Monday, September 29, 2025

දොස්තරලගෙ වාහන ස්ටිකර් ගැලවීම - මගේ සත දෙක

 සංකීර්ණ කතිකාවක් උනත් පුළුවන්තරම් කෙටියෙන් මගේ සතදෙක කියන්න හිතුවා. ඉතා දල වශයෙන් ලංකාවේ දොස්තරල වෙන දෙපිරිසක ඉන්නව.

1. දොස්තරල වෙන්නෙ අවංකවම ඒ වෘත්තියට කැමති,ඒ වෘත්තියට අවංකව  කැපවෙලා වැඩකරන්න ලෑස්ති, ඉන් සාධාරණ ආකාරයට උපයල, ප්‍රතිපත්ති ගරැකව, වැදගත්ලෙස ජීවත්වෙන්න කැමති කුළකය

2. දොස්තරකම තනිකරම ධනය, බලය, සමාජ තත්වය ගන්න ලීවරේජ් එකක් ලෙස පාවිච්චි කරන්න දොස්තරල වෙන කුළකය - මේ කුළකයට නීතිරීති, ආචාරධර්ම මොනවත් අදාල නෑ. ඒවගේම මේ කුළකය තමන්ගෙ වරප්‍රසාද අවභාවිතා කරන්න දෙපාරක් හිතන්නෙ නෑ වගේම ඕනෑම නීතියක හිඩැස් අතරින් රිංගනවා

මේ කුළක දෙක දොස්තරට පමණක් පොදු එකකුත් නෙමේ, ඕනෑම වෘත්තියක තියෙන කුළක දෙකක්.

දොස්තරලගෙ වාහන ස්ටිකර් අවභාවිතාවය කියන්නෙ ඇතැම් දොස්තරල කඩන  නීතිරීති, ආචාරධර්ම,වරප්‍රසාද අවභාවිතා කිරීම් වලින් සමාජයට අඩුම බලපෑමක් වන වරප්‍රසාද අවභාවිතා කිරීමක්. මුළුමහත් සමාජයටම බලපාන දොස්තර නීතිරීති, ආචාරධර්ම,වරප්‍රසාද අවභාවිතා කිරීම් ගත්තොත්, 

1.ඉතාම දූෂිත දේශපාලකන්ට හොර වෛද්‍ය වාර්තා දීම

2. නඩු වලදී බලවතුන්ට වාසි වන ආකාරයට හොර වෛද්‍ය වාර්තා දීම

3. ප්‍රමිතියකින් තොර බෙහෙත්,බෙහෙත් කොම්පැණි වල අල්ලසට යටවී ජෙනරික් නම වෙනුවට බ්‍රෑඬ් නමින් බෙහෙත් නිර්දේශ කිරීම ආදී දේ වලින් ගසාකෑම්, බොරැ ශල්‍යකර්ම මගින් ගසාකෑම් ආදී දේ

4. වෛද්‍ය නොසැලකිලිමත්කම නිසා රෝගීන් අගතියට පත් වීම සහ එම සිද්ධි යටගැසීම

5. රජයෝ රෝහලේ වැඩ කල යුතු කාලයේ පෞද්ගලික ඩිස්පෙන්සරි වල වැඩ කිරීම ආදී දේ දක්වන්න පුළුවන්.

මෙන්න මේ දොස්තර සෙට් එකේ බහුතරය අර දෙවන කුළකයට අයත්. මං හිතනවා ඉහත සඳහන් ලොකු වැරදි කරන එක දැඩි දඬුවම් දීමෙන් (බෙහෙත් දීම ජීවිතකාලයටම තහනම් කිරීම ඇතුළුව) දෙවන කුළකයේ දොස්තරල බිහි වීම අධෛර්‍යමත් කලොත් ඉබේම දොස්තරලගෙ වාහන ස්ටිකර් අවභාවිතාවය වගේ පොඩි කේස් නවතිනවා. මොකද පලමු කුළකයේ දොස්තරල කොහොමත් එවැනි දේ කරන්නෙ නෑ.

 දොස්තරලගෙ වාහන ස්ටිකර් අවභාවිතාවය කියන මාතෘකාවට පක්‍ෂව වගේම විපක්‍ෂවත් 50%:50% තර්ක කල හැකි වීම මෙහි අනිත් අවාසියයි. දැන්  "රජයේ රෝහලේ වැඩ කල යුතු කාලයේ පෞද්ගලික ඩිස්පෙන්සරි වල වැඩ කිරීම" කියන කාරණේ ගත්තොත් ඒකට පක්‍ෂව සහ විපක්‍ෂවත් 50%:50% තර්ක කරන්න බැහැ. ඒක 100% වැරදියි. මේවගේ සොලිඩ් වැරදි ඉතාම තදින් නියාමනය කිරීමයි ස්ට්‍රැටජික් විදිහට කල යුත්තේ.එවිට දෙවන කුළකයේ දොස්තරල බිහි වීම අධෛර්‍යමත් කලහැකියි. එහෙම නැතිව වාහන ස්ටිකර් අවභාවිතාවය අල්ලාගැනීම  ස්ට්‍රැටජික් නැහැ.

No comments:

Post a Comment

දොස්තරලගෙ වාහන ස්ටිකර් ගැලවීම - මගේ සත දෙක

 සංකීර්ණ කතිකාවක් උනත් පුළුවන්තරම් කෙටියෙන් මගේ සතදෙක කියන්න හිතුවා. ඉතා දල වශයෙන් ලංකාවේ දොස්තරල වෙන දෙපිරිසක ඉන්නව. 1. දොස්තරල වෙන්නෙ අවංක...