ලෝඩ් ඔෆ් ද රින්ග් චිත්‍රපටි බලද්දි, ඔබ සමහරු ගොඩක් පොඩි ඇති. හැබැයි ඒ පොඩි වයසෙදි පවා ඔබ දැන සිටියා ඒක ෆැන්ටසිය මිසක රියලිටිය නොවන බව. උදාහරණයකට, ඔබ කවදාවත් බලාපොරොත්තු උනේ නැහැ ඇත්ත ජීවිතයේදි ගැන්ඩොල්ෆ් ඇවිත් ඔබව කරදරයක් උනොත් බේරගනී කියල. ඔබ කවදාවත් "ගැන්ඩොල්ෆ් සරණං ගච්ඡාමි" කියල පන්සිල් පද වෙනස් කලේ නැහැ. ඇයි ඒ? ඔබට එතනදි හැකියාව තියෙනව රියැලිටිය සහ ෆැන්ටසිය අතර සීමාව ඉතා හොඳට වෙන් කරල අඳුරගන්ට. කළු සහ සුදු යන පාට දෙක අතර සීමාව වෙන් කරල අඳුරගන්ට පුළුවන් වගේ.
අවාසනාවකට, සමහර ෆැන්ටසි ඒ වගේ රියැලිටියෙන් වෙන් කරල අඳුරගන්න ඔබට මාර අමාරුයි. රියැලිටිය සහ ෆැන්ටසිය අතර සීමාව අළු පාටයි. බොඳ වෙලා. මේක ඔබේ වරදක්ම නොවේ. ඔබ පොඩිකාලෙ ඉඳලම මේ තත්වයට ඔබව පත් කරන්නට දේශපාළකයන්, ආගමික පූජකයන්, සහ වෙළෙන්දන් මාර ගේමක් ගහපු නිසායි ඔබට රියැලිටිය සහ ෆැන්ටසිය පැටළුනේ. ඔබ හතලිස් පනස් ගණන් වලදි පරිණත වෙලා "මං මොකක්ද කරගත්තෙ" කියල තේරෙනකොට ඔබට නැවත හැරෙන්නට බෑ. ඕනනම් මිඩ් ලයිෆ් ක්‍රයිසිස් හදා ගන්ට ඇහැකි, නමුත් ඔබට නැවත හැරෙන්නට බෑ.
1958දි ලයිෆ් සඟරාවෙ කවරෙ තමා ඔය පහතින් පේන්නෙ. ළමයි කියන්නෙ ආර්ථික අවපාත වලට හොඳ විසඳුමක් බව එහි කියා තියනව. ඔයා මධ්‍යම පන්තියෙ නම්, ඔයා ළමයි හදන්න හදන්න ඔයාගෙ ආර්ථිකයට කෙළවෙලා රටේ ආර්ථිකය ගොඩ යනව. මීට පරම්පරා දෙක තුනකට පෙර මධ්‍යම පන්තියෙට ළමයි හැදීමේ වාසි ටිකක් තිබුන.
1. කැලේට කොලේට හදන ළමයි අතරින් එකෙක්හරි හොඳ තැනකට ගිහින් පවුළම ගොඩදැමීම
2. කැලේට කොලේට හදන ළමයි අතරින් එකෙක්හරි තමන් වයසට ගියාම බලාගැනීම
නමුත් දැන් කැලේට කොලේට හදන ළමයි සාර්ථක වීමේ සම්භාවිතාවය වගේම ළමයි විසින් "නරක" දෙමව්පියන්ව බලාගැනීමේ සම්භාවිතාවය මාර අඩුයි. මිනිස්සු එතැනින් පරිණාමය වෙලා ඉවරයි. ඒකනිසා ඔයාගෙ දෙමව්පියො කරපු දේවල් රිපීට් කලොත් ඒ ප්‍රතිපලම ලැබෙයි කියල හිතන්න එපා.
No comments:
Post a Comment