Monday, February 15, 2021

Some inner inner air air... waka waka air air

පැතුම් කර්නර් මුහුණුපොතේ පළකරන ලද පෝස්ටුවක් වැදගත් යැයි හැඟුනු නිසා මෙහි පළ කරනවා. මේ විද්‍යුත් මාධ්‍ය මඟින් මඩ සහ බොරැ පැතිරවීම ගැන මමත් යමක් කියන්නට ඕනෙ. ලoකාවෙ මිනිස්සුන්ගේ විද්‍යුත් මාධ්‍ය සාක්‍ෂරතාවය හරිම අඩුයි, ආත්ම විශ්වාසයත් හරිම අඩුයි, ඒවගේ තත්වයක් යටතේ විද්‍යුත් මාධ්‍ය මඟින් මඩ සහ බොරැ පැතිරවීම පහසුයි. 

කුඩා උදාහරණයක් කිව්වොත් මොකෙක්ද මන්ද හදපු පෝස්ටුවක් පසුගිය කාලෙ වෛරල් ගියපු, ඒකෙ කියනවා "අතුරැ මිතුරැ දඹදිවතුරැ" නොවේ "අතුරැ මිතුරැ දමති මිතුරැ" කියල දැනගන්නකොට ඔබේ වයස කීයද කියල. මේක දැකපු සෙට් එකේ 99%ක්ම ලැජ්ජවෙලා අකම්පාල වෙලා අනේ බලන්නකො අපි දැනගෙන හිටියෙ නෑනෙ කියල ලයික් කරල ශෙයාර් කරල තිබුන. සීයට එකක් විතරක් ඒක හරියට විශ්ලේශණය කරල අතුරැ මිතුරැ දඹදිවතුරැ හරි එක බව කියල තිබුන. කවුද කෙනෙක් කොමෙන්ටුවකින් පහදා දීල තිබුන මේක අරිට්ට කී වෙන්ඩු ට රැජින සමච්චලයට කියපු කතාවක් බව, ඔහුට කසාදයක් කරගන්න බැරි වේය කියල සමච්චල් කරපු. ඒතරම් ඓතිහාසික විස්තරයක් නොදැන උනත් මේක අතුරැ මිතුරැ දමති මිතුරැ නොවන බව පැහැදිලි වෙන්න ඕනේ, මොකද දෙවන පදය රාජකපුරැ සෙට්ටියෝ එක්ක පළමු පදයේ ගැළපීම එන්නේ අතුරැ මිතුරැ දඹදිවතුරැ පදයෙන්. 
මොකෙක්හරි මොන කුණුහරැපයක්හරි ලියල පෝස්ටුවක් හැදුවොත් කට්ටිය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිස්මුදුනෙන් පිළිගැනීම ඇත්තටම විශාල ඛේදවාචකයක්. 

දෙවන උදාහරණය කිව්වොත් මොකෙක්ද මන්ද හදපු පෝස්ටුවක් පසුගිය කාලෙ වෛරල් ගියපු කියනවා ශකීරගෙ ගීතයේ ඉන්ග්‍සි නොවන  කොටස්වල තියෙන්නේ මෙන්න මේවාලු : Some inner inner air air, waka waka air air...
ඕනෙම එළ හරකෙක්ට තේරෙන්න ඕනෙ ශකීර ගීතය කියන්නෙ අප්‍රිකාවෙ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය ගැන මිසක ගුද වාතය ගැන නොවන නිසා මේක පට්ට බොරැ බව. ඒත් සිද්ද උනේ කට්ටිය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිස්මුදුනෙන් පිළිගැනීම. හොඳ වෙලාවට එකෙකුට මොළය තිබ්බ මේක ගැන ටිකක් හොයල බලන්න.






මේ උදාහරණ වල ඉන්න පහසුවෙන් ඇන්දෙන උදවිය කර්නර්ගෙ පෝස්ටුවේ පරිදි දේශපාලනයේදී ලෙසටම ඇන්දෙනවා.


Pathum Kerner
 මේ නම් පරිසරය ගැනත් නෙවෙයි. ගහ ගැනත් නෙවෙයි. දේවානි ගැනත් නෙවෙයි. මේ මඩ කැම්පේන් ගැන. මේවා සමාජය දැන ගත යුතුයි. මේ මඩ කැම්පේන් වලින් දේශපාලනය කරන එක ලංකාවේ ලොකු ව්‍යාපාරයක්. ඒවට සල්ලි ගෙවලා වෙනම මිනිස්සු දාලා ඉන්නවා. ඒ යම් චරිතයක් උඩට මතු වෙනවා නම් , ලේබල් එකක් ගහලා විනාශ කරලා දාන්න කරන වැඩ. දේවානිගේ මේ පොටෝ එක ගැහැව්වේ සෙතිල් මුහන්දිරම්. ඔය දේවානි බලන ෆෝන් එක අපේ Chamara Wijesooriya ගේ. දේවානි ගැන කාන්තා සමුළුවක දුලීකා මාරපන කතා කරන වීඩියොවක් අපි ඇයට පෙන්නුවේ ඇගේ කාර්‍යාලයේ දී. මේසෙන් එහා පැත්තේ මම ඉඳගෙන හිටියේ. සෙතිල් ගෙන් පොටො එක ඉල්ල ගෙන මම බුකියේ ලිපියක් ලිව්වා. ඒක පහතින්. https://m.facebook.com/story.php?story_fbid=10216806349487533&id=1127212983 දැන් මම ඊයේ ලිව්ව පොස්ට් එකෙන් ඒ පොටෝ එක අරගෙන , ඒකේ අර ෆෝන් එකේ පොඩි කොටසට රතු කට්ටියගේ පොටෝ එකක් එඩිට් කරවලා , ඒ මදිවට ඒක කාඩ පේජ් එකක 2019 ඔක්තෝබර් වල දිනේක පෝස්ට් එකකට බස්සල ඒක පරණ එකක් කියන්න. ඔය වගේ ප්ලෑනක් හිතන්න, පොටෝ එකක් ඔච්චර සූක්ෂමව එඩිට් කරන්න නිකම් මනුස්සෙයෙක් ඔච්චර මහන්සි වෙයි ද? ආන්න ඒකයි කියන්නේ මේවා නියම social media campaign කාරයන්ගේ වැඩ. ඒවා තමා ගේම්. ඒ නිසා බුකියේ මොනවා හරි වෙනකොට පොඩ්ඩක් හොයලා බලන්න. Edit History බලන්න. Profile එක fake ද බලන්න, Page එක වැදගත් දේවල් යන නඩත්තු වෙන එකක් ද බලන්න. Social Media Campaign වල ගොදුරු වෙලා , ගොපල්ලන් ලවා පාලනය වෙන බැටළුවෝ වෙන්නේ නැතුව ඉන්න. නිවැරැදි තොරතුරු ලැබෙන නිවැරැදි මුලාශ්‍ර වලට යොමු වෙන්න. මේ වගේ වැඩ කරලා මතු වෙන, හඬ නගන මිනිසුන් යට කරවන්න දෙන්න එපා. මේ වගේ දේවල් අපිටත් ඕන තරම් උනා. ඒ පාඩම අමාරුම ක්‍රමයට අපි ඉගෙන ගත්තා. ඒත් මේ රටේ මතු වෙන නායකත්වයක් යට කරන්න මේ නපුරට ඉඩ නොදී ඉන්න. මේ කුමන්ත්‍රණ වල ගොදුරු නොවන්න.
පැතුම් කර්නර්



No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...