන්නුවද (සංසාරණ්‍යයේ සිංගිගේ ළමයට කලා වගේ) කවුරැත් දන්නෙ නෑ. ඒවගේම මව හොඳ සිහියෙන් ඒ දේ කලා නම් මවක් එම තත්වයට පත් උන ආර්තික, සමාජයීය, සංස්කෘතික හේතු ගැන කතාබහක් ඇතිවීමයි කලයුතුව තිබුනේ. නමුත් සිද්ද උනේ ඒ ළමයගේ මවට පස්පඩංගුවේ බැනල නිකම් ඉඳීම සහ ඒ ළමයට රෙද්දක් පොරවපු පිරිමියෙක්ව අධි උත්කර්ෂයට නැගීම.
දැන් මේ ඊයෙ පෙරේදා කාන්තා පයිලට් කෙනෙක් තමන්ගෙ අළුත උපන් ළමයගේ පියා වන ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්ට නඩුදාල ළමයට උප්පැන්නෙට නම දෙන්න කියල. මෙතෙන්දිත් අදහස් වල ලංකාවේ බහුතරයක් ඒ කාන්තාවට බැනල තියෙනව බේබි ට්‍රැප් කරන්න ළමය හැදුවය, උපත් පාලනය කරන්න තිබුනය, ගබ්සා කරන්න තිබුනය, කසාද බඳිනකං ඕව නොකර ඉන්න තිබුනය ආදී නොයෙකුත් දේවල් කියමින්.
ඒවගේම ඉහළපෙලේ ධනවත් පික්මී ගෑණියෙක් "කොයි වෙලාවකවත් මොන උවමනාව තිබ්බත්,ගෑණියෙක්ගේ එක බැල්මක්,ඇඳුමකින් හරි සිග්නල් එකක් නැත්තම් කිසිම පිරිමියෙක්ගෙන් ගෑණියෙකුට කරදරයක් වෙන්නේ නෑ.."කියල කරපු ප්‍රකාශයට කාන්තාවන්ගෙන් විශාල විරෝධයක්ද පිරිමින්ගෙන් සැළකියයුතු ප්‍රසාදයක්ද ලැබුනා. මෙම ප්‍රකාශය කරපු ගෑණි තමන්ගේ දක්ශකමකින් නැතිව හදාගත්ත තාත්තා සහ මිනිහගේ මුදලින් ගොඩගිය, කළින් මිනිහගෙ හොඳම මිතුරා සමඟ පැනගිය (කළින් මිනිහගෙ ළමයි කීපදෙනා සමඟ) ගෑණුන්ගේ සදාචාරය ගැන කතාකරන්න සුදුසුකමක් නැති ගෑණියක්.
සුද්දියෙක්ට ලිංගික අතවරයක් කරපු ලංකාවේ පිරිමියෙක් නිසා ලංකාව මෑතදී වෛරල් උනා. ලංකාවේ පිරිමි බහුතරය ඒක දකින්නෙ අපේ සංචාරක කර්මාන්තයට පහරක් ලෙස හෝ අපේ ඉමේජ් එකට පහරක් ලෙස පමණයි. එහෙම නැතිව අපි ගෑණුන්ට අතවර කිරිම වැරදියි යන කෝණයෙන් නොවේ. ලෝකල් ගෑණුන්ට ලංකාව ඇතුලෙ අතවර උනාම ලංකාවේ පිරිමි බහුතරය ඒක දකින්නෙ ඒ ගෑණිගේ මොකක්හරි වරදක් නිසා පිරිමියා වරදට පෙළඹීමක් ලෙස මිසක අපි ගෑණුන්ට අතවර කිරිම වැරදියි යන කෝණයෙන් නොවේ.සෑහෙන්න කාලයකට පෙර කාන්තා පොදු වැසිකිළියට ගිය සහෝදරියකට ලිංගික හින්සනයක් කරපු මිනිහෙක්ට ඇය පහරදීල විශාල ආන්දෝළනයක් ඇතිඋනා, වැලිවේරියේ නංගි සිද්ධියේදී. ලංකාවේ පිරිමි බහුතරය හිටගත්තේ පිරිමියගෙ පැත්තෙ.
ඒවගේම යම් මානසික ව්‍යාධියකින් පෙලුන බව කියන කාන්තාවක් තම කුඩා දරැවාගේ ගෙළ මන්නයකින් කපා ඝාතනය කොට ගෙළ වැළලාගෙන මිය ගියේත් පහුගිය සමයේ. එතැනදීත් බොහෝදෙනෙක් ළමයගෙ මවට ඉතාම නින්දිත ලෙස අමතල තිබ්බා. නමුත් මේවගේ මානසික තත්වයක් තියෙන අයට "සාමාන්‍ය මිනිස්සු" වගේ තර්කාණුකූලව හිතන්න බැහැ. එයාල "මානසිකව ආබාධිත"(mentally disabled) යන තත්වය යටතේ පුනුරත්ථාපනය කරල, යම් සමාජ ආරක්ෂණයක් (ජීවත්වෙන්න එයාට කලහැකි යම් රස්සාවක් දීම හෝ ආධාර මුදලක් දීම, එයාව ලිංගිකව අපයෝජනය නොවීමට නීති ආදී) ලැබියයුතුයි. "මානසිකව ආබාධිත" අයට consent එකක්, එහෙම නැත්නම් හරියාකාර කැමැත්ත දීමක් කල නොහැකියි. එයට අවශ්‍ය තර්කාණුකූළ මනසක් නැති නිසා. ඒ නිසා මෙවැනි ගැහැණුන් සමඟ ඔවුන්ගේ කැමැත්ත ඇතිව වුවත් ලිංගිකව සම්බන්ධ වීම දැඩි දඬුවම් සහිත අපරාධමය වරදක් කල යුතුයි. බොහෝවිට උපතින්ම එන මානසික ආබාධ සහිත කාන්තාවන් අපයෝජනයට ලක් වී ළමයි ලැබෙනවා. මේක ගැන කතිකාවක් ඇති විය යුතුයි. එහෙම නැතිව මානසිකව ආබාධිත මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන්න කියල බල කරල වැඩක් නැති බව ඔබට තේරෙන්න ඕනෙ. මානසිකව ආබාධිත මිනිස්සු ලිංග දෙකේම ඉන්නවා, මානසිකව ආබාධිත මිනිස්සුන්ට සමාජය තුළ හින්සා, අපයෝජන, කොන් කිරීම් සිදු වීම වැළැක්වීමේ වැදගත්කමයි මේ සිද්දියෙන් පේන්නෙ.
මේ සියළුම සිදුවීම් වල සාරාංශය ගත්තොත්, ලංකාවේ වෙන සියළුම ලිංගිකත්වය සම්බන්ධ වැරදි වලට කාන්තාවන් වගකිව යුතු බව හිතන පිරිමි බහුතරයක් සහ පික්මී ගෑණු බහුතරයක් ඉන්න සමාජයක් ලංකාවේ තියෙන්නේ. උපතින්ම එන මානසික ආබාධ සහිත දිළිඳු කාන්තාවන් අපයෝජනයට ලක් වී (කොන්සෙන්ට් වළංගු නැත) ළමයි ලැබීමේ ඉඳල ඉතාම ඉහළ පැළැන්තියේ ලස්සන පෝසත් පයිලට් නෝනාගේ විවාහයෙන් පිට ඉපදුන ළමයා දක්වාම පිරිමින්ට බැරිවෙලා තියෙනවා වගකීම්සහගත වෙන්න. ඒනිසා ඒ ළමයි ඉතා අවාසනාවන්ත තත්ව වලට මූණදෙනව.
එතකොට ගෑණු? සමාජය විසින් සියළුම බර ගෑණුන්ට පටවනවා. කසාදෙට කළින් සෙක්ස් කලත්, නොකලත්, රස්සා කලත්, නොකලත්, ගබ්සා කලත්, නොකලත්, ළමයි හැදුවත් නැතත්, දික්කසාද උනත් නැතත් මේ ආදී වශයෙන් හැම තැනකදීම ගෑණු වැරදියි.වෙලේ හිටපු ළමයට රෙද්දක් පොරවපු පිරිමියෙක්ව අධි උත්කර්ෂයට නගපු සමාජෙ මානසික රෝගී කාන්තාව ලඟ අනාරක්ශිතව ළමය දාලගිය පියා හෝ පයිලට්ගේ අළුත උපන් ළමයගේ වගකීම් පැහැර හරින පියා ගැන මීක් නෑ.
ලංකාවේ ගෑණු 4B ව්‍යාපාරය කලයුතු බව මගේ අදහසයි. 4B යනු දකුණු කොරියාවේ පටන්ගත් movement වන අතර එය පීතෘමූලික සම්මතයන්ට අභියෝග කිරීම අරමුණු කරගනිමින් කාන්තාවන් විවාහයෙන්, දරු ප්‍රසූතියෙන්, පෙම් සබඳතාවලින් සහ පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීමයි. එවිට පමණයි අතිශයින් ආත්මාර්ථකාමී පිරිමි සහ පික්මී ඒසියන්ට නටන්න බැරි වෙන්නේ.
"Four Nos" ලෙසද හැඳින්වෙන 4B ව්‍යාපාරය 2017-2019 පමණ කාලය තුළ දකුණු කොරියාවේ ආරම්භ විය. "4B" යන පදය "නැහැ" යන අර්ථය ඇති "bi" (비) යන කොරියානු වචනයෙන් ව්‍යුත්පන්න වී ඇති අතර එය ප්‍රධාන මූලධර්ම හතරක් සාරාංශ කරයි:
Bihon: විවාහයක් නැත
Bichulsan: දරු ප්‍රසූතියක් නැත
Biyeonae: පෙම් සබඳතාවක් නැත
Bisekseu: පිරිමින් සමඟ ලිංගිකව හැසිරීමක් නැත.
මොනවද ගෑණුන්ට 4B වලින් ලැබෙන වාසි?
1. ජීවිතකාලයම අනුන්ගේ පක්කලිකම් කරල මැරිල නොයා තමන්ගේ දියුණුව සහ සතුටට ෆෝකස් කරගෙන ජීවත් වීමට ලැබීම
2. පිරිමින්ට තමන්ගේ ස්ටෑන්ඩර් ස් ඉහළ දමාගැනීම හැර ගෑණු ගැනීමට ක්‍රමයක් නොවීම
3. ගෑණුන්ට තුන්වෙනි පන්තියේ සැලකීමක් කරන සංස්කෘතිය වෙනස් වීම
4. ජනගහනය අඩු වන විට රජයෙන් ළමයි හැදීමට ගෑණුන්ට සහන ලැබීම
No comments:
Post a Comment