Thursday, October 20, 2022

චමල් පොල්වත්තගේ ගේ මසුරන් කතාව

 

by https://www.facebook.com/chamalap - චමල් පොල්වත්තගේ

සාමාන්‍යයෙන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තියන රටක මිනිස්සු ඡන්දෙ දෙනකොට බලන්නෙ තමන් ඡන්දෙ දෙන අපේක්සකයා නීතිගරුක කෙනෙක්ද, හොරෙක්ද, රටේ නීතිය සාමය සමගිය ආරක්ෂා කරන්නෙ කොහොමද, යුක්තිය සාදාරණය ගැන අදහස මොකක්ද, ආර්ථික සංවර්ධනය කරන්නෙ කොහොමද, ජනතාවට ලැබෙන සහන මොනවද, ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන්නෙ කොහොමද වගේ දේවල්. එතකොට ඕවා බලාපොරොත්තුවෙන් ඡන්දෙ දීලා ඒ දිනපු අපේක්ෂකයා ඒවා නොකලොත් ඡන්දදායකයන්ට කරන්න දෙයක් නෑ. අනේ ඇත්තටම අපි රැවටුණා, අපි හිතුවෙ නෑ ඔහොම කරයි කියලා කියන්න පුළුවන්.

හැබැයි නන්දසේනටයි පොහොට්ටුවටයි ඡන්දෙ දුන්න අය දුන්නෙ ඕවා බලාගෙන නෙමෙයි. වෙන මිනිස්සු තමන්ගෙ අපේක්සකයා හොරෙක් කියලා දැනගත්තම එහෙම නෑ කියලා ලැජ්ජාවට හරි කියද්දි යක්ක පුතාලා කිව්වෙ ඔව් ඇයි හොරකං කලාට රට බේරගත්තා කියලා. වෙන මිනිස්සු සාමය සමගිය බලාපොරොත්තුවෙන් ඡන්ද දෙනකොට මෙහෙ අය දුන්නෙ තව ජාතියක් කෙlaවෙලා හැඳිgeවිලම යන්න වැඩේ දෙන්නං කියලා. 

වෙන මිනිස්සු නීතියේ ආධිපත්‍යය, යුක්තිය සාධාරණය බලාපොරොත්තු වෙද්දි මෙහෙ උන් කිව්වෙ මraලා හරි කමක් නෑ, පාරෙ වෙD තියලා හරි කමක් නෑ සිංගප්පූරුව කොරන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියලා ඇහුවෙ. මානව හිමිකම් තිබිලා රටවල් හැදුවද කියලා ඇහුවෙ.

පවුල් පරම්පරා,නෑයො, යාලුවො මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ආතල් ගන්නකොට වෙන ඡන්ද දායකයො කියන්නෙ උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි මෙහෙ උන් කිව්වෙ කන්න නැතත් ඉන්න රටක් ඕනෙ, ඒ මිනිස්සුන්ගෙ පින,පොඩ්ඩක් ආතල් ගත්තට කමක් නෑ ඇමරිකාවට දෙකට නැවෙන්නෑ කියලා.

තද පාලකයො, පිරිමි ඕනෙ කිව්වෙ.

මraලා හොරකං කරලා හරි ජාතියයි ආගමයි වඳවෙන ගෑnuන්වයි බේරගන්න ඕනෙ කිව්වෙ.

ඔහොම කියපු බහුතරය උගත්, බුද්ධිමත් මධ්‍යම පන්තිය, සරලවම උන්ට ඕන වුනේ උන්ගෙ ආතල්වලට නීතිය යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය බllaට දාලා කී දාහකගෙ ලේ උඩින්, මrදනය උඩින් හරි උන්ගෙ හෙළ සිංගප්පූරුව හදන්න. 

අද මගෙ යාලුවෙක් මං එක්ක කියනවා ඌට ටැක්ස් වදිනවලු. අමාරුලු. ටැක්ස් දැම්මට කමක් නෑලු හැබැයි සාධාරණ වෙන්න ඕනෙලු.

දැන් මේ උගේ පඩියට ටැක්ස් වදිනකොට බදුසල්ලි සාධාරණව බෙදී යාම ගැන කතා කරන එකා අවුරුදු තුනකට කලින් මිනිස්සුන්ගෙ බදුසල්ලිවලින් අම්මගෙ රෙද්දෙ කෞතුකාගාර හදනකොට, බේබිලා රොකට් යවනකොට, රටයි ජාතියයි බේරගන්න ඕනෙ, බඩ ගැන හිතන උන්ට බඩ යයි කියලා හුචු හුචු ගගා හිටියෙ. බුද්දාගම විkuණං කඩේයන හාමුදුරුවෙක්ට නම කියලා කතා කලාම අධිරජ දර්මාසෝකට ඇඳගෙන හිටියෙ චීවරේට ගරු කරපංඩෝ කියලා. දැන් තtටයො ගගා බනිනවා.

 මේ ළඟක් වෙනකන්ම මෙහෙමයි මචං See more... කිය කිය හිටියෙ..

දැන් ඌට ටැක්ස් වදිනකොට බදු බෙදීයාමේ සාධාරණය හොයනවා.

 ඡන්ද දායකයෙක් රැවටෙන එකයි, 

අනිත් මිනිස්සුන්ගෙ මraලා, නීතිය යුක්තිය බllata දාලා , ප්‍රජාතන්ත්‍රවාදය යුක්තිය සාධාරණය නැතිවෙනවා කියලා දැන දැනම තමන්ගෙ ආතල් මුදුන්පත් කරගන්න ඡන්දෙ දීලා ඇරගෙන නහයෙන් අඬන එකයි දෙකක්...🙂

No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...