Thursday, November 16, 2023

ටොක්සික් මිනිස්සු කියන්නෙ කාටද - මගේ සත දෙක


ටොක්සික් මිනිස්සු ගැන පළ කරපු අදහසක් දැක්කම මට හිතුනා ටොක්සික් මිනිස්සු  කියන්නෙ කාටද කියන කාරණය පුළුල් ලෙස කතා කරන්නට. මේ අදහසම අඩු වැඩි වශයෙන් නොයෙකුත් අය විසින්  නොයෙක් තැන් වල කියල තියෙන බව මම කීප වතාවක්ම දැක්කා.

"Toxic කියල මිනිස්සු ජාතියක් නෑ . ඉපදුන හැම කෙනාම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච කවුරුත් නෑ නේ මෙතන..

අනිත් කෙනා එයාගේ හැසිරීම බාරගන්න විදිහ අනුව තමයි toxic ද නැද්ද තීරණය වෙන්නේ. මොකද සමහර අය ඉන්නවා toxic අයටම කැමති.,, මිනිස්සුන්ව බෙදන්න හොද නෑ. හැමෝම ලගම කාටවත් නැති හොද ගතිගුණ සහ නරක කියන දෙකම තියෙනවා. (සියල්ල වෙනස් වෙන සුළුයි )..., ❤️💪

මේ ඔක්කොම toxic ද😐 මේ ලෝකෙ එහෙනම් එකම.මනුස්සයෙක්වත් නැතුව ඇති toxic nathi"


"එහෙම වර්ග කරන්න බැහැ .ටොක්සික් අය එහෙම නැති කියලා .
හැමෝම ගාව ඒක තියෙනවා අඩු වැඩි විදියට .
ඒක හරියටම අලු පාට මිනිස්සු වගේ .
තනි කර සුදු අයත් නැහැ කලුම අයත් නැහනෙ
.මට වැටහෙන විදියට ."

මේ අදහස සම්පූර්ණයෙන්ම වැරදි නමුත් බැලූ බැල්මටම හරි වගේ පේන නිසා ටිකක් විස්තරාත්මකව කතා කරමු. හැමෝම ලගම හොද ගතිගුණ සහ නරක කියන දෙකම තියෙනවා යන කතාව ඇත්ත නමුත් හොද හෝ නරක ගතිගුණ යනු ස්පෙක්ට්‍රම් එකක් නොහොත් ධූරාවලියකි. උදාහරණයකට ඉරිසියාව යන නරක ගතිගුණය සළකා බලමු. ඉරිසියාව යන හැඟීමේ තීව්‍රතාවය අනුව එකේ සිට සියය දක්වා ධූරාවළියක් සකස් කලොත්, එහි බින්දුවේ අගය "ඉරිසියාවක්  නොදැනෙන පුද්ගලයා" සහ අන්ක සියය "උපරිම ඉරිසියාවක්  දැනෙන පුද්ගලයා" යන දෙදෙනායි. මේ දෙදෙනා ඉන්නේ ඉරිසියාව යන හැඟීමේ තීව්‍රතාවයේ සෛද්ධාන්තික අන්ත දෙකෙහි බව ඔබට පෙනෙනවා ඇති. මේ සෛද්ධාන්තික අන්ත දෙකෙහි පුද්ගලයන් දෙදෙනා ප්‍රායෝගික ලෝකයේ හමු නොවන තරම් ය. නමුත් ඒ අන්ත දෙක අතර අනන්ත සඛ්‍යාවක ඉරිසියාවේ තීව්‍රතා තිබේ. (උදාහරණයකට, 5, 5.1, 5.11, 5.111 ... ආදී ලෙස). මේ ලෝකයේ මිනිස්සු සැම දෙනාම ඒ අන්ත දෙක අතර ඇති ඉරිසියාවේ විවිධ තීව්‍රතාවයන් වලට ඇතුළත් කල හැක.

 Y නැමති පුද්ගලයා ස්පෙක්ට්‍රම් එකේ අසු ගණන් වල වගේ ඉන්න නිසා ඔහු අධික ලෙස ඊර්ශ්‍යා පරවශ, ඊර්ශ්‍යාව නිසා අහින්සකයෙක්ට කෑළෑ පත්තර පෙත්සම් ආදිය ගැසීමට හෝ තර්ජනය කිරීමට පසු බට නොවන කෙනෙක්.

X නැමති පුද්ගලයා ස්පෙක්ට්‍රම් එකේ විසි ගණන් වල වගේ ඉන්න නිසා ඔහුට ඊර්ශ්‍යාව දැනුනත් තීව්‍රතාවය ගොඩක් අඩුයි. ඔබේ අළුත් කාර් එක දැකපු ගමන් ටිකක් ඉරිසියා හිතිල මූණ එල්ල ගත්තට පහුවදා ඉඳල නෝමල් විදිහට ඔබ එක්ක ඉන්න කෙනෙක්.

ඉරිසියාව නිසා පුද්ගලයෙක් ලොකු විනාශයක් කරන්නට පෙළඹෙන තීව්‍රතාවය හැත්තෑ පහ ලෙස හිතමු (ඇත්ත ලෝකයේ මේ සීමා හඳුනා ගන්නේ සහ මේවා ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරන්නේ විද්‍යාත්මක පරීක්‍ෂණ වල දත්ත මගින්). එම 75 මට්ටමට වඩා තීව්‍ර ලෙස ඉරිසියා කරන අයෙක් ටොක්සික් ලෙස සරළව අර්ථ දැක්විය හැක. ඔවුන් තීව්‍රතා මට්ටම අනුව චරිත ඝාතනයට බොරැ පැතිරවීම (76), කෑළෑ පත්තර පෙත්සම් ආදිය ගැසීම (84.5), තුන් වන පාර්ශවයකට මුදල් දී හෝ තමන් විසින්ම  තර්ජනය කිරීම (92), තුන් වන පාර්ශවයකට මුදල් දී හෝ තමන් විසින්ම ශාරීරික හින්සා කිරීම (95.345), තුන් වන පාර්ශවයකට මුදල් දී හෝ තමන් විසින්ම ඔබට ශොට් එක දීම (99.99) ආදී ලෙස නොයෙකුත් ටොක්සික් වැඩ කල හැකි අය වේ.  

ඒ අනුව ඔබට පේනව ඇති "Toxic කියල මිනිස්සු ජාතියක් නෑ . ඉපදුන හැම කෙනාම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච කවුරුත් නෑ නේ මෙතන.." යන තර්කය අසාර්ථක එකක් බව, අප හැමෝටම එකම හැඟීම් දැනෙන බව සත්‍ය නමුත් ඒ හැඟීම් ප්‍රොසෙස් කරන ආකාරයේ ලොකු විවිධත්වයක් පවතින නිසා හැඟීම් වලට ප්‍රතිචාර ලෙස ඇති වන  අපේ හැසිරීම්/ආකල්ප වල ලොකු විවිධත්වයක් තියනවා. ඒ විවිධ හැසිරීම් ආකාර වලින් තමාට/සමාජයට හානි වන සීමාව හඳුනා ගෙන ඊට එහා අය ටොක්සික් ලෙසත් ඊට මෙහා අය ටොක්සික් නැති ලෙසත් ඉතා දළ වශයෙන් හඳුනා ගන්නට පුළුවන්.

"අනිත් කෙනා එයාගේ හැසිරීම බාරගන්න විදිහ අනුව තමයි toxic ද නැද්ද තීරණය වෙන්නේ." යන අදහසත් ඉහත පැහැදිළි කිරීමට අනුව ඉතා සoකීර්ණ බව ඔබට පෙනෙනවා ඇති.  

මානසිකව නිරෝගී ඕනෑම කෙනෙක්ට අනුව Xගේ හැසිරීමේ සහ Yගේ හැසිරීමේ වෙනස ඇති වන්නේ "අනිත් කෙනා එයාගේ හැසිරීම බාරගන්න විදිහ අනුව" නොවේ, X සහ Y ගේ ක්‍රියා කළාපය අනුව වේ. මානසිකව නිරෝගී ඕනෑම කෙනෙක්ට නොන් ටොක්සික් සහ ටොක්සික් මිනිස්සු දෙන්නෙක් ගේ වෙනස හඳුනා ගත හැකිය. ඔබ සාපේක්‍ෂව නීරෝගී මනසක් සහිත කෙනෙක් නම් කියල කිව්වේ, ඔබ ටොක්සික් නම්, ඔබට ටොක්සික් නැති ලෙස පේන්නේ ඔබේ වයිබ් එකට ගැළපෙන ඔබ වැනිම ටොක්සික් අය වීමයි. නමුත් යථාර්තය එය  නොවේ.

නමුත් නොන් ටොක්සික් මිනිස්සු දෙන්නෙක් ගේ තත්වය තරමක් සන්කීර්ණය. ස්පෙක්ට්‍රම් එකේ පහළින් ඉන්න කෙනෙක්ට තමන්ට සාපේක්‍ෂව ඉහළින් ඉන්න (නමුත් ටොක්සික් සීමාවට වඩා ගොඩක් පහලින් ඉන්න) කෙනෙක් ටොක්සික් ලෙස දැනීමට හැකිය. උදාහරණයක් ලෙස ස්පෙක්ට්‍රම් එකේ 5.0 හි ඉන්න, ඉතාම අඩුවෙන් ඊර්ශ්‍යාව දැනෙන හිත දියුණු කෙනෙක්ට ඉහත X (20.0) ගේ හැසිරීම (තමන්ට සාපේක්‍ෂව) ටොක්සික් බව දැනෙනු ඇත. එ බැවින් ඉතා දළ වශයෙන් ගත්තොත් ඔබ සාපේක්‍ෂව නීරෝගී මනසක් සහිත කෙනෙක් නම්, ඔබේ ජීවිතයට නෙගටිව් වයිබ් එකක් ගෙනෙන පුද්ගලයන් ඔබට වඩා ස්පෙක්ට්‍රම් එකේ ඉහළින් ඉන්න අය විය හැක. ඔබ සහ ඔහු අතර ගැප් එක වැඩි වෙන තරමට නෙගටිව් වයිබ් එක වැඩි වේ. ඔබට දැරිය හැකි නෙගටිව් වයිබ් එකේ සීමාව තීරණය කල යුත්තේ ඔබය. ඒ සීමාවට වඩා වැඩි නෙගටිව් වයිබ් එකක් ඇති අයව හලා දැමීම හෝ තදබල බවුන්ඩරීස් දමා ඈතින් තබා ගැනීම මඟින් ඔබගේ ආලෝකය ඩිම් නොවී පවත්වා ගත හැකිය. 


 
ඉතා සoකීර්ණ පුද්ගල පෞරැෂයන් ගැන හදාරා ටෙක්නිකල් ටර්ම්ස් දැන නොසිටියද, සමහර මිනිස්සු ඉතා පහත් හැසිරීම් සහ ආකල්ප ඇති අය බව, ටොක්සික් නොවන, ඒ මිනිසුන්ගේ අතවරයට/හින්සනයට/අගතියට ලක් වූ අය දනිති. ඒක නොදන්නේ ටොක්සික් හෝ මානසිකව නිරෝගී නැති මිනිස්සුය. උදාහරණයකට, මම බස් රථයක සිටියදී ඒ රථයට නැග මගේ කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස මා වැනිම ගොදුරක් සොයා තව බස් රථයකයකට නගිනා මිනිසෙක්, පහත් හැසිරීම් සහ ආකල්ප ඇති අයෙකු බව මම නීරෝගී මනසක් ඇති කෙනෙක් නම් මට වැටහිය යුතුය.ඒ අනුව ටොක්සික් මිනිසෙක් යන වචනය මම දන්නේ නැති විය හැකි උනත් ටොක්සික් මිනිසෙක් කියන්නේ මොකක්ද යන්න මම හඳුනයි. කවුරැහරි කාන්තාවක් ඒ සිද්ධියට මුහුන පෑ පසු සතුටක් ලබනවා නම් ඒකෙ තේරැම රථයට නැග කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස තව බස් රථයකයකට නගිනා මිනිසා නෝමල් යන්න නොව එම කාන්තාව මානසිකව නිරෝගී නැත යන්නයි. බස් රථ වලට නැග ගෑනුන්ගේ කණට ලන් වී කුණුහරප කියන පුරැද්ද ඇති මිනිසා තමන් කරන දේ ටොක්සික් යැයි හිතන්නේ නැත. ඔවුන් එය සාමාන්‍යකරණය සඳහා "Toxic කියල මිනිස්සු ජාතියක් නෑ . ඉපදුන හැම කෙනාම ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. සෝවාන් වෙච්ච කවුරුත් නෑනේ මෙතන.." වැනි නොයෙක් ටොක්සික් තර්ක ගෙන එනු ඇත.  

ටොක්සික් හැසිරීම් සාමාන්‍යකරණය වන්නේ ටොක්සික්  මිනිස්සු බහුතරයක් සිටින හෝ ටොක්සික්  මිනිස්සුන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජ වලය. 

පුද්ගලයෙක් ගේ එකම නරක හැඟීම ඉරිසියාව නොවේ, එසේම හොඳ හැඟීම්ද බොහෝ පවතී. ඒ අනුව කුඩා කාළයේ පාසැල් රිපෝට් කාඩ් එකේ ඒ ඒ විශයට ගත් ළකුණු සහ ඒවා ඔකකොගේම එකතුව අනුව පන්තියේ කී වෙනියාද යන්න තීරණය වූ පරිදි සියළුම මූළික  හොඳ නරක හැඟීම්/ආකල්ප/හැසිරීම් වල එකතුව අනුව මනුශ්‍ය  හැඟීම්/ආකල්ප/හැසිරීම් ස්පෙක්ට්‍රම් එකේ ඔබ ඉන්නා තැන ඔබේ සමස්ථ ටොක්සික්/නොන් ටොක්සික් භාවය තීරණය කරනු ඇත. 

සාමාන්‍යයෙන් එක නරක ගතිගුණයක තිවෘතාවය ටොක්සික් මට්ටම අභිභවා ගිය කෙනෙක් ගේ අනිත් නරක ගතිගුණ තිවෘතාවයද වැඩි වීමේ නැමියාවක් පවතිනවා මොකද ඒවා එකිනෙක බැඳී පවතින නිසා. ඉරිසියාව එක්ක තරහ, දුක, බය, හීනමානය ආදී බොහෝ නරක ගතිගුණ බැඳී පවතිනවා. හොඳ ගතිගුණත් ඒ වගේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔක්කොම ගතිගුණ ඇනලයිස් කරනවට වඩා  ගතිගුණ කීපයක් ඇනලයිස් කරන එක ප්‍රමාණවත්.

මේ අදහස තවත් පැහැදිලි කිරීම සඳහා සරල උදාහරණයක් යොදා ගනිමු. ඔබේ ජීවිතය ඔබ ඉතා අමාරැවෙන් උත්සහයෙන් කැප වීමෙන් ගොඩ නගන ලස්සන උද්‍යානයක් ලෙස මොහොතකට සිතන්න. මේ උද්‍යානයට ඕනෑම කෙනෙක්ට ඇතුළු වීමට ඔබ ඉඩ හැරියොත්;

1. ටොක්සික් මිනිස්සු - උද්‍යානයේ තැන තැන මළමුත්‍රා කරයි, කළහ කර ගනි, ගස් වැල් වලට මුවා වී ගෑනුන්ට සරම උස්සයි, බලහත්කාරකම් කරයි, තුරැ ළතා කපා කොටා විනාශ කරයි, සත්තුන්ට උගුල් අටවයි, වද දී බය කර එළවා හෝ මරා දමයි, පොකුණු වල ජලය බොර කරයි, ජලයට වස දමයි ආදී නොයෙක් බරපතල හානි කර අවසානයේ එය අපායක් කරයි, එතනින්ද නොනැවතී එහි සිදු වන අපරාධ නිසා හිරේ විළoගුවේ ලැගීමටද වේ.


2. තියරිටිකලි නොන් ටොක්සික් නමුත් ඔබේ වයිබ් එකට මැච් නොවන මට්ටමට ටොක්සික් මිනිස්සු - ඔබේ උද්‍යානයේ විනෝද වෙන ගමන් අසාධාරණ ලෙස එය විවේචනය කරමින් ඔබේ හිත නිතර රිදවයි, නිතරම මල් පැළ ඉල්ලමින් ඔබට කරදර කරයි, ඔබේ උද්‍යානය අනිත් අයගේ උද්‍යාන සමඟ සසඳමින් ඔබව පහත් කරයි ආදී අම්බ ටොක්සික් නොවන, නමුත් ඔබේ අභ්‍යන්තර සාමය වනසන දේ නිතරම කරයි.  


3.ඔබේ වයිබ් එකට මැච් වන  නොන් ටොක්සික් මිනිස්සු - ඔබේ උද්‍යානයේ ඔබ සමඟ හොඳට විනෝද වේ,  ඔබේ උද්‍යානය රැක ගනී, වල් පැළ උදුරා, පෝර සහ වතුර දමා රකියි, ඔවුන්ගේ මල් පැළ ඔබ සමඟ බෙදා ගනී, ඔබේ උද්‍යානය අවන්කව අගය කරයි, එය වැඩි දියුණු කරන්නට අදහස් දී උදව්ද කරයි. 

මේ අනුව ඔබේ ජීවිතයට මොන තරම් බලපෑමක් ටොක්සික් මිනිස්සු කරනවාද යන්න ඔබට අවබෝධ විය යුතුය. "මිනිස්සුන්ව බෙදන්න හොද නෑ. හැමෝම ලගම කාටවත් නැති හොද ගතිගුණ සහ නරක කියන දෙකම තියෙනවා." යැයි ඔබට වරදකාරී හැඟීමක් පටවා ඔබව විනාශ කිරීමට කාටවත් ඉඩ දෙන්න එපා.  අවාසනාවකට අපේ ප්‍රායෝගික ජීවිතයේදී ටොක්සික් මිනිස්සු සමඟ අනිවාර්‍ය ගනුදෙනු යෙදේ, කාර්‍යාල සගයන්, අසල් වැසියන්, නෑයන් ආදී නොයෙක් සමාජ කව වල ටොක්සික් මිනිස්සු සිටී. ඊට අමතරව බසයේ හෝ කඩයේදී ආගන්තුක ටොක්සික් මිනිස්සු සමඟ ගනුදෙනු  කිරීමට සිදු වේ. එවැනි අවස්ථා වල උද්‍යානයට ඇතුලු වීමේ නීති සහ ඒවා කඩන්නන් උද්‍යානයෙන් තරා තිරම නොබලා ඉවත් කරන ක්‍රමද ඔබ දැන සිටීම වැදගත් වේ. ටොක්සික් මිනිස්සු අනුන්ගේ උද්‍යාන වලට රින්ගා ඒවා වනසා දැමීමෙන් මහත් සතුටක් ලබන නිසා ලේසියෙන් නීතිගරැක නොවන අතර ලේසියෙන් යවන්නටද බැරිය. ඔබ බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා කියවා තිබේ නම් ඩ්‍රැකියුලා ගෙට එන්නේ ආරාධනා කලොත් පමණක් නමුත් ඉන්පසු යවන්නට මාර අමාරැය, ඔබේ ලේ බී ක්‍රමානුකූළව මරා දමයි, මළත් සැනසීමක් නැත, ඔබද "යකෙක්" වේ. ටොක්සික් මිනිස්සු එවැන්නන් ය. ඒ නිසා ඔබේ ජීවිතය නැමති ලස්සන උයනට රැකවල් නොහොත් බවුන්ඩරීස් දමා ගැනීම වැදගත් වේ. ඒ ගැන ඊලඟට කතා කරමු.

ඔබට ටොක්සික් ගතිගුණ ඇත්නම් උත්සහ කලොත් ඒවා බොහෝ විට  ආපිට හැරවිය හැකි බවද මතක් කල යුතුමය. සමහර වෙලාවට ටොක්සික් ගතිගුණ ඉන්ඩියුස්ඩ් නොහොත් ඔබ පත් වී ඇති තත්වය/ඔබේ පරිසරය ආදී බාහිර සාධක නිසා හට ගත් ඒවාය. එය තේරැම් ගෙන එම සාධක ඉවත්කරන විට ඔබ නීරෝගී වේ.








5 comments:

  1. ටොක්සික් පුද්ගලයන් ඉන්නවා කියන කාරණයට මමත් එකඟයි. සමහර පුද්ගලයන්ගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ කියලා යටි හිත කියන වෙලාවක් තියෙනවා. ඒ මං හිතන්නේ ටොක්සික් පුද්ගලයෙක් අදුනා ගැනීමට හැමෝටම ස්වයං හැකියාවක් තියෙනවා, ස්භාවයෙන්ම.

    හැමතිස්සෙම ඍණාත්මකව දකින, අනිත් පුද්ගලයන්ව මානසිකව තමන්ට ඕනේ විදියට හසුරවගන්න හදන, සමහර විට අනෙක් පුද්ගයන් ගැන සහකම්පනය අඩු, තව පුද්ගලයෙක්ගේ පෞද්ගලික් සීමාව නීතර උල්ලංගනය කරන අය සමාජයේ අපට හම්බෙනවා. ඔව් හැමෝම මේවා ජීවීතේ කොයි වෙලාවක හරි කරනවා තමයි. හැබැයි මේවා පුරුද්දක් කර ගත්ත අය තමයි ටොක්සික් කියන වචනයට ගැලපෙන්නෙ. - Mayy - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  2. ඔබගේ ඊර් සියාව පිලිබඳ ධුරාවලි සටහන අලුත් අදහසක් බවයි පෙනෙන්නේ. මෙයින් පමණක් පුද්ගලයෙකු Toxic කියා නිගමණය කළ නොහැකි බවයි මගේ අවබෝධය ඊර් සියාව සමග වෛරය, ක්‍රෝධය වැනි වෙනත් මිනිස් ගතිගුණද බද්ධ වූ විටනම් අපරාධවලට නැඹුරු වීමේ ප්‍රවණතාව වැඩි පුද්ගලයෙකු ඇතිවිය හැකි බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. මිනිස් ගතිගුණ වල ධූරාවළිමය ස්වභාවය පැහැදිළි කරන්න රැන්ඩම් ලෙස ඊරිසියාව ගත්තා මිසක මේක කොහෙත්ම ඊරිසියාව ගැන කතාවක් නොවේ. ඔබේ අදහස මම කියල තියේ. "ද්ගලයෙක් ගේ එකම නරක හැඟීම ඉරිසියාව නොවේ, එසේම හොඳ හැඟීම්ද බොහෝ පවතී. ඒ අනුව කුඩා කාළයේ පාසැල් රිපෝට් කාඩ් එකේ ඒ ඒ විශයට ගත් ළකුණු සහ ඒවා ඔකකොගේම එකතුව අනුව පන්තියේ කී වෙනියාද යන්න තීරණය වූ පරිදි සියළුම මූළික හොඳ නරක හැඟීම්/ආකල්ප/හැසිරීම් වල එකතුව අනුව මනුශ්‍ය හැඟීම්/ආකල්ප/හැසිරීම් ස්පෙක්ට්‍රම් එකේ ඔබ ඉන්නා තැන ඔබේ සමස්ථ ටොක්සික්/නොන් ටොක්සික් භාවය තීරණය කරනු ඇත.

      සාමාන්‍යයෙන් එක නරක ගතිගුණයක තිවෘතාවය ටොක්සික් මට්ටම අභිභවා ගිය කෙනෙක් ගේ අනිත් නරක ගතිගුණ තිවෘතාවයද වැඩි වීමේ නැමියාවක් පවතිනවා මොකද ඒවා එකිනෙක බැඳී පවතින නිසා. ඉරිසියාව එක්ක තරහ, දුක, බය, හීනමානය ආදී බොහෝ නරක ගතිගුණ බැඳී පවතිනවා. හොඳ ගතිගුණත් ඒ වගේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔක්කොම ගතිගුණ ඇනලයිස් කරනවට වඩා ගතිගුණ කීපයක් ඇනලයිස් කරන එක ප්‍රමාණවත්.//

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...