Monday, January 27, 2025

What is a boundary?

 

 බලන්න මේ පහළ පෝස්ටුව දිහා.

"මේ ළගදි ශෝක් වැඩක් උනා. 
අම්මගෙ නංගි කෙනෙක්ගෙ පුතෙක්ට ඩෙංගු හැදිලා කියලා හොස්පිටල් ඇඩ්මිට් කලා. 
කොල්ලට තාත්තත් නෑ , කවුරුත් නැති නිසා අපෙ මල්ලි ඒ කොල්ලා හිටපු දවස් ගාණටම ළඟ හිටියා. ඒත් මහ ලොක්කි වටේ කියලා තිබ්බා ඩොක්ටර් ආපුවාම අත්‍යාවශ්‍ය දෙයක් අහගෙන නෑ කියලා. 
අනේ ඉතින් අපි චොක්ලට් ෆ්ලේවර් සස්ටජන් එකක් යැව්වා . වැඩි හොදට.  ලොක්කි ඒකටත් හැමතැනම කියලා තිබ්බා අපි වැනිලා ෆ්ලෙවර් එව්වෙ නෑ ,බඩ වේළනවා මේකට ගාගා. 
ඇත්තටම අපි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී උදව්වක් විදියට ඒ වෙලාවෙ මේ දේවල් කලේ. අපිට හැමතැනම එක එක කතා කියලා තිඋනා. 🥺"

ගොඩක් දෙනෙක් මේ වගේ අවස්ථා වල උපදෙස් දෙන්නේ
"ඔයාල කලේ ලොකූ පින්කමක්... එයාලගෙ වචන වලට ඔයාලගෙ සිතුවිලි වෙනස් කරගෙන හිත අපහැදගන්න් එපා... ඒ එයාල්ගේ මෝඩකමනේ... ඒ ගැන එච්චර හිතන්න එපා...😊"

මේක පින්කමක් වෙන්නෙ දෙන කෙනා පහන් සිතින් දීම මත. (ඒකෙ ප්‍රබලත්වය ගන්න කෙනාගේ පහන් සිත සහ වෙනත් කොළිටීන් මත වැඩි වෙනවා), නමුත් මෙතන දුන්න එකා පට්ට අවුළෙන් (සාධාරණ හේතු මත). ඒ අනුව මෙතන වෙච්ච දෙලොව අයහපත වැඩී. මොකද මේ ඇරියස් එක පසුකාළීනව ඇදිල එනව මේ ලෝකෙදි රණ්ඩු අමනාපකම් සහ පරලෝකෙදි දුගතිගාමී වීමට උදව්වක් ලෙස (චුති සිත ලෙස පහළ උනොත් බඩුම තමා). 

දැන් මේ සෙනාරියෝ එක සළකන්න.

මේ දුන්න කෙනා සහ ගත්ත කෙනා නෑයො උනාට  දුන්න කෙනා හොඳට බවුන්ඩරීස් දාන්න දන්න නිසා ගත්ත කෙනාව අතේ දුරින් ආශ්‍රය කරන්නේ. ඒ නිසා චොක්ලට් ෆ්ලේවර් සස්ටජන් යවන්නෙත් නෑ මල්ලි යන්නෙත් නෑ. ඉතින් මේ හිත් අමාරැකමුත් නෑ. පිනක මුවාවෙන් පවු කරගෙනත් නෑ. නෑදෑ කමත් රැකිලා (අතේ දුරින්). සස්ටජන් දෙන්න ළමා නිවාසයකට. හොඳ පිනක්.

බවුන්ඩරීස් නැති කරැණාවන්තකම කියන්නේ ගොන් කමට කියන තවත් නමක්. හිත හොඳ ගෑනි හැමදාම බඩ උන බව මතක තබා ගන්න. බවුන්ඩරීස් සහිත කරැණාවන්තකම කියන පෞරැෂය එම්පවර්ඩ් එම්පාත් කියල හඳුන්වනවා. මේ අය කරැණාවන්ත උනාට ටොක්සික් උදවියට නටවන්නට බැහැ. 

එම්පවර්ඩ් එම්පාත්ල උදව් කරන්නේ කිසිම ස්තූතියක් බලන් නෙමේ, බැන්නත් හිනාවෙලා එන්න පුළුවන් ඒවගේම කෙනෙකුට දෙපාරක් ඔළුවට අත හෝදන්න දෙන්නෙත් නැහැ. එක එක බනිසට එක එක කෙසෙල් ගෙඩිය වගේ එක එක ටොක්සික් පෞරැෂයට දෙන්න ඕන බෙහෙතත් දන්නව. 
මේ ගැන තවත් විස්තර සඳහා බලන්න;
https://www.youtube.com/watch?v=so1ztD7Edas

No comments:

Post a Comment

A male-centered woman AKA pick me

  A male-centered woman is someone who builds her ENTIRE self-worth, choices, & entire identity around men—often at her own expense. Mos...