Wednesday, November 9, 2022

දනිෂ්ක ගුණතිලක

 ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවෙ ගෑනු කෙනෙකුට බලහත්කාරකම් කලාය කියන චෝදනාවට මම හිතන්නෙ දැන් ඔස්ට්‍රේලියාවෙ හිරේද කොහෙදනෙ, ඇපත් නැතුව. මේ සිද්ධිය ගැන ලන්කාවෙ මිනිස්සු සැළකියයුතු පිරිසක් දරන ආකල්පයම ඇති ලන්කාවට කෙළවුනේ ඇයිද යන්න තේරැම් ගන්න. ගොඩක්  ලන්කාවෙ මිනිස්සු මේ ගැන දරන ආකල්ප නොයෙකුත් සමාජ මාධ්‍ය වල කොමෙන්ටු මගින් මම දුටුවා. 


1. මම නම් ඔය යකා ගැන කිසිම පැහැදීමක් නැහැ හැබැයි  මෙතන මොකඛරි ලොකු අවුලක් තියෙන වගේ නේද  මම දන්න තරමට  බලහත්කාරකමක් කරොත්  කාන්තාවට  බාහිර  ඩැමේජ් විය යුතුමයි මොකද  ස්ව කැමැත්තෙන් නොවන  නිසා  මැය බේරෙන්න ලොකු  ආයාසයක්  දැරිය යුතුයි නේද  එතකොට  මෙයාට සීරීම්  තුවාල  සිදුවිය යුතුමයි  අනික  කොහොමද  මෙයා ගෙදර දන්නෙ මේ ලන්කාව නෙමේනෙ එතකොට  ගෙදර තනියම  ඉදල තියෙන්නෙ        මූට දඩුවම් ලැබිය යුය්හුමයි ඒකාන්තයෙන්න්ම  නමුත්  ලොකු අවුලකුත්  පේන්න තියෙනව  වගේ

2. "Innocent until proven guilty" කියල කතාවක් අහල නැද්ද? ඔය රටවල්වල සමහර ගෑණු සල්ලි හොයන්නෙ ඔහොමයි. ප්‍රසිද්ධ පුද්ගලයන් සමග කැමැත්තෙන් සංසර්ගයේ යෙදිලා සල්ලි දුන්නේ නැත්නම් දුෂණය කරා කියල blackmail කරන ගෑණු එමටයි.

3. කාමරේට ත් කැමැත්තෙන් ගිහින්, මරු ලිංගික අතවරය. යකෝ බඩුවක් ගහන්න ඔච්චර චාටර් කන්න ඕනද කොල්ලෝ 😄

4. ඔහොම කරපු එකම මිනිහනෙ..☺️..කොල්ලො ඔහොම තම්‍යි..ප්‍රජාව බෝකරන්න දෙවියො මවල තියෙන්නෙ..දැන් ඔය ඔස්ට්‍රේලියාවේ  නංගිට කොෆි ත් බලෙන්ලු පෙව්වෙ..🤣🤣

5. Tinder app එක ගැන හොයලා බලද්දි, ඒකෙන් කසාද බදින්න කොල්ලො කෙල්ලො හොයා ගන්න ඇප් එකක් නෙවෙයි, ඒක තනිකරම සෙක්ස් වලට කොල්ලො කෙල්ලො සෙට් වෙන ඇප් එකක්..ඉතින් එහෙම ඇප් එකකින් සෙට් උනු කෙල්ලෙගෙ චරිතෙ ගැනත් ප්‍රශ්නයක් තියනවා මෙතන..🙄🙄 එහෙම කෙල්ලෙක් රේප් කරා කියලා කිව්ව පලියටම, රටක නීතිය ගන්නෙ කෙල්ලගෙ පැත්ත විතරනම්, මට කියන්න තියෙන්නෙ කොල්ලො උඹලා පව් කියන එක විතරයි.

Reply -කසාද බැන්දත් ගෑනි අකමැති නම් සෙක්ස් කරන්න බෑ.ඒක ලෝකේම නීතියක් .කාන්තා අයිතියක් බන් .නීතිය ඉගෙන ගනින් බන් . නමුත් ඒකි උසාවියේදි ඔප්පු කරන්න ඕන රේප් උනා කියලා .කොටින්ම අපෙ රටේ වගෙ නෙවෙයි .උන් අංශ කීපයකින් හොයනවා.ගණිකාවක් උනත් රේප් කරන්න බෑ ඒකි අකමැති නම් . ඒකයි නීතිය .ලෝකෙ ගොඩක් ලොකුයි.ලංකාවේ උසාවියකදි ගෑනි නැවත රේප් වෙනවා සිය පාරක්ට වඩා. පොලීසියට යන්න කලින් ගෙදරද මිනිස්සු අතර,පොලීසියේ අහන අහන එකාගෙන්,ලෝයර්ස්ලා අතර උසාවියේ දි අනන්තව දූෂණය වෙනවා.

Reply - @Misty Cottage ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා මං දන්නෙ නෑ, මොකද මේ නම එලොවටවත් නැති මෙලෝවටවත් නැති නමක්..නීතිය මොකද කියන එක මම හොදට දන්නවා.මං කියන්නෙ කෙල්ලෙක් තමන් අතවරයට ලක් උනා කියලා කියපු පලියට කොල්ලෙක් වැරදි කාරයෙක් කරන්න හොද නෑ කියන එක. දැන් මේ ඔක්කොම නඩු වලට මාස 10 අවමය යනවා.ඊලග නඩු වාරය තියෙන්න ජනවාරි වල, ඩැනි වැරදි කාරයෙක් නෙවෙයි නම් අපරාදේ උගෙ ජීවිතය..

6. තමන්ගේ ගේ ඇතුලට ඇවිල්ලා බලහත්කාරකම් කරනවා කියන්නේ ඇත්තටම විහිළුවක් නේ.

7. මේකෙ කොතන හරි අව්ලක් තියෙනව. ඩේටින් ඇප් එකකින් තමන්ගෙම ගෙදරට ගෙන්නගත්තෙ ඌට කියල ඇරගන්න මිසක් නලවගන්න නෙමෙයි නෙ. ඒකත් හතර පාරක් කරනකන් බලාගෙන ඉන්න ඒකි පඹයෙකුත් නෙමෙයි නෙ. මේ ඕසි බේසිට ඕන වෙලා තියෙන්නෙ අවස්තාවෙන් ප්‍රයෝජනයක් අරන් අරූගෙන් කීයක් හරි කඩාගන්න. ඕකට කියන්නෙ වික්ටිම් කාඩ් එක ප්ලේ කරනව කියල. හරිනම් මේකිගෙ @ ඇටේ උගුල්ලල #ලට කොච්චි මිරිස් ඔබන්න ඕන කරපු වැඩේට. දැන් මෙතන *ඹිසිබාවොයි පක්තිනිලයි ඇවිත් නැමෙන්න එපා අරූ වැරදියි කියාගෙන. අරකි වගේ බඩු තියෙන්නෙ ගහන්න මිසක් අතගගා ඉන්න නෙවෙයි. 

මේ සියලු කොමන්ටු වලට විස්තරාත්කව උත්තර සොයා ගන්න පුළුවන් භාරතගෙ වීඩියෝවෙන්.  https://www.youtube.com/watch?v=qgNnOY0KI80&t=726s

මගේ කෙටි උත්තරය නම් ලින්ගික ශ්‍රමිකයෙකුට පවා මූළික මිනිස් අයිතිවාසිකම් තියනවා (ඒ රටවල හොඳේ) . ගණුදෙනුවට අදාළ කොන්දේසි කස්ටමර් කඩ කරනවනම් (කොන්ඩම් දැමිම, STD වාර්තාවක් පෙන්වීම, අකමැති හැසිරීම, මුදල් ගැටළුවක් ආදී) හෝ ඒ ගෑනි වැඩේට ලෑස්ති වුන ගමන් වෙන කස්ටමර් කෙනෙක් වැඩි ගානට හයර් කරන්න හදනව නම් ඉතින් ඒ ගෑනිට ආව වගේම යන්නත්  අයිතිවාසිකම් තියනවා. තමන්ගෙ කෙල්ල හෝ බිරිඳ වගේ කොන්ඩම්  තිබ්බ නැතා, STD තිබ්බ නැතා, අකමැති හැසිරීමක් තිබ්බ නැතා,  ඔය වැඩේ කරන්න ලින්ගික ශ්‍රමිකයෙකුට පිස්සු නෑ. 

[ධනුෂ්ක ගුණතිලක සිද්ධිය බඳුම සිද්ධියක් 2010 ජුනි මස ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි කළ සංචාරයේදී ද සිදු විය. එම සංචාරය අවසානයේදී ඔවුන් ලංකාවට එන්නට දිනක් තිබියදී සංචාරයේ නායකත්වය දැරූ තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු 17 හැවිරිදි කෙළි පැටික්කියක් පැහැර ගෙන ගොස් ඇයව දූෂණය කළෝය. එහිදී ඇය දූෂණය කළේ ඩිල්ෂාන් පමණක් බව හරාරේ පොලිසිය මගින් සොයා ගත් අතර තිදෙනාම පොලිස් අත් අඩංගුවට පත් වූහ. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කළේ ඩී.එස්. ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලයක් මගිනි. 

සිද්ධිය සැළවූ වහාම එවකට ජනපති  මහින්ද  රාජපක්ෂ මැදිහත් වී ඩොලර් 13,000 ක අල්ලසක් හරාරේ පොලිසියට ලබා දී ක්‍රීඩකයන් තිදෙනා අත් අඩංගුවෙන් මුදවා ගත්තේ ය. අදටත් ඩිල්ෂාන්ට සිම්බාබ්වේ යාමට වරම් නොමැත. ඔහුට එහි ඇතුළු වීම තහනම් ය. ජීවන් මෙන්ඩිස් නාමල්ගේ පංති සගයෙකි. මෙම සිද්ධියෙන් පසු ඩිල්ෂාන් රාජපක්ෂලාගේ වහලෙකු බවට පත් විය.-LEN]

ගොඩක් මෙතන ලන්කාවෙ මිනිස්සුන්ට නොතේරෙන දෙය තමයි ලන්කාව  අධික පුරැෂෝත්තමවාදී රටක් නිසා (සිස්ටම් අවුලට අමතරව) ලන්කාවෙදි පිරිමින්ට තියෙන තක්කඩි වරප්‍රසාද විශේෂයෙන්ම බටහිර රටවලදී අහිමි වෙනවා. ඒක අවිඥ්ඤානිකව හෝ ලන්කාවෙ පිරිමි දන්නවා. ඒක නිසා දියුනු රටකට පය ගහපු හැටියෙ තමන්ගෙ වනචරකම හන්ගගෙන ඒ රටවල ඉන්න වෙන ශිෂ්ඨ විදියට ඉන්නව. ඒක කරන්න හරි අමාරැයි, දනිෂ්ක වගේ නසරානිම ඩෑල්, අර ඔස්ට්‍රේලියාවෙම සුද්දියෙක් බැඳල ළමයි දෙන්න මරාගෙන මැරැණ ඩෑල් එක වගේ හිටපු ගමන් වනචරකම එලියට පැනල හසු වෙනව. මම ගොඩක් හිතපු දෙයක් තමයි දියුනු රට වල ඉන්න ලාන්කිකයො ලන්කාවේ වනචර උප සන්ස්කෘතිය පවත්වගෙන යන්න මෙච්චර දත කන්නෙ ඇයි කියන එක.  

උදාහරණයක් ගත්තොත් මලන් රොෂාන් කියන්නෙ ගොඩක් කරැණු වලදි බොහොම සමබර පරිණත අදහස් ලියන කෙනෙක්. ඔස්ට්‍රේලියාවෙ ඉන්නෙ. නමුත් ලන්කාවේ වනචර උප සන්ස්කෘතියේ මුදුන් මල්කඩ වන මළපෙරේත පරපීඩක බේබදු මත්පැන් සන්ස්කෘතියට (මත්පැන් බීම නොවේ ඒ හා බැඳුන විෂමාචාර) වක්‍රව කඩේ යනව. පොරගේ මෙම ආකල්පය මට ෂොක් එකක් උනා (පොරගෙ ලිපිය පහලින් දැම්ම කියවන්න). පොරගෙ ලිපියෙ තියන්නෙ මේ මේ කරැණු නිසා " (එසේ නම් රටක දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික අසමානතාවයන් අමතක කර) හොද මත්පැන් සංස්කෘති හැදීම ගැන ලියන්නට ඔබට පුළුවන්ද? ලියුම්කරුට නම් නොහැකිය."

කවුද මෙහෙම කියන්නෙ?

 ඔස්ට්‍රේලියාවෙ ඉඳන්, තමන්ගෙ ළමය බේබද්දෙක් වාහනයක් එළවල යට කරයි කියන බය නැතිව, තමන්ගෙ ගෑනි බේබද්දෙක් ගෙන් අඩත්තේට්ටමට ලක් වෙයි කියන බය නැතිව, තමන්ගෙ පවුළට අසල්වැසි බේබද්දගෙ ගෙදර වළි බේරන්න වෙයි කියන බය නැතිව, තමන්ගෙ දේපලවලට බේබද්දෙක් හානි කරයි කියන බය නැතිව, තමනගෙ බේබදු බොස් මත්පැන් අල්ලසකට තමන්ට කැත වැඩක් කිරීමට බල කරයි කියන බය නැතිව, තමන්ගෙ බදු මුදල් රටේම බේබද්දන් සිරෝසිස් හෝ වෙන ලෙඩ හදන් නිදහස් සෞඛ්‍යයේ පිහිටෙන් කාබාසිනිය කරයි කියන බය නැතිව, තමන්ගෙ වාහනයට බේබද්දෙක් පනී කියන බය නැතිව,තමන්ගෙ පාරෙ බේබද්දො වමනෙ දාල, කානුවෙ නිදාගෙන, ගෑනුන්ගෙ ඇඟට ඇවිත් නෝ ගෝ සෝන් එකක් වෙයි  කියන බය නැතිව, තමන්ගෙ සහෝදරිය බේබද්දෙක් කසාද බැඳල ගුටි කයි කියන බය නැතිව, සහ වෙනත් බොහෝ බේබදු සන්ස්කෘතියේ ජරා දේවල් වලට බය නැතිව ඔස්ට්‍රේලියාවෙ ඉඳන් තමා මාලන් රොෂාන් මේ කතාව කියන්නෙ. 

මාලන් රොෂාන්ගෙ තර්කය දොස්තරල කරන අවයව ජාවාරමටත් ගැළපෙනව, ලන්කාවේ ගොඩක් අපරාධ වලටත් ගැළපෙනව. ලන්කාවේ ගොඩක් අපරාධ මේ විදියට සාධාරණකරනය කරල සාමාන්‍යකරණය කරල තියෙන්නෙ, ඒකට ඩයස්පෝර එකත් මාර දායකත්වයක් දෙන්නෙ. හරිනම් වෙන්න ඕනෙ ඕකෙ අනිත් පැත්ත. හරිනම් ලන්කාවෙ ගඳගහන කැත උප සන්ස්කෘතිය වෙනස් කරන්න පෙරමුණ ගන්න ඕනෙ ඩයස්පෝරාවෙ ඩෑල් ටික. මොකද උන් දැකල විඳල තියෙනව හොඳ රටක ලිවින් කන්ඩිෂන් එක. 

දැන් මට හිතෙන්නෙ, මේ සෙට් එක දියුනු රටකට පය ගහපු හැටියෙ තමන්ගෙ වනචරකම හන්ගගෙන ඒ රටවල ඉන්න වුන නිසා මාර පීඩනයකින් ඉඳල ඉඳල ඒ පීඩනය රිලීස් කර ගන්නෙ ලන්කාවෙ වැකේෂන් ඇවිත් අර පරණ පුරැදු වනචර විදියට ටික දවසක් හිඳීමේ හෝ වැකේෂන් එන්න බැරි නම් අඩුම වශයෙන් වනචර ආශාවල් සමාජ මාධ්‍ය ඔස්සේවත් බෙදා ගෙන, උදාහරණයකට යූකේ ඉන්න උගත් මිත්‍රයෙක් ලන්කාවෙ ගෑනු සාරි ඇඳිය යුතුමයි කිය කිය සමාජ මාධ්‍ය වල කෑගහනවා, දනිෂ්කට ඇරිය සුද්දි (ලින්ගික වශයෙන් දනිෂ්ක සුද්දිට ඇරිය උනත් සුද්දි දනිෂ්කය ඇතුළු ලන්කාවෙ වනචර ගෝත්‍රික ඊගෝ නඩත්තු කරන පිරිමින්ට ඇරිය ඇරිල්ලක් හීක් ගෑවෙන්න) එක්ක බද්ධ වෛරයෙන් ඉන්න බටහිර රටවල  හුඟක් දෙනෙක් ලන්කාවේ වනචර උප සන්ස්කෘතිය බටහිර රටවල නැති එක ගැන යටි හිතින් මාර අප්සෙට් උදවිය. ලන්කාවෙදි සම්පූරණ ඇඟ වැහෙන්න ඇඳපු ගෑනුන්ට පවා ඉතාම පහත් විදියට වීදි හින්සනය කරන ලන්කාවෙ පිරිමි බටහිර රටකට පය තැබුව මොහොතේම බාගෙට ඇඳපු බටහිර ගෑනු ඉදිරියේ යස අගේට දමනය වෙලා ඉන්නව.  ලන්කාවෙදි කසාද බඳින්න හොයන ගෑනුන්ට කන්‍යා පටලයද කලින් පිරිමියෙක්ගෙ අතින් අල්ලල තියෙනවද එකී නොකී දේවල් ඒ ගෑනුන්ගෙ ඔෆිස් වලටයි අහළ පහළටයි කතා කර කර හොයන පිරිමි සහ උන්ගෙ අම්ම අප්ප නෑදෑ සනුහරය ඒ පිරිමි බටහිර රටකට ගිහින් උන්ගෙම වචන වලින් දාර @ඩුවක් වන බටහිර ගෑනියක් කසාද බැන්දම කන්‍යා පටල නැතත් හොඳට පවුල් කනව. ඔන්න ඕක තමයි ලන්කාවෙ පිරිමින් නඩත්තු කරන තක්කඩිකම.


ලන්කාවෙදි පිරිමින් නඩත්තු කරන පුරැෂාදිපත්‍යය කොතරම්ද? කොටින්ම ගෑනියෙක්ට තමන් උපන් රටේ නිදහසේ ගමනක් බිමනක් යන්න, තමන්ගේ ගමේවත් කරැවල වැටුනට පස්සෙ එළි බහින්න පුළුවන්ද? තනියම ට්‍රිප් එකක් යන එක නම් හීනයක්නෙ.  


ලන්කාවෙ ඉන්න කාලෙත් මගේ තිබුන සමහර ගති ඇමරිකන්, උදාහරණයකට මට හැම දේටම ගෑනු යාළුවො එක්ක කල්ලි ගැසීමට ලොකු අකමැත්තක් තිබ්බේ (රටේම ඕපදූප කතා කරන්නයි ඕනෑම වැඩක් පට්ට ස්ලෝ වෙනව ඒකෙන්). මම හිතුවෙ ඇයි මට බැරි තනියම පාරෙ යන්න, කඩේකට යන්න, වැඩක් කරන්න කියල. ඔහොම ඉන්නකොට මම දවසක් මාස්ටර්ස් කරන කාලෙ සති අන්ත උදේ පාන්දර පන්තිවලට සහභාගි වෙලා  හවස ඒවට යන්න කලින් ජපුර කැම්පස් පාරෙ කෑම කඩයකට ගොඩ උනා. මේක මරැ ස්පොට් එකක්. හොඳ පොෂ් තැනක්. ඒවගේම හැම මස් මාළු ජාතියක්මත් තියෙනව. එදා ඒ තරම් සෙනඟ හිටියෙත් නෑ. මම කෑම එකක් අරගෙන වාඩිවෙලා කද්දි අමුත්තක් දැනිල බලද්දි මෙන්න ඔක්කොම සර්වින් කොල්ලො කල්ලි ගැහිල මගේ දිහා බල බල හිනා වෙනව. ඉතින් ලොකු ගාණක් ගෙවල ගත්ත කෑම ගැනීම නවත්වල මම කඩයෙන් එලියට ආවා. එලියට යන්න ඒ සර්වින් කොල්ලො කල්ලිය පසු කරන්න ඕනෙ. එසේ සර්වින් කොල්ලො කල්ලිය පසු කරද්දි නොයෙකුත් උසුළු විසුළු ඇසුනා, උදාහරණයකට තඩි බත් එකක් කෑවා නේද වගේ. මේ වගේ හැසිරීම් මොන තරම් වැරදිද? කස්ටර්මර් සර්විස් පැත්තෙන් වේවා, මූළික මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් වේවා, ශිෂ්ඨත්වය පැත්තෙන් වේවා මොන තරම් වැරදිද?  නමුත් ලන්කාවේ මේවා සාමාන්‍යකරණය වෙලා ඒ මදිවට ඇයි ඔයා තනියම ගියේ කියල කැරකිලා ගැහැනියටම චෝදනා එල්ල වන රටක්. මට මේ වගේ කෑම කඩ සම්බන්ද අත්දැකීම් ගණනාවක් තියෙනවා. මේ  කාලයේ මගේ අම්ම අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරල තිබ්බෙ, ඒ නිසාම ගෙදර හරියට කෑම තිබුනෙත් නෑ, ඒවලට දුවන්නයි රැකියාවයි උපාධියයි එක්ක මාර පීඩනයකින් ඉඳල ඒ කඩේට ගියේ හුඟ කාලයකින් රසට කෑම වේලක් කන්න. දෙයියනේ කියල අද ඇමරිකාවෙ තනියම මොන අවනහලට ගියත් පිරිමි වේටර් හොඳට ගෞරවාන්විතව සළකනවා. ලන්කාවේ කඩ වල අත්දැකීම් මතක් වෙද්දි පුදුම සැනසීමක් දැනෙන්නෙ ඒ කරැමයෙන් ගැලවුනු එක ගැන. 


 ගොඩක් ලන්කාවෙ පිරිමි අවිඤ්ඥානිකව හෝ බලාපොරොත්තු වෙන්නේ ගෑනියෙක් නම්  තනියම කෑම කඩයකට (හොඳ මට්ටමේ පවා)  යාම, මස් මාළු කෑම (විශේෂයෙන් හරක්/ඌරැ මස්), තනියම මේසයක වාඩි වෙලා කෑම වගේ දේවල් පට්ට අකැපය දුටු තැන ගේම දිය යුතුය කියල කියල. මොකද ආතල් ගැනීම අයිති පිරිමින්ට. 


 වතාවක් මගේ මිතුරියක් සුදු ජාතික මිතුරෙකු සමඟ මුහුදු වෙරළට ගිය අත්දැකීම මට කිව්වා. ඇය කිව්ව පරිදි මුහුදු වෙරළේ හිටපු බොහෝ පිරිමි ආ නoගි ගාන කීයද, ඇයි අපි කළුද ආදී වශයෙන් අසමින් ඔවුන්ට බාධා කරමින් ඉතාම පහත් ලෙස ඔවුන්ට හිරිහැර වන පරිදි හැසිරී තිබුනා.මගේ මිතුරිය වැදගත් පරිසරයක හැදුන කෙනෙක්. ඉතින් ඇයට මුහුදු වෙරළේ රැඳෙන එක විනාඩි කීපයකින්ම තිත්ත වෙලා තිබුනා මෙසේ ඇයව ගණිකාවක් ලෙස විහිළුවට හෝ ඇත්තට සළකා උසුළු විසුළු කිරීම නිසා. ඉතින් ඔවුන් මුහුදු වෙරළෙන් ඉවත් වෙලා තිබුනා. ලන්කාවෙ කාන්තාවකට තම උපන් රටේ මහ දවල් යම් තැනකට ගොස් විනෝද වෙන්නට බැරි බව අමුතුවෙන් කිව යුතු නෑ. මට එක පාරක් මිතුරියක් සමඟ මුහුදු වෙරළෙ ඉද්දි වොලිබෝලයක් කෙලින්ම තදට හිසේ වැදුනා. අපි හිටියේ වොලිබෝල් ගහන කොල්ලන්ට ගොඩක් ඈති්. මිතුරිය කිව්වෙ හිතලමයි ගැහුවෙ කියල. හරි අපි හිතමුකො නොහිතා වුන දෙයක් කියල. නමුත් කවුරැවත් ඇවිත් මම ඕකේද කියල ඇහුවෙවත් සොරි කිව්වෙවත් නෑ. එදා කිසියම් අනතුරක් උනා නම් සොරි ඩොට් කොම්. මේ වගේ ප්‍රසිද්ධ විනෝද ස්ථාන වල එක්කෝ ලින්ගික හෝ වෙනත් අතමර අඩත්තේට්ටම් අනන්ත වෙලා තියෙනවා.  මේ අඩත්තේට්ටම් වලින් ගැලවෙන්න නම් එක්කො ගෙදර අස්සෙම ඉන්න ඕන, නැත්තම් පිරිමියෙක් (සැමියා, තාත්තා ආදී) එක්ක යන්න ඕනෙ. දෙයියනේ කියල අද ඇමරිකාවෙ තනියම මොන  විනෝද ස්ථාන වල ගියත් පිරිමි ලින්ගික හෝ වෙනත් අඩත්තේට්ටම් කරන්න එන්නෙ නෑ..ලන්කාවේ විනෝද ස්ථාන අත්දැකීම් මතක් වෙද්දි පුදුම සැනසීමක් දැනෙන්නෙ ඒ කරැමයෙන් ගැලවුනු එක ගැන. 


 ගොඩක් ලන්කාවෙ පිරිමි අවිඤ්ඥානිකව හෝ  නන්නාඳුනන කෙල්ලොන්ට පවා  අවස්තාවක් ලැබුනු ගමන් වාචික/ශාරීරික හින්සා කිරීම තමන්ගේ පරම අයිතියක් බව හිතනවා. මොකද ආතල් ගැනීම අයිති පිරිමින්ට. 


ලෝකෙ අනිත් රටවල නැති, ලන්කාවේ කෙල්ලන්ට පමණක් තියෙන මාර චැලෙන් ජ් එකක් තමයි කාටවත් "හෝප්ස් නොදීම". දැන් මෙහෙම හිතන්න, එක කෙල්ලෙක් බස් හෝල්ට් එකේ කොල්ලෙක්ට හැමදාම ගුඩ් මෝනින් කියනවා. ඔහොම කාළයක් යද්දි ඒ කොල්ල කෙල්ලගෙන් යාළු වෙන්න අහනවා. කෙල්ල බෑ කියනවා. ඒ කොල්ල එතකොට කියන චෝදනාව තමයි ඇයි ඔයා හැමදාම ගුඩ් මෝනින් කියල මට හෝප්ස් දුන්නෙ? ඉතින් ලන්කාවෙ ගෑනු ජීවත් වෙන්නෙ කාටවත් හෝප්ස් නොදී. වෙන රටවල ගෑනු පිරිමි තුළින් දකින ආචාරශීලී හැසිරීම් ලන්කාවෙ ගෑනු කරන්නෙත් නෑ, කාගෙන්වත් පිළිගන්නේ නෑ.මේ තත්වය මොන තරම් කොන්ෆියුසින්ද කියනව නම් වැදගත් ගෑනු ආචාරශීලීත්වය නිසා හිනා උනත් ඒකත් වළත්තයෙක්ට  හිතෙන්නෙ ලින්ගික සම්බන්ධයකට පවා කොන්සෙන්ට් එක දුන්න කියල. අනිත් අතට ලන්කාවෙ ගෑනු ඒවගේ ආචාරශීලී පිරිමින්ට වරදවා වටහගෙන ගස්සල පුප්පල  ඕවර් රිඇක්ට් කරනව. ඕවරෝල් ලන්කාවේ මානුශික සබඳතා හරිම අවලස්සනයි මේ නිසා. ගෑනු මිනිස්සු හිනා වෙන්නත් බයයි, බුම්මගෙන පුප්පගෙන ඉන්නෙ. ඇමරිකාවෙ මම ඉන්න පැත්තෙ පවා මම මේක දකිනවා. දකුණු ආසියාතික මිනිස්සු බුම්මගෙන පුප්පගෙන තව කෙනෙක්ගෙ මූණවත් බලන්නැති අප්‍රසන්න සමාජ හැසිරීමකුත් දකුණු ආසියාතික නොවන මිනිස්සු හොඳට අනෙකාට ග්‍රීට් කරන, හිනාවෙන, කම්ප්ලිමන්ට් කරන වඩාත් බය සැක නැති නිදහස් ප්‍රසන්න හැසිරීමකුත් පෙන්වනව. මනුස්සයෙක්ට හෝප්ස් දීමේ චෝදනාව කරන්නට පුළුවන් ගෑනියෙක් බැළුවත්, ඒ නිසා ඔය හෝප්ස් දීම චෝදනාව හරිම පුද්ගල සාපේක්‍ෂයි.  මේ වගේ විහිළු සහගත හේතු සාමාන්‍යකරණය වෙලා තියෙන්නෙත් ලන්කාවෙ විතරයි. වෙන රටවල හෝප්ස් නෙමෙයි මොනව දුන්නත් ගන්න එකා සිහිබුද්ධියෙන් ගත යුතුයි යන අදහස තියෙන්නෙ. හෝප්ස් දීල සෙට් වලා බ්‍රේක් අප් උනොත් ඉතින් මන්න පාර, පිහි පාර, අඩුම තරමේ එඩිට් කරල හරි නේකඩ් ෆොටෝ ටිකක් වටේ යනවා. පුදුම වැඩේ කියන්නෙ දියුණු රටකට පය ගහපු ගමන්ම මේ අසනීප හොඳ වෙනව. මේ වික්ටිම් මෙන්ටලිටි එකේ තව මුහුණුවරක් තමා අම්ම සමඟ ගෑනිව සන්සන්දනය කරල අම්ම නම් මට කවදාවත් මෙහෙම කලේ නෑ කියන කතාව. මෙහි වක්‍ර අදහස නම් කොන්දේසි විරහිතව තමන්ට ලව් කරපන් යන්නයි. නමුත් කසාද ගෑනුන් බහුතරයකට ලැබෙන්නේ කොන්දේසි ගණනාවක් සහිත  ලව් එකක්. දෑවැද්ද, කන්‍යා භාවය, ළමයි හැදීම, උයා පිහා තැබීම, ගෙදර වැඩ, සැමියාගේ නෑදෑයන් බලා ගැනීම, මහළු දෙමව්පියන් ගේ කැතකුණු අතගෑම, තවත් බොහෝ දේවල් ඒ  ඉලව් පැකේජයට ඇතුලත්. 

 ලන්කාවෙ බහුතරයක් පිරිමි හිතන්නෙ ලින්ගිකත්වය කියන්නෙ ගෑනුන් බය විය යුතු සහ පිරිමින්ට පමණක් ඒකපාර්ශවිකව ආතල් එකක් විය යුතු දෙයක් ලෙස. මොකද ආතල් ගැනීම අයිති පිරිමින්ට. දනිෂ්කට ඇරිය සුද්දි  මේ ආතල් එක කුඩු වෙන්න ඇරපු එක තමා හුඟක් දෙනෙක්ට දිරවගන්න අමාරැ. 

පටන් ගත්තෙත් කොමෙන්ට් වලින් නිසා අවසාන කරන්නත් කොමෙන්ට් එකක් තෝර ගත්ත. 

"අසරණ රෝගීන් බෙහෙත් නැතිව මැරෙන මොහොතක, පාසැල් දරුවන් බඩගින්නේ කාලාන්තව ඇද වැටෙන මොහොත, රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ වී ඇති මොහොතක ජනතාවට සහන සැලසීමට හා මරනාසන්නව ඉන්න රටකට ප්‍රථමාධාර දීමට ඇති ඩොලර් විනාශ කරමින් ක්‍රිකට් කණ්ඩායම් මේ සූදුවේ නියැලීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකි.

ඇයි අරගලකාරයෝ මීට එරෙහිව එක වචනයක් නොකියන්නේ.. ඇයි ජවිපෙ NPP සජබ පොහොට්ටුවන් මීට එරෙහිව එක වචනයක් නොකියන්නේ..ඇයි යූ ටියුබ් විමුක්තිකාමියෝ මීට එරෙහිව හඬක් නොගන්නේ ? ඒ මේ දුරාචාරය වහල් රාජ්‍යයේ අංගෝපාංග වලින් එකක් සහ එහී පැවැත්ම සඳහා එය අවශ්‍ය දෙයක් නිසාත් වහල් රාජ්‍යයේ වහල්ලුන් වන ඉහත සඳහන් කල සියලු පාර්ශ්වයන්ට එයට එරෙහිව නැගී සිටීමට වහල් හිමියන්ගෙන් අවසරයකා නොමැති කමත්ය."


දනිෂ්ක කියන්නෙ ලන්කාවෙ ගොඩක් පිරිමින්ට "අපෙන් එකෙකි මේ මිනිසා", මොකද මේ හැසිරීම් හරිම සාමාන්‍යයි.

ඉතින් ලන්කාවෙ මේ හැම ආතල් එකක්ම තියෙද්දි පිරිමි ඉන්නෙ සතුටින්ද? නෑ. මොකද මෙවැනි අන්තිම අසික්කිත කල්කිරියාවන් සහිතව, රටේ බාගෙකට වඩා ඉන්න ගෑනු ටික පාගගෙන ජාතියකට කවදාවත් ඉදිරියට යන්න බෑ. ඇත්තටම දේශපාලනයේ පවා අපි දකින්නේ මේ මේල් ඊගෝව සහ වරප්‍රසාද භුක්ති විඳීමම (තවත් සාධක ඇතුළුව) තමා. ෆීමේල් ඩ්‍රයිවර්ල සාපේක්‍ෂව අදක්‍ෂ වීම, ෆීමේල් පොලිටීෂන්ල සාපේක්‍ෂව අසාර්ථක වීම, ෆීමේල් බොස්ල මෙලෝ රහක් නැති වීම වගේ ප්‍රශ්න වලටත් මේ ගඳගහන උප සන්ස්කෘතිය සෘජුවම බලපානව. උදාහරණයකට පාරෙ ගෑනුන්ට අතවර හින්සන කරන පිරිමි ෆීමේල් බොස්ලව දකින්නෙත් ලින්ගික භාන්ඩ මානසිකත්වයෙන්, ඉතින් වර්ක් කල්චර් එකම අවුල්. මම අවසාන වශයෙන් කියන්නෙ ඔබට හොඳ රටක් අවශ්‍ය නම් සිස්ටම් චේන් ජ් එක තමන් තුළින්ම පටන් ගන්න.   






ලංකාවේ මත් පැන් සංස්කෘතිය. - මාලන් රොෂාන් https://www.facebook.com/search/top?q=marlon%20roshan




================




මානව විද්‍යාඥයන්ට අනුව, සංස්කෘතිය යන්න නිර්වචනය කරනුයේ, සමාජ කණ්ඩායමකට, එහි පැවැත්ම තබා ගැනීමට හා ක්‍රියාකාරී වීමට ඉඩ සලසන හවුල් සාරධර්ම, අදහස්, සංකල්ප සහ හැසිරීම් නීති රීති ලෙසිනි.




සංස්කෘතිය හදන්නේ, නිර්දන පන්තිය හෝ පහළ පැලැන්තිය හෝ මධ්‍යම පන්තිය කියා විශේෂයක් නැත. උදාහරණයට, පෙර කාලයේ රුසියාවේ රදලයෝ බාල් නැටුම් නටන සාද සංස්කෘතිය තිබුණේ රදළයන්ට පමණයි. එය ගොවියන්ගෙන් කොපි කළ එකක් නෙවෙයි. ලංකාවේ වුනත් Night Club සංස්කෘතිය ගැමියන්ට අයිති නැහැ.




නමුත්, නිර්ධන පංතිය වැඩි නිසා එහි සංස්කෘතික අංග ගණන වැඩි වෙන්න පුළුවන්. තවද, ඉහළ සංස්කෘතික අංග පල්ලෙහා ස්ථරයෙහි ජන කොටස් කොපි කරන්න වැඩි වශයෙන් කැමති වෙන්න පුළුවන්. මන්ද යත්, තමන්ගේ සමාජ පංතිය ඉහළයි කියා නෑදෑ හිතවතුන් මිතුරන්ට ඇඟවීමටය.




හරි, දැන් ලංකාවේ මත්පැන් සංස්කෘතිය පිළිබඳ අදහසට ගියොත්,




ලංකාවේ මත්පැන් භාවිතාව සඳහාද මෙවැනි සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය විටෙක මත්පැන් බෝතලයක් මේසයක් උඩ තබා කිහිප දෙනෙක් විසින් පරිභෝජනය කිරීම ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙම නැත්තම් දාන ගෙවල්, මළ ගෙවල්, මඟුල් ගෙවල්, වල මත්පැන් පානය කිරීම සම්බන්ධවූ හැසිරීම් රටාව වෙන්න පුළුවන්. 




තවද හවසට කුලී වැඩ කර, මත්පැන් පානය කර ගෙදරට එන හැසිරීම් රටාව වෙන්න පුළුවන්. තව සමහරු, සිහි මූර්ඡා වෙන මට්ටමම මත්පැන් පානය කර මහ මග වැටී ඉන්න හැසිරීම් රටාව සහිත සංස්කෘතිය වෙන්න පුළුවන්. රා මැදීම සඳහා අතුරෙහි යන, රා පානය සඳහා මුසු කරන දේවල් වල සිට, එය පානය කිරීමට ජනතාව එක්කාසු වෙන එක සමග පවා බැදුණු සංස්කෘතිය වෙන්ඩ පුලුවන්. එපමණක් නොව  ඉහළ පැලැන්තිය විතරක්, මිල අධික මත්පැන් වර්ග පානය කරන, නයිට් කලබ් සංස්කෘතිය වෙන්න පුළුවන්. 




දැන් එවිට, මේවා සියල්ල ලංකාවේ මත්පැන් භාවිතාව සම්බන්ධ සංස්කෘතිය අර්ථකථනය වන දේවල්ය. ඒවායෙහි නියෝජනය අඩු වැඩි වන්නේ, ඒවා භාවිතා කරන සමාජ ස්ථරයේ විශාලත්වය හා අවමතාවය අනුවය. 




එසේ නම්, ලංකාවේ මත්පැන් සංස්කෘතිය හොඳ මදි කියලා කවුරු හරි කියනවා නම් ඒ කියන්නේ කුමක් විය යුතුද? ඒ කියන්නේ ලංකාවේ මත්පැන් පරිභෝජනය සමග බැඳුනා වූ ඉහත කී හැසිරීම්, අදහස්, සංකල්ප මීට වඩා හොඳ විය යුතු බව විය යුතුයි.




එසේ නම්, මොන වගේ හොඳක්ද මේ කියන්නේ? මේසයක් මැද බෝතලයක් තබා ගෙන යාලුවෝ එක්ක බොන්න එපා කියලාද? බීලා සින්දු කියන්න එපා කියලද? එවැනි එකක් වෙන්න බෑ. ඒ සංස්කෘතික අංගය දුප්පත් පෝසත් මොන සමාජ ස්ථරයක වුණත් ප්‍රශ්නයක් නැත. යහළුවන් හමුවීම සින්දු කියා සන්තෝස වීම හොඳ දෙයකි. නයිට් කලබ් ගොස් ඩාන්ස් කර, මත් පැන් භාවිතා කරන්න එපා කියා වෙන්නත් බැහැ. ඇබ්බැහිය සඳහා මත්පැන් බොනවා කියන එක නොවේ වෙන්ඩත් ඕන මේ කියන්නේ. මන්ද යත්, මත් පැන් සඳහා ඇබ්බැහිය ලංකාවට පමණක් ප්‍රශ්නයක් නොවන හින්දා.




එහෙනම් මේ හොඳ මත්පැන් සංස්කෘතියක් කියලා කියන්නේ මොන වගේ එකක් වෙන්න ඕනද?




එහෙනම් මේ කියන්නේ, නොමිලේ හම්බ වූ විට සිහිමුර්ඡා වෙනකම් බීම, තම පවුල, දරුවන් නොසලකා, විටෙක ඔවුන් අපයෝජනය කර, අතේ තිබෙනා මුදල් සියල්ල වියදම් කර මත්පැන් පානය කිරීම. පිරිමින් පමණක් වැඩිපුරම මත්පැන් පාවිච්චි කිරීම වෙන්ඩ ඕනා.




මේ හොඳ මත්පැන් සංස්කෘතිය කියලා කියනවා ඇත්තේ තවත් මේ වගේ දේවලුත් වෙන්ඩ ඕනා.




පාටියක් වෙලාවට තමන් කැමති බෑන්ඩ් එකෙන් විතරක් බොන සංස්කෘතියක් වෙන්ඩ ඕන. කාන්තාවන්ට බාර් එකෙන් ඕන වෙලාවක මත්පැන් මිලදී ගන්න පුළුවන් වෙන එකක් වෙන්න ඕන. කාන්තාවො වයින් බොනකොට පිරිමි හාඩි ලිකර් බොන සංස්කෘතියක් වගේ වෙන්ඩ ඕන. එහෙම නැත්තම් දෙගොල්ලොම බියර් බොන සංස්කෘතියක් වෙන්න ඕන. තවද මිල අධික මත්පැන් වර්ග කිහිපයක් එකතු කරලා Cocktail දාන සංස්කෘතියක් වගේ වෙන්ඩ ඕන. අතේ දෙහි කෑල්ලකුයි, ලුණු ටිකකුයි තියාගෙන 'ටිකිලා' බොන සංස්කෘතියක් වෙන්න ඕන. 




තවද, නොමිලේ හම්බවූ විට පුළුවන් තරම් බීලා පාරේ වැටෙන් නැතුව, මත්පැන් බෝතල්, කාටන් ගණන් සුපර්මාර්කට් එකෙන් මිලදී ගෙන ඇවිත් ගෙදර තියාගෙන තමන්ට ඕන වෙලාවට බොන සංස්කෘතියක් වෙන්ඩ ඕනා. එහෙමත් නැත්නම්, ගෙදර, බෝතල් බාර් එකේ වගේ තියාගෙන කැමති වෙලාවට, කැමති වර්ගයෙන් පොඩ්ඩක් පානය කර, තමන්ට කැමති ඕනම වෙලාවක බොන සංස්කෘතියක් වෙන්න ඕන. යාලුවෙක් ආපුහාම මොන Brand එකද ඕනේ කියලා අහල දෙන, සංස්කෘතියක් වෙන්න ඕන. ක්‍රීඩා තරගය ඉවර වෙලා, සිකුරාදට වැඩ ඉවර වෙලා පබ් එකට ගිහිල්ලා බියර් බොන වගේ සංස්කෘතියක් වෙන්ඩ ඕන. 




හරි එහෙනම් මේ විදිහෙ දෙයක් කරන්න බැරි වෙන්නේ මොන වගේ හේතුවක් මතද? ලැබුණු හැම වෙලාවෙම සිහිමුර්ජා වෙන්න බොනව ඇත්තේ මොන හේතුවක් මතද?




පෝයට වගේ බාර් වහන නිසා, මත්පැන් මිලදී ගැනීමට රාජ්‍ය තහංචි දමන නිසා මත්පැන් ගැනීම අමාරු වන නිසාද? ඔව් ඒකත් හේතුවක් විය හැකි. මත්පැන් බොන්න ආස කෙනෙකුට මත්පැන් යම්කිසි කාලයකට නැතිවෙනවා කියූ විට පොරකාලා හරි ගිහින් ගන්න ඕන, අරගෙන බොන්න හිතෙන්න පුළුවන්.




ඊට අමතරව, ඉහත සඳහන් කළ හොඳ සංස්කෘතිය හදන්න බැරිවෙලා තියෙන්නේ මොකක් හින්දා වෙන්න පුළුවන්ද.? 




ඔය කියන දේවල් කරන්න නම් උසස් ආර්ථික සමාජ තත්ත්වයකට යන්ඩ ඕනා. රටක ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනා. දියුණු රටවල් වගේ ආදායම් විෂමතා නැති වෙන්න ඕන. දිළිඳු පන්තිය බහුතර මධ්‍යම පංතිය බවට පත් වෙන්ඩ ඕනා. 




එදා වේල හොයාගන්න බැරි ජීවත් වීමේ බරපතළ අවදානමකට ලක් වෙලා ඉන්න මිනිස්සුන්ට cocktail බොන, දෙහි කෑල්ලයි ලුණු ටිකයි තියන්, ටිකිලා බොන මත්පැන් සංස්කෘතියක් හදන්ඩ නම් මේ මිනිසුන්ට සල්ලි අතේ ගැවසෙන්න ඕන. එතකොට කාන්තාවෝ සුපර්මාර්කට් එකෙන් හොඳ වයින් බෝතල් ගෙදර තියාගෙන ඇවිත් බොයි. කෑම හදද්දී බියර් වයින් ඒවට දායි.




පාටි දාද්දි, සියල්ලෝම තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට බොයි. මත්පැන් හිඟත් නෑ. ඒ බ්‍රෑන්ඩ් එකම ගෙදරත් තියනවා. ගෙදර ගිහිල්ලත් ඕන නම් බොන්න පුළුවන්. මත්පැන් පානය කරලා වාහන එළවන්න ඕනෙත් නැහැ. මත්පැන් වලට ඇබ්බැහි වුණු කෙනා පමණක් ගෙදර තියාගෙන තමන්ගේ කැමති ගානට බොයි. නොමිලේ හම්බුනා කියලා බීලා වාහන එළවල, රිය අනතුරු කර ගන්නේ නැතුව ඉඳී. මත්පැන් බී පාරේ වැටී හිඳින්නේ නැති වෙයි. 




එසේ නම්, පුද්ගල ආර්ථිකය අයහපත් වන විට කොහොමද, මෙහි සඳහන් වන දේවල් කරන්නේ.  තවද ලාබදායී දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන්නෙවත්, අවශ්‍ය නීති සම්පාදනය කරන්නෙත් නැතුව, හොඳ මත්පැන් සංස්කෘතියක් ලංකාව තුළ හදන්නේ. තවද පදනම (Economic Base) ගැන නොසලකා කොහොමද කලාව සංස්කෘතිය ආදී උපරි ව්‍යුහය (Superstructure) ගැන කතා කරන්නේ.






එසේ නම් රටක දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික අසමානතාවයන් අමතක කර හොද මත්පැන් සංස්කෘති හැදීම ගැන ලියන්නට ඔබට පුළුවන්ද? ලියුම්කරුට නම් නොහැකිය.






1 comment:

  1. ඔබට හොඳ රටක් අවශ්‍ය නම් සිස්ටම් චේන් ජ් එක තමන් තුළින්ම පටන් ගන්න. // Agreed 100%

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...