Friday, November 11, 2022

ලන්කාවෙ කරන හැටි සහ ඕස්ට්‍රේලියාවේ කරන හැටි

හිරන්ත හේරත්  කියල මහත්මයෙක් මාතලන්ගෙ බ්ලොග් එකේ දාපු කොමෙන්ටුවක් "ඕස්ට්‍රේලියාවේ සෙස් කරන්නෙ කොහොමද?.......". සෙස් නම් සෙස්නෙ. ඕක ලන්කාවෙ කරන හැටි සහ ඕස්ට්‍රේලියාවේ කරන හැටි දෙකක් වෙන්න බෑනෙ, හා නැද්ද ඒත් ලන්කාවෙ පිරිමි රටවල් දෙකේදි  දෙවිදියටලු.  මොකද ලන්කාවෙ , ගෑනුන්ට අඩත්තේට්ටම් කලාට අවුළක් නෑ

 ඔබ ලන්කාවේ කාන්තාවක් නම් මට කියන්න තියෙන්නෙ ඔය අපායෙන් ගැලවෙන්න. පිටරටක හිටියත් ලන්කාවෙ ගෑනුන්ට පහත් ලෙස සළකන ලන්කාවෙ පිරිමින්ට කර ගහන්න එපා.  

"දනිෂ්ක ගුණතිලක සිදුවීම නිසා ලංකාවේ ගොඩක් කට්ටිය විමසන ඕස්ට්‍රේලියාවේ සෙස් කරන්නෙ කොහොමද?.......

 උඩ ලියපු චේදෙට කලින් ලිව්වේ මේ අනවසර සංක්‍රමනිකයො ඕස්ට්‍රේලියාවේ සමාජෙට හුරු කරන හැටිනෙ. එතකොට ලිංගික නිදහස උපරිම ඇති ඕස්ට්‍රේලියාවේ සෙක්ස් කරන හැටි කියලා දෙන්නෙ නැත්ද කියලා ප්‍රශ්නයක් මේක කියවන ඔයාලට එනවා ඇතිනෙ.


පොඩි පොඩි ප්‍රශ්න එන්න ගත්තාම ඒකත් කියලා දෙන්න පටන් ගත්තා. කටකාර හැඩකාර අවුරුදු 26 ක් උන කෙලී තමයි මේ කොටස මේ ගොල්ලන්ට කියලා දෙන්නෙ. මේ සියල්ල ලාබාල කෙලී කිසිම ගේමක් නැතුව කියලා දෙනකොට අරුන් විතරක් නෙවෙයි මාත් අහන් උන්නෙ පුදුමෙන්.


කෙලී ඒක කියන්නෙ මෙහෙම "ගනිකා වෘත්තිය නීත්‍යානුකූල ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 7 න් තුනක විතරයි. නීත්‍යානුකූල ප්‍රාන්ත තුන බ්‍රිස්බන් (ක්වීන්ස්ලන්ත) මෙල්බර්න් (වික්ටෝරියා) සිඩ්නි (නිව් සවුත් වේල්ස්) වල විතරයි. ඇඩිලේඩ්, පර්ත්, ටස්මේනියා, ඩාවින් වල ගනිකා වෘත්තිය තහනම්. "


"නීත්‍යානුකූල ප්‍රාන්ත වලත් ආන්ඩුව දැඩි සීමා පනවනවා. ක්වීන්ස්ලන්ත ප්‍රාන්තේ නීත්‍යානුකූල ගනිකා නිවාස 12 ක් තියනවා. සෑම සේවා සපයන්නියක්ම සති දෙකකට වරක් අනිවාර්‍යය සමාජරෝග වෛද්‍ පරීක්ෂනයකට යන්න ඕනා සහ ඒ සහතිකය ලග තබා ගන්න ඕන. කිසිම සේවා සපයන්නියක් බලෙන් රදවා ගන්න බෑ. ඒ වගේම එක සේවා මුරයක ඉන්න පුලුවන් උපරිම 8ක්. මේ කොන්දේසි කඩ කලොත් සේවා ආයතනයෙ ලොක්කට ජීවිතාන්තය තෙක් සිර දඩුවම් "


"මේ ගනිකා නිවාසයකදි උනත් කොන්ඩමයක් නැතුව මොනම ලිංගික කටයුත්තක්වත් කරන්න සේවා සපයන්නියකට බෑ. "කොන්ඩමයක් නැතුව කරමුද" කියලා සේවාදායකයා සර්විස් ප්‍රොවයිඩර්ගෙන් ඇහුවොත්...... එයා බෑ කියනවා, එතන ඉදන් නැවත නැවත ඇහුවොත් හෝ කොන්ඩමයක් නැතුව මොකක් හෝ බලහත්කාරයෙන් කලොත් ඒක එතන ඉදන් ස්ත්‍රී දූෂනයක් වෙනවා." කෙලී ඔහොම කියනවා.


"ඕස්ට්‍රේලියාවේදි ඕනෑම කාන්තාවක් සමග ලිංගික ක්‍රියාවක නියලේ නම් ඒ කාන්තාව no කියන මොකක්වත් කරන්න උඹලට බෑ. No කිව්වොත් ඒක no මයි. ඒක පස්සෙ ok වෙන්නෙ නෑ. No කියලා කිව්වට පස්සෙ කැමැත්තෙන් කාන්තාවක් ආවත් ඊට පස්සෙ එතැන් සිට මොකක් කලත් ඒකත් ස්ත්‍රී දූෂනයක්." කෙලි කියයි අපි අහයි.


"තවත් එකක් තමන්ගේම බිරිඳ ඇතුළු ඕනෑම කාන්තාවක් සමග ලිංගිකව එක්වේ නම් ඒ කාන්තාව ඕනෑම මොහොතක ලිංගික ක්‍රියාව නතර කරන්න යැයි ඉල්ලුවොත් වහාම එය නවත්තන්න ඕන. දිගටම කලොත් ඒත් රේප්. තමන්ගෙ බිරිඳ එක්ක උනත් ඇගේ කැමැත්තෙන් තොරව ලිංගිකව එක් උනොත් ඒත් රේප්. එක් ක්‍රියාවකට පැමින වෙනත් ක්‍රියාවක් ඇගේ කැමැත්ත නැතුව කලොත් ඒත් රේප්. ඒ නිසා මැසේජ් වල කුමක් ඇතත් වාසිය ඇත්තේ කාන්තාවටයි. "


"කුඩා දරුවන් සමග ලිංගිකව එක්වීම, ඔවුන්ගේ නිරුවත් පින්තූර ලබා ගැනීම, ඔවුන්ට නිරුවත් පින්තූර පෙන්වීම ජීවිතාන්තය තෙක් හිරේ යායුතු වැරදි."


"පාටි පිල්ස්, එක්ස්ටසි කොකේන් වැනි මත්ද්‍රව්‍ය කාන්තාවකට ඇගේ අනුදැනුමක් නොමැතිව ලබාදීමට තැත්කිරීමක් පවා ඕස්ට්‍රේලියාවේදී ජීවිතාන්තය දක්වා හිරේ යාමට සිදුවන වරදක්."


"ලිංගික ක්‍රියාවක නිරත වන එක් පාර්ශවයක් නොදැනුවත්ව වීඩියෝ කිරීම චායාරූප ලබා ගැනීම මෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව ලබාගත් වීඩියෝ හෝ චායාරූප අන් අය අතර බෙදාහැරීමත් දැඩි දඩුවම් ලැබිය හැකි වැරදි."


"අනික තමයි ඕස්ට්‍රේලියාවේදි ස්ත්‍රී දූෂනයක් හෝ අතවරයක් සම්බන්ද පැමිනිල්ලක් ගැන ඕස්ට්‍රේලියානු නීතිය ඉතාම දැඩිව කටයුතු කරනවා." කෙලී ඔහොම ඔහොම.... ඔහොම ඔහොම කියනවා.


මේවා නොදැන ඕස්ට්‍රේලියාවට ඇවිත් කෙහෙල් ගහකට කොටලා හොට පටලව ගත්තොත් ඉතිං සොරිම තමයි.


-හිරන්ත හේරත්-"

2 comments:

  1. ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට සම්බන්ද කෙනෙක් මාද්‍ය සාකච්චාවකදී කිව්වා නඩුව දිනන්න පුළුවන් කියල, මේ පොස්ට් එක කියවපුවම මට හිතෙන්නේ ඒ මනුස්සයට ඕස්ට්‍රේලියාවේ නිතිය ගැන දැනුමක් නෑ කියල ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, දනිෂ්ක නිදහස් වීම/නොවීම නෙමේ මට වැදගත්. මේ වගේ සිද්ධි වලදි සාමාන්‍ය ජනතාව අතර ඇති වන මතයයි රටක ප්‍රෝග්‍රෙස් එක පෙන්වන්නේ. ඔස්ට්‍රේලියාවෙ අයිය ලන්කාවෙ මල්ලිලට ඔස්ට්‍රේලියාවෙ සෙක්ස් කුප්පියක් දාල, ඒකෙ කියන්නෙ කරන්න කලින් අහන්න, කොන්ඩම් දාන්න එකඟ උනා නම් දාන්න වගේ සාමාන්‍ය කාරණා. ඒකෙන් අදහස වන්නේ ලන්කාවෙ ගෑනුන්ට ඕව මුකුත් අදාළ නෑ කියන එක. ඔස්ට්‍රේලියාවෙ අයිය ලන්කාවෙ මල්ලිලට මචන් අපි වෙනස් වෙමු ඔස්ට්‍රේලියාවෙ වගේ කියල කියනව වෙනුවට ඔස්ට්‍රේලියාවෙ සෙක්ස් කරනකොට අමාරැවෙ නොවැටෙන්න කුප්පියක් දාපු එකම සෑහෙන අවුළක්, ඒක ඉන්ඩිකේෂන් එකක් ලන්කාවෙ පසුගාමී ගෝත්‍රිකත්වය ගැන.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...