Tuesday, October 11, 2022

ලන්කාවේ බුද්දාගම සහ ලන්කාවේ සමාජවාදය

  බැලූ බැල්මට ලන්කාවේ බුද්දාගම සහ ලන්කාවේ සමාජවාදය අතර කිසිම සම්බන්ධයක් නැති උනත් ලන්කාවේ බුද්දාගම සහ ලන්කාවේ සමාජවාදය අතර එක ලොකු සමාන කමක් ඇත. එය නම් ඔය දෙකම නාර්සිසිස්ට්ලා බහුළ ලාන්කීය සමාජයේ අධික ලෙස විකෘති වී ලන්කාවටම අනන්‍ය ටොක්සික් බුද්දාගමක් සහ ලන්කාවටම අනන්‍ය ටොක්සික් සමාජවාදයක් බිහි වී තිබීමය. ටොක්සික් බුද්දාගමේ උගන්නන්නේ බුද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම පටහැනි කරැණු, එනම් කුළය අනුව මහණ කිරීම්, නිකාය භේද, හාන්දුරැවන් කුණුහරැප කීම, ගෑණුන්ට යම් යම් වෙන්කම් කිරීම (ශ්‍රී  මහා බෝධිය වැඳීමේදී හා වෙනත් කිළි ඉස්සරහට දමා පීචන් කිරීම), වෙසක් එකට ඔළුබක්කන් නැටවීම, පන්සල්වල දේවාළ අටවා ගැනීම්, මිනිසුන්ව මිත්‍යාවේ ගිල්වා ගසා කෑම්  ආදි බුද්ධ දර්ශනයට සම්පූර්ණයෙන්ම පටහැනි දේවල්ය.  බුද්ධ දර්ශනයේ තමන්ට වාසි කොටස් වන  හාමුදුරැවන්ට  දානය ගිහියන් දිය යුතුය-  මේක කල යුත්තේ හාමුදුරැවන් උයා පිහා ගැනීමට කල් නොමරා කෙළෙස් ප්‍රහීන කළ යුතු නිසාත් හාමුදුරැවන් මුදල් අත පත නොගාන නිසාත් වැනි කාරණා නිසාය. වී එයිට් එකෙන් වඩින, බිස්නස් කරන, හොඳට සල්ලි අතපත ගාන, නූතන හාමුදුරැවන්ට කඩේ යාමට උයා පිහා ගැනීමට කෝකියෙක් සිටිය යුතුය.- නමුත් දානය ගිහියන් දිය යුතුය ආදී තමන්ට වාසි කාරණා තවමත් පවත්වාගෙන යති. බණ කියා කියන තරමක් කියන්නේ පට්ට ටොක්සික් කතාය.


හරි නම් සමාජවාදියෙකු යනු මානව හිතවාදී, මනුශ්‍යත්වය අගයන, ප්‍රතිපත්තිගරැක කෙනෙක් විය යුතුය, නමුත් ලන්කාවේ පට්ට නාර්සිස්ට්ලා සමාජවාදය පට්ට ටොක්සික් කරගෙන ඇත. ඒ ටොක්සික් සමාජවාදයේ ප්‍රධානම ලක්‍ෂණ කීපයක් නම් පරපීඩා කාමුකත්වය, තමන්ට වඩා මොනවහරි තියෙන මිනිසුන්ට අධික ලෙස ඊර්ශ්‍යා සහ වෛර කිරීම, එවැන්නන් කෙසේ හෝ කපා කොටා විනාශ කර දැමීම, තමන්ගේ මතයට වෙනස් මත දරන්නන්ට බද්ධ වෛර කිරීම, වෛරී දුෂ්ඨ කතා බහ සහ හැසිරීම්, වැඩ නොකර අයිස් ගැසීමේ නැමියාව, අධික කල්ලි වාදය, මෝඩ උද්දච්ච කම,  ඉතාම සුළු ගණනකට ආත්මය යක්‍ෂයාට පාවා දීම ආදියයි. මම විශ්වාස කරන්නේ විමල් වීරවන්ස ලන්කාවේ ලෙෆ්ටීස්ලගේ ඇත්ත ස්වභාවයට හොඳම උදාහරණය කියාය. මම ලන්කාවේ විශ්ව විද්‍යාල දෙකකට ගොස් ඒවල හිටපු සමකාළීන ලෙෆ්ටීස්ලගේ පැටිකිරිය හොඳින් දැක ඇත. තමන්ට පු. කසා ගන්න නියපොත්ත නැති කාලයේ පට්ට ලෙස සමානාත්මතාවය ඉල්ලූ මොවුන් පසුකාලීනව අනිත් පැත්ත ගැසුවේ වීරවන්ස මෙන්මය.  




1 comment:

"අපේ කාලේ ඔහොම නෑ.. දැන් හැදෙන උන්ට සැප වැඩියි" කවදාවත් ඔබේ දරුවට මෙහෙම කියන්න එපා..! ✋by Amuthu Facebook Post

සමාජ මාධ් ‍ යයේ සැරිසරන විට අපට නිතරම ඇහෙන, දකින වාක් ‍ යයක් තමයි මේ. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව තරුණ දරුවන් දෙස බලා නිතරම පවසන මැසිවිල්ලක...