Monday, February 27, 2023

ලෝකය යනු පොතකි, ලෝකයේ සoචාරය නොකරන්නන් කියවන්නේ එහි එක පිටුවක් පමණි

The world is a book, and those who do not travel read only a page - Saint Augustine

මේ කතාව කියන්න හිතුනේ Eugene Levi ගෙ “The Reluctant Traveler” සීරීස් එක (ඇපල් ටී වී) පටන් ගන්නෙ ඒ වාක්‍යයෙන් නිසා. 

ලෝකය නැමති ලොකු පොතේ එක පිටුවක් කියවල ඒක තමා හොඳම කියල හිතාගෙන ඉන්න එපා, තාක්‍ෂණයේ දිුණුවත් එක්ක ලෝකය පුරා ඇවිදින්න පුළුවන් යූ ටියුබ් එකෙන් පවා. අපේ එක තමා හොඳම, අපි තමා මුළින්ම කලේ, අපේ එක තමා ලොකුම වගේ අදහස් නැති වෙලා ලෝකයේ හැම රටකම, ජාතියකම ලස්සන සහ විවිධත්වය දකින, ඒ විවිධත්වය අතර පවුල් වටිනාකම් වගේ පොදු සාධක දකින නිහතමානී, බුද්ධිමත්, ඇසූ පිරෑ මිනිසෙක් වෙන්න.


රොෂාන් පිළපිටිය මේ තරම් ඇසූ පිරෑ චරිතයක් බව දැන සිටියේ නෑ. https://www.youtube.com/watch?v=WXy1dj7v04c


කළින් පෝස්ටුවට අදාළව තනි පිටුවක් කියෝපු කෙනාට තවත් හොඳ උත්තර ලැබී තිබුනා. ඇත්තටම සතුටුයි ලන්කාවේ මිනිස්සු වෙනස් වෙන්න පටන් අරන්.

 Laksitha Samarakoon Bandara

මේවට මේ page කාරයොත් වගකියන්න ඕනෙ සෑහෙන්න. රීලා පුක හෝදන්න වතුර නැති උනත් අපේ උන්ට ලැට් එකේ කැටයම් ඕනෙ. මාර ජාත්‍යාලයක්. අපේ උන්ව ෆුල් අප් කරල තියෙන්නෙ. "ලෝකෙ ලස්සනම රට අපි, ලෝකෙ බුද්දිමත්ම මිනිස්සු අපි, ලෝකෙ අමාරුම බාශාව අපේ, ලෝකෙ අඩුම ගුරුත්වාකර්ශනේ අපේ, ලෝකෙ හොඳම හමුදාව අපේ ".. ඔන්න ඔහොම පල් බොරු ටිකක් කියලා අපේ උන්ගෙ හිතට දාලා තියෙන්නෙ අපි තමයි ලෝකෙ හොදම ජාතිය, ඇමරිකාවට අපිව යටත් කරගන්නකන් නින්ද යන්නෙ නෑ වගේ සිද්දියක්. ඉතින් අපේ උන් හිතන් ඉන්නෙ අපිට ලෝකෙ ඉස්සරහට යන්න බැරි මේ අනිත් උන් අපිව පාගගෙන, අපිට උදව් නොකර අපේ හැකියාවන් නොදැක්ක වගේ ඉන්න හින්ද කියලා. මිනිස්සු මුලින් තේරුම් ගන්න ඕනෙ අපි ඉන්නෙ වලක, මේක හිතන තරම් හොඳක් නෑ කියල.. මිනිස්සු තමන්ට කෙලවිලයි දැනටම තියෙන්නෙ කියලා තේරුන් අරන් ඒක පිලිගන්නකන් අපේ රට ගොඩ එන එක ගැන හීනෙකින්වත් බලාපොරොත්තු තියාගන්න බෑ 🥲

Sameera Saranga

මේක තමයි අපිට අධ්‍යාපනයෙනුත් උගන්නපු දෙ, අපිටවඩා රටක් නෑ, ඔක්කොම අපි තමයි කොලේ ගගා කියන එක, මේකට ප්‍රදාන හේතුවක් තමයි, ලංකාවේ මේ වගේ post ලියන අය ලෝක ඉතිහාසය ගැන නොදැනුවත්කම, ඔක්කොම මේ දූපතේ විතරයි තිබිබෙ කියන මානසිකත්වය, යුරෝපා ඉතිහාසය කියන්නෙම ඉතා විශාල අතීතයක් තියෙන ඉතිහාසයක්, නියන්ඩතාල් මානවයා ජීවිත් උනෙත් යුරෝපය කේන්ද්‍ර කරගනිමින් අපේ බලංගොඩ මානවයා ඉන්නත් කලින්, ඊට පස්සෙ අැතිවෙච්ච ශිෂ්ටාචාර පටන්ගන්නෙත් යුරෝපය කේනද්‍රකරගනිමින්, ග්‍රීක,රෝම ශිෂ්ටාචාර කියන්නෙ අපිට හිතාගන්නවත් බැරි විශාල ශිෂ්ටාචාර එවා, අපි තමයි ඔක්කොම කලේ කියන්න කලින් ලෝක ඉතිහාසය ගැන මූලික දැනුමක්වත් අරන් තිබ්බනම් තේරෙනවා අපි කියන්නෙත් මේ මහා ශිෂ්ටාචාරවල උප සංකෘතීන් කියලා.

Malindra Jayarathna

ඇත්තම කතාව ඉතිහාසයේ ඉදන් ආතල් අරන් සැප විදල තියෙන්නෙ රජ්ජුරුවෝ යි වටේ උන් ටිකයි හාමුදුරුවෝ ටිකයි විතරයි . අනිත් එකාට උනේ කැලේට යන්නයි අරුන් ඉල්ලුවම ගෑනි දෙන්නයි විතරයි . ගෙදර ට අලුත් මැටි ගාන්නත් රජාගෙන් අවසර ගත්ත උන්, ජීවත කාලෙම වලව්වටයි රජාටයි කබුරල මැරිල ගිය උන් හිටපු රටක සෙට් එකක් දානව අම්මෝ හෙල තාස්සනේ ලු. #ක තමයි


No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...