Tuesday, June 30, 2020

කස්තුරිට සුබපැතුම්..



"Kasturi Chellaraja Wilson has been appointed as the Group CEO of Hemas Holdings PLC, making her the first female Group CEO of a conglomerate in Sri Lanka."

පාසලේදී ක්‍රීඩාවට දක්ෂ කැරලි කොණ්ඩය සහිත දඟකාර දුඹුරු ගැහැණු ළමයෙක්.

ජීවිතේ එකම අරමුණ Happily ever after ලෙස සලකා අවුරුදු 20 න් විවාහ වුන ගැහැණු ළමයෙක්.

අවුරුදු 26 වන විට දෙදරු මවක්/ ගෘහණියක් වුන ගැහැණු ළමයෙක්.

අවුරුදු 29 දී රැකියාවක් , ආදායම් මාර්ගයක් නොමැතිව single parent කෙනෙක් ලෙස හුදෙකලා වුන ගැහැණු ළමයෙක්.

ශ්‍රී ලාංකික ව්‍යාපාර සාමූහිතයක ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තේරී පත් වුන ගැහැණු ළමයෙක්.

මේ ගැහැණු ළමයි 5 දෙනාම එක්කෙනක් බව ඔබ විස්වාස කරනවාද ? ආරම්භය අවසානය තීරණය නොකරන බව ඔබ විස්වාස කරනවාද ? ඇය වුර්තීය ජීවිතය ආරම්භ කළේ වයස 29 දී පමණ දරු දෙදෙනෙක් තනිව හදා හදා ගැනීමේ මහා මෙහෙවරට උරදීමටය.
ලංකාවේ ව්‍යාපාර කේෂේත්‍රයේ මෙතෙක් කලක් පිරිමින් විසින් හොබවන ලද පුටුවක් කාන්තාවකගේ අතට පත් වීම ලාංකික කාන්තාවන් වශයෙන් අපිට විශේෂයි.
මවක් ලෙස ගෙවන භූමිකාවේදී අපගේ වුර්තීය ජීවිතය පසෙකට කර යැපෙන්නෙක් බවට පත්වීම අගයන දේශයක අපි ජීවත් වෙමු. කෙල්ලෙක් නම් සුදු වුනහම සේරම හරි කියන මිනිසුන් වසන සමාජයක උඩුගම් බලා පිහිනපු තලෙළු ලාංකික කෙල්ලෙක් ලෙස, තමාගේ උපරිමය වෙත යාමට මාතෘත්වය බාධාවක් වෙනුවට ශක්තියක්ම කරගත් ගැහැනියක් ලෙස කස්තුරි අප හැමට විශේෂ පුද්ගලයෙකි.
ඇගේ උගත්කම, හැකියාව, නායකත්වය මෙන්ම අසාමාන්‍ය රූමත්කම මගේ සිත අමන්දානයට පත් කරයි.
ජීවන ගමනේ සාර්ථක වීමට ඇවැසි වන්නේ උත්සාහය, උනන්දුව සහ කැපවීම බවත් ජීවිතේ ඔබ වෙත එවන අභියෝග , අවස්තාවන් ලෙස දකින ලෙසත් කස්තුරි අපිට හඬගා කියයි.
ජීවන ගමනේ කාන්තා අප හැමට උදාහරණයක් වීම වෙනුවෙන් මම කස්තුරිට සුබපතමි.
සාමන්‍යයෙන් මෙවැනි විශේෂ තනතුරක් සඳහා විදේශ රටවලින් වුර්තියකන් ගෙන්වීම සිරිත වුවත් ලාංකිකත්වයට මුල් තැන දෙමින් 100% ක් අපේම ලාංකික සමාගම හේමාස් සමූහ ව්‍යාපාරය මේ තැබූ පියවර පිළිබඳව Ladies Only සමූහය වෙනුවෙන් අපේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.

Reshika Dissanayake GodakandaLadies Only
June 26 at 12:12 AM  · Shared with Public


3 comments:

  1. 100% ක් අපේම ලාංකික සමාගම හේමාස්

    ශ්‍රී ලංකික යන්නෙහි අරුත සිංහල නොවේ යන්නයි.
    මන්ද ශ්‍රී ලංකාව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.

    කස්තුරි චෙල්ලරාජා ජනවාර්ගිකව හඳුන්වන්න පුළුවන් බර්ගර් දෙමෙල්ලු හැටියට.
    ලක්ෂ්මන් කදිරගාමරුත් බර්ගර් දෙමලෙක්.

    මම පුරුෂ වාදියෙක්. ඒ නිසාම සිංහල නොවන ගෑණියෙක්ට ඉහල තැනක් ලැබීම ගැන මම සතුටුයි.
    මෙයා බර්ගර් දෙමලියක් නොවී යාපනේ දෙමලියක් වුනානම් අපිට මීට වඩා වාසියි.

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...