මේ ඉන්ටර්විව්ස් වලට සාම්පල් තෝරා ගන්නේ සම්මත ක්‍රමවේදයකට නොව තමන්ගේ කන්ෆෝර්මිස්ට්ලා නොහොත් සුද්ද සින්හලෙන් කිව්වොත් "දායක සභා" වලිනි. මගේ ගෝල් එක වන ඩයස්පෝරාවේ අවුල ගැන සෙවීමට එයින් ගැටළුවක් නැත, ඇත්තම කිව්වොත් ඒක වඩාත් හොඳය.
මේවාට එන රටගිය මිනිස්සු, විශේෂයෙන්ම සේපාල් අමරසිoහ ගේ රටගිය ඇත්තෝ පළමුවන ඉන්ටර්වීව් එකේ බුවා වැනි මන්දමානසික ඩෑල්, ඔස්ට්‍රේලියාවේ දුකෙන් සැප විඳිමින් ලන්කාවේ සැපෙන් දුක් විඳින හුදී ජනයාට තම දුක කියයි, ලන්කාවේ සැපෙන් දුක් විඳින හුදී ජනයා පස් වනක් ප්‍රීතියෙන් පිනා ගොස් ඔස්ට්‍රේලියාවේ වගේ ලන්කාවේ රේසිසම් නැතිය, දෙමාපියන් තනි වෙන්නේ නැතිය සෙකඬ් ක්ලාස් සිටිසන්ල විදිහට ඉන්නේ නැතිය ආදී කොමෙන්ටු උඩ පැන පැන කොටති.
සේපාල් අමරසිoහ ගේ රටගිය ඇත්තෝ ඉන්ටර්වීව් වල හයිලයිට් කරන කාරණයක් වන්නේ ඒ රටවල මොනව තිබ්බත් නැති නොවන තනිකම පාළුවය. මහගම සේකර ගේ කවියකින්ම සේපාල් වැඩ අල්ලනනේ එබැවිනි.
සින්හල බෞද්ධ ඩයල් ලන්කාවේදී පුරැදු වී සිටියේ මැරීගෙන රස්සාව කරගෙන ළමයි හදාගෙන ගෙවල් දොරවල් බලන් ඉන්න ගමන් හොබී එක ලෙස ටී වී බැලීම, ඉඳහිට ට්‍රිප් යෑම, බෝතලේට සෙට් වීම, අනුන්ගේ ඕපාදූප සෙවීම වැනි සීමිත දේවල් ටිකකි. ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට ආ පසුද ඒ ජීවන රටාව මහලොකුවට වෙනස් වූයේ නැත. ඇමරිකාවේ ඉන්න මිනිසෙකුට කරනවානම් දහස් ගණනක් හොබීස් ඇත, ක්‍රාෆ්ට් වලට කැමති අයට හොබි ලොබී ගිය පළමු දවසේ පිස්සු නොවැටුනා නම් පුදුමයකි. රෙසීන් ආට්, සෝප් මේකින්, කාඩ්ස්, පේපර් ආට්, බීඩ්ස්, ජුවෙලරි මේකින්, වුඩ් වර්ක්, චිත්‍ර ඇඳීමට රටේ නැති පාට වර්ග, කැන්වස්, කොළ, ගෙතීමට නූල්/වූල්, මල්, සැරසිළි ආදී මෙකී නොකී දෑ එතැන ඇත. ගාඩ්නින් වලට ආස අයට ලෝව්ස් වළ තණකොළ කපන මැෂිමේ සිට පෝර, ඉරිගේෂන් සිස්ටම් ආදී මෙකී නොකී දෑ ඇත. ලන්කාවෙ ඉන්න කාලෙ වවන එක පෙන්නන්න බැරි මට දැන් ගෙදර පිටුපස හයිඩ්‍රොපොනික් ගාර්ඩන් එකක්ද තිබේ. එයට මූළික හේතුව මගේ කම්මැළි විදිහේ වෙනසක් වීම නොව ගාඩ්නින් පහසු කරන යන්ත්‍ර සූත්‍ර උපකරන සියල්ලම මෙහි තියෙන නිසා ඩිසේබල් මනුස්සයෙකුට උනත් වැඩ ටික කර ගැනීමට හැකි වීමයි. ඔය කිව්වේ හොබීස් දෙකක් පමනි. ඉතිරි ඒවාද එසේමය. ලන්කාවේ කෙල්ලෙක් ෂෝටක් ගහන් හොබී එකට තනියම කැලේක හයිකින් යාම රේප් වී එළොව යාමට කාරණයක් වුවත් (මළකඳද ඇඳපු ෂෝටට, තනියම ගියාට, විසේට කියා බැණුම් ඇසීමට හොඳටම ඉඩ ඇතත්) දෙයියනේ කියා මෙහෙ ඒ හොබීස් වලට බාධා නැත. ක්‍රීඩා සියල්ලම තිබේ, ඒවාට ඕනා උපකරණ සියල්ලම තිබේ, ජිම් වල වනචර ට්‍රේනර්ලා වෙනුවට ප්‍රොෆෙෂනල් ට්‍රේනර්ලා ඇත (ලන්කාවේ ජිම් යාම එපා උනේ ට්‍රේනර් අතපත ගාන්නට හැදූ බැවිනි), කුකින් කැමති අය සඳහා ලෝකයේ ඕනෑම ඉන් ග් රීඩියන්ට් එකක් ඇත, රටේ නැති ගැජට් ඇත, විදුළි/ගෑස් මිළ ලාබය. පෙට්ලා ගත්තොත් උරගයන්ගේ කුරැල්ලන්ගේ හා වෙනත් සතුන්ගේ ලොකු චොයිස් එකක්ද උන්ට අවශ්‍ය හැම දේමද ඇත, හිඟන රටකින් මේ ඔක්කොම ඇති රටකට ආපු මනුස්සයෙක්ට ඇති විය යුත්තේ ගමයා දිව්‍යලෝකයේ ගියාක් වැනි හැඟීමකි.
නමුත් අහෝ! ලන්කාවේ ඩයල් වලට ඕව මුකුත් අදාළ නැත. ලන්කාවේ ඩයල් උඩ පින්තූරයේ පූසා මෙන් ලන්කාවේ බේසික් ජීවිතයටම ෆෝකස් කරගෙන ඇත. ලන්කාවේදී නිර්මාණාත්මක රසවින්දනාත්මක වඩාත් කොග්නිටිව් සයිඩ් එක (මනුස්සයන්ට පමණක් තියෙන උසස් මානසික කොළිටිය) බලළාගේ කූඩුව මෙන් වැසී, ඉගන ගෙන රස්සාවට නැහී කසාද බැඳ ළමයි හදා ඉස්කෝලෙ යවා ගෙයක් හදා කාරෙකක් ගෙන අන්තිමේ ජීවිතේ දුකයි කියමින් ළමයින්ට මළ ඇණ වී පන්සලේ පදින්චි වීම එකම ඔප්‍ෂන් එක උනත්, ඇමරිකාවේදී ඒ කූඩුව ඇරේ. ඒත් ගොන් බළලා ඒක නොදැන තාම දොරට ෆෝකස් කරන් කූඩුවේ ලගින්නාක් මෙන් සිoහළ බෞද්ධ ඩයස්පෝරාවද මේ චක්‍රයේම කැරකේ. මුන්ට ඉස්පාසුවක් ලැබුනොත් කරන්නේ තව ළමයෙක් දෙන්නෙක් හදා ගැනීමයි. එහෙම නැතුව අළුත් කොග්නිටිව් ස්ටිමියුලේෂන් එකක්, ස්කිල් එකක් ඉගන ගැනීම නොවේ. කොටින්ම ලන්කාවේ ඩයස්පෝරාවේ මිනිස්සු ඕනෑම සතෙකු කරන ටික (කෑම සෙවීම, කූඩුවක් හැදීම, රමණය, ළමයි, ටෙරිටොරි ආරක්ශාව) කරන්නට ජීවිතේ සීයට අනූවක් නහිනවා මිසක මිනිසාට අනන්‍ය උසස් රසවින්දනාත්මක පැත්ත ස්ප්ශ කරනවා අඩුය. මිනිසාට අනන්‍ය උසස් රසවින්දනාත්මක පැත්ත ස්ප්ශ කරන්නට හුරැ වූ මිනිස්සුන්ට ඒ සඳහා ඇති ටූල්ස් යහමින් පවතින දියණු රටක කවදාවත් පාළුවක් නොදැනේ.
උදාහරණයකට, මගේ ලාන්කික නොවන හොඳම මිතුරියන් කිහිපදෙනාගේ හොබීස් වන්නේ රට රටවල සංචාරය කිරීම, ලෝහ වර්ග වලින් ජුවලරි හැදීම, සෑන් ඩ් බ්ලාස්ටින් වලින් වීදුරැ මත නිර්මාණ කිරීම සහ ග්ලාස් පේන්ටින් වේ. මගේ ලාන්කික "මිතුරියන්" කිහිපදෙනාගේ හොබීස් වන්නේ ළමයි පස්සේ මළපෙරේතයන් සේ පැන්නීම, තම වැඩපොළවල් වල සහ සමාජ කව වල මිනිසුන් එකාට එකා කෙටවීම, හැම දෙයක් ගැනම කම්ප්ලේන් කිරීම, කාත් එක්ක හරි වළියක් දා ගැනීම ආදියයි.
මහගමසේකර ගේ කවිය ගත්තොත්, මහගමසේකර යනු අර කොග්නිටිව් ස්කිල්ස් උපරිමයට ගිය කෙනෙක්. ඔහු කවි ලියන්නේ සින්හලෙන් සහ ඔහු කවි ලියන්නේ සින්හල සන්ස්කෘතියෙන් පෝෂණය වෙලා. ඉතින් ඒ මනුස්සයට ඇමරිකාවෙ වාසය සිර ගෙයක් යැයි සිතීම සාධාරණයි මොකද ඔහුගේ කවි ලිවීමේ හැකියාව, ඒව කියවන මිනිස්සු, ඒවට ඇති පිළිගැනීම ආදී සියළුම වටිනාකම් කේන්රද්වී ඇත්තේ ලන්කාව වටේ නිසා ලන්කාවෙන් පිටදී ඔහු දියෙන් ගොඩ දැමූ මාළුවෙකු වැනියි.
නමුත් මහගමසේකර සහ හුදී ජනයා යනු අහසට පොලොව මෙනි. මහගමසේකරට මෙතුවක් කාලයකට යම් තරමකට හෝ කිට්ටු කලේ ප්‍රේමකීර්ති, කරැණාරත්න අබේසේකර වැනි දෙතුන් දෙනෙකි. එහෙව් මහගමසේකර ගේ අදහස් උදහස් හුදී ජනයාට පෑහීමට යාම තරම් අමන වැඩක් තවත් නැත, ඒක හරියට සේපාළව රවීඳ්‍රනාත් තාගෝර්ට පෑහීමට යාම මෙනි.
හේතු අoක දෙක:
ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට එන්නට පෙර සින්හල බෞද්ධ ඩයල් ලන්කාවේදී පුරැදු වී සිටියේ පට්ට එන්ටයිටල්ඩ්, අනුන්ව ඩිස්ක්‍රිමිනේට් කරන, ෆැන්ටසි බබල් එකක තිබූ ජීවිතයකටය. තමන්ගේ ආගම ලෝකයෙන්ම හොඳම සහ විද්‍යාත්මකම එක යැයි හිතන් (ත්‍රීසම්මා සාදු සල්ගාදු සහ තවත් අය මෙය මොනවට ඔප්පු කලහ) තමන්ගේ රට ලෝකෙන්ම උතුම් එක යැයි හිතන් (බන්කොළොත් වී ඔප්පු කලහ) තමන්ගේ මුතුන් මිත්තො තමයි හොඳටම කලේ යැයි හිතන් (බන්කොළොත් වී ඔප්පු කලහ) තනි සින්හළ ආණ්ඩුවක් හදන්නට ගෝටාබයට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඡන්දෙ දී කෙළවාගත් මොවුන් සින්හල බෞද්ධ ඩයස්පෝරාව ලෙසද හිතන් ඉන්නේ එහෙමමය. ඒ උද්දච්චකම නිසා අනිත් සන්ස්කෘතියක්, ජාතියක්, ආගමක් එක්ක මුහු නොවේ. අනිත් සන්ස්කෘතියක්, ජාතියක්, ආගමක් ගැන උනන්දු නොවේ. එහෙම ඉන්න ගමන් ඒ රටේ එවුන් තමන්ව ඉහළින් පිළි අරන් ඔළුව උඩ තියා ගත යුතු යැයි හිතයි. මේක පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගත්තොත්, ඕනෙම චීන, කොරියන් අවන්හලකට ගියොත්, ඒවාට එන ඇමරිකන් මිනිස්සු සීයට අනූවක් චොප්ස්ටික් පාවිච්චි කර කෑම ගැනීමට දනිති (ගෑරොප්පුව ප්‍රතික්ශේප කර). ඇමරිකන් මිනිස්සු තමන් මහජාතිය උනත් උද්දච්ච නොවී සුළු ජාතියක සන්ස්කෘතික අගයක් වන චොප්ස්ටික් පාවිච්චි කිරීම ඉගෙන ගන්නේ මම මුළින් කිව්ව අළුත් ස්කිල් එකක් ඉගනීමෙන් ලැබෙන කොග්නිටිව් ස්ටිමියුලේෂන් එක සඳහාත්, කල්චරලි ඕපන් මයින්ඩ් එක නිසාත් ආදී හේතු වලටය. සින්හල බෞද්ධ ඩයල් ඒවා ඉගෙනගැනීමට නොයති, ඒ වෙනුවට සුද්දන්ට අතින් කන්න හුරැකරවන්න හදති. අනිත් සන්ස්කෘති, ජාති, ආගම් වලට ගරැ කිරීමක් නැත, මගේ එක තමා හොඳම කියා බලෙන් ලෙක්චර්ස් දෙන්නට යති. (අඩු තරමේ සින්හල බෞද්ධ ඩයල්තමන්ගේ සහෝදර දෙමළ මිනිස්සුන්ගේ හෝ මුස්ළිම් මිනිස්සුන්ගේ සන්ස්කෘතිය එක සත පහකට මායිම් නොකරයි. මුස්ළිම් මිනිස්සුන්ගේ කොවිඩ් මළසිරැරැ ආදහනයට ඉඩ නොදීම හොඳම උදාහරණයකි.) සින්හල බෞද්ධ ඩයල් තරම් අනිත් සන්ස්කෘති, ජාති, ආගම් ඩිස්ක්‍රිමිනේට් කරන සෙට් එකක් තවත් නැත, කුළය රස්සාව ධනය බලය ඉස්කෝළය වගේ ගොන් පාට් වලට උන් උන් ඩිස්ක්‍රිමිනේට් කර ගන්නා ගමන් හමේ පාට, ජාතිය,රස්සාව ධනය බලය, ජාති, ආගම් වගේ දේවලට අනිත් සන්ස්කෘති වල මිනිස්සුන්ව තදබල ලෙස පහත් කරති. ඉතින් තමන්ම අනිත් මිනිසුන්ගෙන් කොන් වී අනිත් මිනිසුන් සමඟ මුහු වීමට කිසි උත්සහයක් නොකර ඒ මිනිස්සු තමන්ගෙ දෙපතුළ ලඟට එනකම් බලන් ඉන්න ඇටිටියුඩ් එක තමන්ගේ ප්‍රශ්නයක් මිසක ඒ රටේ ප්‍රශ්නයක් නොවන බව මොවුන්ට නොතේරේ.
හේතු අoක තුන:
ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට එන්නට පෙර සින්හල බෞද්ධ ඩයල් ලන්කාවේදී පුරැදු වී සිටියේ පෙන්‍ෂන් ප්ලෑන් එකට ළමයි හැදීමටය. පෙන්‍ෂන් ප්ලෑන් එකට ළමයි හැදීමේදී ළමයින්ගේ තටු කපා නිදහස් නිවහල් වීම පුළුවන් තරම් වළක්වනු ලැබේ. ඒ කැත වැඩේ සන්ස්කෘතිය නම් අයිසින් වලින් ලස්සනට ඩෙකරේට් කරයි. මමාස් බෝයිලා හැදීමට ලන්කාවේ ගෑනු උපන් හපන්ය. දරැවන් කුඩා කාළයේ බේසික් ලයිෆ් ස්කිල්ස් සියල්ල උගන්නා වැඩිහිටි වන පළමු ඇසිල්ලේම කූඩුවෙන් සපුරා පිටමන් කිරීම/ඩිස්ටන්ස් එකකින් සිට ක්‍රමයෙන් පූර්ණ ස්වාධීන කිරීම සත්ව ලෝකයේ මූළධර්මයයි. තටු හයි වූ තඩි කුරැළු පැටවුන් කූඩු වල දාන් කන්න දෙන කුරැල්ලන් ලෝකයේ නැත. දියුණු රටවල මිනිස්සු ආවාට ගියාට ළමයි හදන්නේ නැත. ළමයින් රජයට අයත් යැයි සළකන නිසා ළමයින්ගේ යහපැවැත්ම ගැන අතපසු කරන දෙමව්පියන්ට රජයෙන් දඬුවම් කරයි. ඊටත් කපල් වලට ලන්කාවේ මෙන් සරැ බාවය ඔප්පු කළ යුතු නැත. පෙන්‍ෂන් ප්ලෑන් ළමයි හදන්නේ බේසික් ස්කිල්ස් නැති මෙන්ටලි රිටාඩඩ් ආකාරයටය. එවිට මොන තරම් ඉගන ගත්තත් රස්සා කරත් දෙමාපියන් මත තදින් යැපෙති. තීරණ ගැනීමට අපොහොසත් ය. දරැණු ලෙස කා කොටා ගත්තත් අතෑර ගන්නට බැරිය. ඉමෝෂනල් බ්ලැක්මේලින් පහසුය. දෙමාපියන් වැඩිහිටි ළමයින්ගේ හැම රෙද්දටම ලැජ්ජ නැතිව හොට දායි. ආතල් එකේ කිසි ව්‍යායාමයක්, රෝග පාළනයක් නැතිව පිස්සු කෙළියි. ඩයබටික් දෙමාපියෝ හොරෙන් සීනි කති, එපා කියූ සේරම කරති. සිරෝසිස් තාත්තලා කොච්චර එපා කිව්වත් බොති. වෙන ලෙඩ වලදීද එසේමය, බේත් නොබොයි චර්‍යා වෙනස් නොකරයි. අන්තිමේ වළක්වා ගත හැකිව තිබියදී ලෙඩ ඇඳට වැටී ළමයින්ට අපා දුක් වින්දවයි.
දියුණු රටකට ආ පසු ඒ සෙල්ලම් සියල්ලම නැවැත්වීමට සිදු වේ. එය මුන්ගේ ලිසාඩ් බ්‍රේන් එකෙන් තේරැම් ගන්නේ ළමයි තමන්ගෙන් ඈත් වීමක් ලෙසය.
හේතු අoක හතර: ලන්කාවේ ලෝ කොළිටි ලයිෆ් එකට පත්තියම් වූ විට හයි කොළිටිය දිරවන්නේ නැත.
උදාහරණයකට, ඇමරිකාවේ දී සෝයාමීට්, කිරිපිටි, කීල්ස් සොසේජස් රස හොයන ඩයස්පෝරාව ගනිමු. ඇමරිකාවේ ඔය දකුණු ආසියාතික කඩ වල හැර වෙන කොහේවත් සෝයාමීට් නැත. ඒකට හේතුව සෝයා කිරි අරගෙන ඉවත දාන සත්ව ආහාරයක් වන කිසි පෝෂනයක් හෝ රසක් නැති සෝයා පුන්නක්කු හිඟන රට වල රසකාරක දමා සෝයාමීට් ලෙස මිනිසුන්ට ගිල්ලෙව්වත් දියුණු රටවල ඕනෑ තරම් මස් මාළු කිරි බිත්තර චීස් බටර් ලාබෙට තිබේ. ඒත් පුන්නක්කු රසට පත්තියම් වී කහකඩයන්ගේ නිර්මාංශ අදහස් වලින් බ්‍රේන්වොෂ් කරගත් ඩයස්පෝරාව පුන්නක්කුම සොයති, මෙහෙ කෑම ලන්කාවේ තරම් රස නැතැයි හඬති. ලන්කාවේ සොසේජස්වල සෝයා සහ වෙනත් ෆිලර්ස් අධිකය. ඒ බාල රසට පත්තියම් වූ අයෙකුට දියුණු රටක සෝයා සහ වෙනත් ෆිලර්ස් නැති සොසේජස් රස නැත. ඉතින් මෙහෙ කෑම ලන්කාවේ තරම් රස නැතැයි හඬති. රසේ වෙනසට හේතුව ස්මාට් ෆෝන් එකෙන් හොයා බලන්නට තරම් ස්මාට් නැත.
දියුණු රටක් විවේචනය කරන ගමන් ඒ රටේම පැළපදියම් වෙලා ඉන්න, තමන්ගෙ ළමයි ඒ රටේ පුරවැසියන් කරන ඩයස්පෝරාව පිටරටවල ඉඳන් මෙසේ වැළපෙන්නේ ලන්කාවේ කටු කන එවුන් තමන්ගේ ළණු කා ලන්කාවේම නතර වී දුක් විඳියි යන කුහක බලාපොරොත්තුව හිතේ තබාගෙනය.
No comments:
Post a Comment